Breaking
10 Aug 2026, Mon

හරිනි නිහඬ වෙයි! අනුර සුරසේනට අල්ලස් දෙන හේතුව මෙන්න!

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම වයස තව වසර 2 කින් දිගු කිරීම පිණිස ගෙන එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිහඬ පිළිවෙතක් දැක්විම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාලීමා කණ්ඩායම අතර සාකච්ඡාවට ලක්වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

පසුගිය දින කිහිපයේම මාලීමාවේ,ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහගෙන් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් දුරකතනය ඔස්සේ ප්‍රශ්ණ කර ඇති අතර එම ප්‍රශ්ණ කිරිම් වලට නිශ්චිත පිළිතුරක් ලැබි නැති බවයි වාර්තා වන්නේ.

“ඇයි මේ සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිතුමිය කිසිවක් නොකියන්නේ… ඇයව සාමාන්‍යයෙන් අපිට හමුවන්නේ පාර්ලිමේන්තුවේ පමණයි.. එත් කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ ” අපි මේ ගැන අපේ පක්ෂයේ මහා ලේකම්ගෙන් ඇහුවා ඔහුත් පැහැදිලි පිලිතුරක් දුන්නේ නෑ.” කොළඹ දිස්ත්‍රික් මාලීමා පාර්ලිමේන්තු මන්ත්‍රී..

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිටින්නේ විරුද්ධ ස්ථාවරයක බවයි. ඇයට සමීප නීතිඥවරුන්, දේශපාලන විචාරකයන් විසින්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හරහා ව්‍යවස්ථාදායකට සහ නීතියේ ආධිපත්‍යයට සිදුවිය හැකි බරපතල ඛේදවාචකයන් පිළිබඳ ඇයට වටහා දී තිබෙන බැවින් ඇය මෙම සංශෝධනය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක සිටින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා එනම් 27 වැනි සඳුදා කැබිනට් අනුමැතිය ලබාගත් අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන ජාතික පුවත් පතකට සිදුකර තිබේන ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඇය හමුවි විමසිමක් සිදුකර තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

අනුර  සුරසේනට අල්ලස් දෙන්නේ ඇයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුවාවි ඊට පසුව ගෙන එනු ලබන පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතිධූරය අහෝසි කර, අනුර දිසානායක ජනරජයේ අගමැති බවට පත්වීමට සැලසුම් කර ඇති බවයි මාලීමා මන්ත්‍රීවරුන්ගේ අදහස වි ඇත්තේ.

ඊට අමතර ඉන්දීය බලවත් මැදිහත් විම මත  පළාත් සභා සඳහා දැනට තිබෙනවාට වඩා ස්වයංපාලන බලතල ලබාදීමත් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ සියල්ලම කර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ ආයු කාලය සහ නව අගමැතිගේ ආයු කාලය වසර 5 කින් දිගු කර ගැනීම JVP කුමන්ත්‍රණය වි ඇති බව දැන් මාලිමා කණ්ඩායම වටහාගෙන තිබේ.

විධායක ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන ව්‍යාකූලතාවයක් පිළිබඳව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වෙමින් සිටින අතර ඒ පසුපස මෙම කුමන්ත්‍රණය දියත් වෙමින් තිබේ.

ඒ වෙනුවෙන් පලමු පියවර ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත්වල පවතින මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතෙහි ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකට වඩා දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන අතර, සිංහල පිටපතෙහි ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන බවට වන කොටස කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් පසුගියදා සංචාරයක නියැලුන් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි කල ප්‍රකාශයක්ද සලකා බැලිමට සිදුවනු ඇත.

ඉන්දියාව ද සුවපහසු ෆෙඩරල් ව්‍යුහයක් සහිත ඒකීය රාජ්‍යයක් බවත්, ශක්තිමත් මධ්‍යස්ථානයක් සහ ප්‍රාන්ත අතර බලතල බෙදීම යම් යම් කරදරකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් වික්‍රම් මිස්රි පැහැදිලි කර තිබේ.

~පණ්ඩුක හේරත්~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *