Featured

හිරූ නිකර්ගේ දඩයම් මැර කල්ලියේ රියදුරු දැන් තානාපති සේවයේ – දාමරික රියදුරු විසා සහයක (Visa Assistant )

2016 අවසන් භාගයේ දෙමටගොඩ ගුවන් පාලම යට වෙළෙඳ සැළේක සේවය කරමින් සිටි තරුණයකු හිරුනික ප්‍රේමචන්ද්‍රගේ උපදෙස් පිට බලහත්කාරයෙන් බෙල්ලෙන් ඇදගෙන ගොස්‌ ඩිෆේන්ඩරයකින් පැහැර ගෙන ගිය ඇයගේ ආරක්‍ෂකයන් යෑයි කියන මැරයන් කණ්ඩායමේ රියදුරු ලෙස ක්‍රියා කල අජිත් සුරවීර නැමැත්තා මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයේ රියදුරු ලෙස සේවය කරමින් සිටි.

පැහැරගත් තරුණයා රැගෙන ගොස්‌ තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක්‌ වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක්‌ මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.

තරුණයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගත්‍ අතර ඩිෆේන්ඩර රථය එලවූ තම මවගේ ගමේ ඥාතියකු වූ අජිත් සුරවීර බේරා ගැනීම සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලේ තම නැන්දනිය වන මේ වනවිට යහපාලන රජයේ දේශපාලන පත්වීමක් ලැබ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ තානාපති තනතුරකට පත්ව ආ ස්වර්ණා ගුණරත්නගේ රාජකාරි රියදුරු ලෙස පත් කර එවීමය.

පුද්ගලයකු බලයෙන් පැහැර ගෙන ගොස් මරණිය තර්ජන සිදු කල කණ්ඩායමක සාමාජිකයකු වූ අජිත් සුරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති කාර්යාලයක රැකියාවකට එවනු ලැබීම ඇමෙරිකානු රජයට සිදු කල බලවත් අපහාසයක් වන බව පවසන විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු තව දුරටත් පෙන්වා දෙන්නේ මෙම අජිත් සුරවීර ගැන කරුණු වසන් කොට ඔහුට ඇමෙරිකානු විසා ලබාදීමට යහපාලන රජය ක්‍රියා කොට ඇති බවය.

අජිත් සුරවීරගේ මුහුණු පොතේ ඔහුගේ රැකියාව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කොන්සෝල් කාර්යාලයේ රියදුරු ලෙස නොවය. මොහු විසින් තමාගේ රැකියාව ලෙස පෙන්වා ඇත්තේ විදේශ අමාත්‍යංශයේ නොතිබෙන අමුතුම මාදිලියේ රැකියාවකි. තමා හදුන්ව ඇත්තේ කොන්සෝල් කාර්යාලයේ විසා සහකාර (Visa Assistant ) ලෙසය.

හිරුනික ප්‍රේමචන්ද්‍රගේ උපදෙස් පිට දැනට මොහු කොන්සෝල් ජනරාල් නෝනගේ නිල නිවසහි රදවා ගෙන ඇති අතර ඔහුට එහිදී කෑම සමග ලෑමත් ලැබෙන බව ලොස් ඇන්ජලිස් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් අතර කසු කුසුවක් පවතී.

2013 දී කොටි හිතවාදීන්ගේ මුදලින් ජිනීවා ගොස් මානුෂික හිමිකම් කවුන්සීලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව කොටින් සමග උද්ගෝෂණ පැවැත්වූ කොන්සෝල් ජනරාල් ස්වර්ණ ගුණරත්නගේ කාර්යාලයට මෙවැනි පුද්ගලයකු එවීමෙන් නැවත වරක් මංගල සමරවීර ඇතුළු යහපාලන රජය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ඇත. ස්වර්ණ ගැන අප කල අනාවරණය පහතින් කියවන්න …

guru (1)

12019961_121705651516727_8863527612721988657_n 13512086_125873554508399_7109427820995071893_n 13584908_125870871175334_4325411915636115999_o

http://www.sinhala.lnwtoday.com/archives/7775

 

Top