මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මරණයට පත්විමට හෝ රෝහල්ගත විම සමාජගත කිරිම  හරහා ලැබෙන ජනතා අනුකම්පාව හරහා යලිත් ජනතාව අතරට ගොස් දේශපාලන බලය අල්ලා ගැනිම සදහා වන මෙහෙයුමක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු අතර සාකච්ඡාවට ලක්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වි අනුකම්පාව හරහා ගොඩ නැගෙන ජනතා කැමත්ත නාමල් රාජපක්ෂ වටා ගොඩනැගිම බවයි ඔහු අනාවරණය කළේ.මේ වනවිටත් ඊට අදාළ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමට රාජපක්ෂ පවුලේ කූප්‍රකට මාධ්‍ය ප්‍රධානින් කිහිප දෙනෙකුද දැනටමත් කටයුතු කරමින් සිටින බවද ඔහු අනාවරණයන් කළා.

මහින්දට අකාලයේ මරණයට පත්විමට ඉඩ හැරිම හෝ අසාධ්‍ය තත්වයේන් ඔහුගේ විශේෂිත රෝහලේ රදවා මාධ්‍ය මෙහෙයුම දියත් කිරිම මෙම මෙහෙයුමේ ක්‍රමවේදය වි තිබේ.නාමල් වටා පක්ෂයේ බලය කෙන්ද්‍ර කිරිම මේ වනවිට ආරම්භ වි ඇති අතර එය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ ශිරන්ති රාජපක්ෂ වන අතර ඇය මේ වනවිට විශේෂිත කණ්ඩායමක්ද තොරාගෙන තිබේ.

මහින්දගේ සෞඛ්‍ය!

මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය නරකින් ඉතා නරකට පත් කරමින් ඔහුට සතියකට වරක් ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය වසර ගණනක සිටම සිදුකරමින් තිබේන අතර වසර 4ක් පමණ අඛණ්ඩවම සිදුකරන මෙම ක්‍රියාවලිය හේතුවෙන් මේ වනවිට ශරිරය සම්පූර්ණයෙන්ම පාලයෙන් ගිලිහි ඇති බවයි ඔහුන්ගේ වෛද්‍යවරුන් පෙන්වා දි ඇත්තේ.මහින්දගේ වකුගඩු යුගලයම ඉතා නරක අන්දමට ඇද වැටී තිබිම මීට ප්‍රධානතම හේතුව වි තිබේ.

ඒ හේතුවෙන් මිට වසර 5කට පමණ පෙර කොළඹ ආසිරි රෝහ්‍යලේ සම්පුර්ණයෙන්ම වෙන්කල සංකීර්ණයක මහින්ද වෙනුවෙන් පමණක් රෝහලක් නිර්මාණය කර තිබේන අතර ලොව විශේෂතම සොඛ්‍ය උපකරණ වලින් එය සමන්විත කර තිබේ.අවශ්‍ය අවස්ථාවන් වලදි ඉන්දීයාවෙන් සහ සිංගප්පූරුවෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ගෙන්වා ගැනිම සිදුවන බවද මේ වනවිට අනාවරණය වි අවසන්.පසුගිය කාලසීමව තුල මහින්ද ගුවන් ගමන්වල නිරතවිමද නතරකර දැමිමට සිදුව ඇති අතර ඒ හෙතුවෙන් සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනිමටද ඔහුට හැකියාව ලැබෙන්නේ නෑ.

පසුගිය මාස කිහිපය තුල මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වාර්තා පළවු නමුත් ඒ සෑම අවස්ථාවකම එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට මහින්දගේ ලේකවරයෙකු ලෙස පෙනී සිටින අයෙකු මාධ්‍ය නිවේදන නිකුත් කිරිම හැර වෙන කිසිවක් සිදු නොවිය.

පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය පසුගිය අප්‍රේල් 21 වැනිදා ගෙවී ගියේය. බෝම්බ ප්‍රහාරකයන් පාස්කු දිනයේදී කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරගත් අතර, ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පූජනීය ස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවැතිණි. බෝම්බ ප්‍රහාරකයන් එහිදී ක්‍රියාකළ ආකාරයට, ශ්‍රී ලංකාව ගෝලීය සටනක මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේද යන්න සහ ඔවුන් නැවත ප්‍රහාර එල්ලකළ හැකිද යන අවිනිශ්චිතභාව මතුව තිබිණි. මාස දෙකක් තිස්සේ කොළඹ අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ වසාදැමුවේ මිනිසුන් බියෙන් ජීවත් වූ බැවිනි. බෝම්බ ප්‍රහාරය ජාතික දේශපාලනයේ ගමන් මග ද වෙනස් කළේය. ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ වාර්ගික හා ආගමික බහුතරයට නිසි තැන ලබාදෙන බවට පොරොන්දු වූ ජාතිකවාදී දේශපාලනඥයන්ට පෙරට ඒමට එය මග පෑදීය.

අද වන විට එම සිදුවීම් පිළිබඳ මතකය බොහෝදෙනාගෙන් ඈත් වී ඇත. එහෙත් බෝම්බ ප්‍රහාරයේ බලපෑම දිගුකල් පවතින්නක් බවට පත්ව තිබේ. විදේශ ආයෝජකයන් සහ සංචාරකයන් ශ්‍රී ලංකාවට නොපැමිණීමෙන් ඇති වූ ආර්ථික පසුබෑම මධ්‍යයේ මැතිවරණ ජයග්‍රහණය කළ අයගේ දූෂණ සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය බංකොලොත්භාවයට මග පෑදීය. විදේශීය සහ දේශීය ඔත්තු සේවා විසින් ප්‍රහාර සැලසුම් කළ අය සහ ප්‍රහාරවලින් ඉලක්ක කළ අය ගැන කල්තියා අනතුරු අඟවා තිබියදීත්, ප්‍රහාර එල්ලවූ අතර, ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට හෝ සත්‍යය සොයාගැනීමට අවශ්‍යතාව නොමැතිවීම හේතුවෙන් වත්මන් සහ පසුගිය ආණ්ඩුවල නායකත්වයන් කෙරෙහි විශ්වාසය පළුදුවී ඇත. එමනිසාම වැරදිකරුවන් ආරක්‍ෂා කරන බවට අද රට තුළ පුළුල් හැඟීමක් ඇති වී තිබේ.

රටේ කතෝලික පල්ලිය විසින් මියගිය අයව ශාන්තුවරයට පත්කිරීමට හෝ ප්‍රාණ පරිත්‍යාග කළවුන් ලෙස නම්කිරීමට දරන උත්සාහය ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙම සමූහ ඝාතන ප්‍රශ්නය සජීවීව තබාගැනීමේ උත්සාහයකි. මේ සඳහා අන්තර්ජාතික පූර්වාදර්ශයන් ද තිබේ. උදාහරණ ලෙස කතෝලික සභාව හරහා අන්තර්ජාතිකකරණය වූ වියට්නාම ප්‍රාණ පරිත්‍යාගිකයන් හෝ 16 වැනි සියවසේ ජපන් දිවිපිදූවන් දැක්විය හැක. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා ඇත්තේ, පාප්වහන්සේගේ දැනුවත්භාවය සඳහා රෝමයට යැවීම වෙනුවෙන් රට පුරා සිටින කතෝලික ප්‍රජාවගෙන් අත්සන් එකතු කිරීමේ පළමු පියවර පල්ලිය විසින් ආරම්භ කරන බවයි. “මක්නිසාද අපි ඔවුන්ව ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශ කළ පසු, අන්තර්ජාතික ප්‍රජාව ඔවුන්ව වඩවඩාත් හඳුනාගෙන එය අන්තර්ජාතික කාරණයක් බවට පත්වනු ඇත”. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහමග මහජන විරෝධතාවලදී මෙන්ම, ජාතික නායකයන් හා අන්තර්ජාතික ප්‍රජාව සමඟ බලපෑම් කරමින් යුක්තිය ඉල්ලා මියගිය පවුල්වල හැඟීම් වෙනුවෙන් හඬනැගීම්වලදී ඉදිරියෙන් සිටීමට අධිෂ්ඨානශීලීව කටයුතු කර ඇත.

තොරතුරු රඳවා තබාගැනීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩුදුන් සිදුවීම් පිළිබඳ නිල පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ඇත. ආරක්‍ෂක අංශයේ ඉහළ තනතුරු දැරූ දෙදෙනකුට ටික කලක් සිරගතවීමට පවා සිදු වූ අතර තවත් පිරිසකට රාජකාරි පැහැරහැරීම හේතුවෙන් විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවිය. එහෙත් තවමත් තොරතුරු වසන් කිරීමක් සිදුවී ඇති බව දැනීම ප්‍රබලය. කාලයාගේ ඇවෑමෙන් සත්‍යය වසන් කිරීමක් පිළිබඳ තවත් සාක්ෂි මතු වී තිබේ. සත්‍ය බව සහතික කළ හැකි සහ සැඟවිය නොහැකි කරුණු පවතින බව පෙනේ. විමර්ශන හැකියාවන් සහිත ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සහ පොලිසියේ සාමාජිකයින් සතුව ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි නිසැකවම තිබේ. එහෙයින් සත්‍යය හෙළිදරව් වීම පිළිබඳ ගැටලුව වන්නේ කාලය පමණක් වේ.

බෝම්බ ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබාදුන්නේ මීට සති දෙකකට පෙරය. ඔවුන් කළින් ලබා දී තිබූ වාර්තාවේ, එයද දීර්ඝ ප්‍රමාදයකින් පසුව පිටු 1500ක් පමණ ඉවත් කර ඇති බව ප්‍රකාශ විය. යුක්තිය සඳහා වන ගවේෂණයේ ඊළඟ අදියර නව ආණ්ඩුවක් යටතේ සිදුවනු ඇතැයි බලාසිටීමට සිදුවනු ඇත. නව ආර්ථික දිශානතියක් තීරණය කිරීම සඳහා අවශ්‍ය වන ආකාරයටම, සත්‍යය තහවුරු කරගැනීමේ දිශානතිය සඳහාද ජනතා වරමක් අවශ්‍ය නොවේ. යුක්තිය මූලික වශයෙන් සැළකිලිමත් වන්නේ ජනප්‍රිය මතය හෝ මැතිවරණ වරම පිළිබඳව නොවන අතර, එය විශ්වීය ආචාරධර්ම සහ නෛතික ප්‍රමිතීන් මත පදනම් වූ සාධාරණ සැළකීම අපේක්ෂා කරයි. අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ, ආණ්ඩුවේ සිටින අයට සත්‍ය හෙළිකිරීමට ඇති දැඩි අවශ්‍යතාව සහ තමන් සිටින බෝට්ටුවට ගිලෙන්නට නොදී රැකගැනීමට පවතින කැමැත්ත හේතුවෙනි.

ප්‍රශ්න කිරීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විවෘතව කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම දේශපාලන පද්ධතියේ වෙනසක් මත තීරණය කෙරෙනු ඇති බවයි. තමන් අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට සවිස්තරාත්මක ප්‍රකාශ ලබාදී ඇති බවද එතුමෝ සඳහන් කළහ. එසේ තිබියදීත්, ඔහු හෙළිකළ තොරතුරු මත පදනම්ව සැළකිව යුතු පරීක්ෂණයක් සිදුනොවීය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව දක්වන කැපවීම පිළිබඳව ඔහු සැක පළකළ අතර, එය සිදුවීමට නම් දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට ඔහුගේ අදහස විය.

නව ආණ්ඩුවක්

2019 පාස්කු ඉරිදා සිදුවීම් වඩාත් තියුණු වන්නේ කොළඹ සහ මඩකලපුව පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ක්‍රිස්තියානි ප්‍රජාවගේ මතකයේ ය. ඒ අතරම, එදා සිදු වූ ජීවිත හානි වෙනත් තැන්වල සිදු වූ සිදුවීම් හා වෙනත් අවස්ථාවල සිදු වූ හානිවලින් වෙනස් නොවන බව මතක තබා ගත යුතුය. කිතුනුවන් සහ ඔවුන්ගේ නායකත්වය යුක්තිය සඳහා වූ ප්‍රයත්නය අත්නොහරිමින්, හානියට පත්වූවන් සිහිපත් කරන්නේ නම්, තමන්ට අහිමිවූවන් අඛණ්ඩව සිහිපත් කිරීමටත් යුක්තිය සඳහා වන ගවේෂණය අත්නොහැරීමටත් පවතින අධිෂ්ඨානය කිසිවිටෙකත් අවසන් කරනු ඇතැයි සිතිය නොහැක. 2009 මැයි මාසයේදී, එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමත්, අද දක්වාම බොහෝදෙනා සම්පූර්ණයෙන් නොදන්නා තත්ත්වයන් තුළ එහි නායකයන් ඝාතනය කිරීමත් සමඟ උතුරේ යුද බිමේ දශක තුනක අභ්‍යන්තර යුද්ධය ඉතා ලේ වැකි ලෙස අවසන් විය.

සමූහ ඝාතන සිදුවූයේ 2009 මැයි සිදුවීම්වලදී පමණක් නොවේ. මීට වසර විස්සකට පෙර 1989 දී ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් වූ අතර එහි නායකත්වය ද ඝාතනය විය. දසදහස් ගණන් මිනිසුන් මරාදැමූ ප්‍රචණ්ඩ ක්‍රියා එහිදීද සිදුවිය. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ විනාශය සිදුවූයේද මතුපිටින් පෙනුණු තත්වයන්ට වඩා වෙනස්ව, විවිධ පැතිවලින් හඳුනානොගත් ඝාතන සිදුවූ තත්ත්වයන් තුළය. සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ දේශපාලන විසඳුම ගෙනඑන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියක් තිබිය යුතු යැයි ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නන් ඉල්ලා සිටින්නේ මේ නිසාය.

පසුගිය සතියේ ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ජාතික සංහිඳියා ක්‍රියාවලියේ නියැලී සිටින සිවිල් සංවිධාන සහ රජයේ යාන්ත්‍රණ අතර හමුවක් සංවිධානය කළේය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය, සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව සඳහා වන අතුරු ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කිරීමේදී ධනාත්මක මැදිහත්වීමක් සහ ගැටලු විසඳීමේ හැඟීමක් ඇතිවිය. සත්‍ය සෙවීමේ කොමිෂන් සභා නීති කෙටුම්පතේ තවමත් ජවිපෙ යුගයේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර නැත. කතෝලික සභාව සහ ප්‍රනාන්දු පියතුමා එළිපිටම ඉල්ලා සිටින, යුක්තිය සහ ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා ඇති බාධකවලින් මිදීම සඳහා මැතිවරණ හරහා පැමිණෙන ක්‍රම වෙනසක් අවශ්‍යව තිබේ.

ජෙහාන් පෙරේරා

ඉන්දීය රහස් ඔත්තු සේවය හෙවත් RAW ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් සිදුකරන ලද සමික්ෂණ වාර්තාවට අනුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන බව ඉන්දිය රහස් ඔත්තු සේවා උපුටා දක්වමින් ආසියාතික දේශපාලන වාර්තාකරණයේ යෙදෙන මිනා පටෙල් අවධාරණය කරනවා.

රහස් වාර්තා උපුටා දක්වමින් ඇය අනාවරණය කලේ ඉන්දීය “රෝ” ඔත්තු සේවය ඉන්දිය රජයට වාර්තාකර ඇත්තේ රටේ ජනතාවගේ ජනමතය AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එකතු වි ඇති බවයි.එම තත්ත්වය ඉදිරි මාස කිහිපය තුල තවත් සාධනීය ලෙස වර්ධනය වනු ඇති බවයි රහස් වාර්තා පෙන්වා දි ඇති බවද ඇය සදහන් කරනවා.

“රෝ” ඔත්තු සේවයේ වාර්තා අනුව ලාංකිය දේශපාලනය ඉතිහාසයේ ජනපති අපේක්ෂකයෙකු ලබාගත් ඉහලම ඡන්ද ප්‍රතිශතය AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය ලබාගනු ඇති බව එම වාර්තාවේ ඇති විශේෂත්වය බවයි ඇය සදහන් කළේ. ඒ අනුව ඉන්දිය රජයේ අභ්‍යන්තර සාකච්ඡාවට එය භාජනය වි ඇති බවත් මිනා පටෙල් පෙන්වා දෙනවා.ඇය සදහන් කළේ එම සාකච්ඡාවල ප්‍රතිපලය මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර හමුවක් බොහෝදුරට මැතිවරණයකට පෙර පැවැත්වෙනු ඇති බවයි.

ශ්‍රි ලංකා මැතිවරන ඉතිහාසය තුල පත්වු ජනාධිපතිවරුන් ලබාගත් ඡන්ද ප්‍රතිශත පහත දක්වා ඇති අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් හිමිකර ගැනිමට සමත්වුයේ 2010 වසරේ වන අතර එය සියයට 64.20%,ක්.ඊට අමතරව ජනාධිපතිවරණ 8ක ජයග්‍රාහී අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත පරිදි වේ.

J.R.ජයවර්ධන 52.91%,රණසිංහ ප්‍රේමදාස 50.43%,චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%, චන්ද්‍රිකා බණ්ඩාරනායක 51.12%, මහින්ද රාජපක්ෂ 50.29%, මහින්ද රාජපක්ෂ 64.20%, මෛත්‍රීපාල සිරිසේන 51.28%, ගෝඨාභය රාජපක්ෂ 52.25%,

දමිළ දේශපාලන නායකයින්ට ඉන්දියාවෙන් කැදවිමක්!

මේ අතර උතුරේ සහ වතුකරයේ දමිළ දේශපාලන නායකයන් සමග ඉන්දීය රජයේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්ම පැවැත්විමට නියමිතව ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව උතුරේ සහ වතුකරයේ දේශපාලන නායකයින් ඉදිරියේදි ඉන්දියාවේ සංචාරය කරනු ඇති.

පසුගියදා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) සභාපති ලෙස ශිවඥානම් ශ්‍රීධරන් තේරී පත්වු අතර ඔහුගේ පත්විමම දෙමළ ජාතිකවාදය නැවත කරළියට පැමිණීමක් බව නොරහසකි. කෙසේවෙතත් මේ වනවිට ශිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර ඊට විවිධ හෙතු පැවැතියද එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්දය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය නොකිරිම ප්‍රධාන හේතුව බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ(TNA) සහය ලsබාදිම සම්බන්ධයෙන් තින්දුව ඉන්දියාවේ බලපෑම මත සිදුවනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු තහවුරු කළේ.

ඉන්දීය රජයෙන් කරනු ලැබූ විශේෂ ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වු අතර අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අතර හමුවක් සිදුවු අතර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුනා.කළාපිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩිලෙස අවධානයෙන් පසුවන අතර කළාපීය රටවල් ඇමරිකානු යටත් විජිතයක් විමට එරෙහිව කටයුතු කිරිමට සැමවිටම උත්සුක වන බවයි පෙනෙන්නට ඇත්තේ.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික සංකල්පය මත ඉන්දියාව සැමවිටම කටයුතු කරන බැවින් ඉන්දියාව ලෝකය හමුවේ අත්කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යන්ට ද ගලා යෑමට ඉඩ සැලසීම මෙන්ම ඒ සදහා කළාපිය රටවල් සමග සුහදතාවයෙන් මෙන්ම තර්ජන ඇති නොවන අකාරයට කටයුතු කිරිමද අරමුණ වි තිබේ. කලාපයේ පවතින සුපිරි බලවතුන්ගේ එදිරිවාදිකම් සැලකිල්ලට ගත් විට, චීනය ද නුදුරු අනාගතයේ දී ම ජාතික ජන බලවේගය සමඟ කටයුතු කරන්නට ප්‍රවේශ වුවහොත් එයද පුදුමයට කරුණක් නොවනවා ඇත.

ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා යන ඉන්දීයාව!

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 6% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති අතර එය 8% දක්වා ඉහලට එසවිම ඉන්දීය රජයේ අදහස වි තිබේ. ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා පුරෝකතනය කර අවසන්.

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තුවලට අනුව, ඉන්දියාව බි්‍රතාන්‍ය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට මේ වන විට පත්ව ඇත. වසර 200 කට ආසන්න කාලයක් ඉන්දීය උප මහාද්වීපය තුළ අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කළ බි්‍රතාන්‍යය අභිබවා 2022 මාර්තු අවසානයේ ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වීම සුවිශේෂී කාරණයකි.ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ජර්මනිය සහ ජපානය අභිබවා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට අනාවැකි පළ වි තිබේ.2014 සිට මේ දක්වා ඉන්දියාව රටවල් 7 ක් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි වීම එහි ආර්ථිකයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන අතර එම කාලය තුළ අඛණ්ඩව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑමට ඉන්දියාව සමත්වී ඇත.

2030 වර්ෂයේදී ඉන්දියාව ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බවට මේ වනවිට අනාවැකි පලවි ඇති අතර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවට මේ වන විට ගෝලීය ඉදිරි දැක්ම සහ එහි ප්‍රධාන උපාය මාර්ග ක්‍රියාත්මක කරන අවස්ථාව හිමිකර ගනිමින් G20 සංවිධානයේ සභාපති ධුරය 2023 වර්ෂය සඳහා ඉන්දියාවට හිමි වීමත් සමගය.

The Federation of University Teachers’ Associations (FUTA) expresses its deep concern regarding both the process and criteria of selection of the new Inspector General of Police (IGP), who will be appointed with effect from 23 March 2023, as well as the potential subversion.

Press Statement

The Federation of University Teachers Association (FUTA) vehemently condemns the recent appointment of Mr. Deshabandu Tennakoon as the new Inspector General of Police (IGP) in Sri Lanka. This appointment not only disregards due process but also raises grave concerns regarding the independence and integrity of law enforcement in the country.

Moreover, the newly appointed IGP has a troubling history that casts serious doubts on his suitability to lead the Sri Lankan Police Force. In a Fundamental Rights application case decided by the Supreme Court in 2023, he was found guilty of torturing a suspect, a gross violation of human rights and a clear indicator of his unsuitability for such a pivotal role.

Furthermore, it is public knowledge that he infamously collaborated with government-affiliated mobs during the violent attack on the Galle Face Green protest site in May 2022. His later appointment as the acting IGP despite objections raised by various civil society organizations, and now appointing him as the IGP underscores a disturbing trend of collusion between law enforcement officials and political authorities.

Thus, we consider the appointment of the new IGP as a clear indication of the deep politicization of the police service in Sri Lanka. Instead of upholding the principles of independence, impartiality, and accountability, the government has chosen to prioritize political interests over the well-being and safety of its citizens. This further undermines public confidence in the ability of law enforcement agencies to serve and protect the people of Sri Lanka without fear or favor.

 

FUTA calls on the Sri Lankan government to immediately revoke the appointment of Mr. Tennakoon and to ensure that future appointments to key positions within law enforcement agencies are made in accordance with established constitutional procedures and merit-based criteria. The government must uphold the rule of law, protect human rights, and foster an environment of accountability within law enforcement agencies to restore public trust and confidence in the justice system.

Dr. Athulasiri Samarakoon
General Secretary
Federation of University Teachers’ Associations (FUTA).

රජයේ ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ ස්වාධීන රෑපවාහිනියෙ සේවකයන් තිස්දෙනකු සදහා රජයෙන් ලබදී තිබූ රැපියල් කෝටි පහක මුදලක් හොරපාරෙන් වියදම් කර තිබේන බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මස 15 වනදා ස්වාධීන රෑපවාහිනියේ සේවකයන් 30 දෙනෙකු ස්වෙච්චා විශ්‍රාම ගැන්වීම යටතේ විශ්‍රාම ගන්වා ඇති අතර ඒ විශ්‍රාම ගන්වන බව පෙර දැනුම් දීමකින්ද තොරවය.මාස භාගයක වැටුප් පමණක් ඔවුන්ට ලබා දී ඇති ආයතනය ඔවුන්ගේ පාරිතෝශිත දීමනාව ලබා දී ඇත්තේ ද මාසයකට පසුවය.

මහ භාණ්ඩාගාරය මගින් මෙම සේවකයන්ට වන්දි වශයෙන් රැපියල් කෝටි පහක මුදලක් ලබා දී තිබුනේ 2023 දෙසැම්බර් මාසයේදීය. ස්වාධීන රෑපවාහිනියේ සභාපතිවරයා ඇතුලු කළමණාකාරීත්වයේ අවශ්‍යතාව අනුව එම මුදල් ආයතනයේ වියදම් සදහා යොදාගන ඇති බව ස්වාධීන රෑපවාහිනියෙ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාම්න්‍යාධීකාරිවරිය ස්වෙච්චා විශ්‍රාම ගැන්වූ සේවකයන්ට පවසා ඇත. ඒ පසුගිය 23 න් වනදායි.

