Featured

සිරිසේන කියන්නේ උපන්ගෙයි කුහකයෙක් ..අගමැති කම ඉල්ලු නිමල් ඇනිමල් කරයි…

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ පක්ෂ ප්‍රතිපත්ති වලට මෙන්ම රටේ ජනතාවටද ද්‍රෝහි වෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්විමට ගත් තිරණය තමන් ජිවිතයේ වැරදිම තින්දුව බව දැන් තමන්ට වැටහෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප අග්‍රාමාත්‍යවරයෙකු පත්කලයුතු බවට තමන් ඇතුලු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යොජනා කල අතර අගමැති තනතුර සදහා සුදුසුකම් සහිත පුද්ලයෙකු ලෙස එම කණ්ඩායම විසින් තමන් යෝජනා කල බවද අමාත්‍යවරයා අප වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

යහපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි සිටි අතර ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප අගමැති කෙනෙක් පත්කල යුතු බවත් ඒ හරහා ඇතිව තිබෙන අප‍්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවද මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි තිබේන බව අප මිට පෙරද වාර්තා කළා.

අදාල යොජනාව ඉදිරිපත් කල අවස්ථාවේ සිටිම ජනාධිපතිවරයා තමන්අ එතුලු කණ්ඩායම සමග අර්බුදයකින් සිටි බවත් එම අර්බුදය හෙතුවෙන් අවස්ථා ගණනාවකදි තමන් ඇතුලු කණ්ඩායමේ වැඩ පිළිබඳව චොදනා කරමින් හැසිරුනු අතර පසුගියදා මාතර නිල්වලා යෝජනා ක්‍රමයේ මුල්‍ය අක්‍රමිකතාක් පිළිබඳව කල අනාවරණයද එම අර්බුදයේම කොටසක් බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේනගේ අවස්ථාවාදී කුහක පිළිවෙත පෙනෙනවා ඔහු සැරෙන් සැරේට හිටපු ජනාධිපතිතුමා ජනතාවගේ අප්‍රසාදයට ලක් කිරීම සඳහා ඉදිරිපත් කරන කතාවල්. දැන් ඔහු අහනවා මාතර නිල්වලා යෝජනාව සඳහා 2015 ජනවාරි 7වනදා නිකුත්කළ රුපියල් මිලියන 3012ක මුදලට මොනවාද උනේ කියලා. එදා මුදල්පාස් කරන්න කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තියෙන්න විදියක් නෑ. චන්ද කටයුතු නිසා. එවැනි චෝදනාවලින්ම තේරෙනවා මෛත්‍රීපාල සිරිසේන ගෙනයන වංචනික වැඩපිළිවෙල.එම වංචනීක වැඩපිළිවෙළ හරහා අගමැති වෙනස් කලයුතු බවට යොජනා කල නිමල් සිරිපාලද බිල්ලට දි තිබේ.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදිද අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය.

ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

නිමල් සිරිපාල සිල්වා වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස සිටි කාල වකවානුවේදී නිලවල ගග ව්‍යාපතිය සඳහා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් කරන ලද ඉල්ලීම මත අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශය වෙත ලබා දී ඇත. එය රුපියල් මිලියන 4012 කි.

එහෙත් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කල ප්‍රකාශ කල පරිද එම ව්‍යාපතිය සඳහා ලබාදි ඇති එම මුදලට කිසිම දෙයක් සිදුවී නැති බවයි.

නව රජය බලයට පත්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කල අතර නව රජයේ එනම් දින 100 යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායක අමාත්‍යවරයාය.

ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ ශ්‍රිලනිප ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජනාධිපතිවරනයට තරග කල අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටි අමාත්‍යවරයෙකි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

එබැවින් සැබෑ ලෙස මෙතරම් විශාල මුදලක් අදාළ අමාත්‍යාංශයට ලැබීමෙන් පසු එම මුදල් අවශ්‍ය කාර්යය සඳහා යොදවා නැත්නම් එම කාලයේ අමාත්‍යාංශය භාර සිටි ඇමැතිවරයා ඊට වග කිවයුතු බව පසුගියදා FCID විසින් කරනු ලැබු පරීක්ෂණවලින් පැහැදිලි වන අතර ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ වර්තමානයේ සිටින ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් සම්බන්ධව ගන්නා තීරණය ජනතාව බලා සිටුනු ඇත.

2012 මැයි මස 26දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එවකට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් කැදවා වසර 28 පමාවි ඇති නිල්වලා ගග ව්‍යාප්තිය වහාම ආරම්භ කරන ලෙස උපදෙස් දෙන ලදි.

මාතර ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම කුඹුරුවලට මුහුදු වතුර ඒම වැලැක්වීම සහ හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්වලට පානිය ජලය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.මෙම සඳහා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ද සහභාගි වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස වූයේ සිංගප්පූරු ‘මරිනා බරාජ්’ පිරිසිදු පානිය ජල ව්‍යාප්තිය සමාන යෝජනා ක්‍රමයට මෙම ව්‍යාප්තිය ස්ථාපිත කොට ගංවතුර හා ඉඩම්වලට මුහුදු ජලය ඒම වලක්වා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමට අවශ්‍ය පරිදි මෙම නිල්වලා ගග යෝජන ක්‍රමය හැකි ඉක්මනින් නිමකරන ලෙසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස මේ සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කරන බවත් මෙම යෝජනා ක්‍රමය නිසා මොනම විදියකින් හෝ මාතර දිස්ත්‍රික්කයේ ස්වභාවික පරිසරයට හානි නොවීමට අමාත්‍යාංශ නිලධාරින් වග බලාගත යුතු බවත් එහිදි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

Top