Featured

සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2කට පමණ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කර ඇති අතර අදාළ සේවකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කමක් සදහා භාජනය කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති ආරක්ෂක අංශයේ මැර කණ්ඩායම සහිතව ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ධර් රථ 5කින් පමණ පැමිනි දහම් සිරිසේන  සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ දරා ඇති අතර එය වැලැක්විමට උත්සහ ගත සමාජ ශාලාවේ සේවකයෙකු උත්සහ කිරිමත් සමග ඔහුට පහරදි එම දොරටුවඅ අසන්නයේ තිබු විශාල මල්පොච්චියක් එම සේවකයාගේ හිසමතට දමාගසා තිබේ.

අදාළ සේවකයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පැමිණිල්ලේද දහම් සිරිසේන තමන්ට පහරදුන් බව සදහන් කර තිබේ.අදාළ පහරදෙන අවස්ථාවේ රූපරාමු  එම සමාජ ශාලාවේ CCTV කැමරාවල පටිගත වි ඇති අතර පසුව පොලිසිය පැමිණ එවා ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

කෙසේවෙතත් ඉවත් කිරිමට පෙර අදාළ  CCTV කැමරාවල පටිගත වි ඇති සිරිසේනගේ මැර කණ්ඩායමේ පහරදිම අදාළ් කොටස අප විශේෂ වාර්තාකරු ලබා ගැනිමට සමත්ව ඇති අතර එය අවශ්‍ය වු වහාම ප්‍රචාරය කිරිමට අප සුදානමින් සිටි.

වත්මන්  FCID ප්‍රධානී  නියෝජ්‍යය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ පුත්‍රයකුට එවකට සෞඛ්‍ය ඇමතිව සිටි වත්මන් ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයකු ඇතුළු 13 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසින් මඩකලපුව පාසිකුඩා වලදි පහරදීමේ සිද්ධියක් මත කලවංචිකුඩි පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

දැඩිලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබු සේවකයාගෙන් ලේ බිත්තිය මත විසිරි ඇති අයුරු

dhama_sirisena-1

දැඩිලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබු සේවකයාගෙන් ලේ බිත්තිය මත විසිරි ඇති අයුරු

dhama_sirisena-2 dhama_sirisena-3 dhama_sirisena-4 dhama_sirisena-5 dhama_sirisena-6 dhama_sirisena-7 dhama_sirisena-8 dhama_sirisena-9 dhama_sirisena-10 dhama_sirisena-11 dhama_sirisena-12 dhama_sirisena-13

Top