Anonymous Reporter

සිංහලේ සැබෑ නිදහස

අරගලයකින් තොර තොර නිදහසක් නොමැත. වචන හරඹ වලට මුවාවී අරගල ජය ගත නොහැක . ඒ සදහා පුරවැසියන් සහ පාලකයන් කැපකිරීම් කල යුතුය. කැපකිරීම් කලා වූ පාලකයන් සහ පුරවැසියන්ගේ ඌනතාවය නිසා ජාතිය උපන් ගෙයි අනාථ වී ඇත.ලංකාවේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය හුදු ‍රැවටීමක් පමනි. ප්‍රතිපත්ති මාලවක් තුල දැකිය හැක්කේ ජනතාව අන්දවන පොරොන්දු සමූහයක් පමනි. බලයට පත්වූ පසු දුන් පොරොන්දුද අවලංගු කාසි මෙනි. ප්‍රශ්නය, ප්‍රශ්නයට හේතුව හදුනා ගෙන විසදුම් ඉදිරිපත් කරන ක්‍රමයක් ලාංකික දේශපාලනයේ නොමැත.

බත් දුන් පියා වහ බොන රටක බත් කන පුරවැසියන්

ලංකාවේ ජනගහනයෙන් බහුතරයක ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි. අද ඔවුන් මුහුනදී ඇති ප්‍රමුඛ ගැටලුව නම් නිෂ්පාදනයට මිලක් නොමැතිවීමය. එසේම සහ බහුජාතිකයන්ගේ රසායනික පොහොර සහ පලිබෝද නාෂක උගුලක ගොවීන් සිරවී ඇත . මහ පොලව නිසරු වී ගොවීන් ඇවිදින මල මිනී බවට පත්ව ඇත.

වී ගොවීන්ගේ අර්බුදය

මිලක් නොමැති වීමට ප්‍රධානතම හේතුව නම් අතර මැදි වෙලදුන්ගේ සහ මහා පරිමාන මෝල් හිමියන්ගේ ගසා කෑමයි. රජයට මිලදී ගත හැකි වන්නේ මුලු වී නිෂ්පාදනයෙන් 12 % පමනි. එයද සහල් බවට පත් කිරීමට යාන්ත්‍රනයක් රජයට නොමැත. ගබඩා කරන වී අවසානයේ වෙලෙදුන්ට විකුනනුයේ පාඩු පිටය.60 දශකයෙදී හරිත විප්ලවය නම් ඊනියා ප්‍රෝඩාව ‍රැගෙන ආවේ බහු ජාතික සමාගම්ය. ජාන වෙනස් කල බීජ සහ රසායනික පොහොර යොදා අස්වැන්න වැඩි කර ගැනීම , විෂ රසායන මගින් කෘමි සතුන් දුරු කිරීම, ඊනියා විප්ලවය විය. නමුත් සැබැවින්ම සිදුවූයේ පරිසර හිතකාමී පාරම්පරික ගොවිතැන අභාවයට යාමය. අපේ මහ පොලවට හුරු වූ පාරම්පරික බීජ අභාවයට යාමය. මහ පොලව නිසරු වීමය. විෂ රසායන හේතුවෙන් ගොවි පරපුරම ලෙඩවීමය.

ගොවියා බල ගැන්වීම

ගොවියාට මිලක් ලබා දීමට නම් එක්කෝ වී මිල්දී ගැනීමේ සිට සහල් බවට පත් කොට පාරිබෝගිකයාට විකිනීම දක්වා වැඩසටහන වී අලෙවි මණ්ඩලයට බර දිය යුතුය. නැත හොත් ගොවි සමිති පිහි‍ටුවා වී සහල් කිරීම දක්වා ඔවුන් බල ගැන්විය යුතුය. ඒ අනුව වී මිලදී ගැනීමේ සිට සහල් විකිනීම දක්වා ක්‍රියාවලිය මෙහෙය වනුයේ ගොවි සමිති විසිනි.මෙකී සම්ස්ථ මෙහෙයුම් ක්‍රයාවලියේ ශ්‍රම දායකත්වය ගොවීන්ගෙනි, ලාභය බෙදී යනුයේද ගොවීන් අතරය.