ස්වෙච්චා විශ්‍රාම ගැන්වූ සේවකයින් සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරැණු විමසීමේදි ස්වාධීන රෑපවාහිනියෙ සභාපති සුදර්ශණ ගුණවර්ධන පවසා ඇත්තේ ” මුදල් පිළිබද ඔහුට අදාලත්වයක් නැතිබවයි.” සේවකයින් එම මුදල් අවභාවිතා කල ඇතිදැයි ප්‍රශ්ණ කීරීමේදි ” තමන් නීතිඥයෙක් වන නිසා නීතියෙන් පිට කිසිවක් නොකර බවද ” පවසා මේ කර ඇත්තේ සේවකයන් රැවටීමක් බව සේවකයින් පවසයි.

නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් අනාවරණය වි ඇත්තේ  එම මුදල් සුදර්ශණ ගුණවර්ධනගේ හිතමිතුරෑ ටෙලිනාට්‍ය නිශ්පාදන සදහා වියදම් කර ඇති බවයි.

මාසික වැටුප් ලබමින් සිටි සේවකයින් තිස්දෙනෙකුට මාස භාගයක වැටුප් පමණක් ලබා දී විශ්‍රාමගන්වා ලබාදිය යුතු වන්දි මුදලුත් මෙලෙස අවභාවිත කිරීම වගකිවයුතු ආයතනයක නිතිය දත් පුද්ගලයෙකු අතින් සිදුවීම ජුගුප්සා ජනක ක්‍රියාවක්.

රජයේ තීරණයක් අනුව මෙලෙස ස්වෙච්චා වන්ධි ක්‍රමයක් ක්‍රියාත්මක කළත් එය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකීරීම රජයටම වන අලාභහානියකි.මන්දයත් රජයේ අවශ්‍යතාව ඉන් ඉටු නොවන නිසාවෙනි.

රාජ්‍ය වියදම් අඩුකිරීමටත් රාජ්‍ය සේවකයින් ප්‍රාමාණය අඩුකර රජය ලාබ ලැබීම සදහා ගෙන යන වැඩපිළිවල කඩාකප්පල් කිරීමේ උත්සහයක් ගැනීමට මෙම ආයතනයේ නිළධාන්ට අවශ්‍යදයන්න සිතා බැලිය යුතු කරැණකි.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න ….

යුක්තියේ නාමයෙන් රනිල් රාජපක්ෂ දේශබන්දු කල්ලිය සිදුකරන අයුක්තියේ දේශපාලනය වහාම අවසන් කලයුතු බව පුබුදු ජයගොඩ පෙන්වා දෙනවා.මේ වනවිට යුක්තිය මෙහෙයුම නමින් ආණ්ඩුව ගෙන යන හිංසාකාරී ක්‍රියාමාර්ගය තුළ ඇති හිංසනය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානින් වෙනුවට ඔවුන්ගේ ජාවාරමේ ගොදුරු බවට පත්ව, මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් දඩයම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් – යුක්තියේ නාමයෙන් සිදුවන අයුක්තියේ දේශපාලනය අවසන් කරන්න!”

මේ වනවිට ටිරාන් අලස් හා දේශබන්දු නටන නාඩගමක් තිබෙනවා. ඒකට යුක්තිය කියලා නමකුත් දාලා. මේ යුක්තිය නමින් සිදුකරන අයුක්තිය සම්බන්ධයෙන් කවුරුවත් කට අරින්නෙ නැති තත්වයකුත් තිබෙනවා. අපි පක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් හඬ නගන්න තීරණය කළා. මේ ගැන මොන තරම් නිහැඬියාවක් තිබෙනවාද කිව්වොත් එක් සිදුවීමක් ගැන කිසිදු මාධ්‍යයකින් කතා නොකරන්න රනිල් රාජපක්ෂ දේශබන්දු කල්ලිය සමත් වෙලා තියෙනවා.

දෙසැම්බර් 31 දේශබන්දුගේ ඇමතුම…

දෙසැම්බර් 31 වැනිදා වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම පැලෑඳ ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම නිසා හෝටලයේ කාර්ය මණ්ඩලය පොලිසියට දැනුම් දුන් අතර පොලිසිය පැමිණ එම ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළත් වෑන් රථයේ පිරිස පළා ගොස් තිබුණා. නමුත් පොලිසියෙන් මිදී පළායන ප්‍රහාරකයන් සම්බන්ධ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට දැනුම්දී තිබුණු නිසා දක්ෂිණ අධිවේග මාර්ගයේ ඉමදූව ප්‍රවේශයේදී ඔවුන් නවතා ප්‍රශ්න කළා. නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් කියන නිලධාරියා විසින් උසස් පොලිස් නිලධාරියකුට කතා කරලා ජංගම දුරකථනය ඉමදූව පොලිසියේ නිලධාරින්ට දීලා තිබුණා. මේ කතා කළ පුද්ගලයා, මේ වනවිට වංචනික ලෙස පත්කර තිබෙන වැඩබලන පොලිස්පති දේශබන්දු බවට ප්‍රචාරයක් තිබෙනවා. වෑන් රථයේ වෙඩි වැදුණු දෙදෙනකු සිටි නිසා ඔවුන් රඳවා පොලිස් භාරයට ගෙන තුවාලකරුවන් රෝහල්ගත කර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ ගැන මොකුත් නොකියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ගැන කියමින් ඇත්ත සිදුවීම වසා දමන්න කටයුතු කරන බව පෙනෙනවා.

ඔහු කියන ආකාරයට හෝටලයෙන් වෙඩි තැබුවා නම් කළ යුුතුව තිබුණෙ ප්‍රදේශයේ පොලිසියට කතාකරලා සහාය ඉල්ලන එක. නමුත් පොලිසියට කතා කළේ හෝටලයෙන්. හෝටලයෙ ජාවාරම්කාරයන් හිටියා නම්, වෙඩි තැබුවෙ ඔවුන් නම් පොලිසියට කතා කළේ ඇයි? අනික නිල රජකාරියක් කරන්න ගියා නම් වැලිගම පොලිසිය වෙඩි තියනකොට පළා ගියේ ඇයි? දිගටම කොළඹට පැනලා යන්න උත්සාහ කළේ ඇයි? තුවාලකරුවන් සිටියදී ඔවුන් රෝහල්ගත කරන්න උත්සාහ නොකළේ ඇයි?

නිලධාරින් ගිය වෑන් රථයේ අංකය ව්‍යාජ එකක්!

උපුල් චමින්ද කුමාරගෙ මරණය බලන්න ගිහින් ටිරාන් අලස් කියනවා මිය ගියේ වීරෝදාර නිලධාරියෙක් කියලා. නමුත් පොලිසියේ ඉහළ නිලධාරින් හරහා ටිරාන් දෙන නියෝග අනුව තුවාලකරුවන් කොළඹට අරන් ආවා නම්, වෙඩි වැදුණු අනෙක් නිලධාරියා මධුරංගගේ මළගෙදරට ගිහිල්ලත් ටිරාන් ඔය කතාවම කියයි. තුවාල ලැබූ නිලධාරියාගෙ ජීවිතේ බේරුණේ ඉමදූව පොලිසියේ නිලධාරින් කොළඹින් කතාකළ උසස් පොලිස් නිලධාරියාගේ වැරදි නියෝග පිළිපදිනවා වෙනුවට ඔහු රෝහල්ගත කළ නිසා. මේ සිදුවීමේ අනෙක් ප්‍රශ්නය තමයි, ඇයි පොලිසිය වෑන් රථයට ව්‍යාජ අංක පාවිච්චි කළේ? වෙඩි වැදුණු අය කොළඹට ගෙන යන්න උත්සාහ කළේ ඇයි? මෙම පොලිස් නිලධාරින් ගිය වෑන් රථයේ අංකය ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වෙලා තිබෙනවා. මරණීය තුවාල ලැබූ නිලධාරින් රෝහල්ගත නොකර කොළඹට පළායන්න මේ අයට තිබුණ හදිස්සිය මොකක්ද?

ටිරාන් අලස් සහ ජමාල්ඩින් අතර ගැටුම!

ඒ වගේම දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් මෙම වෑන් රථයේ සිට තිබෙනවා. මේ වනවිට පොලිස් අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වාට සම්බන්ධ අපරාධ චෝදනා ගණනාවක් තිබෙනවා. ඒ අනුව නිහාල් තල්දුව කියන ආකාරයේ සුරගන කතාවක් විශ්වාස කරන්න බෑ. ඒ නිසා දෙමටගොඩ පොලිසිය හරහා නඩත්තුවන නිල නොවන ඝාතක කණ්ඩායමක් තිබෙනවද කියන ප්‍රශ්නය ඕනම කෙනෙකුට මතු වෙනවා. මේ පොලිස් කණ්ඩායම වෙඩි තැබුව හෝටලය අයිති ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙ පුත්‍රයා ජමාල්ඩීන්ට අයත් එකක් බව හෙලි වී තිබෙනවා. මේ ආකාරයට වෙඩිතැබීමට අදාළ හේතුව කොළඹ, මල් පාරේ, ජමාල්ඩින්ට අයත් ඉඩමකට ටිරාන් අලස් විසින් හොර ඔප්පු හදලා ඇතිව තිබෙන ගැටුමක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙනවා මේ සම්බන්ධ අධිකරණ කටයුත්තකුත් තිබෙනවා. ටිරාන් අලස් සහ ජමාල්ඩින් අතර පුද්ගලික ප්‍රශ්නයක් නිසා මේ පොලිසිය මැදිහත් කිරීමට කටයුතු කරලා.

ටිරාන් ලුම්පන් තක්කඩියෙක්!

ටිරාන් අලස් වැනි ලුම්පන් තක්කඩියෙක් පොලිස් ඇමතිකමට පත්කරද්දි ඒ වගේම මේ ආකාරයෙන් දේශබන්දු වැනි නිලධාරියකු උසස් නිලයක පත් කරලා තමන්ගෙ පුද්ගලික වෛරයක් පිරිමහන්න, පොලිසිය යවලා කළ අපරාධයක් නිසා සිදුවෙලා තිබෙන විනාශය කොතරම්ද? ඔවුන්ගෙ නියෝග පිළිපදින නිලධාරින්ට ජීවිත අහිමි වෙලා. මේ ගැන කිසිදු ප්‍රධාන මාධ්‍යයක් කතා කරන්නෙ නෑ. ඔක්කොගෙම කටවල් වහලා. ඇයි මෙහෙම නිහඬතාවක් තිබෙන්නෙ කියලා අපි මාධ්‍ය ආයතනවලින් අහනවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අහනවා, දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අහනවා. මේ ආකාරයෙන් පොලිසිය තුළ වෙනම ඝාතක කණ්ඩායම් පවත්වාගෙන යාම, පෞද්ගලික ව්‍යාපාරික කෝන්තර පිරිමැසීමේ අරමුණු වෙනුවෙන් එවැනි කණ්ඩායම් මෙහෙයවීම ගැන ඔබ එකඟද කියලා අපි ඔවුන්ගෙන් අහනවා. මේක මේ මත්ද්‍රව්‍ය කතාව කියලා හෝටලයකට පහරදීමක් පමණක් නෙවෙයි, මේක සමාජයක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මේ රටේ ඕනම කෙනෙකුට අනතුරක් එල්ල වන තත්වයක්. අපි මාධ්‍ය ආයතනවලින්, දේශපාලන පක්ෂවලින් විමසනවා මේ ආකාරයට නිල නොවන පොලිස් කණ්ඩායම් නඩත්තු කිරීම ගැන ඔබේ මතය කුමක්ද?

හතුරුකමට දේශබන්දු කඩපු දෙහිවල හෝටලය!

දැන් ඒක සිදුවෙලා දින කීපයකින් දෙහිවල තිබෙන දේශබන්දුගෙ පරණ මිතුරෙකුගෙ හෝටලයක් කඩා බිඳ දමන්න පොලිසිය බැකෝ යන්ත්‍ර අරගෙන ගිහින්.

ටිරාන් අලස්ගෙ පත්තරෙන් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතු හෝටලයක් කඩන්න ගියා කියලා. නමුත් මේ හෝටලය සම්බන්ධ වරදක් තිබෙනවා නම් පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන්. මේ පුද්ගලික කෝන්තරයකට තමන්ගෙ පරණ යාලුවාගෙන් පලිගන්න දේශබන්දු කළ වැඩක් බවට සැකයක් තිබෙනවා. ඒ හෝටල හිමිකරු දේශබන්දුගෙ යාලුකම ගැන ඒකට කරපු ගෙවීම් ගැන ප්‍රසිද්ධියේ කියනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරියට ගෙන යමින් සිදුකරන අයුක්ති සහගත මෙහෙයුම ගැන අපි සමාජයක් ලෙස බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුයි.

මේ වනවිට මේ යුක්තිය මෙහෙයුම කියලා අත්අඩංගුවට ගන්න අය වේලාසනින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූ අය. එහෙම අත්අඩංගුවට ගත්තෙ පොලිසියට දිනපතා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන යන්න. දේශබන්දුට ටිරාන්ට බොරු වීරයන් වෙන්න මාධ්‍ය මගින් ප්‍රතිරූප පුම්බන්න. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීම්, හිංසාවන් ගැන කතා කරන මාධ්‍යවේදින්ට කුඩු සම්බන්ධ අවලාද නගනවා, නීතිඥයන්ට, දේශපාලන ක්‍රියාකාරින්ට, සමාජ ක්‍රියාකාරින්ට අවලාද නගනවා.

එක කාලයක් තිබුණා සියලු දෙනා එල්ටීටීඊ කියලා අත්අඩංගුවට ගන්න එකෙන් ඇත්ත වසා දමමින් ජනතාව රවටමින් රාජපක්ෂලාගෙ දේශපාලනය ආරක්ෂා කරගන්න, ඔවුන්ගෙ දූෂිත, මර්දනකාරී ජඩ දේශපාලනය එල්ටීටීඊ කතාවලින් වසා දැමුවා. ඊට පස්සෙ කාලයක් තිබුණා සහරාන් සහරාන් කියලා ජනතාවගේ ඇස් වහලා මර්දනය ඉදිරියට ගෙන ගියා.

ඊට බොහෝ කලකට පෙර 1980 ගණන්වල රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය වුණේ ජේවීපීකාරයෝ කිය කිය මර්දනය පවත්වා ගෙන ගිය එක.

ප්‍රධාන කුඩු ජාවාරම්කාරයන් 10 දෙනාගෙන් පාර්ලිමේන්තුවේ 6 දෙනෙක්!

කුඩු ජාවාරම්කාරයන් අල්ලන්න වැලිගම පැත්තෙ හෝටල්වල යන්න දෙයක් නෑ. ප්‍රධාන කුඩු ජාවාරම්කාරයන් 10 දෙනාගෙන් පාර්ලිමේන්තුවේ 6 දෙනෙක් ගැන රන්ජන් රාමනායක චෝදනා කරනවා. ඔය කුඩු අල්ලනවා කියන ටිරාන්ලා කෝටි ගණන් මහජන මුදල් විදේශ විනිමය වංචාකරපු හැටි යුරෝපයේ ආයෝජනය කළ හැටි ඉදිරිපත් කළ චෝදනා විමර්ශනය කළාද? ඒවා යට ගැහුවා. එල්ටීටීඊ එකට මුදල් දුන්න බවට අධිකරණයෙදි චෝදනා ඉදිරිපත් වුණා. ඒවා යට ගහලා මේ රටේ ජනතාව මත හිංසනය, මර්දනය, භීෂනය පටවන එක වහාම නැවැත්විය යුතුයි.අපි ළඟ සාක්ෂි තිබෙනවා.

මේ තියෙන්නෙ 4 දා, මේ බ්‍රහස්පතින්දා ගාල්ල මාතර මාර්ගයේ බස් නවත්වලා, වැඩට යන සේවක සේවිකාවන් පරික්ෂා කරනවා. නමුත් පරික්ෂා කරන එක පවා කරන්නෙ නෑ. මේක මේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ආණ්ඩුවේ මෙහෙයුමක්. බත්තරමුල්ලෙදි සත්ව අහිංසා ක්‍රියාකාරිනියක් අත්අඩංගුවට අරන් තියෙන්නෙ හැඳනුම්පත නෑ කියලා. නමුත් අත්අඩංගුවට ගත් අය ළඟ මත්ද්‍රව්‍ය තිබිලත් නෑ, සමහරුන්ට චෝදනා කරමින් ඉදිරිපත් කළ පැකට්වල තිබුණෙ පාන්පිටි බව හෙළි වෙලා. පොලිසියට දැන් දාස් ගානක් සැකකරුවන් කරලා ඉදිරිපත් කරන්න මත්ද්‍රව්‍ය නෑ. ඒ නිසා පිටි දාලා ඉදිරිපත් කරනවා. කරමින් දහස් ගණන් ඉලක්කම් පෙන්වමින් කඩා වැටුනු පොහොට්ටුව නැගිට්ටවන්න බෑ. යුක්තිය යුක්තිය කියමින් කරන අයුක්තිය නවත්වන්න, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් දේශපාලනය අවසන් කරන්න.

දේශපාලන පක්ෂවල නායකයන්ගෙ කැත ජඩ අරමුණුවලට අපරාධ කරන, මිනිමරන, ජනතාවට හිරිහැර කරන දේශපාලනය නිසා මේ රට විනාශ වෙනවා.

මේක සිදු වෙලා දවස් ගානක් ගිහින් දේශපාලන පක්ෂ සද්ද නැතිව ඉන්නවා. අපි කියනවා ‍නිහඬව ඉන්න එපා මේ ගැන කතා කරන්න.”

දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට ජාත්‍යන්තර කොල්ලකරුවෙකු වන ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව සිදුකරනු ලබන මුල්‍ය අපරාධ විමර්ශන වහාම ක්‍රියාත්මක වනපරිදි නතර කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

රාජපක්ෂ කල්ලියේ සුරතෙලෙකු මෙන්ම රාජපක්ෂලා ජනතාවගෙන් ගසාකෑ දේපළවල ආරක්ෂකයාද වන ජෙරම්ට එරෙහිව එල්ල වු චෝදනා හමුවේ මුල්‍ය අපරාධ විමර්ශනයක්ද දියත් වු අතර ඒ අනුව උණ්ඩියල් ක්‍රමයට සහ පිරමිඩ ක්‍රමයට මුදල් විශුද්ධීකරනය කිරිම මහා පරිමාණයෙන් සිදුකර තිබේන බව අනාවරණය වි තිබේ.

අදාළ මුදල් ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් කර තිබේන අතර අති විශාලතම ධනස්කන්ධයක් සගවා ඇත්තේ කුප්‍රකට සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ තානාපතිවරයකු ලෙස ක්‍රියා කරන ඉවැන්ජලික දේවගැතිවරයකු සහ විස්මිත මුදල් මැවීම් ගැන දේව මෙහෙය පවත්වනන්කු ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් Uebert Angel සතුව බවද අනාවරණය වි තිබේ.

දෙස් විදෙස් ඇස් මවිත කරවන කරුණ වන්නේ 2021 වසරේ මුළු ලෝකයේම ආර්ථිකය 94 Trillion USD බව ගණනය කර තිබේන විට රාජපක්ෂලා මුළු ලෝකයේම ආර්ථිකය මෙන් 10 ගුණයක් පමණ මුදලක් සොරකම් කොට ඇත.

අදාළ විමර්ශන වහාම නතරකිරිමට රාජපක්ෂ කදවුරෙන් බලපෑම් එල්ල්ල වි තිබේන අතර ඒ සම්බන්ධයෙන් මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ පෞද්ගලිකවම ඇටවු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවි කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. එ අනුව බෞද්ධ ආගමට එරෙහිව සිදුකල බවට කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් පමණක් විමර්ශණ සහ අධිකරණ කටයුතු කරන ලෙසට නීතිපතිවරයාටද දැනුම් දිමක් සිදුකර තිබේ.

රාජපක්ෂලා නැවත සමාජගත කිරිමේ රනිල් රාජපක්ෂ මෙහෙයුමේ ආටක නාටකය වි තිබේන සම්බුද්ධ ශාසන බේරා ගැනිමේ මෙහෙයුම මෙම විමර්ශණ හරහා අකර්මණ්‍ය විම වලක්වා ගැනිම සදහා තවත් කිහිප දෙනෙකු ICCPR යටතේ රඳවා ගැනිමටද අවධාණය මෙහිදි යොමුවි තිබේ.

නාමල්- ලිමිනී – Uebert සහ Jerome

ලොවපුරා දුෂීත දේශපාලඥයන් රැසක් මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් Uebert සමග සම්බන්ධව සිටින බව අප මීට පෙර අනාවරණය කර තිබුනා.ඊට අමතරව ආසියානු කලාපයේ දුෂිතයන් රැසක්ද සිටින බවද අනාවරණය කළා.(අදාල ලිපිය කියවිමට – රාජපක්ෂලාගේ පිනට පහල වු “දෙවියන්ගේ මිනිසා”.. කුප්‍රකට Uebert සහ රාජපක්ෂලාගේ ගණුදෙනු!)

තවත් අනාවරණයන් පහතින් කියවන්න …..

Uebert Angel රාජපක්ෂලාට සෙට් වෙන්නේ ලිමිනී හරහාය එනම් නාමල්ගේ බිරිඳ හරහාය. මහින්ද රාජපක්ෂ පස්ස උඩ තියන් බුදුන් වැන්දද ආර්‍යාව සිංහල බෞද්ධයන් සතයකට මායිම් නොකරන Born again නිකායේ එකියෙකි. ලිමිනීද Born again මෙන්ම Uebert Angel අදහන අයෙකි. ඒ නිසාම ශීරන්තිට සෙට්වුනම ලේලිය වන්නේ ලිමිනිය.ලිමිනී,නාමල් කසාද බඳින්නට පෙර සිටම ශිරන්තී සමග සමීප සබඳතාවයක් පැවැත්වු අතර එම කාලය තුල Uebert රාජපක්ෂ පවුලට සැහෙන්න තරමට සමීප වි තිබේ.

ජෙරම් දෙවියන්ගේ පිරමීඩ ගේම් ….

රටපුරා ක්‍රියාත්මක වන බහුතර පිරමිඩ ව්‍යාපාර අවසානයේ ගැටගැසී ඇත්තේ ජෙරම්ගේ Born again කල්ලියේ මිරැකල් ඩෝම් සමගය. ලෝවපුරා දුෂීතයන්ගේ හොරා කෑ සල්ලී සහ දේපළ මේ හරහා සුද්දකරන අතර ඒ සදහා පිරමිඩ් ජාවාරමකරුවන්ට යම් ප්‍රතිලාභ ලබාදිමටද ඔහුන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරමීඩ ආයෝජන යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පසුගියදා නිවේදනය කල අතර වගකිව යුත්තන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන නීති උපදේශක නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබුනා.

“ශ්‍රී ලංකාවේ නීතියට අනුව පිරමිඩ ක්‍රම ක්‍රියාත්මක කිරීම වසර තුනත් පහත් අතර සිරදඬුවම් ලැබිය හැක. වැරදිකරුවන්ට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2 ක දඩයක් (ඩොලර් 6,222) හෝ යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගෙන් ලැබෙන මුදල මෙන් දෙගුණයක්, එයින් වැඩි මුදල ගෙවිය යුතුය.”

මුදල් විශුද්ධිකරණය – Money laundering

මුදල් විශුද්ධිකරණය යන යෙදුමෙන් මූලික වශයෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උත්පාදිත මුදල් ය. (නිදසුන් :හොර මත්පැන් නිෂ්පාදනය,මත්පැන් අලෙවිය,අවි ආයුධ නිෂ්පාදනය,විනිමය වංචා,අල්ලස්,පොදු දේපල වංචා)

රට ආර්ථිකය කඩා වැටෙද්දී, වෛද්‍යවරුන්, දේශපාලනඥයන් සහ ආරක්ෂක නිලධාරීන් වැනි වෘත්තිකයන් ඇතුළු දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් ව්‍යාජ ක්‍රිප්ටෝ ඇතුලු පිරමිඩ යෝජනා ක්‍රමයට ගොදුරු වූ බව වාර්තා වලට අනුව අනාවරණය වි තිබේ.

