Published on: Oct 4, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේන් ආර්ථික පරිපාලනය ඉවත්කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණගැනිම සදහා ජාතික ආර්ථික සභාව පිහිටුවා ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් රටේ ආර්ථිකය හැසිරවීමට ගත් තින්දුව හේතුවෙන් රටේ ආර්ථිකය කම්බස් වි ඇති බවට චොදනා එල්ල වෙමින් තිබේ.

රටේ ආර්ථික පරිහානිය සහ රුපියලට සාපේක්ෂව ඩොලරයේ සිඝ්‍ර ඉහල යෑම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස කලකිරීමට ලක්ව සිටින අතර ඔහුන් සියලුදෙනාගේම චොදනාව මේ වනවිට එල්ලවෙමින් ඇත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව වන අතර ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණයක්ද ගෙන තිබේ.

එජාප පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අදහස වි ඇත්තේ කාලයික් තිස්සේ ජාතික ආණ්ඩුව විනාශ කිරිම සදහා ශ්‍රිලනිප+ඒකාබද්ධ ගෙනගිය සහයෝගිතා මෙහෙයුමේ එක් කොටසක් ලෙස අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආර්ථිකය මෙහෙයවිමේ බලය ඉවත්කර රටේ ආර්ථිකය වලපල්ලට යැමට ඉඩ හැරි බවත් මේ වනවිට ජනාධිපතිවරයාගේ ජාතික ආර්ථික සභාව නොහැකියාව අගමැතිවරයාගේ කර මත පැටවිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව 2017 සැප්තැම්බර් (12) දින පලමු වරට ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර පසුව 2018 වසරේ අප්‍රියෙල් මාසයේදි අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ශ්‍රි ලංකා මහ බැංකුව පවා ඉවත් කිරිමට කටයුතු කල අතර මහ බැංකුව යටතේ තිබු තින්දු ගැනිමේ හැකියාව් පවා ජාතික ආර්ථික සභාව හරහා ගැනිමට කටයුතු කර තිබේ.

ජාතික ආර්ථික සභාව පත් කිරීමත් සමඟ එතෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකව පැවැති රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව රැස් කිරීම අහෝසි කෙරුන අතර එම කමිටුව අහෝසි කොට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබීය.

ඩොලරය ශක්තිමත් වීමත් සමඟම ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙතැයි කලින්ම දැනගෙන සිටියදිත් මෙම ආර්ථික සභාව ගත් පියවර කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසිම සදහා මේ වනවිට එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සංචාරයෙන් පසුව කටයුතු කිරිම සදහා සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

2018 වසරේ අප්‍රියේල් මාසයේදී ඇමරිකන් ඩොලරයක මිල 153ක් වු අතර මේ සටහන තබන අවස්ථාව වනවිට එහි වටිනාකම් 170 සීමාව දක්වා ඉහල ගොස් තිබේ.

Published on: Oct 3, 2018- ව්‍යාජ දත්ත සහිත ගෙවීම් කාඩ්පත් මගින් රුපියල් මිලියන 370ක් පමණ මුදලක් ලබා ගැනීමට තැත්කළ ඉන්දියානු ජාතිකයින් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

2018.10.02. දින හැටන් නැෂනල් බැංකුවේ බැංකු සහකාර රුචිර මලවිආරච්චි මහතා විසින් එම බැංකුවේ ෂොප් ට්ර්මිනල් මැෂින් යන්ත්‍රයක් උපයෝගී කර ගෙන ව්‍යාජ දත්ත සහිත ගෙවීම් කාඩ්පත් මගින් ගණුදෙණු සිදු කරන බවට සිදු කරන ලදපැමිණිල්ලකට අනුව මෙම පරික්ෂණය CIDය මගින් මෙහෙයවා ඇති අතර ඒ අනුව ඔහුන් අත් අඩංගුවට ගෙන තිබේ.

හැටන් නැෂනල් බැංකුවේ ගණුදෙණුකාර ආයතනයක් වන අංක 44, ගෝල්ඩ් සෙන්ටර්, බිම් මහල, කොළඹ 11 ලිපිනයේ පිහිටි ජී. ටී. ඒ සිටි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය wවෙත නිකුත් කළ අංක S/N 262-281-142 දරණ ෂොප් ටර්මිනල් යන්ත්‍රය උපයෝගි කර ගෙන 2018. 09. 29 වන දින සහ 2018.09.30 වන දින අනවසර ගණුදෙණු 90 ක් පමණ සිදු කර ඇති බවට එම ගණුදෙණු අතරින් ගණුදෙණු 04ක් සාර්ථක වී ඇති බවත් අනෙක් ගණුදෙනු සිදු කිරීමට තැත්කට ඇති බවට පැමිණිලි කරනලදි . සාර්ථක වූ ගණුදෙණු හරහා ඇ. ඩො.1110 ක (රු188700/-) මුදලක් ඉහත ආයතනයේ ඇති ගිණුමට ලබා ගෙන ඇති අතර ඇ.ඩො. 266.771 (රු. 45,351,070/-) ලබා ගැනීමට තැත් කර ඇත.

ඒ අනූව ව්‍යාජ මුදල් විමර්ශණ අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම් විසින් මෙම පොෂ් ටර්මිනල් යන්ත්‍රය ස්ථාපිත කර තිබු ස්ථානය වාන අංක 44, ගෝල්ඩ් සෙන්ටර්, බිම් මහල, කොළඹ 11 දරණ ස්ථානය සෝදිසියට ලක් කර පහත නම් සදහන් සැකකරුවන් 206 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතේ වගන්ති 03 සඳහන් කර ඇති වරදවල් සිදු කර ඇති බැවින් අත්තඩංගුවට ගෙන තිබේ.

ඉහත සැකකරුවන් සන්තකයේ තිබි නඩු භාණ්ඩ වශයෙන් ඉන්කොඩර් යන්ත්‍රය, ව්‍යාජ දත්ත ඇතුලත් සැක කල හැකි කාඩ්පත් 20ක් සහ ලැප්ටොප් 01 ක් දත්ත ඇතුලත් ජංගම දුරකතන 06ක් සැක කටයුතු ගණුදෙණු වලට අදාළ හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සහ සෙලාන් බැංකුව මගින් නිකුත් කර තිබු පොෂ් ටර්මිනල් යන්ත්‍රයෙන් නිකුත් වූ ගණුදෙණු පත්‍රිකාවල වෙළෙන්දාගේ පිටපත් 140 ක් සහ සැකකටයුතු ලේඛණ රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තංඩගුවට ගන්නා ලදි.

Published on: Oct 3, 2018- ආණ්ඩු වෙනසක් වෙනුවෙන් ආණ්ඩුව තුල ඇතිවෙමින් තිබේන සාකච්ඡා මෙන්ම කුමන්ත්‍රණ හේතුවෙන් මේ වනවිට කොළඹ දේශපාලනය උණුසුම් තත්ත්වයකට පෙරළී තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කොට මහින්ද අගමැති ලෙස පත්කර ගැනිම් සදහා කටයුතු කලයුතු බව කියමින් ශ්‍රිලනිපයේ 16 කල්ලිය කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින අතර මහින්දගේ ඒකාබද්ධය නියෝජනය කරන කිහිප දෙනෙකුද මෛත්‍රී ජනපතිගෙන් රනිල් එලවා මහින්දගේ ආණ්ඩුවක් සෑදිම සදහා රහසේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබේ.

මහින්දගේ ගොලයන් වටේ යැවිම….

ආණ්ඩු වෙනසක් වෙනුවෙන් මහින්ද පිළේ කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා හමුවි ඇති අතර හමුවු කිහිප දෙනාවම මෛත්‍රී කඩේ යවා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. රනිල් අගමැතිකමින් ඉවත්කර මහින්ද අගමැතිකිරිම සදහා එජාපයෙන් ඉවත් වි සුළු පක්ෂ සමග නව ආණ්ඩුවක් සෑදිම සදහා කල යෝජනාවට මෛත්‍රී යෝජනා කර ඇත්තේ බැසිල්ගේ කැමත්ත විමසන ලෙසය. වත්මන් ආණ්ඩුව සමග එක්ව කවරාකාරයේ හෝ ආණ්ඩුවක් සෑදිම බැසීල් මේ වනවිට තරයේම ප්‍රතිකේෂ්ප කර තිබේ. මේ අතර මහින්ද පිළේ මෛත්‍රී හමුවි සාකච්ඡා කරන්නන් සහ විවිධ කුමන්ත්‍රණ දියත් කරන ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයන් සොයා බැසිල් පෙරමුණ විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබේන බවද දැනගන්නට තිබේ.

රනිල්ගේ විශ්වාසය සජිත්!

මහින්ද සමග ආණ්ඩු හදන මුවාවෙන් මෛත්‍රී ඇතුලු ශ්‍රිලනිප කණ්ඩායම එජාපයේ පිරිසක්ද සමග ආණ්ඩුවක් සැදිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබුනද එම ආණ්ඩුව හැදිමට ප්‍රබලම බාධකය ලෙස කලක් රනිල් විරෝධි පෙරමුණ මෙහෙයවු මේ වන්විට රනිල්ගේ විශ්වාසවන්තමයා ලෙස සිටින සජිත් ප්‍රේමදාස හරහට සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

කලින් උග්‍ර රනිල් විරෝධීයෙකු වු සජිත් මේ වනවිට රනිල්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර රනිල් වෙනුවට වෙනත් අයෙකු අගමැති ලෙස පත්කර ගැනිම සදහා අවස්ථා කිහිපයකම සජිත් සමග රනිල් විරෝධී කල්ලිය සාකච්ඡා කලද සජිත් එයට දැඩි ලෙස විරෝධය පලකර තිබේ.රනිල්ට එරෙහිව ගේම් ගැසිමට ගොස් අතීතයේ සිටම් කෙලවා ගත් කෙලවිල්ල තමන්ට අමතක නොමැති බවත්,අනිවාර්යයෙන් ඉදිරියේ තමන්ට පක්ෂය තුල දොර විවෘත කරදිමට පක්ෂ නායකයා ලෙස රනිල් කටයුතු කරනු ඇති බවයි සජිත්ගේ විශ්වාසය වි ඇත්තේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ යම් හෙයකින් අගමැතිකම වෙනස් විම හරහා එජාපයේ නායකත්ව වෙනසක් සිදුවුවහොත් සජිත් කපා වෙනත් කෙනෙකු ඒ හරහා ඉදිරියට එමට ඇති අවස්ථාව නිසා සජිත් රනිල් ආරක්ෂා කිරිමට කැපවි සිටින බවයි.

මේ අතර හදිසියේ විශ්වාසවන්ත ලෙස සියුම්ව ආණ්ඩු වෙනසක් කිරිමට මගක් විවෘත වන්නේ නම් සජිත් වෙනස් කර ගැනිම සදහා ජාත්‍යන්තර මැදිහත් කිරිමක් සිදුකිරිමටද මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.ඒ සදහා ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් විමක් බොහොවිට හිමිවිය හැකි බවද වාර්තා වේ.

