Featured

සිරිසේනට කෙලවෙන්නයි යන්නේ…..සිරිසේනගේ ඇම කල්ලිය ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප ඉදිරියේ දණින් වැටේ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විධායක බලය අහිමිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරිම සදහා අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැතිවරයා අතහැර දැමිමට සුදානමින් සිටින බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ආණ්ඩුවේ මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි අයාචනය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකිනෙකාගේ මුහුණ බලා නොගන්නා තරමටම අවුල් වි ඇති බවත් ඒ හෙතුවෙන් ජනාධිපතිවරයා දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බවද සිරිසේනගේ  හතරදෙනාගේ ඇම කල්ලිය පවසා තිබේ.කෙසේවෙතත් සිරිසේනගේ ඇම කල්ලියේ ඉල්ලිම සම්බන්ධයෙන් ශ්‍රීලනීප මන්ත්‍රී කණ්ඩායම ප්‍රතිචාර නොදක්වා ඇති අතර ඇම කල්ලියෙන් ඉල්ලිමක් කරමින් ඒකාබද්ධයේ ශ්‍රීලනිප කණ්ඩායම පවසා ඇත්තේ සැබෑවින්ම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයට ආදරය කරන්නේකු නම් එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන ලෙසයි.

ද්‍රවිධ ජාතික සංධානය,මුස්ලිම් පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා බලයක් නොමැතිව සිරිසේනගේම පිහිටෙන් සහ මහින්ද රාජපක්ෂට පිං සිදුවන්නට පාර්ලිමේන්තුවට රිංගා ගත් නිකමුන් එකතු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සෑදිමට කටයුතු කරන බවත් එම ආණ්ඩුව පිහිටු වු විගස ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කරමින් අගමැතිවරයාට බලය පවරා ගැනිමට වු ව්‍යවස්ථා සංශෝධනයන් හරහා සිරිසේනගේ තටු කපාදමා බලරහිත පුද්ගලයෙකු බවට පත් කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අවස්ථා ගණනාවක අනාවරණය කලා.

මේ වනවිට ජාතික ආණ්ඩුවේ අර්බුද හමුවේ රනිල්-මෛත්‍රී අතර ඇති නෝක්කඩු තත්වය වර්ධනය විමත් සමග ආණ්ඩුව ජාතික ආණ්ඩුව අතහැර දැමිම සදහා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.විශේෂන්ම මහ බැදුම්කර වංචාව සහ සිරස අධිපති රනිල්ගේ පරම හතුරා වන කිළී මහා රාජාගේ පදයට සිරිසේන නැටිමට කටයුතු කිරිම,අල්ලස් කොමසාරිස්වරිය ඉවත් කිරිම සහ අගමැතිවරයා ගන්නා ඇතැම් නෛතීක තින්දු තිරණ වෙනස් කිරිම මෙන්ම විශේෂයෙන්ම රනිල් පිළේ ප්‍රබලයන් ඉලක්ක කර සිරිසේනගේ ඇම්බැට්ටයන් පහරදිම බලපා තිබේ.

http://www.lankanewsweb.today/archives/11682

http://www.lankanewsweb.today/archives/6503

http://www.lankanewsweb.today/archives/13962

Top