Breaking
9 Jun 2026, Tue

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන් කල විනිසුරු ඇලෙක්ස්රාජා වහාම මාරු! ඇමති බිමල් සහ උතුරේ ආණ්ඩුකාරවයා සෘජු සම්බන්ධයක්!

යාපනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්eකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙමින් ඔහුන්ට නීතියේ හිඩෑස් වලින් පලා යැමට ඉඩ නොදුන් යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනයේ සිට කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි බදුල්ල මහාධිකරණයට වහාම මාරු කිරිම සම්බන්ධයෙන් උතුරේ කැළඹීමක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

යාපනය, මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ හදිසි මාරුව විමර්ශනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජුවම යාපනය නීතිඥ සංගමය දැනුම් දි ඇති අතර මෙම මාරුකිරිම පසුපස උතුරේ ආණ්ඩුකාර නා. වේදනායගන් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක sසaජුම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වි තිබේන බවද අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

විනිසුරු ඇලෙක්ස්රාජා අප්‍රේල් 22 වන දින අධිකරණ කොමිෂන් සභාව විසින්  යාපනය මහාධිකරණයට පත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මහාධිකරණ විනිසුරුවරුන් සාමාන්‍යයෙන් මාරු කිරීමට පෙර වසර තුනක් හෝ හතරක් ස්ථානයක සේවය කරනු ඇත.

මේ සම්බන්ධයෙන් යාපනය BAR ASSOCIATION OF JAFFNA ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ අවධාරණය කර ඇත්තේ “අධිකරණයේ ක්‍රියාකාරිත්වයට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල ගැටළුවක්” වනු ඇති බවයි.

අතිගරු ජනාධිපතිතුමනි, අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල කාරණයකි. රාජ්‍ය නායකයා වශයෙන්, එවැනි ඇඟිලි ගැසීම් සඳහා ශුන්‍ය ඉවසීමක් නොමැති බව සහතික කිරීමේ වගකීම ඔබතුමාට ඇත. මෙම ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විමර්ශනය කරන ලෙස අපි ඔබතුමාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු. මෙහි සඳහන් කරුණු මතු කිරීම සඳහා ඔබතුමා පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න. ඉක්මන් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වෙමු. – BAR ASSOCIATION OF JAFFNA

විනිසුරුවරයා මාරු කිරිමට ආසන්නම හේතුව කරගෙන ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉහළ බලධාරීන්ට යවන ලද ලිපියක් වන අතර, විනිසුරු ඇලෙක්ස්රාජා ආණ්ඩුකාරවරයාගේ බලය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් කටයුතු කරන බවට එම ලිපිය මගින් ආණ්ඩුව දැනුවත් කර තිබේ.පේදුරුතුඩුව නගර සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු  විසින් පොදු වෙළඳපොළක් නැවත ස්ථානගත කිරීම ඇතුළු සභාව විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කරන ලද පළාත් පරීක්ෂණයකට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමකට විනිසුරු ඇලෙක්ස්රාජා සම්බන්ධ වි තිබිම ආණ්ඩුවට හිසරදයක්ව තිබේ.

2026 අප්‍රේල් 27 වන දින, විනිසුරු ඇලෙක්ස්රාජා, අභියාචනාධිකරණ රීතිවල 2 වන රීතිය යටතේ නීතිඥවරයා හරහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමෙන් පසු, විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරමින් සති දෙකක අතුරු නියෝගයක් ලබා දුන් අතර පසුව  නඩු විභාග අතරතුර, පෙත්සම්කරුවන්ගේ නීතිඥයින් තර්ක කළේ පරීක්ෂණය දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූවක් බවත්, එහි නිල ප්‍රකාශනයට පෙර ගැසට් නිවේදනය පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති විසින් සමාජ මාධ්‍ය සටහනක් පෙන්වා දුන් බවත්ය.

කෙසේ වෙතත්, පසුව සිදු වූ ක්‍රියාදාමයන් අතරතුර, වගඋත්තරකරුවන් තර්ක කළේ, මෙම සටහන පදනම් වී ඇත්තේ ලේඛනයේ රහසිගත පූර්ව නිකුතුවක් මත නොව, අන්තර්ජාලය හරහා සංසරණය වී ඇති සහ පසුව ගූගල් පරිවර්තනය භාවිතයෙන් පරිවර්තනය කරන ලද ගැසට් නිවේදනයේ සිංහල භාෂා අනුවාදයක් මත බවයි.

