එදා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ නීති ගැටවලට උදව් කළ ශ්‍රී.ල.නී.ප කුමන්ත්රණකරැවන්ගේ ද සහායෙන් විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. අද රාජපක්ෂලාගේන පළිගන්නේ එක්සත් ජාතික පක්ෂයේ නීති ගැටවලට උදව් කරන යහපාලන සංහිදියා ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති වරයායි. වෙනස එදා 1977 වීමත් අද 2016 වීමත් පමණි.
ලොව ප්‍රථම අගමැතිනිය වූත් සමගි පෙරමුණ රජයේ නායිකාව වූත් සිරිමා ආර්. ඩී.බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය 1980 ජුලි 16 වන දින අහෝසි කරන ලදී. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් රජය බලාපොරොත්තු වූයේ අන්කිසි දෙයක් නොව සමගි පෙරමුණ රජය විසින් නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේදී ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමෙන් සහ නොබැඳි ජාතියක් වශයෙන් හිමිකරගත් කීර්තිනාමය බිඳ බටහිර ගැති රජයක් නිර්මාණය කිරීමෙන් නව යටත් විජිතයකට ගැට ගැසීමකි.
1959 සැප්තැම්බර් මස 26 වැනි දා සිදු වූ අගමැති බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෙනෙට් මන්ත්‍රි මණ්ඩලය ඔස්සේ 1960 දී අගමැති ධුරයට පත් වූවා ය, 1970, 1994 ආදී වශයෙන් බණ්ඩාරනායක මහත්මිය තෙවරක්ම අගමැති ධුරය හොබවනු ලැබුවා ය.
1960 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් බණ්ඩාරනායක මහත්මිය 2000 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා දින මියයන අවස්ථාව දක්වාම එම පක්ෂයේ නායකත්වය ඉසිලුවා ය. 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසු 1980 දී ඇයගේ ප්‍රජා අයිතිය ද අහෝසි කරනු ලැබී ය. ඇගේ දෙවැනි පාලන කාලයේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට ද ඇය කටයුතු කළා ය.
ජාත්‍යන්තර දේශපාලනයේදී සිරිමාවෝ බණ්ඩාරනායක ලකුණ ඉතා වැදගත් විය. සීතල යුද්ධයේ බල කඳවුරු දෙකකට නොබෙදී තුන්වැනි ලෝකයේ රටවල් ස්වාධීන අනන්‍යතාවකින් යුතුව නැඟී සිටීමේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයැම සඳහා නොබැඳි ව්‍යාපාරයට ජීවය දුන් තුන්වැනි ලෝකයේ නායිකාව වූයේ සිරිමා මැතිනියයි. නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය කෙරෙහි ගෙනයැමට ඇය සමත් වූවාය. අප රට අධිරාජ්‍ය බැම්මෙන් මිදීම පරිපූර්ණත්වයට පත්කර අප රට ජනරජයක් බවට පත්කළේ ද එතුමියගේ රාජ්‍ය සමයේදීය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වූයේ මුළු ලොවම අවදි කරවමිනි. ඇයට ලංකා දේශපාලනයේ සන්ධිස්ථානයකට පැමිණීමට හැකිවීම ඉතාමත් භාග්‍යයකි. දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ අභියෝගවලට ඇය මුහුණ දුන්නාය. ඒ වාගේම විවිධ අර්බුද මතභේද නිසා එක්තැන් කළ නොහැකිව තිබූ වාමාංශික කඳවුර ඒකරාශි කිරීමේ වගකීම ද ඇය ඉටු කළාය. ඉන්දියානු සාගරයේ ඉතා කුඩා දූපතක්ව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනයේ දිදුලන රාජ්‍යය බවට පත්කිරීමේ කටයුත්ත කළේ මැතිනියයි. ඇමරිකානු කඳවුරේ ආධිපත්‍යයට නතු වූ ලංකාවේ තෙල් සමාගම් ජනසතු කිරීමේ කාර්යය ඇය නිර්භයව ඉටු කළාය. ඉන්දියාව සමඟ සුහදත්වය බෙදාගනිමින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අත්පත් කරගෙන සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් රටක් අහිමි ඉන්දියානු පුරවැසියන්ගේ ප්රශ්නය එක පෑන් පහරින් විසදාලීමට ඇය සමත් වූවාය. 1971කැරැල්ල වැනි සිවිල් යුද තත්ත්වයට ඇය එඩිතරව මුහුණ දුන්නාය.1956 න් පසු ඇරඹි සමාජ ආර්ථික රටාවන්හි ප්‍රගතිය ඉදිරියට ගෙනයැමට ඇය සමත් වූවාය. ශ්‍රී ලංකාව මුළුමනින්ම ජනරජයක් බවට පත්කරමින් අපේ රටේ ස්වාධීනත්වය ඉහළින් ඔසවා තබන්නට ඇය පෙරමුණ ගත්තේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට නායකත්වය දෙමිනි. 1970 මැතිවරණයෙන් පසු බොහෝ දේ ඉටුකිරීමට ඇය සමත් වූවාය.