සමහරු ඉහළ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තම රැකියාව අත්හැර දැමූ අතර බොහෝ දෙනෙක් තම ස්වර්ණාභරණ උකස් කර, තම දේපළ උකස් කර, තම වාහන විකුණා ඔවුන්ට හැකි සෑම දෙයක්ම මුදල් සඳහා ආයෝජනය කළහ. පස් ගුණයකින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට පොරොන්දු වුවද, ඔවුන් ආයෝජනය කළ දේ යන්තම් ලැබී ඇති අතර බොහෝ දෙනෙකුට එය පවා නොලැබුණ බව දන්නේ ඔහුන් පමණී.

නමුත් ආයෝජකයින්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට නම්, පිරමිඩ ක්‍රමයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බැංකු පනත යටතේ සැකකරුවන්ට චෝදනා එල්ල කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ.

උදාහරණයක් ලෙස පසුගිය කාලසීමාවේ උගත් බුද්ධිමතුන් දැලට හසුකරගත් Sports Chain පිරමිඩය ශ්‍රී ලාංකිකයන් 8,000කට වැඩි පිරිසකගෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 15කට (ඩොලර් මිලියන 46.6ක්) වංචා කර ඇති බව CIDය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ පෙත්සමක සඳහන් කර තිබේ. මේ අනාවරණය කළේ එක් සිද්ධියක් පමණී. ඒ හරහා ඔබ වටහා ගත යුත්තේ රාජපක්ෂලා ඇතුලු කුප්‍රකට ව්‍යාපාරික කල්ලිය ජනතා මුදල් කොපමණ ප්‍රමාණයක් හොරා කා ඒවා විශුද්ධීකරණයට ලක්කර ඇද්ද යන්නය.

https://lankanewsnetwork.org/archives/29451
https://lankanewsnetwork.org/archives/29338

බුද්ධාගමට අපහාස කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව පවසමින් පසුගිය දින කිහිපයේ ජෙරම් ප්‍රනාන්දු නම් වූ දේවගැතිවරයාට එරෙහිව රටපුරා කුපිතව නැටු සියලුම දෙනා මේ වනවිට මිලටගෙන අවසන් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය දිනකිහිපය තුලදි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සaජු මැදිහත් විම මත ප්‍රධාන පෙලේ භික්ෂුන් දෙදෙනෙකුට විශාල මුදලක් ලබාදි තිබෙන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර හදිසියේ මතුවු ජෙරම්ගේ අර්බුදය සමග මේ පසුපස සිටින මජර ව්‍යාපාරිකයන් සහ පාදධ පොලිස් සුනඛයන් පිරිසක්ද අනාවරණය වි තිබේ.

දෙවියන් වහන්සේගේ නාමයෙන් ජනතවාගේ සහ ව්‍යාපාරිකයන්ගේ මුදල් කොල්ලකන ව්‍යාපාර රැසක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේන අතර ඒ පසුපස සිටින පුද්ගලයන්ද මේ වනවිට අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

කොළඹ නවම් මාවතේ Green Lanka නැමති ගොඩනැගිල්ල කලක සිටිම කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි අතර පසුගිය රාජපක්ෂ සමයේ සිටම ජෙරම්ගේ මිරැකල් ඩෝම් සහ පිරමිඩ ගනයේ ජනතා මුදල් කොල්ලකන ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබේ.

ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් ආරවුලක් පවතින බවත්, වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතින අතර මෙම ගොඩනැගිල්ල ග්‍රීන් ලංකා සමාගමට අයත් උකස් කළ ගොඩනැගිල්ලකි.

අදාළ ගොඩනැගිල්ල මැලේසියානු ව්‍යාපාරිකයෙකු සතුව තිබු අතර පසුව රාජු රාධා,දර්ශන් සමග එක්ව හොර ඔප්පුවක් මාර්ගයෙන් අල්ලාගෙන් සිටි අතර ජෙරම්ගේ මිරැකල් ඩෝම් සහ පිරමිඩ ගනයේ ජනතා මුදල් කොල්ලකන ව්‍යාපාර රැසක් මෙම ස්ථානයේ පවත්වාගෙන ගියේ හිටපු FCID ප්‍රධානී රවී විද්‍යාලංකාර, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මෙන්ම වත්මන් ආණ්ඩුවේ මර්දණකාරී ව්‍යාපාරය දියත් කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සිටින බව අනාවරණය වි තිබේ.

ඒ අනුව අදාළ ගොඩනැගිල් ජාත්‍යන්තර හොරුන් ගණනාවක එකට වාඩි වී රටම කොල්ල කන කාර්ය්‍යාලයක් මෙන්ම බුදු දහමට නිගා කළ Born again කල්ලියේ මිරැකල් ඩෝම් හෙවත් The Glorious Church ද පවත්වාගෙන ගිය අතර පසුගිය අලුයම ඇතුළු වු කණ්ඩායමක් එහි මහල් කිහිපයක තිබූ දේපළවලට හානි කර තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ කලක සිට මුස්ලිම් අගමිකයන් මෙන්ම හින්දු ආගමික දමිළ පුද්ගලයන් මෙම ස්ථානයේ ඇති මිරැකල් ඩෝම් වෙත කැදවාගෙනවිත් බෝර්න් අගේන් වෙත හරවන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගෙන ගිය බවයි. ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ මුස්ලිම් ජාතිකයන්ගෙන් බලවත් විරෝධයක් මෙම ස්ථානයට එල්ල වි තිබේ.

මිට අමතරව ඒෂියා කැපිටල් පිරමිඩ ජාලය පවත්වාගෙන ගොස් ඇත්තේද මෙම ස්ථානයේ වන අතර ඒ සම්බන්ධයෙන් අනාවරණය පසුව බලාපොරොත්තු වන්න.

දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට ජාත්‍යන්තර කොල්ලකරුවෙකු වන ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අප මිට පෙරද අනාවරණය කල අතර ජෙරම් රාජපක්ෂ කල්ලියේ සුරතෙලෙකු මෙන්ම රාජපක්ෂලා ජනතාවගෙන් ගසාකෑ දේපළවල ආරක්ෂකයාද වේ.

අනාගත වක්තෘවරයෙක් (Prophet) නොඑසේ නම් දිවැසිවරයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජෙරම් ප්‍රනාන්දුගේ අධ්‍යාත්මික ගුරුවරයා වන්නේ සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයාය. එනම් සොරමුලේ නායකයා වන්නේ ඔහුය.

ජෙරම් ඇතුළු පිරිස ජාත්‍යන්තර ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොවපුරා ජාතීන් 90කට ආසන්න ප්‍රමාණයක් වෙත සේවය සපයන මෙම දෙවියන් වහන්සේගේ සමාගම ලොවපුරා තුන් කෝටිය ඉක්මවා අනුගමනය කරන බව හෙළිදරවු වි තිබේ.

https://lankanewsnetwork.org/archives/29395

බෝර්න් අගේන් යනු රටවල් සුරාකමින් ජනතා දේපළ සොරකම් කරන රාජපක්ෂලා පන්නයේ හොරුන්ගේ ධනය ආරක්ෂා කරන තැනක් වන අතර එය ජාත්‍යන්තරව ශක්තිමත් ජාලයක්ද වේ.

පසුගිය සතියේ පැවැති කුප්‍රකට ව්‍යාපාරික රාජු රාධාගේ දියණිය අශ්විනී රාධා සහ ආරෝන් තවරාජාගේ විවාහ උත්සව අවස්ථාව සමග මහින්ද රාජපක්ෂ එකතුවි සිටියේ මෙලෙසින්ය.

මෛත්‍රී දහමි පාසල් දරැවන්ට හා ගුරුවරුන්ට ත්‍යාග ප්‍රධානය හා නවක සිසුන් පිලිගැනිමෙි උලෙළ දර්ශන ජයනෙත්තිගේ අනුග්‍රහකතත්වයෙන් පැවැති අවස්ථාවේ එවකට පොලිස්පතිව සිටි පුජිත ජයසුන්දර සහභාගි වු අයුරු.

ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ කතාව සමාජ කතිකාව නිර්මාණය වූවේ 2019 වසරෙන් පසුවය. ආරම්භයේදී මෙම පිරිස ”Born again” නම් ආගමික කණ්ඩායමක් සමාජය හඳුනා ගත්තේය. කෙසේ වෙතත් Born again යනු ආගමික සංකල්පයක් මිස මෙම කඳවුරේ නාමය නොවන බව පසුව පැහැදිලි විය. ක්‍රිකට් තේරීම් සඳහා ජෙරම්ගේ බලපෑම් සිදුවන බවට මූලික අවස්ථාවේදී විශාල සැකයක් මතුවිය.

කෙසේ වෙතත් කාලයත් සමඟ එය යටපත්ව ගියේය. පසුගිය වසරේ ජෙරම් නැවත කරළියේ මාතෘකාවක් බවට පත්වූයේ ක්‍රිකට් ලෝක කුසලාන අනාවැකි හේතුවෙනි. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණ පවා පැවත්වීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සුනු විසුණු කල ජෙරොම් ..!

“ජෙරම් ක්‍රිකට් ෆීල්ඩ් එක ආක්‍රමණය කරන්නේ සංගක්කාරගේ උදව් මතින්. සංගක්කාර සහ යෙහාලිගෙන් පස්සේ, මහේල, රුවන් කල්පගේ, චන්දික හතුරුසිංහ ජෙරම්ගේ ආගමට කන්වර්ට් වුණා. ඒ තමයි ජෙරම් ප්‍රනාන්දුගේ ක්‍රිකට් ෆීල්ඩ් එකේ මුල්ම අනුගාමිකයෝ. මේ අය බහුතරය සංගක්කාරගේ පවුලේ සමීප මිත්‍රයෝ.

පස්සේ ඉතා ශීඝ්‍රයෙන් ප්ලේයර්ස්ලා, ඔෆීෂියල්ස්ලා ඇතුළු හැමෝම එක්ක ක්‍රිකට් ෆීල්ඩ් එකම “බෝර්න් අගේන්” වුණා. භානුක රාජපක්ෂ වුණත් උපතින් බෞද්ධයෙක්. ක්‍රිකට් ෆීල්ඩ් එකට ඇවිත් කන්වර්ට් වෙච්ච කෙනෙක්.”

2020 ජුනි 3 වැනිදා කල අනාවරණයකි…..

https://lankanewsnetwork.org/archives/24584

2020 ජුනී 21 කල අනාවරණයකි…..

https://lankanewsnetwork.org/archives/24503

2020 ජුනී 22 කල අනාවරණයකි…..

https://lankanewsnetwork.org/archives/24531

දුෂිතයන්ගේ සල්ලි රකින ජෙරොම් ප්‍රනාන්දු …

ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ ‘මිරකල් ඩෝම්’ නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09 ක් පමණ වන අතර මෙම අක්කර හතරක (4) ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි. එමෙන්ම මෙහි දී හෙළි ඇත්තේ මෙම ආයතනය සඳහා ආධාර වශයෙන් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් (5) බවයි.

එමෙන්ම ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් (2) දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන තිබේ.

ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන් ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබී තිබෙන බව ද අනාවරණය වී තිබෙනවා.දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගලක් ද රුපියල් ලක්ෂ පහකට (5) විකුණා ඇති බව ද මෙහි දී අනාවරණය වුණා.

වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් කර තිබේ.

කතාව අවසන් නැත.


අන්ත අති දූෂිත කුප්ප හිරිකිත සක්කිලි අසමජ්ජාති ස්ත්‍රී දූෂක සමස්ත යුද හමුදාවම පජාත කර දැමූ කුප්‍රකට මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද බලකාධිපති ධූරය උසුලන පොදු සේවා බලකායේ ප්‍රථම අණදෙන නිලධාරිනිය ලෙස පත් වුණු කාන්තා නිලධාරිනිය වාචික ලිංගික හිංසනයට ලක්කර ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම සබැඳිව පාපොච්චාරණ හඬ පටය මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

අප කොතෙකුත් අවස්ථාවන්හිදී සමස්ත හමුදාවම පජාත කර දැමූ මෙම අසමජ්ජාති කුප්‍රකට මේජර් ජෙනරාල්වරයා පිළිබඳ වාර්තාකරණයෙ නියැළුණුද අද ගොලු බිහිරි හැඟීම් දැනීම් නොදැනෙන ලාදුරු රෝගීන්සේ බලධාරීන් අනුගමනය කළ නිද්‍රාශීලී පිළිගත හේතුකොටගෙන එම බළකාය තුළ සෙබල බත්පත පඩි පත මෙන්ම සෙබළියන්ගේ පතිවතද අවධානමට ලක් වී තිබේ.