2026 මැයි 18 වන දින, විනිසුරු ඇලෙක්ස්රාජා අතුරු නියෝගය අවලංගු කර පෙත්සම නිෂ්ප්‍රභ කළ අතර, අවසානයේ පරිපාලනයට පක්ෂව තීන්දුවක් ලබා දුන්නේය. නීති මූලාශ්‍ර පැවසුවේ අතුරු නියෝගය – ආසන්න වශයෙන් සති තුනක් පළාත් විමර්ශන ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමිමට විනිසුරුවරයා කටයුතු  කර තිබේ. එම තීන්දුව විනිසුරුවරයා වහාම මාරු කිරිමට මුළිකව හේතුව වි තිබුනද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ඇලෙක්ස්රාජා ගත් දැඩි තින්දු ඊට මුළික අධිතාලම වු බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

මත්ද්‍රව්‍ය වලට එරෙහි ඇලෙක්ස්රාජා …

යාපනයේ පොම්මවේලි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කර කරගෙන ගිය කාන්තාවක් පොලිසිය සහ නීතිඥයින් සියලුම දෙනා අල්ලා ගනිමින් සිය ව්‍යාපාරය කරගෙන ගිය අතර ඒ සදහා ඇය හෙරොයින් ග්‍රෑම් 1.475 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇය 2020 ජුනි මාසයේදී අත්අඩංගුවට ගෙන ඒ හරහා  ඇය අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ නීතිමය උපාමාරු දැමීමෙන් කිසිදු වරදකරුවෙකු නොවී වසර 6ක කාලයක් සිය ජාවාරම ජයටම කරගෙන ගොස් තිබේ.නමුත් යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජා, පත්වු වහාම කාන්තාවට වසර හතක බරපතල සිර දඬුවමක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12 ක සරල සිර දඬුවමක් නියම කළේය. ඒ නිසාම  මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ආණ්ඩුවට පක්ෂ කිහිප දෙනෙකුගේම දෝෂදර්ශනයට ලක්විමට ඇලෙක්ස්රාජාට සිදුව තිබේ. අදාළ තින්දුව 2026 මැයි 21 වන දින දුන් අතර දින හතකට පසු, විනිසුරු ඇලෙක්ස්රාජා මාරු කරන ලදී. මිට අමතරව ඊට පෙර සතියේ දී, විනිසුරු ඇලෙක්ස්රාජා මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් කිහිප දෙනෙකුට දීර්ඝ කාලීන දැඩි සිර දඬුවම් නියම කළේය.

අමාත්‍යවරයාගේ චෝදනාවට ලක්වන භූමිකාව….

උතුරු පළාත සඳහා ජාතික ජන බලවේගයේ සම්බන්ධීකාරක අමාත්‍ය බිමල් රත්නායක, නීති ප්‍රජාවේ සමහර කොටස් විසින් මාරු කිරීම වටා ඇති සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඔහු සදහන් කළේ ඉතාම විශ්වාසවන්ත ආරංචී මාර්ගයන් එය තහවුරු කල බවයි. ඉදිරියේදි ඇති වන ඉහල මට්ටමේ විමර්ෂණයකදි එය තහවුරු කිරිමට හැකියාව ඇති බවද ඔහු අවධාරණය කළා.

ඇලෙක්ස්රාජා විනිසුරුවරයා උදෑසන 8 වන විට අධිකරණයට පැමිණ සවස 4:30 ට පසුව නිරන්තරයෙන් රැඳී සිටින විනිසුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන අතර  නීතිඥවරු පැවසුවේ ඔහු බංකුවට නැගීමට පෙර සපත්තු ගලවා අධිකරණ අසුනට ළඟා වන බවත්, සාමාන්‍යයෙන් නමස්කාර ස්ථානයකට වෙන් කර ඇති ගෞරවයෙන් යුතුව කටයුතු කරන බවත්ය. ඔහුගේ සභා ගර්භයට ඇතුළු වන විටත් ඔහු එම පුරුද්දම පවත්වා ගෙන ගියේය. ඔහුගේ වෘත්තීය ජීවිතයේ කිසිදු අවස්ථාවක ඔහුට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති දක්ෂ විනිසුරුවරයෙකි.

“ඔහු තවත් මාස කිහිපයක් දිගටම පැවතුනේ නම්, යාපනයේ මත්ද්‍රව්‍ය මාෆියාවේ මහා බළලුන් සිරගත වීමට ඉඩ තිබුණි,”- මහාධිකරණ නීතිඥවරුන්

උතුරේ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ  අධිකරණ මාරුවීම් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අධිකාරියට අයත් බවයි.කෙසේ වෙතත්, අධිකරණ තීරණයකට සම්බන්ධ මාරුවීමකදී බාහිර දේශපාලන හෝ පරිපාලන පීඩනයක් භූමිකාවක් ඉටු කර ඇති බවට ඇති ඕනෑම මතයක් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට හානි කළ හැකි බව ඔවුහු තර්ක කළහ.යාපනය නීතිඥ සංගමයේ සාමාජිකයෙකු සදහන් කළේ  ශ්‍රී ලංකාවේ අතීත ඒකාධිපති පාලන කාලවලදී පවා, අධිකරණ තනතුරු සඳහා මෙවැනි මැදිහත්වීම් මෙම මට්ටමින් දක්නට නොලැබුණු බවයි.

යාපනය, මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ හදිසි මාරුව විමර්ශනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජුවම යාපනය නීතිඥ සංගමය කල අයාචනය

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *