Breaking
9 May 2026, Sat

මෙය සරල ‘සයිබර් ප්‍රහාරයක්’ නොවේ! ඩොලර් මිලියන 2.5ක හොරකම සැලසුම්සහගත කොල්ලයක්!

මහ බැංකුව විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබියදීත්, භාණ්ඩාගාරයේ ඇතැම් බලධාරීන් එම අනතුරු ඇඟවීම් හිතාමතාම නොසලකා හරින ලද බව වාර්තාවම තහවුරු කරන අතර එමඟින් පෙනී යන්නේ මෙය සරල ‘සයිබර් ප්‍රහාරයක්’ නොව, අභ්‍යන්තරයේ සිට මෙහෙයවූ සැලසුම්සහගත මංකොල්ලයක් බව යැයි දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙනවා.රජයේ මුදල් කාරක සභා වාර්තාවේ අන්තර්ගතය හා නිර්දේශයන් පිලිබදව දිනන දකුණ සාමූහිකයේ කණස්සල්ල පලකරමින් එවා ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මෙය සරල ‘සයිබර් ප්‍රහාරයක්’ නොව, අභ්‍යන්තරයේ සිට මෙහෙයවූ සැලසුම්සහගත මංකොල්ලයක් බවයි.

 

රජයේ මුදල් කාරක සභා වාර්තාවේ අන්තර්ගතය හා නිර්දේශයන් පිලිබදව දිනන දකුණ සාමූහිකයේ කණස්සල්ල…

 

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳව 2026 මැයි මස 08 වන සිකුරාදා සභාගත කරන ලද රජයේ මුදල් කාරක සභාවේ වාර්තාවේ අන්තර්ගතය හා නිර්දේශයන් පිලිබදව දිනන දකුණ සාමූහිකය සිය විශ්මය හා කණස්සල්ල පල කොට සිටී.මෙම වාර්තාව මගින් උත්සාහ කර ඇත්තේ සිදුවූ දැවැන්ත වංචාව සහ කළමනාකරණ අසාර්ථකත්වය “ආයතනික සංක්‍රාන්ති සමයක්” යන ලේබලය යටතේ යටපත් කිරීමටය.එසේම එවැනි ගර්හිත වාර්තාවක් විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරයකු හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැස්වීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විදින්නට සිදුවු දෛවෝපගත සරදමක් ලෙසද අප හදුන්වනු ලබයි.

දිනන දකුණ සාමූහිකය පවසන්නේ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව මාලිමා ආණ්ඩුවේ පාලන වගවීම පිළිබඳ ජීවමාන උදාහරණයක් සපයන්නේය.එසේම මුදල් ඇමති වරයකු ලෙස රාජ්‍ය මූල්‍ය පාලනය සිය භාණ්ඩාගාරය හරහා මෙහෙයවීමේ නොසැලකිලිමත්භාවය කදිමට විදහා දක්වන උදාහරණයක්ද වන්නේය.රටේ භාරකරු ලෙස රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා ලෙස දක්වා ඇති වගකීම් විරහිත භාවයද මෙහිලා මගහැරිය නොහැකි යථාර්තයක් වන්නේය.

කරුණු එසේ තිබියදී මෙම රාජ්‍ය මුදල් කාරක සභා වාර්තාව

මගින් මෙරට පුරවැසියන්ට පාර්ලිමේන්තුව හරහා කියන්නේ, 2025 සැප්තැම්බර් සිට 2026 ජනවාරි දක්වා වූ මාස කිහිපය තුළ විදේශ ණය වාරික 10ක් වංචනික ලෙස වෙනත් පාර්ශව වෙත යොමු වී ඇති බවය.නමුත් එය වංචාවක් නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව අතින් සිදුවූ අහිංසක පරිපාලන දෝෂයක් පමණක් වන බවය.එවැන්නක් අනාගතයේදී නැවත සිදුවීම මගහැරලීම සදහා වන නිර්දේශද ඉහත කී කරුණු දැක්වීම මත පදනම්වී රජයේ මුදල් කාරක සභාව නිකුත් කොට තිබේ.තුලන හා සංවරනය සදහා විපක්ශයේ මන්ත්‍රීවරයකු සභාපති කොට ඇති එවැනි කාරක සභාවක් මගින් ඉහත දැක්වෙන ආකාරයේ නිර්දේශ නිකුත්වීම ශ්‍රී ලංකා රජයේ මූල්‍ය පාලනය පත්වී තිබෙන අතිශය කණගාටුදායක ඉරණම පිලිබදව අප පුරවැසියන් ලෙස භීතියට පත්වී සිටින්නෙමු.

