Anonymous Reporter

ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් ගිවිසුමක් ගැන රනිල් කියයි

කිසිදු කොන්දේසියකින් තොරව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර එකාබද්ධ කර ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයක් ලබා දිමට ජාත්‍යන්තර හමුවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන රජයේ ප්‍රභලයන් එකඟවු බව ද්‍රවිධ ජාතික සංධානයේ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කල බවත් රනිල්,ෆොනී,හකිම්,අනුර,කරු යන බෙදුම්වාදී නායකයන් එකට හමුවු අවස්ථාවේ ඡායාරූපයක් අප හෙලිදරව් කිරිමත් සමග එජාපය තවත් අර්බුද රැසකට මුහුණ දි සිටින බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රට බෙදුම්වාදීන්ට පාවාදුන් රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම පරාජය වන බව දන්නා නිසා යන්තම් හෝ පක්ෂයේ නායකත්වය බෙරා ගනිමින් යලිත් විපක්ෂ නායකත්වයට ඔලුව ඔබා ගැනිම සදහා 2005 වසරේදී කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් අත්සන් නොකළ තමා ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති තැන තැන කියමින් සිටි.ඊයේ සිට සෑම රුපවාහිණි වැඩසටහනක මෙන්ම සැම රැස්විමකම මේ බව මන්තරයක් ලෙස ජපකරන ලෙසට එජාප මැතිවරණ මෙහෙයුම් ප්‍රධානින් රනිල්ට උපදේස් දි තිබේ.

මිට අමතරව මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් විමෙන් පසුව සල්ලි වලට මිලදිගත් ස්වාමින් වහන්සේලා සහ වෙනත් ආගමික පුජකවරුන් යොදාගනිමින් ජාතික මාධ්‍ය හරහා රනිල්ගේ මඩ සේදිමේ ව්‍යාපාරයක් දියත් කිරිමට මේ වනවිට කටයුතු සුදානම් කර ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

[box type=”success” ]කිසිදු කොන්දේසියකින් තොරව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර එකාබද්ධ කර ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයක් ලබා දිමට ජාත්‍යන්තර හමුවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන රජයේ ප්‍රභලයන් එකඟවු බව ද්‍රවිධ ජාතික සංධානයේ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කර තිබේ.[/box]

එම ලිපිය කියවන්න –ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයකට රනිල්,ෆොනී,හකිම්,අනුර,එකඟ වුනා -ආර් සම්බන්ධන්

අප පසුගියදා අනාවරණය කල අතර ඊට අදාල තවත් සාක්ෂි රැසක් ඉදිරි දින කිහිපය තුල අනාවරණය කිරිමට අප සුදානම් බව බොරුවෙන් හැංගිමට උත්සහ දරණ රනිල් වික්‍රමසිංහ ඇතුලු බෙදුම්වාදීන්ට අප තරයේ මතක් කර දියයුතුය.

 

Top