Breaking
26 Jul 2026, Sun

පුළුවන් නම් එළියෙදි කියන්න! නීතිඥ සංගමය ආණ්ඩුවට එරෙහි සටනට එයි!

පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබාදීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය යැයි ද එය හෙළාදකින්නේ යැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය Bar Association of Sri LankaBar Association of Sri Lanka නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරමින් කළ පදනම් විරහිත හා අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශක් යැයිද ඒ මගින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කිරීමත් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි සැලකිල්ලෙන් පසුවන්නේ යැයි ද එහි සඳහන්වේ.පාර්ලිමේන්තු වරප්‍රසාදයේ ආරක්ෂාවෙන් තොරව, පාර්ලිමේන්තුවෙන් පිටතදී ද එම අසත්‍ය ප්‍රකාශ නැවත ප්‍රකාශ කරන ලෙස තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝග කරන්නේ යැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එවිට ඒ සම්බන්ධයෙන් නීතිය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්වේ.

එසේම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි පහත් දේශපාලන ප්‍රහාර කිසිසේත් සාර්ථක නොවනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය එකමුතුව සිය ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් යැයි ද එම නිවේදනයේ දැක්වේ.

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන්, ඉහළ අධිකරණවලට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිසිවිටෙකත් හදිසි හෝ තාවකාලික තත්ත්වයන්ට ප්‍රතිචාරයක් ලෙස සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථිර මතය යැයි ද එම සංගමය කියයි.

එවැනි ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති සංශෝධන සිදු කළ යුත්තේ, ඒ සඳහා පැහැදිලි ආයතනික අවශ්‍යතාවක්, විනිවිදභාවයෙන් යුත් මහජන සාධාරණීකරණයක් සහ පුළුල් හා සාධාරණ පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියක් පවතින විට පමණක් යැයි ද එහි දැක්වේ.

ව්‍යවස්ථාමය පාලනය පිළිබඳ මහජන විශ්වාසය රඳා පවතින්නේ සංශෝධනයේ අන්තර්ගතය මෙන්ම එය ගෙන එන ක්‍රියාවලිය මත යැයිද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ඉතිහාසය පුරාම ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ මානව හිමිකම්වලට, විශේෂයෙන් විරෝධතා දැක්වීමේ අයිතියට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව ස්ථිරව පෙනී සිට ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

බලයේ සිටින ආණ්ඩුව කුමක් වුවද, භීතියකින් හෝ පක්ෂග්‍රාහීත්වයකින් තොරව සිය අදහස් ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය දේශපාලනය නොකරන බවත්, අනාගතයේදීද දේශපාලනය නොකරන බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්ස්කුලරත්න්න හා ලේකම් නීතිඥ නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අස්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ නැමැත්තා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි කල ප්‍රකාශය …

Screenshot

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *