Featured

සිරිසේන ජනපති උමතුවෙන් පෙලෙන්නෙක්…පිස්සේක්….පිස්සේක්…

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසටම ගොස් තමන් ඉවත් නොකරන ලෙසට ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය හරහා ඔහු උමතුවෙන් පෙලෙන්නේකු මෙන්ම මානසික ව්‍යාධියකින් පෙලෙන්නේකු බව තහවුරු වන බව හිටපු වැඩබලන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.ජනාධිපතිවරයාට එරෙහිව අපහාස නඩු මගට පිවිසිමට ඇති හැකියාව විධායකය හරහා අවහිර කර ඇති හෙයින් ඔහු තමන්ට හිතේන දේ පැවසිමට පටන්ගෙන ඇති බවද මොහාන් පීරිස් මහතා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.තමන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරිමට කටයුතු කරන බවද ඔහු අනාවරණය කර තිබේ.

තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාදෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවත් එනිසාම විධායක බලය භාවිත කරමින් මොහාන් පීරිස් මහතා ඉවත් කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ(16) වරකාපොළදී පැවැති රැස්වීමකදී අනවරණය කර ඇති අතර එහිදි සිරිසේන පවසා ඇත්තේ…

“ජනවාරි නව වැනි දා මම ජනපති ලෙස දිවුරුම් දුන්නා. ඊට පසු දින රාත්‍රී නවයට දහයට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි ලොක්කා මා හමුවෙන්න ආවා. මාව අයින් කරන්න යනවා සර්. මාව අයින් කරන්න එපා. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්. කියා ඔහු කිව්වා. අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණයක් නැහැයි කියා ඔහුට පිටව යන ලෙස දැනුම් දුන්නා. ඊට පසුදින ඔහු යළිත් මා හමුවීමට පැමිණියා. සර් මාව ඉවත් කරන්න යනවා. මාව අයින් කරන්න එපා. සර්ලට ඕන විදියට මං වැඩ කරන්නම්” කියා ඔහු දෙවැනි වතාවටත් කිව්වා.” යනුවෙනි…

මෙතෙක් කළක් හෙළි නොකළ කාරණයක් හෙළි කරන බව පවසමිනි ජනපති මෙම ප්‍රකාශය කර ඇත්තේ.මීට පෙරද රාජපක්ෂලා සම්බන්ධයෙන් මේ අකාරයේම අනාවරණයන් කරන ව පවසමින් සිරිසේන තමන් සිටින මානසික ව්‍යාධිය රටේ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කල අතර එම් සෑම අවස්ථාවකම සිරිසේන කඳ හරහා ඇණ ගත්තා මිස හෙලිකල මගුලක් නැත.

සිරිසේන එවකට වැඩබලන අගවිනිසුරු මොහාන් පීරිස් සමග අවුලකින් සිටි අයෙකු නිසාම ජනවාරි 9වැනිදා දිවුරුම් දිම සදහා ද රටේ අගවිනිසුරුවරයා යොදවා නොගත් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිලකින් රිංගා ගොස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකු මෙන්ම රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී හොර හවුලේ නීති උපදේශක ලෙස කටයුතු කල වත්මන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඉදිරියේ දිවුරුම් දුන් අයුරු සිරිසේනට සමහරවිට අමතක වි තිබේන්නට පුලුවන. මුලසිටම නිත්‍යානුකූල නොවන අකාරයෙන් කටයුතු කල සිරිසේන රටේ මුලික නීතිය පවා නොතකා රනිල් අගමැති කර අයුරු අද සිරිසේනට අමතක වි ගොස් තිබේ.

අද අපි රටේ ජනතාවට එකක් ලියා තබා යමු…..

