Featured

හොරා.. හොරා.. බැසිල් හොරා… ජනතාව දැනගතයුතු සත්‍යා මෙන්න

(01). ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පළාත් පාලන ආයතන වලට GI බට වැනි ද්‍රව්‍ය ලබාදීමට බලයක් ඇද්ද ?

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීමේ පරමාර්ථය වුයේම දිලිදුකමේ සීමාවට පහළින් සිටින ජනතාව ඉන් මුදාගෙන පුද්ගලයා, පවුල, ගම , ප්‍රදේශය, පළාත ඇතුලු රටේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

ඒ සඳහා විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන සම්බන්ධීකරණය කිරීම එම අමාත්‍යාංශයේ කාර්යභාර්යය විය.

එම නිසා වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මෙන්ම ජනතාවට වඩාත්ම සමීපව ක්‍රියාකරන ප්‍රධානම රාජ්‍ය ආයතනය වන පළාත් පාලන ආයතන සමග ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ආරම්භයේ සිටම කටයුතු කර ඇත.

පළාත් පාලන ආයතනවලට පැවරෙන මාර්ග පුළුල් කිරීම, කාපට් කිරීම, පැතිකානු සැදීම වැනි කටයුතු, සතිපොළ, ළම හා මාතෘ සායන, බස් නැවතුම්පොළ, පුස්තකාල හා ප්‍රජාශාලා, ක්‍රිඩාපිටි හා ශරීරි සුවතා මංතීරු සංවර්ධනය කිරීම වැනි කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් විටින් විට ලබා දී ඇත.

දිවිනැගුම පනනේ 6 ඕ වගන්තිය යටතේ “යම් රජයේ දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, පළාත් පාලන ආයතනයක්, පෞද්ගලික අංශයේ සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් දිවිනැගුම ප්‍රතිලාභීන්ට සපයන සේවා සඳහා පහසුකම් සැලසීම” යන්න මඟින් අදාල නිළධාරින්ට මෙවැනි කටයුතු ඉටු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලය ලබාදී ඇත.

(02). වෙනත් අමාත්‍යාංශ විසින් පළාත් පාලන ආයතනවලට මෙබදු පහසුකම් සපයා ඇද්ද?

ඔව්.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම වෙනත් අමාත්‍යාංශ මඟින්ද පළාත් පාලන ආයතන වලට විවිධ ප්‍රතිපාදන සපයා ඇත. උදා – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ජෙනරේටර්, ගලි බවුසර්, වතුර බවුසර්, පරිසර අමාත්‍යාංශය මඟින් ට්‍රැක්ටර්, කසල එකතු කරන හා ප්‍රතිචක්‍රීය කරන වාහන, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සායන සඳහා බෙහෙත් වර්ග, ඩෙංගු මදුරු උවදුර මර්ධනය කරන උපකරණ හා රසායනික බෙහෙත් වර්ග ලබා දීම දැක්විය හැකිය.

එහෙත් ඒ කිසිදු අමාත්‍යාංශයකට එරෙහිව පැමිණිල්ලක් තබා චෝදනාවක් එල්ල කර නැත.

(03) වෙනත් අමාත්‍යාංශ පළාත් පාලන ආයතන වලට බට ලබා දී ඇද්ද ?

ඔව්. මෙම වකවානුවේදීම පළාත් පාලන අමාත්‍යාංශය මඟින් බට ලබාදී
ඇත. එහි ලේකම්වරයා පසුව මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත්විය. නමුත් ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයට ඇමතිවරයාට හෝ ලේකම්වරයාට නඩු පවරා නැත.

(04) එසේනම් බැසිල් රාජපක්ෂ මහතාට මැතිවරණ සමයේදී GI බට බෙදාදීම මඟින් රාජ්‍ය දේපොළ අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා කර ඇත්තේ ඇයි ?

දේශපාලන පළිගැනීම බව ඉතාමත්ම පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් FCDI විසින් 2015.05.14 දින උසාවියට ගොනුකර ඇති B වාර්තාවට අනුව මෙම බට ලබාදීම සිදුකර ඇත්තේ 2014.10.31 දිනය. එනම් මැතිවරණයට පෙරය. එම නිසා මෙය මැතිවරණ නීතියට කිසිදු අදාලත්වයක් නොමැත.

එම B වාර්තාවට අනුව මෙම බට මිළදී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිළධාරින් ප්‍රසම්පාදන ක්‍රියාවළියට අනුව කටයුතු කර ඇති බවත් පිළිගෙන ඇත.

මෙම බට කිසිදු පුද්ගලයෙකුගේ පරිහරණය සඳහා ලබා දී නැති අතර අමාත්‍යාංශය විසින් වෙනත් රාජ්‍ය ආයතනයකට ලබා දී ඇති ද්‍රව්‍යමය පහසුකමකි. එබැවින් එය අමාත්‍යාංශයකට ඇති ව්‍යවස්ථාමය බලයක් නිසා මෙම බට ලබාදීමේ කිසිදු නීති විරෝධි බවක් හෝ රාජ්‍ය දේපල අවභාවිතයක් නොමැත.