නමුත් කමිටු වාර්තාව හා එහි නිර්දේශයන් අභියෝගයට ලක් කරන දිනන දකුණ සාමූහිකය කියා සිටින්නේ මෙය ව්‍යුහාත්මක වශයෙන් සැලසුම් කළ වංචාවක් බවයි.එසේම එය හිතාමතාම මඟහැර ඇති අනතුරු ඇඟවීම් නොතකා ක්‍රියාත්මක කල සැලසුම් සහගත වංචාවක් බවයි.වාර්තාවේ කරුණු දැක්වීම් වලට අනුවම එය නීතිමය උල්ලංඝනයන් සදහා තාක්ෂණය උපයෝගී කරගත් වංචාවක් වන බවයි.

මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව මඟින් හෙළි වන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය කළමනාකරණ පද්ධතිය තුළ පවතින අතිශය කනගාටුදායක තත්වයකි.ආයතනික සංක්‍රාන්ති සමයක් යැයි පවසමින්, භාණ්ඩාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකුට අසීමිත බලතල පවරා, කිසිදු අධීක්ෂණයකින් තොරව රටේ මුදල් වංචා කිරීමට ඉඩ සලසා දී ඇති බව වාර්තාව මගින්ම සනාථ වන්නේය.මහ බැංකුව විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබියදීත්, භාණ්ඩාගාරයේ ඇතැම් බලධාරීන් එම අනතුරු ඇඟවීම් හිතාමතාම නොසලකා හරින ලද බව වාර්තාවම තහවුරු කරති.

එමඟින් පෙනී යන්නේ මෙය සරල ‘සයිබර් ප්‍රහාරයක්’ නොව, අභ්‍යන්තරයේ සිට මෙහෙයවූ සැලසුම්සහගත මංකොල්ලයක් බවයි.1992 වසරෙන් පසු යාවත්කාලීන නොකළ මූල්‍ය රෙගුලාසි භාවිත කරමින්, වත්මන් ඩිජිටල් යුගයට නොගැලපෙන පද්ධති පවත්වාගෙන යාම හරහා මෙවැනි දූෂණ සඳහා පාර කපා දී ඇති බවද වාර්තාව මගින් තහවුරු වන්නේය.රටේ ජනතාව මත බදු බර පටවන අතරතුර, රටේ සංචිත මෙලෙස වංචා කිරීමට ඉඩ දුන් සියලුම බලධාරීන් වහාම නීතිය ඉදිරියට පැමිණවිය යුතු බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.මෙම වංචාව ‘තාක්ෂණික දෝෂයක්’ ලෙස හඳුන්වමින් වසාගැනීමට දරන උත්සාහය අප තරයේ හෙළා දකින අතර වහාම රටට යථාර්තවාදී හා සත්‍යවාදී කමිටු වාර්තාවක් නිකුත් කරන ලෙස අප රජයේ මුදල් කාරක සභාවට බලකර සිටින්නෙමු.

 

එවැනි වාර්තාවක් තුලින් රටේ පරමාධිපත්‍ය හිමි පුරවැසියන් වෙනුවෙන් පහත සදහන් ප්‍රශ්නාවලියක් රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයාට මෙසේ යොමු කොට සිටින්නෙමු.

1. ඔබගේ වාර්තාව මගින් කියන්නේ මහ බැංකුව සතුව තිබූ වගකීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (PDMO) පැවරීම තුල ඇතිවූ ව්‍යාකූලත්වය හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවය.

 

එසේම නව ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් භාවිත කර ඇත්තේ මහ බැංකුව භාවිත කළ එම මෘදුකාංග සහ ක්‍රමවේදයන්ම බව වාර්තාවේ සඳහන් වේ.

