Featured

සිරිසේනගේ Facbook මර්දනය චතුරිකා නිසා කොට උඩ

ජාතීන් අතර ගැටුම් ඇතිකරන අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කරන ෆේස්බුක් (Facebook) ප්‍රවෘත්ති වැළැක්වීම සඳහා ඒ සම්බන්ධයෙන් Facebook සමාගමට පැමිණිලි කිරීමට සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය ජනාධිපති සීරිසේනගේ වෙබ් මාෆියා දියණීය වන චතුරිකා සිරිසේන හේතුවෙන් අර්බුදයකට ලක්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.

පසුගිය මාස කිහිපය තුලදි රාජපක්ෂලා සහ ශ්‍රීලනිපයේ ඇතැම් පුද්ගලයන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර විවිධ අසත්‍ය මඩ ප්‍රචාරය කිරිම සදහා කටයුතු කරමින් සිටි Facebook මඩ කණ්ඩායම් චතුරිකා විසින් මිලදි ගැනිමට කටයුතු කල අතර එම කණ්ඩායම් අතර පසුගිය ආණ්ඩු වෙනස සමග රාජපක්ෂලා වෙනුවෙන් පෙනිසිටිමින් ආණ්ඩුවට මඩ ගැසූ Facebook කණ්ඩායම් කිහිපයක්ද සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.එම කණ්ඩායමේ කිහිප දෙනෙකුම පසුගිය කාලසිමාවේ ජනාධිපති මන්දිරයට කැදවා සාකච්ඡා පැවැත්විමට ද චතුරිකා කටයුතු කර තිබේ.

සිරිසේන -රනිල් ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික, සමාජිය හා දේශපාලන ප්‍රතිපත්ති ඉලක්ක කර දිගින් දිගටම සමාජ ජාලා ඔස්සේ පහරදුන් අතර ඇතැම් වෙබ් අඩවි හරහා කරන ලද අනාවරණයන් මෙම කණ්ඩායම් ඉතා ඉක්මනින්ම ජනතාව අතරට ගෙනයැම සදහා කටයුතු කරමින් සිටියා.ඒ අනුව රට තුළ ගොඩනගන සංහිඳියා වැඩපිළිවෙළට බාධා කරන සහ ජනතාව අතරට අසත්‍ය පුවත් රැගෙන යන බව පවසමින් සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රතිපත්ති සකස් කල අතර ඒ සම්බන්ධයෙන් සකස් කල වාර්තාවේ සිටින කණ්‍ධායම් බහුතරයක් චතුරිකාගේ පඩි ලබන අය විමත් සමග මෙම වාර්තාව අර්බුදයකට ලක්ව තිබේ.

අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල විශේෂ කමිටුවක් විසින් සකස් කර තිබේන අතර ඒ සදහ තොරතුරු ලබාදුන් ජනාධිපති මාධ්‍ය එකකයේ නිළධාරි කිහිප දෙනෙකුටද චතුරිකා ගිරිය පුප්පා කෑ ගසා තිබේ.

රජයට විරුද්ධ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත වැටුප් ලබමින් මෙම කාර්යයේ නිරත පිරිසක් රට පුරා සිටින බවට රජය මෙතෙක් කර ඇති පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. ඒ අනුව එවැනි පිරිස් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු ඇතුළත් කොට ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමට රජය සූදානමින් සිටින අතර එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය ඇතුළත මෙම පැමිණිල්ල කිරීමටද රජය බලා‍පොරොත්තුවෙන් සිටියා.

මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන ඉතා ඉහල මිලක් දි ලබා ගැනිමට කටයුතු කලද සිරිසේන ජනාධිපතිවරයා ඉලක්ක කර ඔහුගේ බෙදුම්වාදී මෙන්ම රටකන ප්‍රතිපත්ති විවේචනය කිරිම නතර කර ගැනිමට නොහැකි විමෙන් චතුරිකා සහ රුවන් අතර ගණුදෙනුව සෑදු කිහිප දෙනෙකු සහ චතුරිකා අතර සිතල යුද්ධයක්ද මේ වනවිට හටගෙන තිබේ.

Top