මෙසේ විශිෂ්ට ගුණාංගයෙන් සපිරි සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් එදා එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්රතිගාමී පාලනය ක්‍රියා කරන ලදී. එය ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් වූ අතර නැවත ඇයට 1986 ඔක්තෝබර් 16 වැනි දින ප්‍රජා අයිතිය ලැබිණි.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය වුණු සිරිමාවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න විශාල කැපවීමක් කරපු කෙනෙක්. හැබැයි සිරිමාවෝට 77දී අගමැති ධුරය අහිමිවෙලා 1994 දක්වාම විඳින්න වුණු අභියෝග ප්‍රමාණය ඉතා ඉහළයි. ඉන් ප්‍රධානම එක තමයි ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම.එතුමියගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ජේ.ආර් සමග රනිල් වික්රමසිංහත් ශ්‍රී ලනීපයේ ඇතැම් ක්‍රියා කාරීන්ද එක් වී ක්‍රියා කළා.
මේ 1981දී සිරිමාවෝ බණ්ඩාරනායක කියපු කතාවකින් කොටසක්. එවකට ශ්‍රී ලනිප නායිකාව වුණු සිරිමාවෝට ශ්‍රී ලනිප ඇතුළෙන්ම තිබුණේ විශාල විරෝධයක්. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨයන් විශාල පිරිසක් එජාපයට සම්බන්ධ වෙද්දී තවත් ජේයෂ්ඨයන් පිරිසක් ශ්‍රී ලනිප මෛත්‍රි පිල කියලා වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්ෂයේ නායකයා වුණු මෛත්‍රිපාල සේනානායකට ඕන වුණේ ශ්‍රී ලනිප නායකත්වයෙන් තමාව එළවා දමා බලයට ඒමට බවයි සිරිමාවෝ කිව්වේ.“1977ට පෙර ඉඳලම මෛත්‍රිපාල සේනානායක මහත්මයා මාව ශ්‍රී ලනිපයෙන් එළවන්න කුමන්ත්‍රණය කළා. දැන් 13 දෙනාගේ කල්ලියක් හදාගෙන මාව බලයෙන් ඉවත්කරන්න ආවට ඒක එතුමාට කරන්න ලැබෙන්නෙ නැහැ.පුවත්පත්, ගුවන්විදුලි හැම එකක්ම මට විරුද්ධව ප්‍රචාර ගෙනියනවා. මට දැන් රැස්වීම් තියන්නත් බැරි නිසා ඒ තුනම දැන් මට නැතිවෙලා. අනික රැස්වීම්, සම්මන්ත්රණ කොච්චර තිබ්බත් ඒවා පුවත්පත්වල පළවෙන්නේ නැහැ. නමුත් මෛත්රිකල්ලියේ සෑම දෙයකටම ප්‍රචාරය ගුවන් විදුලි, පුවත්පත්වලින්ද ලබාදෙනවා.1962දිත් මට විරුද්ධව කුමන්ත්‍රණ තිබ්බා. ඒ වෙලාවේ මාව බේරගත්තේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා. 71දීත් මට විරුද්ධව ගහපු කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම හොඳට දන්නවා. හැබැයි ඒක රහසක්. 77දී ඇමැතිකම් භාරගෙන වැඩ කරමුයි මෛත්‍රිපාල මට කිව්වේ ඒ පිටිපස්සෙ කුමන්ත්‍රණයක් අටවාගෙන. මම ඒක ප්‍රතික්ෂේප කළ නිසා එදා සිටම මෛත්‍රිපාල සේනානායක ඉන්නේ හිතේ අමාරුවෙන්.පක්ෂයට හානියක් වෙන එක මොහොතකවත් මම නායකත්වයේ ඉන්නේ නැහැ. පාක්ෂිකයෝ කියනවා නම් මගේ නායකත්වය මම මෛත්‍රිපාලට දෙන්න සූදානම්.”මේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය තමන්ගෙ පක්ෂෙ නායකයින් තමන්ට කරපු කරදර ගැන කියපු දේවල්.