තවත් දවසක ඔය ආප්ප කා ගිය සිරිසේන යම් දිනක අරලියගහ මන්දිරයේ රනිල්ගේ පෘතුගීසි පාන් කැල්ලක් කා මාධ්‍ය ඉදිරියේ කියා සිටිනුයේ…

මම මේ ජාතික ආණ්ඩුවේ හිටියේ දැඩි මානසික පිඩනයකින්….කොළඹ සෑප නිවසක ආරක්ෂකයන් 540ක් වටකරගෙන අඩුම ගානේ මුත්‍රා කරන්නවත් වැසිකියට තනියම යන්න විදියක් නැතුව මම හිටියේ….මගේ බිරිද ලග මට නිදා ගන්න් වුනේ නෑ…මම නිදා ගත්තේ ……… ගාව. ඒදා ජනවාරි 9 වැනිදා මම රනිල්ට කිව්වා මට බෑ අගමැති අයින් කරන්න එක සදාචාරත්මක නෑ කියලා.ඒ වුනාට වැඩක් උනේ නෑ චන්ද්‍රිකා..රනිල් මට තර්ජනය කලා…මම එදා එහෙම නොකලානම් සිද්ද වෙන්නේ මගේ දරුවන්ට මාව නැති වෙන එක අපේ හමුදුරුවනේ…. ETC…

සිරිසේනට හැදෙන මානසිකරෝගය….

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය මාසයකට අවස්ථා ගණනක් ලබාදෙන බව අප අනාවරණය කර තිබේ.

මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යහපාලන අමනයන් කටයුතු කළේ ඇයි…

වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා රජයේ ප්‍රධානීන් කටයුතු කරනුයේ යහපාලනය පිළිබදව ඇති කැක්කුමක් නිසා නොව තමන්ගේ දුෂිතයන් රැක ගැනීමට තමන්ට අවනත අයෙකු අගවිනිසුරු ධුරයට පත් කර ගැනීමට බව නීතිඥයින් රැසක් LNW සමග අදහස් දක්වමින් සදහන් කර සිටී.

ජනවාරි 09 වනදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අගවිනිසුරු දායකත්වය ලබා දුන් බවට කම්පියුටර් ජිල්මාට් ගැන මුසාවාද දෙසු මංගල සමරවීරම කල පැමිණිල්ලකට අනූව අගවිනිසුරුවරයා එළවීමට වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් සුදානමින් සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරිමට බලවත්ම අවශ්‍යතාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහුගේ පීඩනය හෙතුවෙන් මෛත්‍රීපාල අසරණව සිටින බවද එම නීතිඥයින් පෙන්වා දෙනවා.

මීට අමතරව මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පැමිණියේ නියමිත ආකාරයට නොවන බවටද යහපාලකයන් චෝදනා කලද ඔවුන් පෙනී සිටින ශිරාණි බණ්ඩාරනායකද පැමිණියේ හොර පාරකින් බව අද ඔවුන්ට අමතකවී ඇති බවයි එම නීතිඥවරුන් සදහන් කලේ.මොහාන් පිරීස්ගේ නීති ආධිපත්‍ය බිද වැටීම ගැන ඔවුන් කතා කලද එවකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවී සිටියදී තම සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරය ලබාදිමේදි නීතියේ ආධිපත්‍ය බිද වැටීම සිදුවුයේ නැද්ද යන්න ඔහුන් ප්‍රශ්ණ කර සිටිනවා.

බලය අයුතු ලෙස යොදා ගෙන රුපියල් කෝටි තිස් නවයකට වැඩි මුදලක් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිමෙන් අනතුරුව ඔහු ඉවත් කළා.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගොනුකල දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට තිබු අතර එහි 6වන චොදනාවද වුයේ සැමියා සම්බන්ධවය.

හයවන චෝදනාව- සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම

කවුද මේ කේ. ශ්‍රීපවන්….දැන ගන්න කියවන්න …

හර්ෂ සේතුංගගේ බලු නීතිය ගැන අගවිනිසුරු සහ නීතිපති හදිසි සාකච්චාවක

http://www.sinhala.lnwtoday.com/archives/5023

නීතිය බල්ලට ගිහින්,මෛත්‍රී-රනිල් නාඩගමකට සුදානම්

http://www.sinhala.lnwtoday.com/archives/6500

 

 

Top