LNN SPY

හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගනය සමාගමකට පවරන්න හදයි… රෝසීගේ පුතයි…. පාපන්දුව ගිල්ල මනිලාල්ගේ පුතයි… ගජරාමෙට ගරයි….

Published on: Aug 22, 2018- කොළඹ මහ නගර සභාවට අයත් හැව්ලොක් පාරේ පිහිටි හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගණය පිටස්තර ආයතනයකට බදුදීමට නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය පිඹුරුපත් සකසමින් සිටින බව අනාවරණය වි තිබේ.

මෙම ක්‍රීඩාපිටිය පාසල් සිසුන්ගේ හා ප්‍රදේශවාසී ක්‍රීඩා කණ්ඩායම්වල තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙසටත් එය පෞද්ගලික සමාගමකට නොපවරන ලෙසටත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මෙම 24 වැනිදා පැවැත්වෙන නගර සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ යෝජනාව ඉවත් කර ඇතැයිද ජවිපෙ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කරයි.

වසර ගණනාවක පටන් ප්‍රදේශයේ දරුවන්ගේත් පාසල් සිසුන්ගේත් ක්‍රීඩා කෞශල්‍ය නැංවීම සඳහා ලබා දී තිබූ මෙම පැරැණි ක්‍රීඩාංගණය මෙසේ බදු දීමට ගෙන ඇති තීරණයට එරෙහිව පුරවැසි සංවිධාන කීපයක්ම නගරාධිපතිනිය වෙත ලිපියක් භාරදීමට නියමිත බවද කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

හැව්ලොක් හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගණය රෝසීගේ පුත්‍රයාවන කනිෂ්ක සේනානායක කුප්‍රකට ව්‍යාපාරික මිත්‍රයෙකු වන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ය ධර්ම පද්ධතිය කඩ කිරීම නිසා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් ජීවිතාන්ත දක්වා පාපන්දු තහනමට ලක්වු මහින්දලාගේ කාලයේ පාපන්දුවට පයින් ගසා ගසා කෑ මනිලාල් ප‍්‍රනාන්දුගේ පුත්‍රයාට අයත් සමාගමකට පවරා දිම සදහා කටයුතු කරමින් සිටින බවයි අප කොළඹ වාර්තාකරු සදහන් කලේ.

අදාළ සමාගමට පැවරිම හරහා ක්‍රිඩාංගනය විවිධ ක්‍රියාකාරකම් සදහා කුලී පදනමින් ලබා දිමට කටයුතු කිරිමට නියමිතව තිබේ.

මනිලාල්ගෙ පුත්‍රයා සහ රෝසීගේ පුත්‍රයා ගජමිතුරන් වන අතර ඔහුන් දෙදෙනා එක්ව නගර සභාවේ විවිධ සැපයුම් කරුවන් ලෙස කටයුතු කරන අතර නගර සභාවේ රැස්ව්ම පැවැත්වෙන් දිනයන්හී ඒ සදහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර සැපයිම සිදුකරන අතර එක් දිනක් සදහා රුපියල් 40000ක මුදලක් වැය කරන අතර ඒ සදහා කිසිදු ටෙන්ඩර ක්‍රියාපටිපාටියක්ද අනුගමනය නොකරන බව මේ වනවිට අනාවරනය වි තිබේ.