හමුදා භාර්යාවන්ට පෙන්වූ මෙ(හු)ත්තානන්දගේ දරුණු අවිය…
(හමුදාපති භාර්යාවගේ අවධානයට සහ ක්‍රියාකිරීමට)

යුද හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස ඔබතුමිය මෙම තුච්ච අමන කුජීත පහත් නීච ක්‍රියාව සබැඳිව අනිවාර්යෙන් සොයා බැලිය යුතුය .මක්නිසාදයත් එය හුදෙක් ඔබගේ තනතුරෙන්ම පැවරෙනු ලබන වගකීම පමණක් නිසාම නොවන මුත් සදාචාරාත්මකව වින්දිත හමුදා භාර්යාවන් මුහුණ දුන් අපහසුතාවයට ඔවුන්ගේ නායිකාව ලෙස ඔබ නිරායාසයෙන්ම වග උත්තර කාරියක් වන බැවිනි.

ඔබ සේවාවනිතා ශාඛාව යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා සේවාවනිතා ශාඛාවේ මහා සභා රැස්වීම සහ මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්දගේ 54 වන උපන්දින සැමරීම එකම දිනක එනම් පසුගිය 26 වන දින එකම ස්ථානයක පැවැත්වීමට කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල නොවන අතර උපන්දින සාදයෙ වියදම් සේවා වනිතා සාමාජිකාවන් විසින් දැරිය යුතු බවට අණ දීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙන්නෙමු.

සාම්ප්‍රදායික මෙන්ම නෛතිකව සේවා වනිතා මහා සභා රැස්වීමේදී එම ශාඛා සභාපතිනිය ලෙස බලකාදිපති මෙ(හු)ත්තානන්දගේ භාර්යාව හට මහා සභා රැස්වීම ඇමතීම නෛතික සහ ව්‍යවස්ථානුකූල නමුත් වියවස්තාවේ හෝ අන් කිසිදු නීතිමය රාමුවක නොමැති ලෙස එම මහා සභාවට පැමිණි හමුදා භාර්යාවන් ඇමතීමට බලකාදිපති ලෙස මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද හට වරප්‍රසාදයක් නොමැති පසුබිමක බලහත්කාරයෙන් රැස්ව සිටි නිලධාරීන්ගේ සෙසු නිළියන්ගේ බිරින්දැවරුන් සහ කාන්තා නිලධාරිනියන් ඉදිරියේ ජේෂ්ඨ නිලධාරියෙකුට නොගැළපෙන ආකාරයෙන් දෙපැත්ත කැපෙන වචන භාවිතා කරමින් වෙනත් අසභ්‍ය යමක් අර්ථ ගන්වන්නාක් සේ…

” මං ගාව භයානක අවියක් තියෙනවා මට ඕනේ වෙලාට තමයි ඒක මං ඕගොල්ලන්ට පාවිච්චි කරන්නේ”

යනුවෙන් ප්‍රකාශ සිදු කිරීම පිළිකුල් සහගත බව පෙන්වා දෙන්නෙමු.

මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්ද පිළිබඳ පෙර කියවීමේදී කිසිදු පිළිකුලකින් හිරිකිතකින් තොරව කාන්තාවන් ඉදිරියේ අසභ්‍ය වචන භාවිතා කළ අවස්ථාවන් නම් එමටය.

ඒ අතර පසුගිය වකවානුවේ සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වූ වීඩියෝ පටය සාක්ෂි දරනු ඇත.

එහිදී සියලු නිලධාරීන් සහ නිලධාරිනියන් ඉදිරියේ

“මගේ නම මෙත්තානන්ද මට කියලා “මෙ” යන්න අයින් කරලා” හු” යන්න දාගන්න එපා”

යනුවෙන් පිළිකුල් සහගත ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළද ඒ සබැඳිව සබැඳිව යුද හමුදාපති ක්‍රියා නොකිරීම ඔහුගේ මෙම අමන ක්‍රියාවන්ට ලබාදුන් උත්තේජකයක් බව පෙන්වා දෙන්නෙමු.

ඔහුගේ එම කුප්ප ප්‍රකාශයෙන් පසු අප ඔහු ඊ නිව්ස් තුළින් ආමන්ත්‍රණය කරනුයේ මෙ(හු)ත්තානන්ද ලෙසිනි

රාත්‍රී 12 පසුවනතුරු හමුදා භාර්යාවන් බලෙන් රඳවාගෙන.

මේජර් ජෙනරාල් මෙ(හු)ත්තානන්දගේ පෙර කියවීම තුළ කාන්තාවන්ට ලොල් බව සාක්ෂි ඇතිව මනා ලෙස ඔප්පු වී තිබේ.

එවන් පසුබිමක සේවා වනිතා මහා සභා රැස්වීම අවසන හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් නිවෙස් වලට යෑම වළකාලමින් පෙරදින රාත්‍රියේ දොළහට උදාවූ උපන්දිනය සඳහා උපන් දිනය දින රාත්‍රියේ දොළහට කේක් ගෙඩිය කැපීමට යොදා ගැනීමම ඔහු මන්ද මානසිකත්වයෙන් පෙලෙන උම්මත්තක වූ බව මොනවට ඔප්පු කරන්නේද?

මවක ගෘහණියක කොටින්ම කාන්තාවකගේ කාර්යභාරය සහ අවශ්‍යතාවයන් හඳුනා නොගත් මෙත්තානන්ද යුවළ අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ හමුදා මව්වරුන් පවා නිවෙස්වලට යෑමට ඉඩ නොදී රාත්‍රී 12 පසුවනතුරු අමානුෂික ලෙස රඳවා තබා ගැනීම සදාචාරාත්මක සම්පන්නද යන්න සමස්ත හමුදා බිරින්දෑවරුන්ගේ නායිකාව වන හමුදාපති බිරිඳගෙන් විමසීමට කැමැත්තෙමු.

නිලධාරීන්ගෙ විරෝධය මැද වැටුපෙන් රුපියල් 1000 බැගින් මාස ගානක් කපාගෙන

බඩට දැනෙන ආර්ථිකයකට රටම මුහුණදී ඇති අවස්ථාවක රාජ්‍ය සේවයක් වන හමුදා නිලධාරීන්ට ලැබෙන සුලු වැටුප නීති විරෝධී ලෙස හමුදා මූල්‍ය අණ පනත් චර්යා නියෝග අමු අමුවේ දූෂණය කරමින් මංකොල්ල කෑම පිළිබඳ යුධ හමුදාපතිගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.

යුද හමුදා පොදු සේවා බලකායේ 600 කට ආසන්න හමුදා නිලධාරීවරුන් ගෙන් මාස 5ක කාලයක් රුපියල් 1000 බැගින් ගොඩනැගිල්ලක් සෑදීමට යැයි පවසමින් මංකොල්ලකෑම හමුදා නීතියට අනුකූල ද යන්න හමුදාපතිගෙන් වැඩිදුරටත් දැනගැනීමට කැමැත්තෙමු.

අප විසින් අනාවරණය කිරීමට යෙදුණු මෙ(හු)ත්තානන්ද යුවලගේ බරපතළ චෝදනා දෙක සබැඳිව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් මිදීමට හමුදාපති යුවලට කිසිසේත් නොහැක එමෙන්ම මෙම අනීතික ක්‍රියා සබැඳිව ඔබ දෙපළගේ ක්‍රියා කිරීම දිගින් දිගටම විමර්ශනාත්මකව මාධ්‍ය කරණයේ යෙදී අප විසින් නිරන්තරයෙන් වාර්තා කරන බව අවසාන වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු

මෙ(හු)ත්තානන්දගෙ පෙර වැරදි ..

මෙ(හු)ත්තානන්දගේ පෙර වැරදි වන මිලියන ගණනක ටයිල් වංචාව, නිවසේ පාටි දැමීම සඳහා සෙබළුන්ගේ ආහාර මංකොල්ලය, හමුදා සාමාජිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම, යුද හමුදා සුභ සාධක වෙළෙඳ සල් වලට සැපයුම් ලබා දෙන්නන් ගෙන් කප්පම් ගැනීම, යුද හමුදාවට අනුයුක්ත සිවිල් සේවක මහතුන්ව තම පෞද්ගලික නිවසේ වැසිකිලි සුද්ද කිරීමට යොදා ගැනීම, හමුදා සම්පත් සහ සාමාජිකයන් පෞද්ගලික වුවමනාකම් උදෙසා අවභාවිතා කිරීම, ප්‍රසිද්ධියේ පරුෂ වචන කියමින් අප්‍රසන්න අයුරින් භට පිරිස් ආමන්ත්‍රණය කිරීම, අනෝරා වැස්සේ යුද හමුදා සාමාජිකයන් 300 ක් පැයක කාලයක් සීරුවෙන් තබා වෛරය ප්‍රකාශ කිරීම, නිල වාහන උපයෝගී කරගන්න තම රියදුරා වන සුසිරිපාල හරහා කඳවුර තුළට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ව්‍යාපාරයේ යෙදවීම, යුධ හමුදා ගොවිපල වල නිෂ්පාදන නොමිලේ ලබා ගනිමින් පෞද්ගලික ප්‍රයෝජනයට මෙන්ම දොලපිදේනි ලෙස ලබා දී ඔහුට විරුද්ධව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු යටගැසීම, ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල අවභාවිතා කරමින් මිලියන එකහමාරක් අනීතිකව ලබාගත් මේජර් නදීරා විජේසිංහ හට ව්‍යාජ ලියවිලි අනුමත කර දීම, සහ තවත් බරපතළ චෝදනා රැසකට දඩුවම්ද නැත පරීක්ෂණද නැත.

2015 යහපාලන රජය බිද දැමීමට එවක විපක්ෂයේ විපක්ෂ නායක වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ දින පතා පන්සල් ගානේ ගොස් අමුලික බොරු කියමින් ජනතාව ගොනාට ඇන්ද විය. එදා මහ බැංකු අධිපති වු අර්ජුන ඇලෝසියස් මෙරටට පැය 24 තුල කුදලාගෙන යන බවට වහසි බස් දෙඩු සියළු දෙනා අද ගලේ පැහැරූ බළලුන් වී ඇත. එදා මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ඇමතිවරයාටද මේ පාර්ශ වයන් ඉතා බරපතල ආකාරයෙන් චෝදනා එල්ල කරන ලදී. රවි කරුණානායක අධිකරණයට පවා ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසාය. ඒත් අද පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක මංඩලය පවා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

එදා මහින්දලා බැඳුම්කර අටමගලයක් ගැන ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා නින්දිත දේශපාලන ගේමක නිරත වූහ. රටේ අනාගත පරම්පරාවේද හෙට දවස විනාශ කරමින් සිදුකල නින්දිත ක්‍රියාව අද රාජපක්ෂලාටම එරෙහි පාරාවලල්ලක් වී තිබේ.එදවස රවි කරුණානායක ඇමතිවරයාට තම ඇමතිකම දමා ගෙදර යාමට පවා සිදු වුයේ මෙහි ප්‍රථිඵලයක් මතය. ඒත් සත්‍ය වශයෙන් බැඳුම්කරය පිලිබද කතන්දර එය නොවේ .සමාජයට අනාවරණය නොවූ ඒ සත්‍යය මේ වන විට අප සතුව ඇත. බැඳුම්කරය සිරස ප්‍රධාන නාලිකාවේ සඡ්ඝායනා කරන පිරිතක් ලෙස ප්‍රචාරය කරන ලද්දේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිරිසකි. ඒ චෞරයන්ගේ නම් ගම් සහ උන්ගේ කෙරුවාව අප අනාවරණය කරන්නේ තවදුරටත් රට තුල මෙවැනි තක්කඩි ගේම් සිදු නොවිය යුතු නිසාය. බැඳුම්කර වංචාවේ සත්‍යය යටපත් කරමින් රනිල් හා,රවී කුජීත කරවන්නට ගැසූ තක්කඩි ගේමෙන් කෙල වුනේ රටේ මුල්‍යය විනයටය.

කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට රනිල් හා රවි යන දෙදෙනා සම්බන්ධ කිරීම තුළ සැඟවුන සිදුවීමක් තිබේ.