(05). මේ සඳහා දිවිනැගුම අරමුදල් යොදාගත් බව සත්‍යයක්ද ?

මෙම බට මිළදිගෑනීම සඳහා මුදල් ගෙවා ඇත්තේ දිවිනැගුම අරමුදල් වලින් නොව රාජ්‍ය අයවැයෙන් අනුමත අමාත්‍යාංශයට වෙන්කර තිබු මුදල් වලින් නිසා දුප්පත් ජනතාවට අයත් දිවිනැගුම අරමුදල් අවභාවිත කළාය යන්න සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරණයකී.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඟා ඇති චෝදනාව අසත්‍යබව වර්තමාන සමාජ සවිබල ගැන්වීමේ ඇමති එස්.බී. දිසානායක මැතිතුමා පා.ම. නලින්ද ජයතිස්ස මහතා විසින් අසනු ලබන ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තුවේදී කර ඇත.

” මෙම බට බෙදාදීම කර ඇත්තේ දිවි නැගුම පනතේ පරමාර්ථ හා අරමුණු පුළුල් අර්ථයෙන් ගත්කල දිවි නැගුම ප්‍රතිලාභින්, දිවි නැගුම ප්‍රජාමුල සංවිධාන, දිවි නැගුම ප්‍රතිලාභි සාමාජිකත්වය දරන ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙනත් ප්‍රජා සංවිධාන සමග සම්බන්ධීකරණයෙන් ජනතාවගේ සමාජ ආර්ථික තත්වය නංවාලීම අරමුණු කර ඇත.

පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන හා ජනතාවගේ පොදු සමාජ අවශ්‍යතාවයන්ට යොදා ගැනිම පිණිස GI බට ලබාදෙන ලෙස එවකට විෂයභාර අමාත්‍යවරයා වෙත කර තිබු ඉල්ලීම සැලකිල්ලට ගෙන පළාත් පාලන ආයතන සඳහා GI බට ලබාදී ඇත. එම GI බට දිවිනැගුම ප්‍රතිලාභින් සම්බන්ධව වන උත්සවවලට කොඩි කණු වශයෙන් යොදා ගැනීමට අමතරව මරණාධාර සමිති වැනි ප්‍රජා සංවිධානවල තාවකාලික කුඩාරම් සකස් කිරීම, අවුරුදු පොළ, ග්‍රාමිය හා ප්‍රාදේශීය මට්ටමේ අලෙවි ප්‍රදර්ශන හා වැඩසටහන් පැවැත්විමේදී දිවි නැගුම ප්‍රතිලාභීන්ගේ භාණ්ඩ අලෙවි පොළවල් වල තාවකාලික අලෙවි මඩු ඉදිකිරීම ආදීය සඳහා භාවිතා කෙරේ”.

( 2015.11.23 සඳුදා පාර්ලිමේන්තු විවාද ( හැන්සාඩ්) නිළ වාර්තාවේ දක්වා ඇත. පිටපත අමුණා ඇත. )

(05). මේ මඟින් මැතිවරණ වාසියක් ලබාගැනීමට උත්සාහ කල බව සත්‍යයද ?

නැත. ඒ බව වර්තමාන ඇමතිවරයාගේ පිළිතුරෙන්ම පැහැදිලි වෙයි.

පළාත් පාලන ආයතනවලට ලබාදුන් මෙම GI බට අදත් අවමංගල්‍යාධාර සමිති, විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල කටයුතු ආදී වශයෙන් පොදු අවශ්‍යතා සදහා භාවිතා කරයි.

(06). එසේනම් බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා කරන්නේ ඇයි ?

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග වලට ජනතාව අතිශයින් ප්‍රියවීම වැලැක්වීම සහා ඒවා කෙරෙහි අප්‍රසාදයක් ජනතාව තුල ඇතිකොට පටු දේශපාලන වාසියක් ලබාගැනීමට

වර්තමාන ආණ්ඩුවට කිසිදු ආර්ථික සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට ඇති නොහැකියාව වසා ගැනීම සදහා ආර්ථික සංවර්ධනය යනු ගසාකැමේ ව්‍යාපෘතියක් බව ජනතාවට ඒත්තු ගැන්වීම.

මහින්ද රාජපක්ෂ රජය බටහිරට කීකරු නොවීම නිසා කිසිදු රාජපක්ෂවරයෙකුට නැවත දේශපාලනය කිරීමට නොහැකිවන ලෙස කටයුතු කරන ලෙස පවතින බටහිරට කීකරු දුර්වල ආණ්ඩුවට එම රටවලින් ලැබි ඇති උපදෙස් ක්‍රියාවට නැංවීම.

එම රටවලම උපදෙස් මතම ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන වියරු වැටි සිටින කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස් පෝරාව හා ඔවුන්ගේ මතය රට තුළ පතුරන ව්‍යාජ සිවිල් සංවිධාන වල සාමාජිකයින් සතුටට පත් කිරීම සදහා ආණ්ඩුවේ ඇතැම් පිරිස් වලට අවශ්‍ය වී තිබීම.

ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් කරඇති සේවාවන් පිළිබද ජනතාව තුළ අප්‍රාසදයක් ඇති කිරීම.

Top