Featured

හඳුන්නෙත්ති,රනිල් හමුව ගැන ඩිල් කුමාර අතේ රොලක් ගහයි

සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා කෝප් කමිටුවේ සභාපති වෙන්න පෙර ඔහු අපේ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඔහු රනිල් වික‍්‍රමසිංහ සමඟ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති බව ඉතාමත් වගකීමෙන් කියා සිටිනවා. එවැනි පුවත් පළ කරන්නේ මහින්ද රාජපක්‍ෂලාගේ මුදල් යොදා මෙහෙයවන පුවත් වෙබ් අඩවි තුළින්. අජිත් නිවාඞ් කබ්රාල්ගේ සූදු කෙළි බලාගෙන හිටපු ඔහු වෙනුවෙන් පාර්ලමේන්තුවේ පෙනී සිටි, ඔහුගේ ගෝලයන්ව සිටි මන්තී‍්‍රවරු පිරිසක් අද අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කිරීම විහිළුවක්. ඒ වගේම එම පිරිස ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පළකරන අදහස් විහිළුවක් බවට පත්වෙලා තියෙන් බවට අද පැවති මාධ්‍ය හමුවකද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

තමන් කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කලබවත් එම සාකච්ඡා සම්බන්ධයෙන් වු එකඟතාවන් පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කල බවද අර්ජුන් මහේන්ද්‍ර සම්බන්ධයෙන් කොප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා කල ප්‍රකාශය හෙළිදරවු කිරිමත් සමග ඩිල් කුමාර භුමිතෙල් ගෑවුනු ගැරඩියෙකු ලෙස හැසිරි තිබේ.

රාජපක්ෂ හමට තලා රනිල්,මෛත්‍රී රකින ඩිල් කුමාර….

“කබ්රාල්ගේ පත්වීම කෙතරම් දේශපාලනීකරණය වුණේද කියනවා නම් විදේශයක උත්සවයකදී නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා සමඟ කබ්රාල් මහබැංකු අධිපතිවරයා සෙල්ලම් කෝච්චි පදින තැනකට පත්වුණා. ඒ තරමට එම තනතුර දේශපාලනීකරණය වුණා. ඒ වගේම අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස සුවිශේෂී ගනුදෙනු කිහිපයකට සම්බන්ධ වුණා. ගී‍්‍රසිය කඩා වැටෙමින් තිබෙන යුගයක යුරෝපා පාර්ලිමේන්තුවේ පවා ගී‍්‍රසියේ කඩා වැටීම යුරෝපා සංගමයට බලපාන ආකාරය පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡුා වෙන යුගයක අජිත් නිවාඞ් කබ්රාල් ගී‍්‍රසියේ බැඳුම්කර ආයෝජනයක් කළා.  රුපියල් කෝටි 700ක මුදලක් අයෝජනය කළ අතර ගී‍්‍රසියේ කඩා වැටීමෙන් පසු එම සම්පූර්ණ මුදල ශී‍්‍ර ලංකාවට අහිමි වුණා. ලෝකයේ ආර්ථිකය බිඳවැටීමේ ප‍්‍රකාශකයා බවට ගී‍්‍රසිය පත්ව තිබූ මොහොතක එවැනි ආයෝජනයක් කිරීමෙන් රටට විශාල පාඩුවක් වුණා.”

කෙසේවෙතත් මීට පෙර කෝප් කමිටුව විසින් ලංකා පුත‍්‍ර බැංකුවේ සභාපතිවරයා පිළිබඳව විමර්ශනයකින් පසුව ඔහු එම තනතුරට නුසුදුසු බව නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ කි‍්‍රයා පිළිබඳව කෝප් විමර්ශනයකින් පසුව ඔහු එම තනතුරට නුසුසුදු බව නිර්දේශ කර තිබෙනවා. එම සභාපතිවරුන් පිළිබඳව කිසිදු පියවරක් නොගත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව තීරණයක් ගැනීම කෝප් කමිටුවට පැවරීම සම්‍යප‍්‍රයෝගයක්. මහ බැංකු අධිපතිවරයාගේ සේවා දිගුව හෝ පත්කිරීම ජනාධිපතිවරයා සතු කාර්යභාරයක්.

එම නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තමන්ගේ ජාම බේරා ගැනීම සදහා කොප් කමිටුවට අර්ජුන් ඉදිරිපත් කල බවද ඔහු පිළිගෙන තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහත්මයෙක් නම් ඔහු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් පසුව ඉල්ලා අස්විය යුතුව තිබුණා. ඒ නිසා ඔහු මහත්මයෙක් නොව ‘මහත් හොරෙක්’. රනිල් වික‍්‍රමසිංහ ඔහුව ආරක්‍ෂා කරනවා. අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව සමාජයේ විශාල විරෝධයක් එල්ල වී තිබියදී පවා රනිල් වික‍්‍රමසිංහ විසින් නව කමිටු සඳහා ඔහු පත්කිරීම තුළින් පෙනී යන්නේ ඔහු තව දුරටත් ආරක්‍ෂා කරන බවයි.

http://www.lankanewsweb.today/archives/11576

Top