Featured

අධ්‍යාපණ ඇමති 7වතාවක් විභාගය අසමත්-එජාප අර්බුදය උග්‍ර අතට

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම දෛනිකව උග්‍ර අතට හැරෙමින් තිබියදි හදිසියේ ඇතිවු ගංවතුර සමග පක්ෂයේ ගැටුම් නිර්මාණය කරමින් සිටින සජිත් පිළ එය වේගවත් කර තිබේන බව අප එජාප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා හදිසියේම රාජගිරිය පැත්තේ කාර්යාලයකට රැස්වු සජිත් පිළේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුල විධායක බලය උපරිමයෙන් භාවිතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කර ඇති අතර මලික් සමරවික්‍රම,අඛිල විරාජ් කාරියවසම්,සාගල රත්නායක ඇතුලු කණ්ඩායම සම්බන්ධයෙන් මෙහිදි වැඩිපුරම සාකච්ඡාවට ගෙන තිබේ.

මෙහිදි මානවහිමිකම් වෙනුවෙන් පෙනීසිටින බව කියමින් විවිධ වරප්‍රසාදයන් විදිමින් සජිත් පිළේ ප්‍රභලයෙකු සදහන් කර ඇත්තේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කොළඹ නීති පිඪයේ වසර 7ක් අසමත් වු බවයි…

අකිල විරාජ් කාරියවසමි 1994 දි ප්‍රථම වරට නිති විභාගයට පෙනි සිටි අතර ඉන් අසමත් වි ඇති අතර ඹහුට විභාගය සමත් විමට හැකි වි ඇත්තේ 2001 දි 7වන වාතාවට බවත් අකිලට නීති පිඪයට ඇතුළත්ව ඇත්තේ අවම සුදුසුකමි වත් නොමැතිව බවද පවසා තිබේ.

“අකිලට ඔය කියන තරම් සුදුසුකම් නෑ..අකිල ය හැමතැනම කිව්වාට ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියලා එවා ඔක්කෝම පට්ටපල් බොරු  ….” “අපේ ලොක්කාට ලොකු එහෙම අය තමයි…”

මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රභලයන් ඉල්කක කර මඩ ව්‍යාපාරයක් ආරම්භ කිරිමටත් එ සදහා විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් යොදවා ගැනිමටද සාකච්ඡා කර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම නැවතත් කරලියට පැමිණෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එඅක්සත් ජාතික පක්ෂය තුල හිටපු නියෝජ්‍යා නායක සජිත් ප්‍රේමදාස සතුව තිබු තරමක එකාධිකාරය අග්‍රාමාත්‍ය,එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉතා සියුම් අකාරයෙන් බිඳවැට්ටිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් යලිත් අභ්‍යන්තර ගැටුම ඇති කිරිමට කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 25 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් තම සේවාවන් සැපයූ වෘත්තීයවේදීන් සහ තවත් පක්ෂයේ විවිධ තනතුරු දරණ 30 කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්විමට සුදානමක් පවතින අතර එම ඉල්ලා අස්විම් හරහා පක්ෂයේ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවිම සජිත් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමේ එකම අරමුණ වි ඇති බව අප පසුගියදා අනාවරණය කලා.

 

Top