Anonymous Reporter

සෙන්දුරන් ඝාතනය TNA වැඩක්

කොටි රැඳවියන්ව නිදහස් කරන මෙන් ඉල්ලා පසුගිය දා දුම්රියට පැන සියදිවි නසාගත් බවට වාර්තා වු කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන පන්ති වලට සහභාගි වන ක්‍රියාකාරි කොටි ත්‍රස්තයෙකු වන රාජේෂ්වරන් සෙන්තුරන් නැමැති පාසල් සිසුවා සියදිවි නසාගෙන නොමැති අතර ඔහු ඝාතනය කර දුම්රිය මාර්ගයට ඇද දමා ඇති බවට lankanewsweb.today වෙබ් අධවිය කල අනාවරණය තවදුරටත් තහවුරු වි තිබේ.

ඊට හේතුව යාපනයේදී දුම්රියකට පැන සිය දිවි නසාගත් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ලියූ බව කියන ලිපිය පොලිසිය සොයා ගැනීමට පෙර ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නුවර කොටි වෙබ් අඩවියක ප්‍රකාශයට පත් වී ඇති බවට අනාවරණය විමයි.මෙම වෙබ් අඩවිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුගේ සොහොයුරාට අයත් වන අතර එම ලිපියේ පිටපත් බෙදා හැරිය තැනැත්තකු කෝපායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර එකී ලිපිය ඉංග්‍රීසියෙන් ලිවීම ගැන දැඩි සැකයක්‌ මතුවී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

රාජේෂ්වරන් සෙන්තුරන් සිසුවාගේ මෘත දේහයේ මූලික පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට ඔහුගේ හිසේ පිටුපසට වන්නට එනම් මස්තිෂ්කය සහ අනු මස්තිෂ්කය අතර මොට ආයුධයකින් පහර දීමේ තැලීමක් හමු වී ඇති අතර ඒ අනුව සෙන්දුරන් ඝාතනය කර දුම්රිය මාර්ගයට ගෙනවිත් දමා තිබේන බව පසුගිය නොවැම්බර් 29 වැනිදා අප අනාවරණය කළා.

එම අනාවරණය කියවන්න – මහවිරු දිනය වෙනුවෙන් රාජේෂ්වරන් මරා දුම්රිය මාර්ගයට ගෙනත් දමලා-TNA පොලිස් පරික්ෂණ නතර කරයි

Top