ඉතිහාසය නැවත නැවත ලියවෙන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එදා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීග කන එක අහම්බයක් නොවෙයි. ඒක තමයි බලයට කෑදර දේශපාලකයන්ගෙ පුරැද්ද. අද ඊනියා ජාතික ආණ්ඩුවක් අටවගෙන තමන්ට හිතුනු හිතුන් විදිහට රට පාලනය කරන්න රනිල්-මෛත්‍රී යහපාලන සංහිදියා කණ්ඩුයම කටයුතු කරන්නේ 1977 දී ජේ.ආර් 5/6ක බලයක් අරගෙන ඒකාධිපති විදිහට රට පාලනය කළා වගේ.
1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා දෙමිනි. ශ්‍රී. ල. නි. ප. ආසන 8 කට බැස්සේය. එයින් සමහරක් ආසන දිනා ගත්තේ, බහු මන්ත්‍රී ආසන වූ හෙයිනි.1980 දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කරන ලදී. ශ්‍රී. ල. නි. ප. සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් අසමඟිව භේද භින්න වී තිබීම එ. ජා. ප. රජයට මහත් පිටිවහලක් විය. 1988 දී, මැතිනිය යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එහිදී ඈ ප්‍රේමදාස මහතාට පරාජය වූවා ය.
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ මෛත්‍රී-රනිල්යහපාලන සංහිදියා මෙහෙයුම
2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයගත් අවස්ථාවේ සිටම නීතියට පිටින් ක්‍රියා කරමින් තමන්ගේ යම් ඉලක්කයක් වෙනුවෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය සහ පසුගියදා සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සහ අතුරැදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාල පනත දෙස බැලීමේදී ද පැහැදිලි වෙයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ දැක්වෙන ප්‍රතිපාදනවලට මුල් වී ඇති “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) ජනාවගේ දෑසට වැලි ගසමින් රනිල් වික්‍රමසිංහ සම්මත කරගත්තෙත් මෙම ඉලක්කයට යන්න යි.
රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත් නොහරින සියලු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට රනිල්-මෛත්‍රී ඊනියා ජාතික ආණ්ඩුව කටයුතු කරනු පෙනේ. රාජපක්ෂ පාර්ශවයට එරෙහිව නඩු පිට නඩු දමමින් අධිකරණයට සහ FCID ගෙන එමින් හෙම්බත් කිරීමට කටයුතු කර ඇත. එදා ජේ.ආර්.ජයවර්ධන පළිගන්නා ලද්දේ සිරිමා බණ්ඩාරනායකගෙන් සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගෙන් වුවත් අද දුසිම් ගණනින් රාජපක්ෂවාදීන්ගෙන් පළි ගනු ලබයි.
එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් බව හැගෙන ආකාරයට ආණ්ඩුවේ කටයුතු සිදු වෙයි. නීතිපතිවරයා පත් කිරීමේදීත්, පොලිස්පතිවරයා පත්කරීමේදීත් ජ්‍යේෂ්ඨත්වය මත නොව තමන්ට අවශ්‍ය ආකාරයට පත්කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියා කරන ලදී.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සදහා පවත්වන ජනමතවිචාරණයේ දී රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද දායකයන් හෝ දකුණේ ඡන්ද දායකයන් අමතා ජනමතවිචාරණය ජයග්‍රහණය කරවිය නො හැකිය. 2015 ජනාධිපතිවරණය ජයගත් දිස්ත්‍රික්කවලදී ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවට අදාල ජනමතවිචාරණය ද ජයගත හැකි වුවද, එකී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගත් දිස්ත්රක්කවලදී එකී ජනමතවිචාරණය ජයගැනීම දුෂ්කර වෙයි. එකී දිස්ත්‍රික්කද ජයගත යුතු නම් මහින්ද රාජපක්ෂ වෙත ඇති ඡන්දයම් ප්‍රමාණයක් කඩා ගත යුතු වෙයි. නැතහොත් යෝජිත ජනමතවිචාරණය ජයගැනීම සදහා මහින්ද රාජපක්ෂගේ සහාය ගත යුතු වෙයි.
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට මහින්ද රාජපක්ෂගේ සහාය නො ලැබෙන හෙයින් කළ යුතු එකම දෙය වන්නේ මහින්ද රාජපකෂ සතු ඡන්ද පදනම කොසේ හෝ පැහැර ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද පහසුවෙන් මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කඩා ගැනීම සිදු කළ නො හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ රනිල් වික්‍රමසිංහට මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කෙසේවත් කඩා ගත නො හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපතක් නොවූ හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මෙහෙයවීම ඔහුටද පහසු නැත.
එනම් යෝජිත ජනමතවිචාරණයේදී ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දකුණ ඇමතීම පහසු නො වේ. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන එක්වූ පමණින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් එක් නො වෙයි. නමුත් බලය, මුදල් සහ වරප්‍රසාද මත ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද ජයගත් දිස්ත්‍රික්වල ඡන්ද දායකයන්ගේ මනස වෙනස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකියාව ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇති විධායක බලය සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරැන්ගෙන් ලැබෙන සහාය මත දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් පාලනය කිරීමට හැකියාව ඇත. 2015 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සතු ඡන්ද පදනම අගේට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාලනය කළේ ය. ජාතික ලැයිස්තුව අනුව ලැබූ මන්ත්‍රීධූරයන් පරාජිතයන්ගෙන් සහ ෆෙඩරල් වාදීන්ගෙන් පුරවා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහායට පැමිණි හෙයිනි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2016 මැයි දිනය ගාල්ලේ පවත්වනු ලැබූවේත්, ශ්‍රී ලනීප සම්මේලනය කුරැණෑගලදී පවත්වනනේත්, ජනප්‍රිය පක්ෂ සංවාධාකයින් නෙරපා දමා ෆෙඩරල්වාදීන් ආසන සංවිධායකයින් ලෙස පත් කරගන්නේත් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම දෙදරවා යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමතවිචාරණයේදී දකුණේ ඡන්දය ලබා ගැනීමට මිස වෙන දෙයකට නොවේ.
2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාට සිටි ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වනවිට එකතු කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්ෂ වී ඇත. එමෙන්ම දකුණේ ඡන්ද ජනමතවිචාරණයේදී එකතු කර දීම සදහා විශාල කැප කීරීමක්, වෙහෙසක්, වරප්‍රසාද ලබා දීමක් කිරීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත. දකුණේ ඇති මහින්ද රාජපක්ෂ සතු පක්ෂ 55ක් පමණ වන ඡන්ද වලින් ලක්ෂ 20ක් පමණ තමන්ගේපැත්තට කඩා ගැනීම මෛත්‍රී මෙහෙයුමයි. මේ සදහා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහාය දීමට දෙමළ ඩයස්ෆෝරාවාද, ඊනියා ජාතික ආණ්ඩවද, NGO සංවිධානද, පුරවැසි බලයද, ශ්‍රීලංකා නීතීඥ සංගමයද පෙළ ගැසී සිටිති.
සිරිමාවොගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ජේ.ආර් කටයුතු කළා වගේ මහින්ද රාජපක්ෂ එක්ක ඉන්න දේශපාලකයන් සහ හිතවතුන් නඩු දමා යටත් කරගන්න යහපාලන සංහිදියා පාලකයන් අද කටයුතු කරයි. රාජපක්ෂ හිතවතුන් අධිකරණය….නීතිය සහ බන්ධනාගාර පෙන්වමින් යටත් කර ගැනීමත්, තමන්ට අවනතවන්නන්ට තනතුරැ වරප්‍රසාද යාන වාහන හිමිකර දීමත් රට ෆෙඩරල් කිරීමේ මූලික පියවර බව යහපාලන-සංහිදියා පාලකයන් මැනවින් දනී. බ්‍රිතාන්‍ය ගැතී අලුත්කඩේ නීතී විශාරදයින් අවස්ථාව එළඹෙන තෙක් සිට දේශිය චින්තනය සහ පෙරදිග නිදහස් සිතුවිළි සහ නිදහස් අධ්‍යාපනයත් විනාශ කරමින් යටත්විජිත ගැති වහල් බවේ ලාංකිකයන් රදවා ගැනීම රටට කරන ලොකුම සතුරැ කමයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කරන්නේ 1972 සිරිමා බණ්ඩාරනායක සිදුකළ ස්වදේශීය සහ ස්වභාෂා හිතැති නීති ප්‍රතිසංස්කරණ අහෝසි කිරීම සදහා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ වුන් සමග ඒකාබද්ධ වීමටයි.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේ සදහා ඉඩ දිය හැකිද?