2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසට අභිෂේක ලැබුවේ රාජිත සේනාරත්නගේ හා චන්ද්‍රිකාගේ එකඟත්වය මතය.එදා රනිල් වික්‍රමසිංහට මෛත්‍රී පිළිබඳව රෙකමදාරු කළ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ පස්සා පැත්තට පයින් ගැසීමට ජනපතිි පදවියට පත්වූ මෛත්‍රීට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. ඒ ඔහු එපමණකටම කෙලෙහි ගුණ නොදන්න වාහේ කෙනෙකු නිසාය. මෛත්‍රිට 2015 ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙසට මෙරට පැවැති ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වීමත් එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න ගනනක් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා ලැබී තිබේ. මෙම ඩොලර් මිලියන හතලිහකට ආසන්න මුදල මෛත්‍රී සිරිසේන විසින් දහම් සිරිසේන විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා ගේ සමාගමෙි ගිනුමකට බැර කිරීමට සැලසුම් කර තිබේ.ඒ සමාගම එල්කාඩෝ සමාගමයි.මෙම සිදුවීම හරියටම සුනාමි ආධාර මුදලක් සිය පෞද්ගලික ගිනුමට බැර කර ගත්තා හා සමානය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට පසුව එම ඩොලර් මිලියන ගනන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වූ අතරම ඒ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම ⁣විදේශීය මුදල් තොගය මහබැංකුවට භාර දීී ඇත.අදාල විදේශීය මුදල් තොගය මහ බැංකුවට බාර දීමෙන් පසු එහි වගකීම මහ බැංකු අධිපතිවරයාටය.

2015 ජනවාරි 08 දින මෙරට ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන පත්වෙන ලදී.ඔහු ජනාධිපති වීමෙන් පසුව සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ මහබැංකු අධිපති ලෙසට කුමාරාස්වාමි පත් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ රනිල් ගෙන් අවස්ථාවක් නොලැබුන අතර එම තනතුරට ඔහුගේ ගජමිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදී. අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදී මෛත්‍රිපාලගේ කිසිදු විරුද්ධතාවක්ද නොවීය. මෛත්‍රිපාල යනු ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කයිරාටික පුද්ගලයෙකි.ඉන්පසු දවසකදී ජනපති මෛත්‍රී විසින් හදිසියේම මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවිය. මහ බැංකු අධිපති අර්ජුන වෙත මෛත්‍රීපාල විසින් උපදෙස් දී ඇත්තේ තමන්ට විදේශීය රටකින් ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තම පුතා විවාහ වීමට සිටින තරුණියගේ නිවසේ තබා තිබියදී පසු ගිය ජනාධිපතිවරණය කාලයේදීී එම විදේශීය මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත්, අධිකරණ නියෝග මත මහබැංකුවට භාර දි ඇති බවයි.

තව දුරටත් එම විදේශීය මුදල් තොගයරඳවා තබා නොගෙන, වහාම එය සන්තකයේ තබා ගෙන සිටි එල්කාඩෝ ආයතනයේ හිමිකරුට නැවත භාර දෙන ලෙසටත් මෛත්‍රීපාල ජනපතිවරයා උපදෙස් දී තිබේ. එහෙත් ජනපතිවරයාගේ ඒ ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍ර එකඟ වී නැත.

අනතුරුව මහ බැංකු අධිපතිවරයා එම මුදල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් විමසා ඇත.ඊට මහ බැංකු අධිපතිවරයාට රනිල් දී ඇති උපදේශය වන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් බැවින් සියළු කටයුතු සියල්ලම නිතියානුකූලව සිදු කරන ලෙසටය.

ජනපති මෛත්‍රිපාල හා අගමැති පළමු සිත් නෝක්කඩුව ඇතිවෙන්නේ මේ කාරණය මුල් කර ගෙනය. දින 52ක් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූයේ මෙම මුදල් ආරවුලය.මහින්ද රාජපක්ෂ ගේ දින පනස් දෙකේ ආණ්ඩුවේදී බැඳුම්කර ගේම නිර්මානය කොට ඒ තුළ අර්ජුන ඇලෝසියස් ,රනිල් ,රවී හසුකොට අමුතුම මාදිලියේ ගේමක් ගසන්නට ⁣තරමේ කපටියෙක් වූ ජනපති මෛත්‍රීපාල රටට පෙන්වූයේ තමා තරම් සුදනකු මෙතෙක් කාලයට මේ රටේ ජනපති පදවියට පත් වී නැති බවය.කෙසේවෙතත් බැඳුම්කර සිදුවීම නිසා මහ බැංකු අධිපති වරයාව සිටි අර්ජුන ඇලෝසියස්ට ගෙදර යාමට පමණක් නොව රටින් ද පැනයාමට සිදුවිය. ඒ සියල්ල මෛත්‍රි ගේ යටි කූට්ටු සැලසුම් වල ප්‍රතිඵලයන්ය.

අනතුරුව ජනපති මෛත්‍රිපාල විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ ඔඩොක්කු කුක්කු වූ ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිය. ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහ බැංකු අධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.

මෛත්‍රිපාල ජනපති වරයා විසින් මහා මුදල් ⁣වංචාව සිදු කරන ලද්දේ මේ කාලසීමාවේදීය.සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා වූ එල්කාඩෝ මුදලාලි සන්තකයේ තිබී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන අධිකරණ දේපොලක් ලෙස මහ බැංකුවේ රඳවා තිබුණ ඇමරිකානු ඩොලර් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කිසිදු නිත්‍යානුකූල පදනමකින් තොරව මුදාා හැර ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

අධිකරණ දේපොළක් වශයෙන් තිබූ මෙම විදේශීය මුදල් තොගය කවර පදනමකින් මුදා හැරියාද යන්න මේ වනතුරුත් අනාවරණය වී නැත.

හිටපු ජනපති මෛත්‍රිපාල විසින් රටට මේ ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුව ඇත.අපි ඔහුගෙන් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ⁣ අපේක්ෂා කරමු.

1.මෙතරම් විශාල මුදලක් මෙරටට ලැබුනේ කුමණ රටකින්ද එම ගනන කොපමනද ?

2.එම මුදල් මුදා හැරියේ කවර ආකාරයේ නෛතික පදනමක් මත ද ?හා එම විදේශීය මුදල් තොගය සම්බන්ධයෙන් පැවැති අධිකරණ ක්‍රියා මාර්ග අවසන් කරන ලද්දේ කවුරුන්ද ……? යන්නය.

මෛත්‍රිපාල සිරිසේන අද අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව හෙලන කිඹුල් කදුළු වල ඇත්ත නැත්ත හා බැඳුන සියළුම තොරතුරු ඊළඟ ලිපියෙන් අපි අනාවරනය කරමු.

ගෙදරින් කෙසෙල් කොළයේ බැඳ බත් කෑ සිම්පල් ජනපති වරයාගේ මහ තක්කඩි කම ඉන් රටට හෙළිවනු ඇත.කෙසේවෙතත් මෙරට ජනපති පදවියේ සිටි කිසිම තැනැත්තකු මෙතරම් විශාල මුදල් තොගයක් වංචා කර නැත. මහින්ද රාජපක්ෂගේ සුනාමි ආධාර මුදල් ගසා කෑමටත් වඩා ජනපති මෛත්‍රීපාල සිදු කළ මෙම මුදල් වංචාව විශාල බව අපි සඳහන් කරමු.

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ. පහලින් කියවන්න….

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද ජනාධිපති තාත්තාගේ පසුවදනේ මෙසේ සඳහන්ව තිබේ.

“……..පෙරදින අඳින්නට ඇඳුමක් පමනක් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය.මේ සියලු බලතල ඇතෑර එළෙසින්ම පිරිසිදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.අතීතයද මතුයම් දිනෙක මෙලෙසින් අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය වේ….”

චතුරිකා⁣⁣ට සිය පියා ගැන දැන් අභිමානයෙන් ලියන්නට හැකිදැයි අපි නොදනිමු.අපට නම් ඔහු ගැන ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියා විතරමය.පැජට් පාරේ රජයේ ඉඩම් තුනක් මංකොල්ල කා සිය පරාණ බුක්තියට සවි කර ගත් චතුරිකා ගේ තාත්තා කාලකණ්නි මහින්ද රාජපක්ෂලාට නැවත බලයට ඒමට මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉඩ දී සිංගප්පූරුවේ සාප්පු සවාරියේ ගිය හැටි අපට කෙසේවත් අමතක කරන්නට බැරිය.එලෙසම චතුරිකා ගේ තාත්තා බ්‍රිතාන්‍යයෙන් ලැබුණ ඩොලර් මිලියන හතලිහකට අධික මුදලක් කාට කාටත් කොකා පෙන්නා රහසේම තමන්ගේ පොකට්ටුවට දාගත් හැටි කවුරු කවුරුත් නොදන්නා ගානට හිටියාට අපට ඒ නොසලකා ඉන්නටත් බැරිය.

තමන්ගේ තාත්තා මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර පෑ⁣ දේශපාලඥයෙක් කියා හිතාගෙන හිටියාට මෙි උන්දෑ යමා මහ පෙළහර පා ඇත්තේ ජලයෙන් හා ගින්නෙන් විතරක් නොවේය කියලා දන්නේ අප විතරමය.⁣ඒ කියන්නේ මෛත්‍රීපාල මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර දක්වා ඇත්තේ ජලය හා ගින්නට අසූචිද එක් කරමිනි. යහපාලනයේ ධජය බඳින්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා ගෙන ආ කොඩි ගස වල් එඬරු ගසක් බව කාට කාටත් තේරුම් යන විට පාලනයේ “යහ” කෑල්ලට කෙලවී හමාරය.

මේ තක්කඩියා ගැන රැවටී සිටියේ මෙරට ජනතාව පමනක් නොවේ රට රටවල නායක කාරකාදීන්ද ලෙල්ලටම මුලා වී සිට් බව නිකුත් කළ ප්‍රකාශන වලින් තේරුම් ගත හැක්කේය.ලන්ඩන් නුවර දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවේ කොලොම්බියානු ජනාධිපති මොහු හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොරව ගෙන යාමේ වීරයා ලෙසය.

නවසීලන්ත අගමැති ලිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන නායකත්වය සපයනු ඇති බවය.අනෙකුත් විදේශ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනෙකුද මේ උන්දෑ ගැන නිකුත් කර ඇති ප්‍රකාශද එවැනිම රෙකමදාරුය.

කෙසේවෙතත් මෙරට ජනපති තනතුර හෙබවූ ජනපතිවරුන් අතුරෙන් එම තනතුරට පත් වූ බූරුවා කූට්ටමේ බූරුවා තරම්වත් වටිනාකමක් නැති එහෙත් අමුතුම මාදිලියේ පට්ට හොර ගෙඩියා මෛත්‍රීපාලය.මොහු ⁣තක්කඩි හොර ගෙඩියෙක් පමණක් නොව දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරකි.

එක දහස් නවසිය හැත්තෑව දසකයේ මුල මෙරට පැවැති සමගි පෙරමුණු රජයේ පොළොන්නරුව ආසනය නියෝජනය කෙරුවේ ශ්‍රීලනිපයේ ලීලාරත්න විජේසිංහය.මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ බටපොල ඉපිද පසුව පොළොන්නරුවට සේන්දු වූ අහිංසකයෙකි.ඒ මන්ත්‍රී ලීලාරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.අවසානයේදී ලීලාරත්න විජේසිංහට මේ තක්කඩි මෛත්‍රීපාල නිසා සිරිසඟබෝ කෙනෙක් වෙන්නටද සිදු විය.

මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සුරා ලෝලියකි.බොහෝ ඉදිරි අරමුණු ඇතුව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ ගේ බීමත් කමට අත් උදව් සැපයූ බව ⁣ඉතිහාසය දන්නෝ පවසති.එක් අවස්ථාවක ශ්‍රීලනිප දිස්ත්‍රික් රැස්වීමකට අගමැතිණිය පොළොන්නරුවට පැමිණෙන දිනයක මෛත්‍රීපාල විසින් මන්ත්‍රී ලීලාරත්න විජේසිංහට කරටි කැඩෙන තුරු අරක්කු බොන්නට දී ඔහු සිහි විකල් තත්වයට පත් කළ බවද ඉන් අනතුරුව අගමැතිණිය විසින් පොළොන්නරු ආසනයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු වල වගකීම මෛත්‍රීපාලට පැවරූ බවත් පැවැසේ.මෛත්‍රීපාලගේ මගෝඩි කෙරුවාව ඔන්න ඔය වාගේය.හිතේ එකකි. කෙරුවාව තව විදියකි. බෝධිසත්ව රඟපෑමය.