කැබිනට් සංශෝධනය වැට උඩ….

මේ අතර ඇමරිකන් සංචාරයෙන් පසුව ආණ්ඩුවේ වෙනස්කම් රැසක් කිරිමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා විවිධ් ප්‍රකාශයන් කල අතර එහි පලමු පියවර ලෙස ඉක්මනින්ම කැබිනට් සංශෝධනයක් කිරිමට කටයුතු යොදවා තිබුනද මේ වනවිට එම සංශෝධනය කල් දැමිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් සංශෝධනය සදහා ශ්‍රිලනිපය මෛත්‍රීට බලපෑම් කරමින් සිටින අතර ඔහුන්ගේ ප්‍රධාන ඉල්ලිම වි ඇත්තේ සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරයෙන් මලික් සමරවික්‍රම එම් ධුරයෙන් වහාම ඉවත් කරන ලෙසයි.ශ්‍රිලනිපයට අමතරව රනිල්ගේ ගජමිතුරු කල්ලියට එරෙහි එජාප කල්ලියද එම යොජනාවම කර තිබේන නමුත් අගමැතිකමින් රනිල් ඉවත් කිරිම සදහ දියත් වන කුමන්ත්‍රණය සදහා එම් පිරිස අතරද බෙදිමක් පවතින් බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මලික් සමරවික්‍රම මහතාට එල්ල වෙමින් තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා වගේම ඔහු සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය මහෙය වන ආකාරය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මේ වන විටත් කරුණු දක්වා තිබේ.මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ද මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කාලයක් මුළුල්ලේම දැඩි විවේචන එල්ල කරමින් සිටින අතර ඔවුහූ ද ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිලි කර තිබේන නමුත් ඔහු ඒ කිසිවක් ගානකට ගෙන නෑ.ඒ හේතුව නිසාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධි පෙරමුණ තව තවත් පුළුල් වි තිබේ.

මලික් ඉවතට!

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට සුදසු පුද්ගලයකු පත් කිරීමට ඉඩ තිබෙන බව වාර්තා වන නමුත් එම වෙනස් කල කිරිම සදහා 19න් ලැබෙන බලතල සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී තිබේ.

අගමැතිවරයාද කැබිනට් සංශෝධනය වලක්වමින් නොර්වේ බලා පිටත්ව යෑමට නියමිත අතර ඒ හෙතුවෙන් අමාත්‍යාංශය මරුවක් සිදුකිරිමට නොහැකි නම් ජනාධිපතිවරයා බලය සියත ගැනිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර එම මෙහෙයුමට අනුව අමාත්‍යාංශ කිහිපයකම බලාත්මක ආයත රැසක් සියතට ගැනිම සදහ කටයුතු කරමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටි.යම් හෙයෙකින් ජනපති බලය සියතට ගතහොත් මාධ්‍ය බලයෙන් වැඩි කොටසක් ද තමන්ගේ යටතට පවරා ගැනිමට කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.

Published on: Oct 1, 2018 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන තීන්දු රැසක් ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල සහ ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු සමග පැවැති විශේෂ සාකච්ඡාවකදි හදිසියේ පාර්ලිමේන්තුව රැස්කිරිම සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමුකර තිබේන අතර පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස අගමැතිවරයා නියෝග කලබවට පලවන වාර්ත සම්බන්ධයෙන් අවධානයි යොමුකර ඇති අතර පසුව දිනේෂ් ගුණවර්ධන කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව රැස්කරන ලෙස ඉල්ලා යවන ලද ලිපිය ගැන අවධානය යොමුකර ඇති අගමැතිවරයා එම ඉල්ලිම ඉවත ලන ලෙස දැනුම් දි තිබේ.

පාර්ලිමේන්තුව තුලදි අගමැතිවරයා පරාජය කොට පසුව එජාප,ශ්‍රිලනීප,16 කල්ලිය සහ මුස්ලිම්,දමිළ සුළු පක්ෂ මෙන්ම ඒකාබද්ධයේ පිරිසක් එක් කරගනිමින් ආණ්ඩුවක් සෑදිම සදහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව එහිදි අගමැතිවරයාට දැනුම් දි ඇති අතර අගමැතිවරයා ඒහිදි පවසා ඇත්තේ කලබලයකින් තොරව කටයුතු කරන ලෙසයි.

“ජනාධිපති වෙනස්කම් ටිකක් කරයි… එත් ආණ්ඩුව වෙනස් කරන්න කටයුතු කරන්නෙ නෑ එකට ඉඩක් නෑ.. ” යනුවෙන් පවසා ඇති අගමැතිවරයා තමන්ගේ නොර්වේ සංචාරයෙන් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමුකිරිමට කටයුතු කරන බවත් පවසා තිබේ.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා එහිදි පෙන්වා දි ඇත්තේ ජනාධිපතිවරයා ඇතුලු අනිකුත් පක්ෂ එක්ව තමන් අගමැතිකමින් ඉවත් කිරිමට කටයුතු කලද ඔහුන් බලාපොරොත්තු වන පුද්ගලයෙකු අගමැති ලෙස පත්කර ගැනිමට නොහැකි තත්ත්වයක් මතුවන බැවින් ඔහුන් එම අවදානම නොගන්නා බවයි.

මේ අතර 2018 අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජය කර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් ආණ්ඩුවක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතා එහි අගමැති ලෙස පත්කිරිම සදහා කටයුතු කලයුතු බවට ඒකාබද්ධයේ පිරිසක් සාකච්ඡා කරමින් සිටින අතර ඒ සදහා 16 කල්ලියේ කිහිප දෙනෙකුද සහය ලබාදෙන බව වර්තා වේ.

කෙසේවෙතත් ඇමරිකාවේ ගොස් සිටී බැසිල් රාජපක්ෂ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම පැමිණිමත් සමග ඔහු වෙනත් අදහසක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මුලින්ම පළාත් සභා මැතිවරණය ජය ගෙන එම ජයග්‍රාහී පිම්මෙන්ම ජනාධිපතිවරණය විශාල ජන මතයකින් ජය ගෙන බලය අල්ල ගැනිමට කටයුතු කලයුතු බවයි.ඒ හරහා ජනත මතය පිළිබිඹුවන බවත් එය ජනාධිපතිවරණය ජය ගැනිමට බෙහෙවිම් ඉවහල් වන බවයි බැසිල්ගේ මතය වි ඇත්තේ.

මේ වනවිට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් සිටින බවත් ඒ අනුව ලබන වසරේ නියමිත ලෙස කවුරුන් මොනවා කිවද මැතිවරණය පැවැත්වෙන බවද බැසිල් අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසන් දේශපාලන තීන්දුවකට මෙතෙක් පැමිණ නොමැති අතර තෝරා ගත යුත්තේ කිනම් දේශපාලන උපාය මාර්ගය ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී තිබේ.

Published on: Oct 1, 2018 – මේ යූ.අන්.පී. ප්‍රබලයෙක් රනිල්ගේ සමීපතමයෙකුගෙන් අහපු ප්‍රශ්නයකි. 2002 ආණ්ඩුවේ මේ යූ.අන්.පී. ප්‍රබලයා නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස රනිල් ආණ්ඩුව කරන හැටි දැක්කේය.

ඇත්තටම 2001 දී රනිල්ට හිමි වුයේ 2015ටත් වඩා හුස්ම යන්න ඔන්න මෙන්න පණ අදින රටකි. මහින්ද 2015 රට භාර දෙන විට ණය කන්දක් එක්ක දුන්නත් රටේ ආර්ථික වර්ධනයක් තිබිණි. 2001 දී එසේ නොවේ. චන්ද්‍රිකා 2001 දී රනිල්ට දුන්නේ ඍණ අගයක් ගත් ආර්ථිකයකි. ඒ කියන්නේ ආර්ථික වර්ධනය බින්දුවටත් පහළට වැටි තිබිණි. කටුනායක ගුවන් තොටුපලට බෝම්බ ගැසීම නිසා ජාත්‍යන්තර ගුවන් සේවා ලංකාවට ගුවන් ගමන් නතර කොට තිබුණි.

වරායට බෝම්බ ගැසීම නිසා මෙරට වරාය ජාත්‍යන්තර රක්ෂණ සමාගම් අනාරක්ෂිත වාරයක් ලෙස නම් කොට තිබිණි. රක්ෂණ ගාස්තු වැඩි නිසා ජාත්‍යන්තර නැවු ලංකා වරායට පැමිණියේ නැත. ඇමරිකාව ,බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව ද ලංකාවට ආයුධ විකිණීම තහනම් කොට තිබිණි. චීනය, පකිස්ථානය වැනි රටවල් වැඩි මිලට ආයුධ ගන්න විදේශ වාණිජ බැංකු වලින් ණය ගෙන මහ ණය කන්දක් ගොඩ ගැසී තිබිණි.

බෝම්බ තර්ජන නිසා විදේශ ආයෝජකයෙකු බෙහෙතකටවත් සොයා ගත් නොහැකි විය. ඩොලර් අහස උසට නැග තිබිණි. විදුලි අර්බුධය නිසා මුළු රටම සිටියේ කරුවලේය. විදුලිය නැති නිසා නිෂ්පාදක අඩාළ වී ව්‍යාපාරික ආයතන වසා තිබිණි.

2001 රනිල් භාර ගත්තේ මෙවැනි රටකි. බලයට ආ විගස රනිල් දුන්න පොරොන්දුව රටටම විදුලිය දෙනවා කියාය. එවකට විදුලි බල ඇමති කරු ජයසූරිය ඒ සඳහා දිනක් නියම කොට අදාළ දිනට ලයිට් කපන එක නතර කරන බව කිවේය. මේ නිසා විපක්ෂයේ සිටි ශ්‍රීලනිප ය සහ ජවිපෙ කරුට කරුවල කරු කියා සමච්චල් කළේය. එදින විදුලිය දීම හීනයක් යැයි සිතාගෙනය. එකි දිනට හරියටම විදුලිය කැපීම නතර විය.

පණ අදින ඍණ අගයක් ගත් ආර්ථිකය භාර ගත් රනිල් පළමුව කළේ රුපියල අව ප්‍රමාණ වීම නතර කිරීමය. රුපියල අව ප්‍රමාණය වීමෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව විදේශ වාණිජ බැංකුවලින් වැඩි පොලියට ගත් ණය පියවද්දී පොලිය සිය දහස් ගණනකින් වැඩි වෙනවා කියා රුපියල රැක ගන්න දන්න සෙල්ලම් ඔක්කොම දමා ගත්තේය. රට භාර ගන්න විට රුපියල අවප්‍රමාණ වීමේ වේගය 13.58% කි. රනිල් එය 2003 දී 1.68% ට බැස්සුවේය.

ඒ සමගම ඔහු එල්.ටී. ටී. ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් ගසා බෝම්බ තර්ජනය නතර කර මෙරට ගුවන් ටෝටුපොලට, වරායට පනවා තිබූ ජාත්‍යන්තර තහංචි ඉවත් කර ගත්තේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ කටුනායකට ඒම නතර කළ ගුවන් යානා යළි එන්න පටන් ගත්තේය.වරායේ රක්ෂණ ගාස්තු අඩු වී නැව් එන්න පටන් ගත්තේය. වරායට අලවා තිබූ අනාරක්ෂිත ලේබලය ඉවත් විය.

ඉන් පසු රනිල් චන්ද්‍රිකාගේ ආරාධනයෙන් මෙරටට ආ නොර්වේ සාම මැදිහත්කරුවන්ට කතා කොට දැන් ලංකාව සංවර්ධනය කරන්න ආධාර අවශ්‍ය යැයි කිවේය. ලංකාවට ආධාර දෙන්න නොර්වේහි ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න නොර්වේ එකග විය. ඇමරිකාව ඇතුළු ලෝකයේම බලවත්වූ ඒ ආධාර සමුළුවට පැමිණ තමන් මෙපමණ ආධාර දෙන්න සුදානම් යැයි ගණන් හිලව් ඉදිරිපත් කළේය. එම සමුළුවෙන් ආධාර පොදියක් ලැබිණි.

නොර්වේ ආධාර සමුළුවේ සාර්ථකත්වය දැක ඇමරිකාව ද ලංකාවට ආධාර දෙන සමුළුවක් පවත්වන්න එකග විය. එම ආධාර සමුළුවට ද ලොව ප්‍රකට ව්‍යාපාරිකයන් සහභාගී විය. එම සමුළුවේදීද විශාල ආධාර මුදලක් දෙන්න පොරොන්දු විය. ඒ සමාගමෙන් ලංකාවට නොමිලේ ඇමරිකානු යුධ නැවක් ලැබිණි.

පසු කාලයක මහින්දගේ ආණ්ඩුව යුද්ධ කරද්දී නාවික හමුදාව කොටි මුහුදු බලකාය විනාශ කළේ ඒ නැව නිසා යැයි ගෝඨාභයම ප්‍රකාශ කළේය. නොර්වේ සහ ඇඅමරිකා ආධාර සමුළුව දැක කවදත් ලංකාවට වැඩියෙන්ම ආධාර කරන ජපානය ආධාර සමුළුවක් කැඳවන්න තීරණය කළේය. ආධාර ලබා ගැනීම සඳහා ලංකාවට අවශ්‍යම ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස ජපානය රනිල්ට කිවේය. මුළු ලංකාවේම පාරවල් හදන නගර අලුතෙන්ම හදන “යළි පුබුදමු ශ්‍රී ලංකා” දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමය රනිල් සකස් කළේ ඒ අනුවය. ටෝකියෝ ආධාර සමුළුවෙන් ලංකාවට ඩොලර් බිලියන 4.5ක් දෙන්න පුරෝන්දු විය.

මෙම ආධාර සමුළුවෙන් ආධාරවලට අමතරව විදේශ ආයෝජකයෝ ලංකාවේ ආයෝජන පටන් ගන්න යෝජනා ඉදිරිපත් කළහ. රනිල් ලංකාවට, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , ඉන්දියාව පනවා තිබූ අවි තහනමද ඉවත් කර ගත්තේය.

මේ සියල්ල මැද රනිල් ආණ්ඩුවේ හයිය පෙන්වන්න කොළඹට අති දැවැන්ත සෙනගක් ගෙන ආවේය. එය මහ ජනබල මෙහෙයුමක් විය. එපමණක් නොව රනිල්ගේ ආණ්ඩුව 2002 පළාත් පාලන ඡන්දයේදී 60% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ගෙන චන්ද්‍රිකාගේ අත්තනගල්ල බල කොටුවත් ,මහින්දගේ තංගල්ල බල කොටුවත් අන්ත පරාජයකට ලක් කළේය. ලංකා ඉතිහාසයේ 1982 ජනමත විචාරණය හැරුණු විට යූ.න්.පි.ය තංගල්ල දින්න පළමු අවස්ථාව එය විය. ඒ ඡන්දයේදී රනිල් බැස්සේ නැත. බැස්සුවේ පක්‍ෂයයි. ඒ ඡන්දයෙන් ශ්‍රීලනිප බල කොටු සුන්නද්දුලි විය. එකල මාධ්‍ය පෙනී සිටියේ රනිල්ගේ ආරක්ෂකයන් ලෙසය.

එකල මෙය ඉවසා ගත නොහැකිව ශ්‍රී ල නි ප යේ මාධ්‍ය මෙහයවපු මංගල රට පුරා පෝස්ටරයක් ගැසිය.එම පෝස්ටරයේ සඳහන් වුයේ, රනිල් ලංකාවේම මාධ්‍ය ආවරණයවන පරිදි හදපු මාධ්‍ය ඒකකයේ මාධ්‍යවේදීන් බල්ලන් මෙන් කටු කන ඡායාරූපයකි. මංගලලා ඒ මාධ්‍ය ඒකකය හැඳින් වුයේ බල්ලන්ට ගිය මාධ්‍ය නොහොත් රනිල්ගේ මාධ්‍ය මාෆියාව කියාය. ඒ කාලයේ රනිල් අරලිය ගහ මන්දිරයේ වැඩ පටන් ගත්තේ මාධ්‍ය රැස් වීමෙනි.

“ඒ රනිල් අද කෝ … ?”

වරද තියෙන්නේ රන්ල්ගේ ද රනිල් වටා අද ඉන්නා අයගේද කියා රනිල්ම විමසා බැලිය යුතුය. ඇත්ත කතාවනම් එදා රනිල් වටේ සිටි මහ පොලවේ පය ගහල ඉන්න කුස්සියේ බත ඉදෙන සුවඳ දන්නා දේශපලන යෝධ හස්තිරාජයන් අද රනිල් වටේ නැත. අද රනිල්ව වට කරගෙන ඉන්නේ මනෝලෝකවල පියාඹන සුළං කුරුල්ලන්ය .

~උපුල් ජෝෂප් ප්‍රනාන්දු~

Published on: Sep 28, 2018- මීට දින කිහිපයකට ඉහතදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ(Nations Trust Bank) ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකුට මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් පිළිබඳව අප කරැණු අනාවරණය කලා..බැංකු නියෝජිතයින් විසින් අදාළ ගනුදෙනු කරැට නින්දිත ලෙස බැනවදිමින් ඔහුගේ මිතුරන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට දුරකථනය ඔස්සේ ගනුදෙණු කරැට අපහාස කරමින් හිංසා පමුණුවන ආකාරය අප විසින් පලකල හඬපටය හරහා අනාවරණය කල අතර අප ඒ හරහා බලාපොරොත්තු වුයේ රටේ මුල්‍ය පාලනයේ හිමිකාරිත්වය උසුලන ප්‍රධාන පෙලේ බැංකු වල මේ අකාරයේ හැසිරිමක් පැවැතිම කිසිසේත්ම අනුමත නොකරන නිසාවෙනී.

විශේෂයෙන්ම පසුගිය වසර 5ක පමණ කාලය තුල සක්විතිලාගේ සිට දඩුවම් මුදලාලිලා හරහා සෝමා එදිරිසිංහලා දක්වා රටේ ජනතාවගේ බිලියන ගණනක මුදල් වලට කෙලවා අවසානයේ තැන්පත්කරුවන්ට යන එන මං නැති කිරිම හෙට දවසේත් යලි යලිත් සිදුවිමෙ අවදානමක් රටතුල මතුවේමින් තිබේන නිසාමය.

මිට අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මහා පරිමාණයේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේන අතර ඒ අනුව රුපියල් ලක්ෂ් 1150ක මුදලක් සාපරාධි ලෙස විශ්වාසය කඩකර වංචාකර සාපරාධි,සාවද්‍ය ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව B වාර්තාවක් හරහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ද කරුණු ගෙනුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වන්න ….

“බලාගනින් ඔබලගේ පෞද්ගලික තොරතුරු ලීක් කරනවා…” නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අනතුරේ… ඔබත් NTB කාඩ් හිමියෙක් නම් මේ හඩපටය අහන්න …යනුවෙන් අප එදා කල අනාවරයෙන් පසුවත් මේ සටහන තබන අවස්ථාවේදිත් නේෂන් ට්‍රස්ට් බැංකුවට සම්බන්ධ මුදල් එකතුකරුවන් ලෙස පෙනී සිටින බැංකුව තුලම සේවය කරන නිලධාරින් හැසිරිම කණගාටුවට කරුණකි. තවද තවමත් මේ අකාරයට අසාධාරණයට ලක්වු අයට විසදුමක් ලබාදිමටද බැංකුව සමත් වි නෑ.

මේ සම්බන්ධයෙන් අදාළ ගනුදෙනු කරැගෙන් අප දීර්ඝ ලෙස කල විමසීමකදී ඔහු මෙසේ ප්‍රකාශ කලා.

” මම මේ ගැන බැංකුවේ වගකිව යුත්තෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්න උත්සහ කලා. ඒ බැංකුවේ ප්‍රධාන අංකයක් වන 0114414141 ඔස්සේයි. ඒ වෙලාවෙ මට කතා කලේ අයිලප්පෙරැම කියල කෙනෙක්. ඔහු තමන්ව හඳුන්වාදුන්නේ රිකවරි අංශයේ ප්‍රධානියා විදිහටයි. ඔහු මට කිව්වා මේ ගැන හොයල බලන්න පුළුවන් ඒත් ඊට පෙර ගෙවීමක් කරන්න කියල.. නමුත් මම ඔහුට දිගින් දිගටම කිව්වෙ මට සිදුවෙන අසාධාරණය ගැන ප්‍රථමයෙන් සොයාබලන්න කියලයි. ඒත් ඔහු ඒ ගැන තැකීමක් කල බවක් පෙනෙන්න තිබුණේ නැහැ. විශේෂයෙන්ම පැමිණිල්ලක් භාරගැනීමේදී පැමිණිලි අංකයක් ලබාදිය යුතු වුවත් ඒ කිසිවක් මට ලබා දුන්නේ නැහැ…”

හඬපටය….. 

“නමුත් මේ පැමිණිලි කිරීමෙන් පසුව මේ අපහස කිරීම් නැවතුනේ නැහැ. ඒ වෙනුවට තවතවත් හිංසාකාරී, අපහාසාත්මක දුරකථන ඇමතුම් දිගින් දිගටම ලැබුණා. පසුව නැවතත් ඉහත නිළධාරියා ඇමතීමේදී ඔහු ද මා හට තර්ජනාත්මකව බැනවැදුනා. ඔහු කිවවේ ගෙවීම් කරල එන්න. නැතුව පැමිණිලි කරන්න එපා. බාරගන්නේ නෑ කියල. ඔහු කිව්වා තවතවත් මෙවැනි දුරකතන ඇමතුම් ලැබෙයි. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාට පැමිණිලි කලත් බලය තියන්නේ තමන්ට නිසා පැමිනිලි කිරීමෙන් වැඩක් නැහැ කියල…”

හඬපටය…..

කවුද මේ අයිලප්පෙරැම…

“ දැන් මට බැංකුව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. මට සිදුවුණ අපහසය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු දමනවා. මට සිදුවුණ හිරිහැර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා. මම අතුරැගිරිය පොලීසියට කල පැමිණිල්ලේ විභාගයට බැංකු නියෝජිතයින් පැමිණියේ නැහැ. ඒ ගැන තවදුරටත් නීති උපදෙස් අනුව කටයුතු කරනවා.”

මෙම තර්ජනාත්මක, අපහාසාත්මක සහ හිංසාකාරී ඇමතුම් ලබාදුන් දුරකථන අංක කිහිපයක් පහත් දැක්වේ. 0114331240, 0776151280, 0114682400, 0114328012, 0114331271, 0114331239. පසුව ඔහු විසින් බැංකුවේ ප්‍රධාන අංකය වන 0114414141 ඔස්සේ බැංකුවේ වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධකරගත් අතර ඔහු විසින් ඔහුව හඳුන්වාදෙනු ලැබුවේ අයිලප්පෙරැම ලෙසයි.

http://198.211.112.164/archives/19334

Published on: Sep 28, 2018- මහජන බැංකුවේ (People’s Bank)සභාපති,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයාට ව්‍යාපාරයක් වෙනුවෙන් මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප මිට පෙර වාර්තාකල අතර සිය පුත්‍රය වන පවිත‍්‍ර ප‍්‍රනාන්දු යොදා ගනිමින් ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක් දියත් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මහජන බැංකුවේ ජනතා මුදල් ගිලින හේමසිරිගේ තවත් සේල්ලම් එලියට… පුතාට සමාගම් මිළදි ගන්න බැංකුව උකසට තියා තාත්තා ලියුම් යවලා….(අනාවරණය පහලින් කියවන්න)

ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක කරමින් ඇත.

කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරි කාර්යාලය සතු ගොඩනැගිලි මේ සඳහා යොදාගෙන ඇත. මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් වැයකරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන ඉදිකිරීම් කටයුතු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන ලියාපදිංචි කරන ලද Railway Museum Gurantee Ltd සමාගම මෙම ජාවාරම කරගෙන යයි. මෙය සම්පූර්ණ වශයෙන්ම දුම්රිය අඥා පනතට පටහැනිව ලියාපදිංචි කරන ලද සමාගමකි.

මහජන බැංකුවේ මුදල් යනු මෙරට මහජනතාවගේ මුදල්ය. එනම් රජයේ මුදල්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් යනු රජයේ දේපලය. රජයේ මුදල් හා රජයේ දේපල යොදාගනිමින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන රජයේ ආයතනයක් ලෙස හඟවා අදෘෂමාන දේශපාලන බලවේගයක් මගින් මෙම පෞද්ගලික සමාගම පවත්වාගෙන යන බව ඉතා පැහැදිලිය.

Railway Museum Gurantee Ltd සමාගමේ අයිතිකරු හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. එම සමාගමට අමතරව JF ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගම ද ඔහුට හා ඔහුගේ පුත‍්‍ර පවිත‍්‍ර ප‍්‍රනාන්දුට අයත් තවත් සමාගමකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛස්රෝයි (Viceroy) විශේෂ සුඛෝපභෝගි දුම්රිය, Viceroy – 2 විශේෂ සුඛෝපභෝගි මැදිරිය T-1-515 විශේෂ රේල් කාර් රථය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගෙන ඇත්තේද මෙම න්‍ත්‍ ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගමය. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ‍්‍රිව ඇති “Rail Tours” කාර්යාලයද මොහු විසින් බදු ගෙන ඇත. මෙම කොන්ත‍්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැත. රජයේ විගණකාධිපති විසින් සිදු කරන ලද විගණන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම මහා චංචාව හෙළිකර ගැනීමට හැකි වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට එවැනි මහා මුල්‍ය වංචාවක් කළ පුද්ගලයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ නම පාවිච්චි කරමින් සමාගමක් ලියාපදිංචි කිරීමටත්, රාජ්‍ය ආයතනයක නම යොදාගෙන ජාවාරමක් කිරීමටත් මේ ආණ්ඩුව ඉඩ සලසා ඇත. පාඩු ලබමින් මහජන සේවාවක් පවත්වාගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට හානි සිදුකරන මෙවැනි ජාවාරම් කාරයින්ට තවතවත් ඉඩකඩ සලසාදීම යහපාලන ආණ්ඩුවේ කාර්යභාරය වී ඇත.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක් නොගෙවා, රාජ්‍ය මුදල් අවභාවිතා කළ සිරගත කළයුතු ජාවාරම් කාරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්කර ගැනීමත් යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන් සිටගෙන සිටන බව සනාථවීම කිරීමට තවත් උදාහරන අවශ්‍ය නැත. මේයින් පෙනී යන්නේ මහජන ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සකස්කරන බවකි. පාලක මණ්ඩල පත්කර දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන්නේ ද මෙම ජාවාරම් කාරයින් හා ඒ සඳහා ඔහුන්ට ඉඩකඩ සලසන දේශපාලන බලවෙග බවද ඉතා පැහැදිලිය.

http://198.211.112.164/archives/19134

Published on: Sep 27, 2018- යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ හරහා සිදුවන්නේ දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්විමය.

නීතියේ දෙවගන සාධාරණය. ඒතුළ නීතිය කාටත් එකය. එහෙත් එම දෙවගනට හරිහමග යාමට පාර කියන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ හා එහි තවත් නිලධාරින් හතරකට එරෙහිව අලූත්කඩේ උසාවියේ ක්‍රියාත්මක බෝගොඩගේ චන්දන පෙරේරා නම් නීතිඥයෙකු විසින් අපූරු පැමිණිල්ලක් සිදු කර තිබේ.

පොලිස්පති, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති, නිතිපති, අග්‍රවිනිශ්චයකාර, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල, නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර හා නිතිඥ සංගම්වලට එම නිතිඥයා විසින් අදාළ පැමිණිලි සිදු කොට ඇත.

චන්දන පෙරේරා නම් නිතිඥයා මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටින නිතිඥ කෝලිත ධර්මවර්ධනගේ නීතිඥ කණ්ඩායමේ අයෙකි. අදාළ පැමිණිල්ලෙන් කියවෙන්නේ අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ ඇතුළ නිලධාරින් සිව් දෙනෙකු විසින් නඩු කටයුත්තකට අදාළ තොරතුරු හා ලියකියවිලිවල විස්තර එළිකරන ලෙස තර්ජනය කරමින් බිය වැද්දීමට ක්‍රියාකල බවය.

යම් නඩුවකදී තම සේවාදායකයාගේ විස්තර ඉල්ලීම හා තර්ජනය කිරීම නීති විරෝධි මෙන්ම සදාචාර විරෝධි මෙන්ම නීතිඥ ආචාර ධර්මවලටද පටහැනි ක්‍රියාවක් බව අමුතුවෙන් කිය යුතු නොවේ. තවද නීතිපතිවරයා විසින් චන්දන පෙරේරා නම් නීතිඥයා කැදවා ප්‍රශ්න කොට ඇති බවද කියවේ. එයද නීතියට හා සදාචාරයට පටහැනි ක්‍රියාවක් බව නීති අංශවල මතයවේ.

මීට පෙරද මහබැංකුවේ පදුමන් නම් නිලධාරියෙකු නිතිපති දෙපාර්තමේන්තුවට කැදවා බැන තර්ජනය කිරීමක් ගැන ද යසන්ත කෝදාගොඩ එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙකී ඉහත ක්‍රියාවලිය සිදුවන්නේ බැදුම්කර ගණුදෙනුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාලවය.

එම නඩුවට පර්පචුවෙල් ටෙෂරීස්, මෙන්ඩිස් හා පෝල්ට් ඇන්ඩ් රෝ වැනි පාර්ශව කිහිපයක් සිටී. ඔවුන් විත්තිකාර පාර්ශවය වේ. මේ සමාගම් අර්ජුන ඇලෝසියස්ලාට අයිති ඒවාය. එම නඩු කටයුත්තේදී චෝදනාව වී ඇත්තේ බැදුම්කර ලාභයෙන් ගත් මුදල් ඉහත සමාගම් වෙත යවා ඒ සමාගම් හරහා විවිධ පක්ෂවල දේශපාලඥයින්ට ද ඒවා බෙදා දී ඇති බවය. එම නඩුවේදී විත්තිකරුවන් වෙනුවෙන් කෝලිත ධර්මවර්ධන නීතිඥ කණ්ඩායම හා නීතිඥ චන්දන පෙරේරා ද ක්‍රියාකරයි.

CID පාතාලය

පසුගිය දිනක එම නඩුවට අදාළව CID යට ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගමේ සේවකයන් හතර දෙනෙකුට කැදවීම් ලැබී තිබේ. සේවකයන් බියවී කටඋත්තර දීමට පෙර චන්දන පෙරේරාව කොළඹකොටුව GOH හෝටලයේදි හමුවී තිබේ. පසුව චන්දන සමඟ එම සේවකයින් CID ය වෙත ගියේය. චන්දන පැය 02 ක් CID හි හිද ඉන් පිටවී ගියේ සේවකයන් හතර දෙනා ස්ථාන හතරකට ගෙනයාම නිසාය.එය සිදුව ඇත්තේ 2018/08/31 දාය. හවස 4.00 ට චන්දන CID හි CIU ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂකය සුමනතිස්සට කතා කොට තිබේ. තවම පරික්ෂණ ඉවර නැති බව ඔහු කියා තිබේ. රාත්‍රී 7 – 8 අතර ද චන්දන යළිත් CID වෙත කතා කොට ඇති අතර ඒ වන විටද කටයුතු හාර වී නොතිබූ නිසා දන්දන රාත්‍රී 8 ට යළිත් CID ය ලගට ගොස් තිබේ.

යළිත් ඇමතුම් දුන් විට රාත්‍රී 9.30 ට අදාළ සේවකයන් 04 දෙනා එළියට එවා තිබේ. එහිදි සේවකයන් තිදෙනෙකු චන්දනට කියා ඇත්තේ මෙන්ඩිස් සමාගමේ මුදල් කළමනාකරු වන සුජිත් අල්විස් (සිව්දෙනාගෙන් කෙනෙකි) නැමැත්තා සිව් දෙනා එකතු වී ලේඛන වගයක් විනාශ කළ බවට CID ට කිව් බවය. නමුත් සිව් දෙනාගෙන් අනෙක් තිදෙනා කියා ඇත්තේ ලේඛන විනාශ නොකළ බවය. පසුව සුජිත් නැමැත්තා හා සෙසු සේවකයන් තිදෙනාට CID ය “ඇත්ත කියාපල්ලා” යයි තර්ජනය දමා CID යට අවශ්‍ය ලෙස ප්‍රකාශ 03 ක් ලබා ගත් බවය. උදේ බොරු කීවේ චන්දන නිතීඤයාගේ උපදෙස් මත බවට එම ප්‍රකාශයේ සටහන් තැබු බවද එම සේවකයන් චන්දනට කියා තිබේ.

පසුව 2018/09/12 දා යසන්ත කෝදාගොඩ විසින් චන්දනව කැදවා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවටය. එහිදි යසන්ත කෝදාගොඩ සමඟ නිතිඥ හරිප්‍රියා ජයසුන්දර නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පෙන්ඩ්‍රයිව් එකකින් වීඩියෝවක් පෙන්වා චන්දන GOH එකට ඇතුල්වන අයුරු පෙන්වා තිබේ.

ඔබ සාක්කිකරුවන්ට සාක්කි වසන් කරන ලෙස උපදෙස් දුන් බව ඒ අය හෙළිකලා යයි යසන්ත චන්දනට කියා තිබේ. ඔබට හිරේ යන්න වේවි කියලාත් ඔහු කියා තිබේ. කලූ කෝට් ගැලවේවි. මම කණගාටු වෙනවා මගේ බැච් එකේ කෙනෙකුට විරුද්දව රිපෝට් එකක් ලියන්න සිදුවිම ගැන කියාත් යසන්ත චන්දනට කියා තිබේ. විනාස නොකල වවුචර් සෙට් එකක් තිබෙන බවත් ඒවා සාක්ෂිකරුවෙකු අතේ ඊළග දිනයේ ප.ව 1.30 ට පෙර CID යෙහි මෙම පරික්ෂණය බාර එස්.එස්.පි අම්පාවිල අතට පත් කරන ලෙසත් කියා තිබේ.

RW, RK, NR යන කෝඩ්වලින් ඉන්නේ කවුද?

RW, RK, NR යන කෝඩ්වලින් කියවෙන අයගේ නම් එළිකරන ලෙසද යසන්ත කෝදාගොඩ ඉල්ලා තිබේ. මම ඒ ගැන හෝ වවුචර් ගැන නොදන්නා බව චන්දන කියා තිබේ. අපේ මේ මීටිම වැරදි එකක් වුනත් මම එය සාධාරණ බව අගවන්න පියවර ගන්නා බවද යසන්ත එහිදි කියා තිබේ. එදින යසන්ත සමග තවත් කාන්තා නීතිඥවරියන් සිව් දෙනෙකුද සිට තිබේ. එහිදී නීතිඥ හරිප්‍රියා යසන්තට කියා ඇත්තේ ඔබ මේ කරන විදිය වැරදියි. ඔබ මෝඩ වැඩක් මේ කළේ. මෙයා මෙව්වා එළියේ කිව්වොත් මොකද වෙන්නේ කියාය. එමෙන්ම මට මේ සිද්ධිය ගැන නීතිපතිට දිව්රුම් ප්‍රකාශයක් දෙන්න වේවි කියලාත් හරිප්‍රියා යසන්තට කියා තිබේ.

එළියට පැමිණි චන්දන තම ජ්‍යෙෂ්ඨ නීතිඥ කෝලිත ධර්මවර්ධන හමුවී සියලූ සිදුවිම් පවසා දෙදෙනා නම ගිය ජනාධිපති නිතිඥයෙකුට කතා කොට තිබේ. පසුව යසන්තගේ වැරදි ප්‍රශ්න කිරිම හා තොරතුරු ඉල්ලීම හා තර්ජන ස්වරූපයෙන් ක්‍රියා කිරීම ගැන නීතිපතිට පැමිණිලි කිරීමට තීන්දුවී තිබේ. ඊට පසුදා ඉහත දැක්වූ ජනාධිපති නීතිඥයා මේ ගැන නීතිපතිට කතා කොට තිබේ. අනතුරුව නීතිපති යසන්තට කතා කොට නීතිඥ මහත්වරුන්ට බලපෑම් කිරිම හා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම නවතන ලෙසත් වහාම පැමිණ මා හමුවන ලෙසත් නීතිපති යසන්තට දැනුම් දී තිබේ.

නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විමට පෙර 

යම් නඩු කටයුත්තකදී නිරායාසයෙන් එල්ලවන හා සූක්ෂමව පාදා ගන්නා තොරතුරු සාක්ෂි හා ලේඛන මත වැරදිකරුව්නට දඩුවම් සිදුකළ යුතු වුවත් සාක්ෂි කරුව්නට මෙන්ම නීතිඥවරුන්ටද තර්ජන හා බලපෑම් කොට කලූතෝට් ගලවන බවට බිය ගන්නවා පාතාලේ ක්‍රමයටත් එහා ගිය ක්‍රමවේද වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ක්‍රියාත්මක කරයි නම් නීතියේ දෙවගන පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවටම අබ සරණය. මන්ද දේශපාලඥයන්ගේ උසිගැන්විම් හෝ මුදල් මලූ හෝ දැනහැදුනුම්කම් තර්ජන බියවැද්දිම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරු වී නිවැරදිකරු වැරදීකරු බවට පත්වී නීති ක්ෂේත්‍රයම නරාවලක් බවට පත්විම මහා ඛේදවාචකයක් බවට පත්වනු ඇති නිසාය.

එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින්ට එරෙහිව තර්ජන කිරීම් බියවැද්දීම් හා නඩු කටයුත්තකට අදාළ ලියකියවිලි හා තොරතුරු ඉල්ලීම වැනි නීති විරෝධි නිති ආචාර ධර්මවලට පටහැනි බවට නීතිඥ චන්දන පෙරේරා විසින් සිදුකළ පැමිණිල්ල ගැන විධිමත් පරික්ෂණයක් සිදුකිරීම පොලිසිය නිතිපති දෙපාර්තමේන්තුව නීතිඥ සංගම් මෙන්ම අදාළ මැතිඇමැතිවරු ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවේම වගකීමක් බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේය.

පසුව යසන්තට එරෙහිව නීතිඥ චන්දන පැමිණිලි කළ පසු පුවත්පත්වල කිහිපදෙනෙක් හරහා චන්දනට පණිවිඩ එවා ඇත්තේ හමුවීමට හා සමතයකට කතා කිරිමටය. එහෙත් චන්දන එය ප්‍රතික්ෂේප කොට තිබේ.

Published on: Sep 27, 2018 – රටේ ප්‍රධානතම පෙලේ මාධ්‍ය ආයතන සහ මුල්‍ය ආයතන කොටි ඩයස්පෝරාවේ ග්‍රහණයට යටකිරිමේ මෙහෙයුම මේ වනවිට ඉතාමත් සියුම්ව ක්‍රියාත්මක වෙමින් තිබේන දෛනිකව සමාජයේ නිර්මාණය කරන විවිධා කාරයේ ප්‍රශ්ණ හරහ එම ඩයස්පොරා මෙහෙයුම් අමතක කරලිමට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද කටයුතු කරමින් සිටින අතර ඊට හේතුව වි ඇත්තේ දමිළ ඩයස්පොරාව හරහා ඒ හැම එකාගේම සාක්කු පිරෙන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට ඔහුන්ගේ නියෝජිතයන් හරහා රටේ තීරණාත්මක ආර්ථිකයට බලපෑම් කලහැකි ස්ථාන මෙන්ම මාධ්‍ය බලය සියතට ගනිමින් සිටින අතර දමිළ ඩයස්පොරාවෙ බෙදුම්වාදී උපක්‍රම මේ කාරයෙන් ක්‍රියාත්මක වන බවත් ඒ පසුපස සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්ද අප දිගින් දිගටම අනාවරණය කල අතර “ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’… හොරු 19ක් ප්‍රංශ හිරේ…. රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..” යනුවෙන් අප කල අනාවරණයේ දෙවන කොටස මේ ලෙස සටහන් කරමු….(පලමු කොටස මෙම ලිපියට පහලින් එක්කර තිබේ…)

ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’

රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම් ලෝකයම හුරාගෙන කෑ හැටි..

ලයිකා මොබයිල් සමාගමේ සැකකටයුතු මුදල් ගණුදෙනු පිළිබඳව හෙලි වෙමින් පවතින අවස්ථාවක යූරෝ 870,000 ක මුදලක් එම සමාගම විසින් තම පක්ෂය වෙත ආධාර කරද්දි එම මුදල පිළිගැනීම ගැන කැමරන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන් අතර ලන්ඩනයේ පැවති ගෝලීය දූෂණ විරෝධී සමුලුවේදී මුදල් විශුද්ධිකරණය පහත දැමීමට හා අසාධාරණ බදු ඉවත දැමීමට සහය දෙන බව එක්සත් රාජධානියේ අගමැතිවරයා විසින් පවසා ඇති අතර එක්සත් රාජධානිය තුළ තවදුරටත් දූෂිතයන්ට නිවෙස් නොමැති බවට පණිවිඩයක්ද ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ. ඒ එංගලන්තයේය. නමුත් ලංකාවේ ඒ වැනි දේ සිද්ධ නොවන බව ඉත පැහැදිලිය.

මේ අතර ප්‍රංශ පොලිසිය රැස්කර ඇති සාක්ෂි පිළිබඳව අනාවරණය කර ගත් අතර ඒ අනුව,

Shell සමාගම මුදල් විශුද්ධිකරණයේ ප්‍රමුඛ ආයතනයක් බවට පත් වීමත් සමග පසුගිය කාලය පුරාම ලයිකා මොබයිල් ආයතනයේ ප්‍රංශ ශාඛාව යූරෝ මිලියන 75ක මුදලක් ලබා ගෙන ඇති අතර මුදල් ලන්ඩනයේ ලයිකා මොබයිල් ගිණුම් හරහා එම සමාගමේ විදේශිය ශාඛාවන් වෙත යවා තිබේ.

ලයිකා මොබයිල් ආයතනය තම පෙරගෙවුම් දුරකතන කාඩ් පත් කලු වෙළඳපොලේ මුදල් වෙනුවට අලවි කොට ඇති බවට ප්‍රංශ නිලධාරින් අනාවරණය කරගෙන ඇති අතර එසේම ව්‍යාජ සමාගම් වල ව්‍යාජ ගණුදෙනු වසන් කිරීමට ව්‍යාජ බිල්පත් ක්‍රමවේදයක් පවත්ගෙන ගොස් ඇති බවත් තහවුරු වී තිබේ.

තම සමාගමේ අනු සමාගම් 10ක් හරහා ගෙන ගිය ගිණුමක් හරහා සම්පූර්ණ මුදල යුරෝ මිලියන 646 පමණ මුදලක් පසුගිය වසර 2 පුරා නොතිබුණු බව ලයිකා මොබයිල් හී ගිණුම් නිලධාරින් විසින් පිළිගෙන ඇති අතර ලයිකා සමාගමේ නිලධාරින් මීට පෙර 2006 වසරේදී රේගු ප්‍රකාශනයකින් තොරව යුරෝ මිලියන 36ක මුදලක් ජර්මනියට ගෙනගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් මීට පෙරද මුදල් විශුද්ධිකරණය යටතේ ප්‍රංශයෙන් චෝදනා ලබා තිබේ.

Allirajah විසින් එම චෝදනා දැඩි ලෙස ප්‍රතිකේෂ්ප කිරීම නිසාත් දීර්ඝ විමර්ශනයකින් පසුව නිතිය ක්‍රියාත්මක කරන්නන්ට එම චෝදනා 201 වසරේදි ඉවත් කර ගැනීමට සිදු විය.