තනතුරු 8 ක් සඳහා 19 දෙනකු බඳවාගෙන ‘ෂිෆ්ට්’ දෙකකට වැඩ 

කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8 ක් සඳහා නගර සභාවට අයත් නොවන පුද්ගලයන් 19 දෙනකු බඳවාගෙන ඇතැයි දැන ගන්නට තිබේ. මෙයට පෙර සිටි නගරාධිපතිවරුන් එසේ කර නැත. ඔවුන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවා ගෙන ඇත්තේ නගර සභාවේ නිලධාරීන් ය. එය ද නිල්ධාරීන් 8 කට අඩු ගණනකි. එයින් හැෙඟන්නේ එහි ඇත්තේ ඇබෑර්තු 8 ක් පමණක් බවයි. එසේ නම් රෝසි තම කැචර්ලා (මෙය අපගේ අදහසක් පමණි. ඔවුන් කැචර්ලා නොව ඇගේ නෑයන් වන්නටත් පුළුවන.කැචර්ලා හෝ නෑයන් නොවන්නටත් පුළුවන.) දහනව දෙනකු බඳවා ගත්තේ ඇයි? අපගේ අදහස සේවා මුර දෙකකට ඔවුන් වැඩ කරන බවය. කට්ටියක් පැය 8 ක් වැඩ; ඉතිරි කට්ටිය එතැන් සිට පැය 8 ක් වැඩ. තලතා අතුකෝරාළ, සුජීව සේනසිංහ, හිටපු පොලිස් ඉන්ස්පෙක්ටර් පාලිත රංගේ බණ්ඩාර, එවකට යූ.එන්. පියේ සිටි ජනප‍්‍රිය ගායක දයාසිරි ජයසේකර සමඟ එක්ව මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී රනිල් වික‍්‍රමසිංහට බාල්දි පෙරළමින් සිටි රෝසි සේනානායකට පසුගිය මහ ඡන්දයේදී පාර්ලිමේන්තුවට ගොඩවීමට බැරි විය. එහිදී සියලූ වාද භේද අමතක කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ රෝසි සේනානායක කැඳවා ඇගේ කඳුළු පිස දමා අගමැතිගේ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස ඇය පත් කළේය.

වයස හැටක් වුවද තිහක පෙනුමැති මේ සුන්දර කාන්තාව කොළඹ නගර සභා ඡන්දයේදී පැහැදිලි ජයක් වාර්තා කළාය. ඇගේ නරක කාලය පටන් ගත්තේ ඇය නගරාධිපති වීමට චුට්ටක් කලිනි. අර්ජුන් යුගලයේ බැඳුම්කර සංගමය සහ රෝසිගේ පුත‍්‍රයා වූ කනිෂ්ක සේනානායක අතර සම්බන්ධයක් තිබුණැයි යන ප‍්‍රශ්නයත් පළමුවන කෝප් වාර්තාවේ පිටපත් කනිෂ්ක විසින් අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට ලබා දුන්නේ ද යන ප‍්‍රශ්නයත් 2017 දී මතුවිය. බැඳුම්කර කොමිසම ඉදිරිපිට සාක්‍ෂි දුන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කරු Chief Dealer වූ නුවන් සල්ගාදු කියූ පරිදි පළමුවන කෝප් වාර්තාවේ පිටපත් කිහිපයක් අර්ජුන් ඇලෝසියස් අත තිබූ අතර, ඒවා ඔහුට ලැබී තිබුණේ ‘රෝසිගේ පුතා’ යන තැනැත්තකුගෙනි. මේ ගැන වැඩිදුර තොරතුරු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තිබෙන්නට ඇත. එය කියැවීමට අපට නොහැක. බැඳුම්කර වාර්තාවේ සම්පූර්ණ පිටපත රාජ්‍ය ලේඛනාගාරයේ මුද්‍රා තැබූ පෙට්ටියක් තුළ තැන්පත්ව පවතී. ආණ්ඩුවේ නීති රීතිවලට අනුව මෙය ප‍්‍රසිද්ධියට පත් කළ හැක්කේ අවුරුදු 30 කට පසුවය. මේ වාර්තාව එළියට යෑමට ඉඩනොදී සුරක්‍ෂිත කිරීමේ වගකීම නෝනා මහත්මියකට පවරා ඇතැයි කියනු ලැබේ. වාර්තාව ප‍්‍රසිද්ධ වන කාලය එනවිට රෝසිට අවුරුදු 90 කි.

