Featured

හෙළ උරුමයේ කණ අත ගා…නිශාන්තට පයින් ගහයි….

“හෙළ උරුමයේ නොවේ මොන උරුමයේ උනත් කමක් නෑ…. කරන්න බැරිනම් අයින් කරලා දාන්න” යනුවෙන් තමන්ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කල බව ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූර ඉවත් කරමින් එම අමාත්‍යාංශවල දිවුරුම් දුන් බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පවරා ගනිමින් බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල අද සවස දිවුරුම් දුන්නා.

ඊයේ සවස ජනාධිපතිවරයා හමුවි නිශාන්ත වර්ණසිංහ සම්බන්ධයෙන් ගතයුතු පියවර කුමක්ද යන්න තමන් විමසා සිටි අතර එහිදි ජනාධිපතිවරයා “හෙළ උරුමයේ නොවේ මොන උරුමයේ උනත් කමක් නෑ…. කරන්න බැරිනම් අයින් කරලා දාන්න” යනුවෙන් තමන්ට පැවසු බවත් එම අවස්ථාවේම මෙගා පොලිසි අමාත්‍ය මෙන්ම හෙළ උරුමයේ නායක පාඨළී චම්පික රණවකට එම තින්දුව දැනුම් දුන් බවද බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය අනාවරණය කර තිබේ.

ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හටගෙන තිබේන උග්‍ර අර්බුදය හේතුවෙන් පසුගියදා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මෛත්‍රීගේ පිහිටෙන් බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වු නිශාන්ත වර්ණසිංහ මහතාගේ අමාත්‍යංශ අයවැය බස්නාහිර පළාත් සභාවේ මහා ඇමතිවරයා ලවා පරාජය කිරිම හරහා කරලියට පැමිණී කට වාචාල නිශාන්ත වර්ණසිංහ පසුගිය දින කිහිපය තුල පොර ටොක් දෙමින් යහපාලනය සහ මෛත්‍රීපාල අල්ලේ නටවන බවට වහසී බස් දොඩවනු ලැබුවා.

 කියවන්න – “ප්‍රගීත්” ඝාතකයා “පාඨ්ළී” බව දුමින්දගේ පත්තරේත් සටහනක්

Top