පසුගිය අවුරුද්දේදි බ්‍රිතාන්‍යය ජාතික අපරාධ ආයතනය විසින් කරුණු දැක්වීම නිසා HMRC හි බදු විමර්ෂකයන් විසින් ලයිකා මොබයිල් ආයතනයේ ගිණුම් පරික්ෂා කොට ඇත.

ලොව විශාලතම ජංගම දුරකතන මෙහෙයුම් ක්‍රියාකරවන්නන් ලෙස ලයිකා මොබයිල් ප්‍රධාන පද්ධති වලින් ජාත්‍යන්තර කතා කාලයන් බල්ක් පිටින් මිලයට ගන්නා අතර ලොව පුරා විසිරි සිටින මිලියන ගණනක පාරිභෝගිකයන්ට එම කාලය පෙරගෙවුම් කාඩ්පත් හරහා අලෙවි කරනු ලබයි.

වසරකට ඒ හරහා යුරෝ බිලියන 1.5කට ආසන්න මුදලක් උපයන බව වාර්තාවන අතර එක්සත් රාජධානියේ හා අයර්ලන්තයේ බදු ගෙවීමේ සංචිතයට එය අසු වුවත් මෙඩේරා රාජ්‍යයේ ඒ සඳහා ගෙවිය යුතු බදු මුදල් වසර ගණනාවක් පුරා ගෙවීම සිදු කොට නොමැති බවත් වාර්තා වේ.

Subaskaran Allirajah (left) and Lyca’s then CEO, Milind Kangle, were questioned.

තැපැල් හල් වල සතියකට වතාවක් යූරෝ මිලියන 1 ක මුදලක් තැන්පත් කිරීමේ ලයිකා සමාගමේ පුරුද්ද මහත් සැකයක් ඇති කරනඅතර, එය මුදල් විශුද්ධි කකිරීම පිළිබඳව කණගාටුදායක තත්ත්වයයක් බව බ්‍රිතාන්‍යයේ හිටපු නීතිපතිවරයෙකු වන Lord MacDonal විසින් හදුන්වා ඇති අතර එයට විරුද්ධව ප්‍රබල පරීක්ෂණයක් කළ යුතු බවත් පසුගිය වසරේ දක්වා ඇත.

එසේම මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම දුරකතන ක්‍රියාවලියේ ඇතැම් රාජ්‍ය හරහා ඩොලර් මිලියන ගණනාවක් මුදල් විශුද්ධිකරණයට ලක් කොට ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය විසින් විමර්ශන සිදු කරන බවයි. ලයිකා මොබයිල් සමාගම තම ව්‍යාපාර කටයුතු සැමවිටම ඉහලින් තබා ගෙන සිටින අතර පසුගිය වසරේ චිත්‍රපටය වෙනුවෙන් වෙන් කළ මුදල් දෛනික බැංකුකරණය හරහා අන්තර්ජාතික දුරකතන කාඩ්පත් විකිනීමෙන් ලත් ආදායම බවත් දක්වා තිබේ.

පසුව ප්‍රංශ නිලධාරින් විසින් ලයිකා මොබයිල් සමාගමේ ගිණුම් අත්හිටුවීමට තීරණය කරනු ලැබීය. ඔවුන් ඉතාමත් රහසිගතව විමර්ශන ලිපිගොණුවක් නීතිපතිවරුන් වන Parquet National Financier (PNF) හමුවේ ගොනු කර තිබුණි. ඔවුන් ජනවාරි මාසයේ එහි නෛතික පරික්ෂණ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබ තිබේ.

ප්‍රංශයේ සේන් නදිය අසබඩ පිහිටා ඇති ප්‍රංශ මුදල් අමාත්‍යාංශයේ නව සංකීර්ණයේ පිහිටා ඇත්තේ ආයතනික දූෂණයට එරෙහිව එරට ප්‍රථම රහස් බුද්ධි විශ්ලේක්ෂයන් වන අතර ප්‍රංශ පොලව මත මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මුදල් ස්ථාපනය කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධානතම රාජ්‍ය ආයතය ලෙස මෙය හැදින්විය හැකිය. රටේ මූල්‍ය ආයතන වල මූල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව විවිධ අංශ හරහා විමර්ශනයන් සිදු කිරීම, විවිධ නීතිඥවරුන් ගෙන එන සාක්ෂි විමර්ශනය කිරීම ඇතුළු කාර්යයන් මෙම ආයතනය හරහා සිදු කරනු ලබයි.

ලයිකා මොබයිල් සමාගම විසින් ප්‍රංශයේ ඔවුන්ගේ ගිණුම් පිළිබඳව විමර්ශනය පවතිද්දි ලන්ඩනය වෙත කළ සැක සහිත මුදල් බැර කිරීම පිළිබදව කළ අනාවරණයෙන් පසුව ඒ පිළිබඳව කුතුහලයක් ඇති විය. ලයිකා මොබයිල් හි එක් ප්‍රංශ ආයතනයක් වන Lyca mobile Sarl සිය නීත්‍යානුකූල ගණුදෙණු සිය දුරකතන ගණුදෙණුකරුවන් සමඟ සිදු කරද්දි අනෙක් ආයතන වන Lyca mobile Services මිලියන ගණනක් වූ ජාත්‍යන්තරව එයාර් ගුවන් කාලයන් හොල්මන් සමාගම් වෙනුවෙන් විකුණනු ලබ තිබේ.

2017 වසරේ මාස නමයක කාලය තුළ Lyca mobile Services යූරෝ මිලියන 75කට මුදලක් ලැබි ඇති අතර එය විශ්ලේෂකයන් විශ්ලේෂණය කළේ ශෙල් සමාගමේ අංගයක් ලෙසටය. එනම් වැට් බදු නෙගෙවීම, ව්‍යාජ සේවා ස්ථානයන් හා ව්‍යාපාරික නිවාස ලිපිනයන් පවත්වා ගැනිමයි. එසේම මෙම සමාගම් විසින් බැංකුකරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබු ඉන්වොයිස් පැහැදිළි ලෙසම ව්‍යාජ ඒවා බව විශ්ලේෂකයෝ දක්වා සිටියහ.

Lyca mobile Services හි විශාලතම ගැණුම්කරුවා වන analysts found විසින් මිලියන 8ක් වන ජාත්‍යන්තර කතා කාලයක් වෙනුවෙන් ආසන්න වශයෙන් යුරෝ මිලියන 8ක් ගෙවා ඇත. මෙයටසාපේක්ෂ වශයෙන් ගත් කළ ලයිකා මොබයිල් සමාගමේ ප්‍රධාන ආයතනයක් වන ප්‍රංශයේ පිහිටි Lyca mobile Sarl සමාගමේ රට පුරා පිහිටා ඇති වෙළඳ කුටි වලින් තවත් ප්‍රංශ සමාගමක් වන Relay France විසින් කතා කාලයන් මිනිත්තු මිලියන 7.3 මිලදි ගෙන තිබේ. මෙම නොගැලපීම මගින් පෙන්නුම් කරන්නේ හොදින් දන්නා කුඩා සමාගම් සහ වැඩිදියුණු වූ බෙදාහැරීමේ මධ්‍යස්ථාන නොමැති සමාගම් වලට Relay France සමාන ධාරිතාවන් මිලයට ගැනීමට හැකිවන බව විශේෂඥ විශ්ලේෂණය වේ. කුඩා සමාගම් විසින් ලබා ගත් ජාත්‍යන්තර මිනින්තු හැදින්වෙන්නේ කිසිදිනක භාවිත කල නොහැකි හා මිලදි ගත නොහැකි ගණයටය, එබැවින් ලයිකා මොබයිල් සේවාව සියළුම ආර්ථික යථාර්ථයන් විසංදි කොට ඇත.

The registered addresses of four of the companies that paid Lycamobile Services millions of euros

බොරු ලිපිනයන් …….

විශේලේෂණයන් හරහා ලබා ගත් සාක්ෂි, කතාකාලයන් ලබා ගැනීම යුරෝ මිලියනයකට වඩා ගෙවා ඇති දුරකතන සිම්පත් හෝ පසුගෙවිම් සේවා ලබා ගත හැකි ලයිකා මොබයිල්හි ප්‍රධාන පාරිභෝගිකයන්ගේ ආයතන 19 ට පරික්ෂකයන් සිදු කළ සංචාරයන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ආයතන 18ක් ඔවුන් ලබා දි ඇති ලිපිනයන්ගේ නොපවතින අතර අනෙක් සමාගම භාගයක් අවසන් වූ දුරකතන අලෙවි සැලක් වන අතර එහි පෙනුම කිසි විටකත් ලයිකා මෙබයිල් හි අනුබද්ධ ආයතනය ස්වරූපය ගනු නොලැබිය. අනෙක් ආයතනය වසා දමා ඇත. එසේම ආයතන 11ක් අඩුම තරමේ අවුරුදු 2 පුරාවත් සිය වෙළඳාම සිදු කර ඇති අතර දැන් විසුරුවා ඇත. එම සමාගම් වලින් 6ක් පමණක් ප්‍රංශ සමාගම් රෙජිස්ට්‍රාරයේ විදුලි සංදේශ සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇත.

පරික්ෂකයන්ගේ සටහනක් ..

පැරිස් නුවර උතුරු නැගෙනහිර Gonesse සමාජයේ සිල්ලර සමාගම් වල රවුමක් ගසා බැලුවවිට ලයිකා මොබයිල් සමාගමේ විශාලතම පාරිභෝගිකයාගේ එක ලඟ පිහිටි ලිපිනයන් දෙකක් සොයා ගැනීමට හැකිවිය . එයින් එක් ලිපිනයක් කතා කාලයන් සඳහා යූරෝ මිලියන 8 ක් ගෙවා ඇති බවට චෝදනා ලබා ඇත. MSR-F.D.B. ආයතනය මාර්තු මාසයේදි විසුරුවනු ලැබූවේ මාස 15ක් පවත්වා ගෙන යාමෙන් අනතුරුවය. එම සමාගම තම සමාගමේ ස්වරූපය පිළිබඳව සංස්ථාපිත රෙජිස්ටරයේ සඳහන් කර ඇත්ත්තේ ඔවුන් පින්තාරු හා ඇලවීම් සිදු කරන සමාගමක් වශයෙනි. පසුව එය සංශෝධනය කර ඔවුන් දුරකතන කාඩ් පත් අලෙවි කරන සමාගමක් ලෙස කටයුතු කරන බව දක්වා ඇත. පසුව එම සමාගමේ ලියාපදිංචි ලිපිනය සේවා සපයන ආයිතනය බවට පත් කොට ගෙන ඇති අතර එම සමාගමේ පිළිගැනීමේ නියෝජිතවරිය පවසන්නේ අවශ්‍ය ලියකියවිලි පවා සම්පූර්ණ නොකට හදිස්සියේම එම සමාගම පසුගිය වසරේ තම සේවා ස්ථානයේ කුලි ගිවිසුමෙන් ඉවත් වී එම ආයතනය එම ලිපිනයෙන් ඉවත් කර බවයි. කිසිම දිනක එම සමාගම දුරකතන කාඩ් පත් අලෙවි කළේ නෑ, ඇය සඳහන් කළා.