එබැවින් මේ හොර ගෙඩියා ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.අප නැවත මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව ගැන ලියන්නේ මී⁣ට පෙර බැඳුම්කර නාඩගම පෙන්වා ඔහු විසින් සිදු කළ මුල්‍ය වංචාව පිළිබඳව ලංකා දවස අනාවරණය කළ ප්‍රවෘත්තිය සමග යටි බිමි ගත තොරතුරු රාශියක් සිද්ධිය දන්නා බොහෝ දෙනෙකු විසින් අප වෙතට එවා ඇති නිසාය.

අප මීට ඉහතදී සඳහන් කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මහ බැංකුවේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන හතලිහකට මුදල නැවත එල්කාඩෝ සමාගමේ හිමිකරුට බාර දෙන ලෙසට බලපෑම් කරන ලද්දේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට බව කියාය. එහෙත් ඊට පෙර මෛත්‍රීපාල විසින් මුදල් ඇමති රවි කරුණානායක කැඳවා බලපෑම් කර ඇති බව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ.රවි කරුනානායක එහිදී මුදල් ඇමති වරයා ලෙස තමන්ට ඒ ගැන මැදිහත් වීමට නෛතික බලයක් නොමැති බව පවසා ඇතැයි අනාවරණය වේ

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මෛත්‍රීපාල ජනපතිවරයා විසින් කැඳවා බලපෑම් කර ඇත්තේ රවි කරුණානායකගේ මග හැර යාම නිසාය.එහෙත් මෛත්‍රීපාලගේ මගෝඩි අපේක්ෂාව ගැන අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිචාරයද සුබදායී නොවීම නිසා මෛත්‍රීපාල විසින් බැඳුම්කර නාඩගමේ පිටපත සකස් කෙරුණ බව දැන් අනාවරණය වී තිබේ.ඒ අර්ජුන මහේන්ද්‍රට රනිල්ට හා රවි කරුණානාය කට පහර දීමටය.

සැබවින්ම බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලනය කාලයේදී මතුවූ මුල්‍යමය නොසැලකිල්ල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමයේ සිට සිදුවූ වංචාකාරී ගනුදෙනුවකි.එම කාලයේදී ට්‍රෙෂරිස් පර්පචුවෙල් සමාගමේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සොයුරියද සේවය කරන ලදී.එහෙත් අතීත විෂමාචාර ගනුදෙනු ගැන සොයන්නට හෝ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට මෛත්‍රීපාලට අවශ්‍ය වූයේ නැත.ඔහු කොලේ වසා තුරුම්බුව පිටියට දැම්මේ ඒ නිසාය.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට රජයේ සේවකයන් ගේ වැටුප් වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීම ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම වැනි සුබ සාධක යෝජනා ⁣ක්‍රියාත්මක කළ බව අපට මතකය.චන්ද්‍රිකා ජනපති වරිය කාලයේදී මන්ද පෝෂණය වැළඳී තිබුණ සතොස වර්තමානයට ගැලපෙන ආකාරයට සුපිරි වෙළඳ හල් බවට පරිවර්තනය කොට සංවර්ධනය කරන ලදී.මංඟල සමරවීර මුදල් අමාත්‍යවරයා වශයෙන් ක⁣ටයුතු කරන විටද ජනතාවට අනේක විධ සහන ප්‍රදානය කෙරිණි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින් විවෘත කිරිමට අවසරදිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේන බව වාර්තා වේ.වයඹ ඩිස්‌ටලරීස්‌ සදහා අවසර ලබාදිමට අගමැතිවරයා බලපෑම් කල බවට විවිධ වාර්තා පලවුවද එහි සත්‍ය තාවක් නොමැති බව අගමැතිවරයා විසින් පැවසිමත් සමග මෙම විශේෂ පරික්ෂණය ආරම්භ වි තිබේ.

කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 100 කට අධික මුදලක් අහිමි වී ඇති බවත් පසුගිය දින් කිහිපයේම වාර්තා වුනා.

අමාත්‍යවරයාගේ දැඩි බලපෑම මත රජයට අයවිය යුතු බදු මුදල් සතයක් හෝ පියවිමකින් තොරව මෙම බලපත්‍රය යලි ලබාදීමට කටයුතු කර තිබේන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

සුරා බදු කොමසාරිස්වරයාට කලයක සිටම වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය නිදහස් කරන ලෙසට බලපෑම් සිදුකල බවත් පසුගිය දින කිහිපය තුල එම බලපෑම් උග්‍ර වු අතර ඒ අනුව කොමසාරිස්වරයා බලපත්‍රය යලි නිකුත් කිරිමට කටයුතු කර තිබේන බවයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය 2015 වසරේ මැයි මාසයේ අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.ඒ අනුව සුරා බදු සම්බන්ධ නීති රීති කඩකිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටවු අතර එම ආයතනයට චෝදනා 11ක් චෝදනා පත්‍රයක් භාර දී තිබුනා.මිට අමතරව දෙමටගොඩ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩා කර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක පමණ ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්පැන් බෝතල් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට අයත් බව හෙළිවිණි. ඒ අනුව එම සමාගමටද මීට පෙර සීල් තබා තිබුණි.

එ ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබ ඇත අතර රටපුරා තිබෙන 107කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බවද හෙළි වුනා.

මැඩිල්ලේ හිමිගේ අනාවරණය…..

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව ආහාර හිඟයකින් පෙළෙන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට බදු සහනයක් ද සමග වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය ආපසු ලබාදී ඇති බව සිංහලේ ව්‍යාපාරයේ නිර්මාතෘ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද පසුගියදා අනාවරණය කළා.

රුපියල් කෝටි සිය ගණනක සුරාබදු ගෙවීම පැහැර හැරීම නිසා 2015 වසරේදී මෙම වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබුණු අතර ආණ්ඩු පෙරළියත් සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය දේශපාලන බලය උපයෝගී

කරගෙන යළි එය විවෘත කිරීම සඳහා 2020 නොවැම්බර් 16 වනදා සිට අවසර ලබාගෙන ඇති බවයි උන්වහන්සේ සදහන් කළේ.සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම සමඟ පැවති දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණය කිරිමට උන්වහන්සේ කටයුතු කර තිබුනා.පසුගිය 22 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් පිරිසක් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ව්හාරස්ථානයට කඩා වැදි උන්වහන්සේ බිය වැද්දිමටද කටයුතු කර තිබුනා.

වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට ගැලු අලිරාජාගේ සල්ලී…

වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම බදු වංචා කරමින් නැවත විවෘත කිරිම සදහා අවශ්‍ය මුලික ප්‍රාග්ධන ලබාදිමට කටයුතු කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ මුදල් හැසිරුවු පාස්කු ප්‍රහාරය සදහා මුස්ලිම් අන්තවාදීන් හට මුදල් දුන් බවටද චොදනා එල්ල වි සිටින සුභාෂ්කරන් අලිරාජා වන අතර ඔහු විසින් මිලියන 150ක මුදලක් ලබාදීමට කටයුතුකර ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ මුදල් සුභාෂ්කරන් අලිරාජාගේ සමීපතමයෙකු වන විදුෂාන් නැමැත්තා හරහා ලබාදිමට කටයුතු කර ඇති අතර ඔහු මේ වනවිටත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ.විදුෂාන් කාලයක් ලන්ඩනයේ උසස් අධ්‍යාපණය හැදෑරූ අයෙකු වන අතර ඒ අතර තුර කාලයේ ලන්ඩනයේ පිහිටි අලිරාජාට අයත් ආයතනය සේවය කර තිබේ

බාස්කරන් විසින් EBC මාධ්ය ජාලය ස්වර්ණවාහිනී, ශ්‍රී FM, E FM, රන් FM, E TV මිලදි ගත් අතර Sky Media Network (සිත FM, RED FM, 99.5/99.7), MGMR Media Nerwork (You TV, යාත්‍රා FM) ආයතන සහ සහ TV i රූපවාහිනී නාලිකාව මිලදී ගෙන ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග මගින් තොරතුරු වාර්තා වේ.අදාල මාධ්‍ය ආයතන Ben Holdings සමාගම හරහා මිළදිගෙන ඇති අතර Ben Holdings අලිරාජා සුභාෂ්කරන්ට අයත් විශාල සමාගමකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් Vfm නාලිකාවද මිළදි ගැනිමට අලිරාජා කැමැත්ත පලකර ඇති අතර එම කැමත්තේ සංතෝෂමක් ලෙස මෙම මුදල් ලබාදිමට කටයුතු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

සුරාබදු නිළධාරින්ගේ හමුවට ජොනී ආ හැටි…

ඔක්තෝබර් 30 වැනිදා සුරාබදු නිළධාරීන් සමග හදිසි හමුවක් කැදවිමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කර තිබු අතර එහි මහින්දට පසුව ප්‍රධානත්වය ගෙන කටයුතු කරනු ලැබුවේද ජොනීය. වයඹ ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය නිකුත් කරන ලෙස ජොනී බොදරගමට බලපෑම් කර සිටි අතර ජනපතිගේ හෝ අගමැතිගේ උදහසට ලක්වේ යැයි බියෙන් බලපත්‍ර නිකුත් කිරිම පමා වෙමින් තිබුනා.

පසුව අදල හමුව අවසානයේ මහින්ද ඉදිරියේම ජොනී පවසා ඇත්තේ “අර වයඹ වැඩේ ඉවරයක් කරන්න ” යනුවෙනි.එයට මහින්ද ද සිනාසෙමින් හිස වැනු බවයි සුරාබදු කොමසාරිස් බොදරගම තමන් යටතේ කටයුතු කරන නිළධාරින්ට සදහන් කර ඇත්තේ. ඒ අනුව පසුගිය 16 වැනිදා වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදන ආරම්භ කිරිමට අවසර දි තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් ජීව දත්ත සහිත polycarbonate ජාතික හැඳුනුම්පත් ශ්‍රී ලාංකීය ජනතාවට නිකුත් කිරීමේ ක්‍රමවේදය දූෂිත ගණුදෙනුවකින් අවසන් වන තත්ත්වයක් උදාවි තිබේන බව වාර්තා වේ.

ඒ අනුව හැඳුනුම්පත් මිලියනයක් සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කොට ඇති අතර, එහිදී සමාගම් හතරක් විසින්, මේ සඳහා මිල මිළ ගණන් ඉදිරිපත් කළ කර තිබිණි.

එහිදී අඩුම ලන්සුව ඉදිරිපත් කොට තිබුණේ Any Security Printing සමාගම විසින් වන අතර ඔවුන් එක් හැඳුනුම්පතක් සදහා රුපියල් 110.80 ඉදිරිපත් කොට තිබුණු අතර සඳහා වැඩිම ලංසුවක් ඉදිරිපත් කොට තිබුණේ Gemalto (ජිමල්ටො) නම් ප්‍රංශ සමාගමයි ඒ සඳහා ඔවුන් රුපියල් 168.30 ඉදිරිපත් කොට තිබුණි.

එලෙසම මැලේසියානු සමාගමක් වන අයිරිස් corporation විසින් රුපියල් 164.50 ද , ඉන්දියානු සමාගමක් වන manipal security printing විසින් රුපියල් 167.06 ඉදිරිපත් කොට තිබේ.

රජය විසින් අඩුම ලන්සුව ඉදිරිපත් කොට ඇති සමාගමට අදාළ ඇණවුම ලබා නොදී එක කාඩ් පතකින් රුපියල් 57.50 පාඩුවක් ලබමින් හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ප්‍රංශ Gemalto සමාගමට ලබාදීමට තීරණය කොට තිබේ.

ඒ අනුව මිලියනයක් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී රුපියල් මිලියන 57.5 පාඩුවක් දරාගත යුතු වේ. ඉතා විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවා අවසානයේදී රටට අවාසිදායක අත්තනෝමතික තීරණ ගනු ලබන්නේ කාගේ බලපෑමෙන් ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි අනාවරණය වනු ඇත.

[doc id=29660]

Top