Featured

හාල් මාෆියාවේ ගැටුමක් -රිෂාඩ් බදුයුදින් FCIDයට

සහල් මෙට්‍රික් ටොන් 225,000ක් ඉන්දියාවෙන් ආනයනය කොට සතොස ජාලය හරහා බෙදා නොහැර ඒවා අඩු මිලට පෞද්ගලික වෙළෙඳුන් අතට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිම සදහා කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතා ඉදිරි දින කිහිපය තුළ ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සහල් වෙළෙඳ‍පොළට නිකුත් නොකොට මිනිස් පරිභෝජනයට නුසුදුසු වන තත්ත්වයට පත් වන්නට ඉඩහැර සත්ත්ව ආහාර ලෙස පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ. ඒ අනුව එම සහල් යළි සකසා ඇසුරුම් ගත කොට මෙරට හා විදේශ රටවලට ආනයනය කිරීමටද කටයුතු කර ඇතැයිද වාර්තා වී තිබේ.

රිෂාඩ් බදුයුදින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ. මොහුට විරුද්ධව පැමිණිලි කිහිපයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතද ලැබි ඇතැයි ද වාර්තා වන අතර එම පැමිණිලි අතර අරලිය සහල් මාෆියාවේ ප්‍රධානී මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනද සිටින බව අනාවාරණය වි තිබේ.

රටේම සහල් බෙදාහරිමේ ප්‍රබලම ස්ථානය ලංකා සතොස වන අතර ලංකා සතොස සතු දිවයින පුරා පිහිටි ශාඛා 300 න් දිනක ආදායම මිලියන 80ක් පමණ වන බවත් ඉන් මිලියන 50ක් පමණ ලැබෙන්නේ හාල් අලෙවියෙන් බවද වාර්තා වේ.

හාල් මාෆියාවේ රජා වන අරලිය සහල් මාෆියාවේ ප්‍රධානී මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනගේ බලපෑම මත මෙම ප්‍රශ්ණ කිරිම සිදුකිරිමට නියමිත අතර එම ප්‍රශ්ණ කිරිම් අතරතුර කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් අදාළ කැබිනට් අමාත්‍යධුරයෙන් නෙරපා දමා සිරිසේනගේ හෙංචයියෙකු පත් කිරිමටද මේ වන විට කටයුතු යොදවා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

Top