“එක දවසක් ඔවුන් මෙහි සිටියා ඊලඟ දවස වෙනකොට ඔවුන් ගිහින්,”

ලයිකා මොබයිල් වෙතින් කතා කාලයන් මිලයට ගෙන මිලියන 4ක් ගෙවනු ලැබු තවත් ආයතනයක් වන Nego Tek සිය ආයතනය ලියාපදිංචි කොට ඇත්තේ ගෘහස්ත උපකරණ සපයන ආයතනයක් ලෙසය. පැරිස් වටරවුමේ පිහිටා එම සමාගම පිහිටා ඇති විදුරු සහිත කොන්ක්‍රීට් ව්යුහය වෙත පරික්ෂකයන් පැමිණ ඇති අතර එම සමාගම මීට මාස කිහිපයකට පෙර එම ස්ථානයෙන් අතුරුදන් වූ බව පිළිගැනීමේ නිලධාරියා පවසා ඇත. “එක දවසක් ඔවුන් මෙහි සිටියා ඊලඟ දවස වෙනකොට ඔවුන් ගිහින්,” ඇය පවසා සිටියා. ඒ අනුව අන්තර්ජාතික කතා කාලයක් යුරෝ මිලියන 4 ක් ගෙවා මිලයට ගත් බව පවසන සමාගමේ ලියාපදිංචි ලිපිනයේ ඇත්තේ හිස් කාර්යාලයක් වන අතර අසල්වැසියන් සඳහන් කරන්නේ එහි කිසි දිනක කාර්යාලයක් නොපැවති බවයි. පැරිස් සමාජ නිවාස ගොඩනැගිල්ලේ පිහිටා ඇති ලයිකා මොබයිල් ආයතනයට තවත් යුරෝ මිලියන 1.5 ගෙවු විද්‍යුත් සැපයුම් ආයතනයක සේවා කාර්යාලයේ සිටින්නේ වෙනත් ලිපිනයක ලියාපදිංචි කරන ලද මිලියනයක් කතා කාලයන් මිලයට ගත් විද්‍යුත් සැපයුම් ආයතනයක් සේවකයන් වන අතර එම නම ඇති ආයතනයක් කිසි දිනක එහි පිහිටා නොතිබි බවත් ඒ නමින් ලියුම් ලැබෙන්නේ ඇයිද යන්න පිළිබඳව අදහසක් නොවු බවත් පවසා ඇත.

Lyca in France සමාගමේ හිටපු කළමනාකරු වෙත කතා කළ අතර ඔහු පවසා සිටියේ මීට වසර ගණනකට පෙර එහි සේවය කරද්දි ව්‍යාජ ගිණුම් පිළිබඳව තම කනස්සල්ල වර්ධනය වූ බවය. නිර්නාමික බවේ කොන්දේසිය මත ඔහු පවසා සිටියේ තම සමාගම ගණුදෙණු කළ ව්‍යාජ තෙවන පාර්ශවයන් සමහර විට හුදෙක් තැපැල් පෙට්ටියක් පමණක් වන බවය. එසේ වුවත් තම සමාගම ඔවුන් සපයනු නොලැබූ සේවයන් සඳහා සෑම මසකම බිල්පත් නිකුත් කළ බවත් ඔහු පවසා සිටියා. “එය මුදල් අතිකාරම් හා බදු ගෙවිමෙන් නිදහස් වීමට ක්‍රමයක් ලෙස භාවිත කරනු ලැබීය,”ඔහු සඳහන් කර සිටියා. “මෙම සේවාව අස්පර්ශනීය වේ. තොරතුරු තාක්ෂණය හා විශේෂඥ සේවාවන් උදාහරණයක් ලෙස ගත් විට එය ලන්ඩනයට බිලක් ලිවීමක් ලෙස හැදින්විය හැකිය.

ලයිකා මොබයිල් වෙත සිදු කළ ගෙවීම් පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුව විශ්ලේෂකයන් සොයා ගත්තේ පුළුල්ව පැතිරි ගිය මෙවන් ව්‍යාජ බිල්පත් ජාලය හේතුවෙන් ආර්ථික උපාය පිළිබඳව තර්කය බිද වැටෙන බවයි. විදුලි සංදේශ සමාගම් හි චෝදනාවන් විශේෂයෙන් ලයිකා මොබයික් සර්විස් තම පාරිභෝගිකයන් හරහා නීත්‍යානුකූල නොවන ලෙස මුදල් විශුද්ධිකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් ඔවුන් රහසිගත වාර්තාවක් සකස් කොට ඇත.

එම වාර්තාට අනුව ලයිකා මොබයිල් යනු “සංකීර්ණත්වය පදනම් කරගත් ගෝලිය සංවිධානයක් වේ.” එසේම එහි හිමිකරුවන Allirajah ලංකාවෙන් ලන්ඩනයට ගිය සංක්‍රමණිකයෙකුගේ විදුලි වේගයෙන් නැගි සීටීම පෙන්වා දේන අතර ඒ පසුපස එල්ටීටීඊ මුදල් තිබේන බව තහවුරු වී තිබේ. එසේම ලයිකා මොබයිල් යනු බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රධානතම මුදල් දායකයෙන් ලෙසත් එම වාර්තා පෙන්වා දී තිබේ.

Shell සමාගමෙන් ලයිකා මෙබයිල් වෙත ලැබුණු මුදල් ඔවුන් ලයිකා මොබයිල් සමාගමේ ප්‍රංශයේ පිහිටි ප්‍රධාන ගිණුමට බැර කර ඇති අතර එසේ සිදු කළේ Madeira රාජ්‍යයේ ගිණුමට ලන්ඩනයේ බක්ල්යස් බැංකු ශාඛාව හරහා මුදල් බැර කිරීමට පෙරය.

2016 ජනවාරි මාසයේ Parquet National Financier (PNF) විසින් සිය වාර්තාව නිකුත් කළ අතර එම විශේෂඥ මූල්‍ය ඒකකය පිහිටවනු ලැබුවේ දේශපාලකයන් විසින් සිදු කර්න මූල්‍යා වංචාවන් හා බදු ගෙවීම් පැහැර හැරීම පිළිබඳව සොයා බැලීමටය. PNF විසින් දැනටමත් හිටපු ජනාධිපති නිකලොස් සාර්කෝසි 2022 ලෝක පාපන්දු ක්‍රිඩාවලිය සඳහා තැබු ඔට්ටුව, හිටපු අත්ලාන්තික ප්‍රධානුයෙක් වූ Lamine Diack හා ඉතා මෑතකදි Google සමාගමට එරෙහිව පියවර ගැනීමට කටයුතු කොට ඇත. එසේම මෙම වාර්තාව නිකුත් වීමත් සමගම ඔවුන් ලයිකා මොබයිල් හී අනවසර කළු සල්ලි සුදු කිරීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත.

දවසකට දෙවරක් යුරෝ 240,000 මුදලක්!

මේ වනවිට එලිදරව් කළ තොරතුරු වල ට අනුව පරික්ෂණය මෙහෙයවන බවත් විමර්ශනයට අදාළ තොරතුරු හරහා විමර්ශනය සිදු කිරීමට ආරම්භ කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව එම වාර්තාවේ දක්වා සිටියේ ලයිකා මොබයිල් සමාගමට අයත් නිලධාරින් දවසකට දෙවරක් යුරෝ 240,000ආසන්න මුදලක් රට පුරා විහිදි ඇති තැපැල් කන්තෝරු හරහා තැන්පත් කරන බවයි. PNF විසින් මේ හා සමාන ක්‍රියාකාරකම් වල නිරත වෙමින් පැරිසියේ මුදල් එකතු කරන කණ්ඩායම් පසුපස පොලිස් කණ්ඩායම් යොදවා ඇත. එම කණ්ඩායම භාවිතා කර වාහන වල සෙවිම් උපකරණ සවි කොට ඇති අතර ලයිකා මොබයිල් කාර්යාලයේ ප්‍රධාන දුරකතනය ඇතුළු සියළුම ඉහළ නිලධාරින්ගේ දුරකතන ටැප් කොට ඇත.

විමර්ශන වලදි කුරියර් සමග ලයිකා මොබයිල් සමාගමේ ප්‍රංශ කලමානාකරණ අධ්‍යක්ෂක Alain Jochimek හා ලන්ඩන් නගරයේ සිටින නියෝජිතවරුන් අතර ඇති සම්බන්ධය, අනාවරණය කර ගෙන ඇති බවත් වාර්තා වෙනවා. Jochimek මෙම සතියේදි මුදල් විශුද්ධ කිරීම හා VAT වංචා චෝදනා යටතේ අත්තඩංගුවට ගත් අතර සිකුරාදා අධිකරණයට කැදවනු ලැබීය. ඔහු සියළු චෝදනා ප්‍රතිකේෂ්ප කළ අතර යුරෝ 30000 ක ඇප මත නිදහස් කරනු ලැබීය.

මුදල් විගුද්ධකරන ජාලය හසුරුවන ජෝඩුවක් සමග ලයිකා මොබයිල් සේවකයන්ගේ සම්බන්ධයක් ඇති බව මූලාශ්‍ර අනාවරණය කරයි. එසේම එම ජෝඩුවද Jochimek සමග අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදි පිරිමි පුද්ගලයා තව දුරටත් බන්ධනාගාර ගත කිරීමටත් කාන්තාව යුරෝ 8000ක බැදුම්කරයක් මත නිදහස් කිරීමටත් අධිකරණය තීරණය කොට තිබුණි. මීට අමතරව ලයිකා මොබයිල් සමාගමේ සහ shell සමාගමේ සේවකයින් පිරිසක් ද මුදල් වංචා සඳහා බන්ධනාගාර ගත කොට ඇප පිට නිදහස් කොට ඇත. තවත් මෙම සමාගම් වලට සම්බන්ධව අත්තඩංගුවට ගත් 10 පමණ චෝදනා ගොනු නොකොට නිදහස් කොට ඇත.

දුරකතන කඩයක් ලෙස ලියාපදිංචි කොට තිබු Express Telet Communication හි වසර ගණනාවක් අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කොට තිබු හිටපු අධ්‍යක්ෂකවරයෙකු සඳහන් කළේ තමන් මෙවැනි ගණුදෙණු හෝ ලයිකා මොබයිල් වෙත සිදු කළ ගෙවීම් ගැන කිසිවක් නොදන්නා බවත් තමන් ලයිකා මොබයිල් යන නාමය පමණක් අසා ඇති බවය. එසේම ලයිකා මොබයිල් වෙත මිලියන ගණනින් ගෙවීම් කොට තිබු තවත් සමාගමක අධ්‍යක්ෂකවරයෙකුගේ ඥාතින් සඳහන් කළේ ඔහු රාමසාන් වලට පිට ගොස් ඇති බවයි. එසේම තවත් අධ්‍යක්ෂවරයෙකුගේ නිවස පිහිටා ඇති ගොඩනැගිල්ලේ සිටින ඔහුගේ ඥාතීන් පවසා සිටියේ එම අධ්‍යක්ෂකවරායගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා තව දුරටත් සිය වෘත්තියේ කටයුතු කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවයි. අනෙක් සමාගම් වල කිසිදු අධ්‍යක්ෂකවරයෙක් සම්බන්ධ කර ගැනීමට හැකියාවක් නොලැබුණි.