ජාතියේ මුදුන්මල්කඩ

රටත් ජනතාවත් පාලනය වන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එකී ලියවිල්ල අනුව සියලු බලයන්ගේ නියම අයිතිය මහ ජනතාව සතුය. පාලකයන් බලයට පත් කරන්නේ ජනතාවය. ජනතාව වරම් දෙනුයේ රට ගොඩ නගන සුජාත පාලනයකටය. නමුත් බලයට පත් වූ පසු ඔවුන් නියලෙනුයේ තම පවුල ගොඩ නගන අවලං දේශපාලනයකය.

දේශපාලන පක්ෂ වලින් තරග කරන අපේක්ෂකයන් ප්‍රමිතියකට යටත් කල යුතුය.. පාලකයන් චන්දයෙන් පත් කරනවා මෙන්ම විෂමාචාරයකදී ආපසු කැදවීමේ බලයද මහ ජනයා සතු විය යුතුය. පාලකයන් වග වීමට බැද තබන ක්‍රමය වයස්ථාවෙ දැක්විය යුතුය

නමට සීමා වූ නිදහස් අධ්‍යාපනය

නගරයේ සුපිරි පාසැල් සහ ගමේ දුප්පත් පාසැල් අහසට පොලව මෙනි. ජනප්‍රිය පාසැල් තරගය මා‍ෆියාවක් දක්වා වර්ධනය වී ඇත. නිදහස් අධ්‍යාපනය නමට සීමා වී ඇත. මීට විසදුම් ලෙස, ග්‍රාමීය පාසැල් සංවර්ධනය සදහා වෙනම කඩිනම් වැඩ පිලිවෙලක් දියත් කල යුතුය. නගරයේ පාසැලේ අධ්‍යාපන ප්‍රමිතිය ගමේ පාසැලේ ස්ථාපිත කල යුතුය.

වි‍රැකියාව ජය ගැනිම

දෙස් විදෙස් ‍රැකියා වෙලද පොල ඉලක්ක වන පරිදි පාසැල් අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කල යුතුය. විදේශ ‍රැකියා වෙලද පොල ඉලක්ක ගතවූ තාක්ෂනික දැනුම පාසැලේදීම ලබා දිය යුතුය මැදපෙරදිග වහල් සේවයට කාන්තාවන් යැවීම වෙනුවට පුහුනු ශ්‍රමිකයන් රට පැටවීමට යාන්ත්‍රනයක් ස්ථාපිත කල යුතුය.

සංවර්ධන ක්‍රයාවලිය

දිගුකාලීන, මැදි කාලීන සහ කෙටි කාලීන ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගනු වස් රටේ ආර්ථිකය මෙහෙය විය යුතුය. ආයෝජනයට පෙර නිවරදි සංඛ්‍යතා අධ්‍යනයක් තුල සැක හැර ගත යුතුය. සංවර්ධන ක්‍රයාවලිය තුල විනිවිධභාවය සහතික කල යුතුය. වගවීම නීතිගත කල යුතුය. ප්‍රතිවිපාක වලට නිලධාරීන් යටත් කල යුතුය.

දුරාචාරය පි‍ටු දැකීම

වර්ථමානයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් නියලෙනුයේ ගනිකා වෘත්තියේය. මෙයින් 90% සින්හලයන්ය . ගනිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිරිස ලක්ෂ 3 ඉක්මවා ඇත. මොවුන්ගෙන් 80% පමන මත් ද්‍රව්‍ය වලටද ඇබ්බැහි වී ඇත. හෙරොයින් වලට ඇබ්බැහී වූ සම්ස්ථ ජනගනය ලක්ෂ 5 ඉක්මවයි. සමාජ ආරක්ෂණ ක්‍රම වේද බලගැන්විය යුතුය . ‍රැකියා වෙලද පොල පුලුල් කල යුතුය .මැදුම් පිලිවෙත ගරු කරන පරපුරක් බිහි කල යුතුය. ධනවතුන්, බලවතුන් කාම හා සුඛල්ලිකානු යෝගීන්, ප්‍රභූන් ලෙස නොව සමාජ පිලිල ලෙසට අභිෂේක කල යුතුය.

නීතිය සහ සාමය

පාතාලය , දුෂණය හොර මැරකම් ඉහවහා ගොස් ඇත. නීතිය ක්‍රියාත්මක කරන පොලීසියේ සහ අධිකරණයේ නිසරු බව මීට හේතු වී ඇත. රටේ සියලු පුරවැසියන් මධ්‍ය ගත පරිඝනක ජාලයක ලියා පදිංකල යුතුය. පුද්ගලයන්ගේ කල් ක්‍රියා පිලිබද සියලු වාර්තා ඊට එක් කල යුතුය. වරදක් වූ සැනින් චූදිතයන් අත් අඩංගුවට ගත හැකි පොලිස් යාන්ත්‍රනයක් බිහි කල යුතුය. නිවරදි සක්ෂි ගොනු කල හැකි පොලීස් යාන්ත්‍රනයක් බිහි කල යුතුය. මේ පිලිබද පොලීසියේ වගවීම නීතිගත කල යුතුය. එහි ප්‍රතිවිපාක වලට පොලීසිය යටත් කල යුතුය.

