Featured

සිරිසේන…කිසිදු තනතුරකට නොවටින අවලමිගේ හමුදාව පාවාදිමේ ප්‍රකාශය පුලුවන්නම් හෙළාදැකපන්

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජාත්‍යන්තරය ඉදිරියේ අපේ සන්නද්ධ හමුදාවලට අවලාද නැගීම  

යුද්ධය නිසා උතු‍රේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින්  සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ  ප්‍රධාන අවලාදයක් විය.

සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම යන මැයෙන්  පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.

 මෙය මානව  හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත.

රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද  යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

Vilification of our armed forces by Mrs Chandrika Kumaratunga in statement to the international media

The statement made by Mrs Chandrika Kumaratunga to foreign correspondents in Colombo last week to the effect that war widows in Sri Lanka now face ‘widespread’ sexual exploitation by members of the army among others, is a matter of grave concern. The rape and sexual exploitation of women in the war zone both during and after the war was one of the main unsubstantiated accusations made by two irregularly set up investigations against Sri Lanka within the UN system – the Darusman report of 31 March 2011 and the Navi Pillai/Zeid Al Hussein report of 16 September 2015. The latter report had a whole chapter of about ten pages devoted to the subject of rape and sexual exploitation. Now with days to go for the 34th Sessions of the UN Human Rights Council, a former President of Sri Lanka and a former Commander in Chief of our armed forces says that our armed forces are sexually exploiting war widows in the north.

What we have here is a former President of Sri Lanka and a former Commander in Chief of our armed forces echoing the accusations made by our enemies in what is obviously a deliberate attempt to vilify our armed forces on the eve of the UNHRC meeting. Mrs Kumaratunga holds the position of head of the Office for National Unity and Reconciliation (ONUR) which functions under the Presidential Secretariat and the statements she makes goes to the world as the official position of the Sri Lankan government. The Sri Lanka Army’s statement rebutting Mrs Kumaratunga’s accusations does not carry any weight. When a former President and commander in chief makes such a statement the person to respond should be the present President and the Commander in Chief. As a former President and Commander in Chief myself, I call upon the President to publicly condemn the statement made by Mrs Kumaratunga. The government should also seriously consider whether Mrs Kumaratunga is fit to be the head of ONUR as she is using that position to bring disrepute upon the armed forces of Sri Lanka.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

Top