Breaking
22 Aug 2026, Sat

22 වෙනි සංශෝධනය යටි අරමුණු ඉෂ්ට කරගන්න ගෙන එකක්! මේ විපාකය ආණ්ඩුවට සහ ජනාධිපතිට විදින්නම වෙනවා!

මේ සංශෝධනය ගෙන්නේ තනී පුද්ගලයෙක් වෙනුවෙන් නොවේ යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් ජනතාව බුද්ධියෙන් විමසිමට ලක්කල යුතු බවත්, මෙම සංශෝධනයේ ඇති විපාකයන් ආණ්ඩුවට සහ ජනාධිපතිට කවදා හෝ අවබෝධ වනු ඇති බව ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා පවසයි.අපගේ පරමාධිපත්‍යය සුරකින්න, SAVE OUR SOVEREIGNTY යනුවෙන් සංවිධානය කල සංවාද මණ්ඩපයකට එක්වෙමින් අදහස් දැක්වු  ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කළේ විධායක සහ ව්‍යවස්ථාදායකය ස්වාධීන නැති නමුත් අධිකරණය ස්වාධීන විය යුතු බවයි.

“විශ්‍රාම වයස තීරණය කරලා තියෙන්නේ විධායකයට බැ ඒක වෙනස් කරන්න අඩු කරන්නත් බැ වැඩි කරන්නත් බැ..ඒකට තුනෙන් දෙකක් තියෙනවා ද ජනමත විචාරණයකින් හරි පුළුවන් කියන එක නෙවෙයි වැඩේ ඒක නොකළ යුතුයි ජනාධිපති කොච්චර කිව්වත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙවෙයි කියලා ආණ්ඩුව කියන දේ ඒ විදියට ගන්න එපා… විශ්‍රාම වයස තීරණය කරලා තියෙන්නේ විධායකයට බැ ඒක වෙනස් කරන්න අඩු කරන්නත් බැ වැඩි කරන්නත් බැ…”

“ඒකට තුනෙන් දෙකක් තියෙනවා ද ජනමත විචාරණයකින් හරි පුළුවන් කියන එක නෙවෙයි වැඩේ ඒක නොකළ යුතුයි ජනාධිපති කොච්චර කිව්වත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙවෙයි කියලා ආණ්ඩුව කියන දේ ඒ විදියට ගන්න එපා…මේක ගේන්නේ හොඳ දෙයකට නම් ඇයි මාස හයකට කලින් කියන්න බැරි උනේ මේ 22 ගෙනල්ලා විරෝධය එනකොට විවිධ දේ කියනවා එහෙම නම් අධිකරණ පුරප්පාඩු ඇයි පුරවන්නේ නැත්තේ මහා අධිකරණ පුරප්පාඩු 17 තියෙනවා … තමන්ගේ යටි අරමුණු ඉෂ්ට කරගන්න තමයි ධූර කාලය වැඩි කරන්නේ සැප්තැම්බර් මාසයේ ගුරුසිංහ සර් විශ්‍රාම යන්න ඉන්නේ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයට නොදන්නේ ඇයි…”

“සති හයකට කලින් අධිකරණ ඇමතිගෙන් ඇහුවා ඔහු කියනවා දන්නෙ නෑ කියලා ඔහු කියනවා කැබ්නට් එකේ සාකච්ඡා වුනේ නැහැ කියලා ඔහුගේ තත්ත්වය මොකක්ද එතකොට…ජේ ආර් පලවෙනි ව්‍යවස්ථා සංශෝධන පහම ගෙනාවේ මේ විදියට ඔහුගේ ධූර කාලය පාර්ලිමේන්තු මැතිවරණ කල් දාන්න වගේ දේවල්.. 18, 20, 22 සංශෝධන ඔක්කොම එහෙමයි ඇත්ත අරමුණ වසන් කරලා ඉදිරිපත් කරන්නේ ගොඩක් නීතිඟ වරු මේකට විරුද්දයි මේකට විරුද්ද ඇමතිවරුත් ඉන්නවා…” (විඩියෝව උපුටා ගැන්ම Dark Room)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *