Featured

සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වසන් කලේ ඇයි(Video)

යහපාලනය උදාකිරිම සදහා කැපවි දිවා රෑ නොබලා කටයුතු කල සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම අපවත් විම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ සැකයක් බව සෝභිත හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා වන (නම සදහන් නොකරන) උපාසක මහතා අප විශේෂ වාර්තාකරු ඊයේ අනාවරණය කිරිමත් සමග යහපාලන සිල්ගත් හොර උපාසකයන් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.

එම අනාවරණය මෙතනින් කියවන්න –සෝභිත හිමියන් හදිසියේම අපවත් විම ගැන ප්‍රධාන දායකයාට සැකයක්! 

ඒ අනුව අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්ත සම්බන්ධයෙන් මතුවූ අවිනිශ්චිතභාවය තවමත් නිමාවී නැහැ.උන්වහන්සේගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය කියැවෙන වීඩියෝ පටයක් තිබුනද අන්තිම කැමැත්ත ලිඛිත විය යුතු බැවින් එම වීඩියෝව නොසළකා හැරිය යුතු යහපාලන ණයට කහින උන්ගේ උපදෙස් පරිදි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ ලවා මාදුළුවාවේ සෝභිත නා හිමියන් තම අවසන් කටයුතු කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව කලකට පෙර පළ කළ අදහස් විවිධ මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුවද තම ආදාහන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ අවසාන කැමති පත‍්‍රයක් ලබා දී නැතැයි මාධ්‍යට ප්‍රකාශයක් ලබාදි තිබේ.

විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම අපවත් විමත් උන්වහන්සේගේ අවයව ලබා ගැනිමටවත් ඉඩ නොදි අවම තරමේ සෝභිත හිමියන්ගේ මරණයට හෙතුවු කරුණු පවා මේ වනවිට වසන් කර තිබේන අතර උන්වහන්සේ සමග අවසන් මොහොත දක්වා සිටියේ යැයි කියන යහපලනය විසින් යවන ලද වෛද්‍යවරයා මේ වනතෙක් දිවයිනට පැමිණ නෑ

ලිඛිත ලියවිල්ලකට වඩා සෝභිත හිමියන්ගේ කටහඩ සහිත විඩීයෝ පටිය මේ සියල්ලටම වඩා වැදගත් වන අතර මේ වනවිට උන්වහන්සේගේ අත් අකුරින්ම තමන්ගේ අවසන් කැමත්ත තැබු සටහන හමුව තිබෙනවා.

Top