නිෂ්පාදනය සහ වෙලදපොල

ගමින් ගමට නගරයෙන් නගරයට කර්මාන්ත බිහි කිරීමට අත දිය යුතුය. ආර්ථික කලාප , අපනයන ගම්මාන බිහි කල යුතුය. මල්වානේ රඹුටන්, මොලගොඩ මැටිබඩු විදේශ වෙලද පොලට ‍රැගෙන යා යුතුය. පරිසර හිතකාමී රාමුවක් තුල ජෛව විවිධත්යෙන් උපරිම නිෂ්පාදන ප්‍රථිපල ලගා කරගත යුතුය . අමතර කොටස් ගෙන්වා එකලස් කිරීම වෙනුවට කාර්මික නිෂ්පාදනයට අත හිත දිය යුතුය. අපේම රටේ නිපදවන මොටර් රථයක් පැද යාමේ අභිමානවත් සිහිනය සැබෑ කලයුතුව ඇත.

රජුන් තැනීමේ බලය

රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අත නොව එය මහ ජාතිය සතු වත්කමක් බවට පෙරලිය යුතුය.

රජ්‍ය සේවය

ලක්ෂ 13 පමන රාජ්‍ය සේවයේ ඵලදායිතාවය ඉහල නැංවිය යුතුව ඇත. මහජන බදු මුදල් වලින් වැ‍ටුප් ලබන රජ්‍ය සේවයේ වගවීම නීතිගත කල යුතුය. එහි ප්‍රතිවිපාක වලට රාජ්‍ය සේවකයන් යටත් කල යුතුය. සත්‍ය සහ අවංක රාජ්‍ය සේවකයන්ට පිලිගැනීමක් ලබාදිය යුතුය.

විදේශ ප්‍රතිපත්තිය

සතුරන් සහ මිතුරන් නිවරදිව හදුනා ගෙන නොබැදි විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කලයුතුය. විදේශ දූත සේවය සදහා පත් කල යුත්තේ දේශපාලන අවතාර නොව විදේශිකයන් සමග උරෙන් උර ගැටී රටේ දියුනුවට වැඩ කල හැකි දක්ෂයන්ය.

ජාතිය ආගම සහ සිංහලේ ව්‍යවස්ථාව

රටේ ඒකීය භාවය, සංස්කෘතිය , සාරධර්ම ආරක්ෂා කිරීම සිංහලේ ව්‍යවස්ථාවයි. ජාතීන් අතර සංහිදියාවෙන් කටයුතු කිරීම අත්නොහල හැකි වගකීමකි . ආර්ථික සංග්‍රාමය තුල අවතැන්වූ හෙලයන්ට අතදීම පරම යුතුකමයි.මැ දුම් පිලිවෙත තුලින් සසර තෙර තරණය ඔවුන්ගේ දර්ශනයයි. දර්ශනය කරතියාගෙන යාම නොව පහුරක හිදුවා එතෙරවීම ඔවුන්ගේ ආගමයි.

දේශප්‍රේමය

දේශප්‍රේමය යනු සුද්දන්ට බැන අඩ ගැසීම නොවේ. රටේ සහ පුරවැසියන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් කියා කිරීම දේශප්‍රේමයයි. රණ බිමේ මිය දෙන සොල්දාදුවෙකු සේම අපතේ යන ජල කරාමයක් වසා දමන දරුවෙකුද දේශප්‍රේමියෙකි. ඊට අනුගත වීම රටේ පලමු පුරවැසියාගේ සිට පහලට ගලා යා යුතුය. දේශප්‍රේමයේ සැබෑ පනිවිඩය විද්‍යුත් මාධ්‍ය , වෙබ් අඩවි , පුවත් පත් හරහා නිරන්තරයෙන් සමාජ ගත කල යුතුය .

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

නිදහස අරුත් ගැන්වීමට එක්වන්න

සිංහලේ නිදහස් සැමරුම , පෙබරවාරි 4 දින සවස 3.30ට හෝමාගමදී

Top