LNN SPY

සිරිසේන යලිත් ජනතාවට රෙද්ද උස්සයි….නෙවිල්ගේ සයිටම් නමට වසා වෛද්‍ය උපාධිය මුදලට විකුණයි…

රටේ ජනතාවම යලිත් වරක් ගොනාට අන්දවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සටන් පාඨයට යොදවාගත් “සයිටම් තහනම ” ලිපියටකට එකතු කරමින් නෙවිල්ගේ උපාධි කඩය නෙවිල් ප්‍රනාන්දුගේ මිනිපිරීය වන හිමාලි ජයතිලකගේ “ස්ලිට්”, හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට පවරා දිමට කටයුතු කර තිබේ.

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කරන් ලෙස මේ රටේ උගත් බුද්ධිමත් වෘත්තීකයින් මෙන්ම විශ්වවිද්‍යාලය සිසුන්,දෙමාපියන් ඇතුලු සමස්ත ජනතාව ඉල්ලා සිටියේ සයිටම් නාමය ඉවත් කර ගැනිමට නොව බාල ප්‍රමිතියේ වෛද්‍ය උපාධි කඩ හරහා රටේ සොඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනිම්ට බව අමතුවෙන් පාඩම් කියාදිය යුතු නැත.

දින ගණනක් කෙකර ගාමින් සිටි ග්‍රාම සේවක සිරිසේන අවසානයේ රටේ ජනතාව ගොනාට අන්දමින් සයිටම් අහෝසි කිරිමේ ජාතියේ පියා විමට ගත් උත්සහය ලප්තැනම ලොප් වන තැන වන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුලත් නිවේදනය හරහාය.

ඒ අනුව එහි 5වන පරිච්ඡේදයට අනුව 

5.    සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය.  සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.

නෙවිල්ගේ උපාධි කඩය වෙනුවට නෙවිල්ගේ මිණිබිරිය උපාධි කඩය හරහා වෛද්‍ය උපාධිය පමණක් නොව රටේ වගකියන වෘත්තීයක කොටස් කරුවෙකු විමේ අයිතියද නිසගයෙන් හිමිවනු ඇත.

එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

රාජිතලාගේ නන් පචං ලේලි පොඩ්ඩ මෙන්ම සහෙලී වැනි ලා චොරස් ගායිකාවන් මෙන්ම රෝහිත අබේගුණවර්ධන වැනි දේශපාලන හොරුන්ගෙ සිට කට වාචාල බස් ගැමුණුගේ දියණුයන්ගෙන් පටන් ගෙන කෝටි ගණන් වත්කම් ඇති බවට බණ දෙසන අඩිවෙගී මාර්ග හරහා  රටේ ජනතාවගේ මුදල් කොල්ල කන කිරිඇල්ලලා තමන්ගේ සටන දිනාගෙන අවසන් ය.

මහමග ලගිමින්,යහපාලන පොලිසියෙන් ඔලුව පලගනිමින්.කදුළු ගෑස් කමින් සිය ජිවිත පරිත්‍යාගයෙන්සටන් කල ජනතාව අදත් සුපුරුදු පරිදි පරාජය වි අවසන් ය.

1.    සයිටම් ආයතනය (මෙතැන් සිට සයිටම් යනුවෙන් හඳුන්වන්නේ එහි වෛද්‍ය පීඨය වේ)  අහෝසි කිරීම.  දැනට සිටින කොටස්කරුවන්, ණයදෙන ආයතන සහ ලාභ බලාපොරොත්තුවක් නොමැතිව, සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණය ලබාගැනීමට කැමැත්තක් දක්වන, නව ආයතනය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයෙන්, සයිටම් ආයතනයේ පවතින හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කිරීම සිදුවේ.  මෙහිදී, වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල හිමිකාරිත්වය දරමින් කළමනාකරණය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වෙනු ඇත.

2.    මෙම පාර්ශවකරුවන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන යෝජිත නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරිය යුතුවේ.

3.    මෙම අරමුණ වෙනුවෙන් යෝජිත ලාභ නොලබන ආයතනය ස්ථාපිත කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති රාජ්‍ය නොවන, ලාභ නොලබන පාර්ශව කිහිපයක් සමග රජය මූලික සාකච්ඡා සිදුකර ඇත.  මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පාර්ශවකරුවන් සමඟ ඉතාමත් ඉක්මනින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇත.

4.    අවශ්‍ය ඇතුළත්වීමේ සුදුසුකම් සපුරන, මේ වනවිට සයිටම් ආයතනය විසින් බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය විසින් පිළිගත යුතුය.  ස්ථාපිත කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

5.    සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය.  සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.

6.    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 සැප්තැම්බර් 15 වනදා නිකුත් කළ ලිපිය මගින් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබේ.  මෙම අත්හිටුවීම දිගටම ක‍්‍රියාත්මක කරනු ඇත.  මේ අනුව, මින් පසුව සියලුම නව බඳවා ගැනීම් සිදු කළයුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන යෝජිත නව ආයතනය (ඉහත අංක 02 හි සඳහන්) සඳහා පමණි.  අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීමට මූල්‍ය ආයතනය සහ සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රම මගින් සිදු කළ හැකි සියලුම සහයෝගය රජය විසින් ලබාදෙනු ඇත.

7.    නව ආයතනයේ හිමිකාරිත්වය හෝ කළමනාකරණය සඳහා සයිටම් ආයතනයේ වර්තමාන කොටස්කරුවන් සම්බන්ධ නොවිය යුතුය.  මේ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල දක්වන සහයෝගය ඉතාමත් වැදගත් වෙයි.

8.    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ අනිකුත් අදාළ පාර්ශවකරුවන් අතර පැවති සාකච්ඡාවල නිගමනයන් මත ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් යොමු කළ කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරනු ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.  මෙමය අද සිට අනිවාර්යයෙන්ම මාසයක් තුළදී අවසන් කළයුතු වෙයි.

පහත අනුපිළිවෙලට ඉහත සඳහන් කටයුතු සිදුවිය යුතුවේ.

(i)    එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

(ii)    යෝජිත ලාභ නොලබන ආයතනයට වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් පැවරීම සඳහා සයිටම්, තෝරාගත් පාර්ශවය සහ ණයදෙන ආයතන ගිවිසුමකට පැමිණීම.

(iii)    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ නව ආයතනය පිහිටුවීම.

(iv)    සයිටම් ආයතනය අහෝසි කිරීම: සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් නව ආයතනයට පැවරීම.

(v)    වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන නව, ලාභ නොලබන ආයතනය ආරම්භ කිරීම.

ඉහත සඳහන් කළ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරිම සඳහා ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් වහාම පත් කිරීමට බලාපොරොත්තු වේ.  මෙම සමස්ත ක‍්‍රියාවලිය 2017 දෙසැම්බර් 31 වනදා වනවිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුය.

Top