නිති නිලධාරින් පසුගිය සතියේ ලයිකා මොබයිල් සමාගමේ කාර්යයන් වට කළේ පළමු වතාවට නොවේ. 2006 වසරේදි වෑන් රථයක පිටුපස තබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් රේගු නීති උල්ලංඝනය කරමින් ජර්මානු දේශසීමාව පැන්නීමට උත්සහ කිරීම පිළිබඳව ද වන චෝදනා පිළිබඳවද දැන් විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී තිබේ. එම චෝදනා 2010 වසරේදි ඉවත දැමූවේ ප්‍රමාණවත් තරම් සාක්ෂි සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වූ බැවිනි. නමුත් නවතම තත්ත්වය අනුව එම චෝදනා පිළිබඳව ඇති විමර්ශනද නව මුහුණුවරකින් ආරම්භ වී තිබේ.

හොරු අතේ මාට්ටු…

2006 පෙබරවාරි මාසයේ රාත්‍රියක උතුරු ප්‍රංශයේ සිය දකුණු ජර්මනියට ගමන් කරමින් තිබු කුඩා නිල් පැහැති වෑන් රියක් ප්‍රංශ දේශසීමා පොලිසිය විසින් නවත්වනු ලැබු අතර එම නිලධාරින් එහි පැති දොර්වල් විවෘත කිරීමේදි තාපය රැදෙන ඇසුරුම් කළ යූරෝ 5,10, 20, 50 සහ 100 යන නෝට්ටු වලින් සැදුම් ලත් යූරෝ මිලියන 7, 35000 ක මුදලක් සොයා ගනු ලැබිය. එම මුදල් සමඟ “Lycatel” යන නමිත් පැවති ගිණුමකට අයත් බැංකු රිසිට් පත් ද සොයා ගැනීමට එම නිලධාරින් සමත් විය.

රථයේ රියැදුරු පවසා සිටියේ ලයිකා සමාගම මෙම මුදල් හොලන්ඩ් වෙත ගෙන යන ලෙස තමාට උපදෙස් ලබා දී තිබු බවත් එතැනින් එම සමාගමේ එකසත් රාජධානියේ ඇති බැංකු ගිණුමට බැර කිරීමට ද උපදෙස් දී තිබු බවය. නමුත් මෙම විශාල මුදල් සම්භාරය දේශසීම හරහා ගෙන යාමට නිතිය මගින් ඉල්ලා තිබු අවශ්‍යතා සම්පූර්ණ කොට තිබුණේ නැත. ඒ අනුව නිලධාරින් එම මග හරහා අනාවරණය කොට ගත්තේ පසුගිය වසර පුරා ලයිකා සමාගම සියළු රේගු ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් යුරෝ මිලියන 36.6 ආසන්න මුදලක් මෙලෙස ප්‍රංශය තුළින් පිට කර ඇති බවයි.

නිලධාරින් පවසා සිටියේ ලයිකා වෙත මෙම මුදල් ලැබෙන්නේ එහි ප්‍රංශ නියෝජිතයා ලෙස කටයුතු කරන Crest Telecom විසින් ලයිකා දුරකතන කාඩ් පත් අලෙවි කිරීම මගින් බවත් ය. එසේම එම සමාගම VAT හෝ වෙනත් කිසිදු බදු ගෙවීමක් සිදු කර නොමැති බවත් අනාවරණය කොට ගෙන ඇත. පොලිස් සෙවුම් කණ්ඩායම් විසින් Crest Telecom හි ප්‍රංශයේ නියෝජිතයන් ප්‍රංශය පුරා පිහිටා ඇති කුඩා හා අබලන් ගොඩැනැගිලි වලින් මුදල් පිරවූ ප්ලාස්ටික් බෑගයන් එකතු කර ගන්නා ආකාරයත්, බැංකු සටහන් පත් මිටි ලෙස එකතු කර ගැනීමත් ඡායාරූප ගත කොට ඇත. ලයිකා සමාගම තම නිෂ්පාදනයන් ඉන්වොයිස් නොමැතිව මුදල් කර ගන්නා ආකාරයත් ඔවුන් සොයා ගෙන ඇත.

තවම අවසන් නැත….

ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’… හොරු 19ක් ප්‍රංශ හිරේ…. රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..

Published on: Sep 26, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එම පවු‍ලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැකකාර ඉන්දියානු ජාතිකයා අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

ඝාතන කුමන්ත්‍රණ සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ එම්. තෝමස් නමැති එම ඉන්දියානු ජාතිකයා එවැනි ඝාතන සැලසුමක් තිබූ බවට ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ අනුව හෙළිකර ඇති බැවින් එම සැලසුම කවුරුන් කා සමග සකස් කළේද යන්න අනාවරණය කරගැනීම විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මේ වන විටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන එම ඉන්දියානු ජාතිකයාගෙන් අනාවරණය වන තොරතුරු ඔස්සේ වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීම සඳහා ඔහුව අද පෙරවරු 10.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළාය.

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග නාමල් කුමාර නමැත්තා අතර ඇතිවූ දුරකථන සංවාද සනාථ කරගැනීම සඳහා සිදුකරන විමර්ශනවලට නාමල් කුමාර නමැත්තාගේ කටහඬ සාම්පල් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා හෙළිකළ තොරතුරු අනුව ඔහු සමග සබඳතා පැවැත්වූ එකී ඉන්දියානු ජාතිකයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී එකී තොරතුරු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබුණි. සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එකී ඉන්දියානු ජාතිකයාගේ වීසා කාලය මේ වනවිට අවසන්ව තිබියදීත් රාගම ප්‍රදේශයේ පිහිටි කාමරයක් කුලියට ගෙන ඔහු නවාතැන්ගෙන සිට ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ කිසිඳු රැකියාවක් සිදුකර නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Published on: Sep 25, 2018- දිනෙන් දින බාල්දු වන රුපියලත්ය, මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශය බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි.

 

රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලන

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට  භයානක නායයෑමක් දක්වා වර්ධනය  වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින්  පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි.  එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවනබවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.

2007 – 2008 වසර වලදී මුලු  ලෝකය පුරාම හමාගිය දරුණු  ආර්ථික අර්බුදයක් තිබුණු බව වත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක පැවතියේය. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරනු ලැබූ කොටි සංවිධානය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම මධ්‍යයේය. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008දී මුලු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වානිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කල විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්‍ෂණය යටතට පත්කොට මුලු බැංකු ක්‍ෂේත්‍රය පුරාම පැතිරීමට ඉඩ තිබූ අර්බුදයක් වලක්වා ගත්තෙමු.

ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ව්‍යාපාරික ආයතන වලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිශ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමිරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිශ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එලවලු, කුකුල් මස් හා ඇතැම් කාර්මිකනිශ්පාදන මෙරටේම නිපදවාආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආන්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙලවරක් නැති නිදහස් ආනයනික වෙළඳ  ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවනතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැගීම නොවේ.

අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකටඇද වැටීම වැලැක්විය නොහැක. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගතයුතුය. 2015, 2016, 2017 යන වසර වලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහතවැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා වල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල් වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවටසිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශීය ණය බර කලින් අවුරුදු වලටත් වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත.

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදුකල වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙලීම හා ඇතුම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය. මේ නිසා ඇතිවු වෙලඳ හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමානයෙන් ණය ගැනීමට පටන් ගත්තේය. විනිමය අනුපාතයේ සුලු වෙනසකින් වුවද විදෙස් ණය බර විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වානිජ ණය ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේසම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350 ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත.

ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා ප්‍රවේසමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබාගෙන තිබේ.  2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුලු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7 ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2 ක්, 2015, 2017 හා 2018 වන වසර වලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් කරන්සි ස්වොප් ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2 ක්, 2016, 2017 හා 2018 යන වසර වලදී ජාත්‍යන්තර බැංකු හාරහා ලබාගෙන ඇති සින්ඩිකේටඩ් ලෝන් ඩොලර් බිලියන 2.7 ක් හා 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැක.

විදෙස් ණය බර නිසා රුපියලේ අගයඅවප්‍රමාණයවීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීයණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී.රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ භාණ්ඩ වල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි වී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්‍රල් ලීටරයක් රු.149 ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123 ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළ දී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008 දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70 ක් විය. අද ලෝක වෙළඳපොලේබොරතෙල් වල අඩු මිලත් ලංකාවේ ඉන්ධන වල ඉහල මිලත්අතර නොගැලපීමට  ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙළිවන නිසාය.

ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්වය සුලුකොට පෙන්වීමට උත්සාහ දරමින් සිටී. නමුත් ඉන්දියාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක පමණ අගයකින් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය. අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවති නිශ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වෙලඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිසංශයි. අපට දැන් ලැබී ඇති දායදය වන්නේ 4% කටත් අඩු වර්ධන වේගයත්, බඩු මිල ඉහලයෑමත්, දේශීයව නිශ්පාදනය කල හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමත්, වත්මන් ආණ්ඩුව පරිභෝජනය සඳහා ලබා ගත් කෙටි හා මධ්‍යම කාලීන විදේශීය වානිජ ණය ගෙවීමත්, දිනෙන් දින බාල්දු වන රුපියලත්ය. මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශයි.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Published on: Sep 24, 2018- රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක ‍ලේකම් ධුරය ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ඉහළ තනතුරුවල වෙනසක් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා, යලි දිවයිනට පැමිණි වහාම බරපතල දේශපාලන තීන්දු රැසක් ගැනීමට නියමිතව තිබේන බවට පලවන පුවත් සම්බන්ධයෙන් අප කල සොයා බැලීමේදී අනාවරණය වි ඇත්තේ අවස්ථා ගණනාවකදි අප විසින් අනාවරණය කල වත්මන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ඉවත් කර එම තනතුර සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීප ඉහළ නිලධාරියකු පත් කිරීමට නියමිත බවයි.

මීට අමතරව බරපතල මුල්‍ය හා අක්‍රමිකතා චෝදනාවන්ට ලක්ව සිටින ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ඒ අතර සිටින බවද වාර්තා වේ.

මිට අමතරව දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් තමන් යටතට පවරා ගැනීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර අමාත්‍යාංශය කිහිපයක් සම්බන්ධයෙන්ද තින්දුවක් ගැනිමට සුදානමක් ඇති බවයි දැනට වාර්තා වන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය ඝාතන සැලසුම් කුමන්ත්‍රණය, තරුණයන් 11දෙනකු පැහැර ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් ඇතුළු කරුණු ගණනාවක් හේතුකොට ගෙන මෙම නිලධාරීන් මාරු කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

http://198.211.112.164/archives/18655

http://198.211.112.164/archives/18103

http://198.211.112.164/archives/18050

Top