ඒ කතාව පැත්තකින් තබමු. ඉන් පසුව රෝසි සේනානායක ගැන මිනිසුන් කතා කරන්නට පටන් ගත්තේ නගරාධිපති නිල නිවසේ වැසිකිළිවලට අදාළවය. 2018 මැයි මාසයේ 09 වැනිදා හෝ ඊට ආසන්න දිනක ජ.වි.පෙ. නාගරික මන්ත‍්‍රීවරයකු කියූ පරිදි නගරාධිපති නිල නිවසේ වැසිකිළි අලූත්වැඩියා කිරීම සඳහා නගරාධිපතිතුමිය රුපියල් දසලක්‍ෂ 5.7 ක් වෙන් කර ඇත. ලක්‍ෂ පනස් හතක් වැය කර තනන වැසිකිළිය වඩාත් සුදුසු වන්නේ මළපහ කිරීමට නොව බත් දාගෙන කෑමටය. මේ ගැන නගරාධිපතිතුමියගෙන් විමසන ලද කල්හි ජවිපෙ. කියන ගණන සම්පූර්ණයෙන් ම වැරදි බවත් එම මුදල ලක්‍ෂ 52 ක් බවත් වැසිකිළි අලූත්වැඩියාව සඳහා රුපියල් ලක්‍ෂ 14 ක් වැය කරන බවත්, ඉතිරි මුදල වැය වනු ඇත්තේ නගාරාධිපති නිල නිවසේ අලූත්වැඩියා කටයුතු සඳහා බවත් නගරාධිපතිතුමිය කීවාය. ඒ අනුව ජ.වි.පෙ. රුපියල් ලක්‍ෂ 5 ක් වැඩියෙන් කීමෙන් ලොකු වරදක් කර ඇත. නගරාධිපති නිල නිවසේ වැසිකිළි 6 ක් ඇති අතර මේ අනුව එක් වැසිකිළියක් අලූත්වැඩියා කරනු පිණිස රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පමණ වැය වන්නේය. කොළඹ සිටින ජනගහනයෙන් සෑහෙන පිරිසකට වැසිකිළි නැත. එයින් කට්ටියක් පොදු වැසිකිළි පාවිච්චි කරති. කු්්ඩා දරුවෝ මහපාරවල එළි බසිති. සමහරකුට වැසිකිළි පිළිබඳ අවශ්‍යතාවක් මතු නොවන්නේ හරියාකාරව කන්නට නැති බැවිනි. කෑම නැති තැන පස්සා පැත්තෙන් වැඩක් නැත. එය අවශ්‍ය වන්නේ ඉඳගැනීමට පමණි. කොළඹ සාමාන්‍ය ජනයාගේ වැසිකිළි ප‍්‍රශ්නයෙන් යම් ප‍්‍රමාණයක් හෝ විසඳන ලද්දේ නැසීගිය ජනාධිපති ආර්. ප්‍රේමදාස පමණි. සෙසු නගරාධිපතිවරු පොදු පහසුකම් ප‍්‍රශ්න පැත්තක තබා දේශපාලන ප‍්‍රශ්න සහ පවුලේ ප‍්‍රශ්න විසඳමින් කල් ගත කළහ.

කෙසේ වුවත් තනතුරු 8 ක් අවශ්‍ය තැනට 19 දෙනකු බඳවා ගැනීමේ තීරණය දෙසට අපි නැවතත් හැරෙමු. මෙය ස්ථිර වශයෙන්ම දේශපාලන තීන්දුවකි. මේ දවස්වල තිබෙන්නේ යහපාලන ආණ්ඩුව නිසා එය යහපාලන තීන්දුවක් ද විය හැකිය. අලූතෙන් ගත් 19 දෙනාට පඩි ගෙවන්නේ ආණ්ඩුවේ වියදමිනි. දඩාවතේ යන බල්ලන් මැරීමේ කාලකණ්ණි ක‍්‍රියාවට මුල්තැන දී කටයුතු කරන කොළඹ නගර සභාව හොර ගුහාවකි. නගරාධිපති රෝසි සේනානායක මුලින්ම කළ යුත්තේ කක්කුස්සි හැදීම නොව නගර සභාව හැදීමය. මේ හොර ගුහාවේ වැඩ කරන සමහරු උදේට සේවයට වාර්තා කර සේවා ස්ථානයෙන් පැන ගොස් පිටකොටුවේ මුට්ට කර ගැසීම, රේස් බයි රේස් කඩවල තුණ්ඩු ලිවීම, ගෙදරට වී නිදා ගැනීම වැනි දේවල නිරත වී හවස් වන විට සේවා ස්ථානයට යළි වාර්තා කරති. නගරාධිපති තුමියට තවත් කාරණයක් කියමු. එනම් පිටතින් සේවකයන් 19 දෙනා බඳවා ගත් ආකාරයට ම තවත් නගරාධිපති කෙනකු ද ඇය බඳවා ගත යුතුය. එවිට මේ දෙදෙනාට සේවා මුර දෙකකට වැඩ කළ හැකිය.

Top