LNN SPY

සොදුරු ආඥාදායකයෙක් 2020 ජනාධිපතිවරණයට!.. පුවත්පත් කතුවරුන්ට දිවා භෝජන සංග්‍රහයකුත් දිලා

Published on: Aug 18, 2018 – සොදුරු ආඥාදායකයෙක් ලෙස එළැබෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් කතානායක කරු ජයසූරිය මහතා ජාතික පුවත්පත් කතුවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා තිබේ.

කතානායක කරු ජවසුරිය මහතා දුන් දිවා භෝජන සංග්‍රහය සදහා කර්තෘවරුන් ගෙන්වා ගැනීමට රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු හා එහි කතුවරයෙකු මුලික වී තිබිම විශේෂත්වයකි.

සියලු කතුවරුන් භෝජන සංග්‍රහයට සහභාගීවි සිට ඇති අතර  කතානායකවරයා කතුවරුන් සමග පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කර තිබේ.

භෝජන සංග්‍රහය අතරවාරයේදි ජනාධිපතිවරණයට ඉදිරිපත් විම ගැන කතුවරුන්ගේ අදහස විමසා තිබේ. රටපුරා දිගින් දිගටම ඇතිවන වර්ජන ක්‍රියා මාර්ග සදහා දැඩි තින්දු ගත යුතු බව කර්තෘවරු දැඩි ලෙස කතානායකවරයා හමුවේ කියා ඇත.

එහි සිටි පෞද්ගලික මාධ්‍ය කතුවරයෙකු කියා ඇත්තේ සියලු රාජ්‍ය ආයතන පුද්ගලිකරණය කළ යුතු බවය.

රහස් පොලිසිය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරිම අවාසිදායක ක්‍රියාවකැයි පුවත්පත් කර්තෘවරයෙකු එහිදි සදහන් කර තිබේ.

පොදු අපේක්ෂක සංකල්පය මෙන්ම පක්ෂ නායකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විම ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි එහි සිටි වැඩියෙන්ම අලෙවි වන පුවත් පත් ඇති ආයතනයක අඩුවෙන්ම අලෙවි වන පුවත් පතක කතුවරයෙකු එහිදි කියා ත්බේ.

කර්තෘවරුන්ගේ අදහස් දැක්විම අවසානයේ කතානායක කරු ජයසුරිය මහතා විමසා ඇත්තේ සොදුරු අඥාදායකයෙකු රට ඉල්ලා සිටින්නේදැයි සිතන්නේද යනුවෙනි.

ඊට  ක්ෂනිකව ප්‍රතිචාර දක්වමින් අඩු ආලවියක් ඇති පුවත් පතේ කතුවරයා කියා ඇත්තේ දැන් නම් ආඥාදායකයෙකු ආවොත් ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බවය.

ඔබ අදහස අනුව ඊලග සොදුරු ආඥාදායකයෙකු ලෙස තමා ඉදිරිපත්වුවහොත් ඉල්ලුමක් ඇතිවෙයැයි කතානායකවරයා මෙහිදි විමසු විට කර්තෘවරුන් එය අනුමත කර ඇතැයි වාර්තාවේ.

Top