 

1.1 එසේ නම් පද්ධති වෙනස් නොවී තිබියදී මෙම අක්‍රමිකතාවය සිදුවී ඇත්තේ “සංක්‍රාන්ති සමයක්ය” තුල සිදුවූවක් යනු හුදු නිදහසට කරුණක් පමණක් නොවන්නේද?

 

1.2 එසේම එය හුදු තාක්ෂණික දෝෂයක් නොව, පැවති ආරක්ෂණ විධිවිධාන හිතාමතාම මඟහැරීමක් නොවන්නේද?

 

2. වාර්තාව කියන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ පසු කාර්යාල (Back Office) අධ්‍යක්ෂවරයාට පමණක් විදේශ ණය ගෙවීම් අනුමත කිරීමේ සම්පූර්ණ බලය තිබී ඇති බවය.

 

2.1 මෙය තනි පුද්ගලයෙකුට අසීමිත බලතල පැවරීමක් නොවන්නේද?

 

2.2 ඕනෑම ශක්තිමත් මූල්‍ය ආයතනයක පවතින “Maker-Checker” (එක් අයෙකු සකස් කිරීම හා තවකෙකු පරීක්ෂා කිරීම) ක්‍රමවේදය මෙහිදී අනුගමනය කර නැති බව කමිටුව පිළිනොගන්නේද?

 

3.0 භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට (TOD) මෙම ගෙවීම් පිළිබඳ දැනුම් දුන්නද, ඒවා නැවැත්වීමට ඔවුන්ට බලයක් ලබා දී නොතිබුණ බව වාර්තාව කියයි.

 

3.1 මෙවැනි දැවැන්ත මුදලක් ගෙවීමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය ඉවත් කර පද්ධතිය සැලසුම් කළේ කාගේ උවමනාවටද?

 

4.0 වාර්තාවට අනුව මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අසම්පූර්ණ තොරතුරු සහිත ගනුදෙනු දෙකක් ඔවුන්ගේ පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කර තිබූ බවයි. එසේම එක් ගනුදෙනුවක් පිළිබඳව ඔවුන් භාණ්ඩාගාරය දැනුවත් කර තිබුණ බවය.

 

4.1 මහ බැංකුව මෙම අවදානම හඳුනාගෙන තිබියදීත්, ඩොලර් මිලියන 2.5ක් වටිනා අනෙක් ගනුදෙනු 10ක් සිදුවීමට ඉඩ දුන්නේ කෙසේද?.

 

4.2. බැංකුව ලබාදුන් රතු නිවේදන නොසලකා හරිමින් ගෙවීම් කිරීමට අවසර දුන් නිලධාරියා කවුද?

 

4.3 අනතුරු ඇඟවීම් නොසලකා හැරීම කමිටුව සලකන්නේ නිලධාරීන්ගේ අහිංසක අතපසු කිරීමක් ලෙසටද?

 

5.0 ඕස්ට්‍රේලියාවට අදාළ ණය වාරිකය නියමිත වේලාවට ගෙවීමට උත්සාහ කළ නිසා ලංකාව ණය පැහැර හරින්නෙකු ලෙස සැලකිය නොහැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් පවසා ඇති බව වාර්තාව කියයි.

 

5.1 ලේකම් වරයාගේ “මෙය තාක්ෂනික පැහැර හැරීමක් නොවේ” යන ප්‍රකාශය යථාර්තවාදී ප්‍රකාශයක්ද?

 

5.2 ජාත්‍යන්තර මූල්‍ය නීතියට අනුව ගෙවීමක් සම්පූර්ණ වන්නේ අදාළ පාර්ශවයට මුදල් ලැබුණු විට මිස, වංචාකරුවෙකුගේ ගිණුමට මුදල් යැවූ විට නොවන බව කමිටුව නොතකන්නේ කුමන හේතුවක් නිසාද?

 

5.3 මෙය ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලින් බේරීමට සහ මහජනයා නොමඟ යැවීමට කරන ප්‍රකාශයක් නොවන්නේද?

 

6. මෙම සිදුවීම සයිබර් ආරක්ෂණ අවදානමක් ලෙස සලකා කටයුතු කරන ලෙස වාර්තාව නිර්දේශ කරයි.

 

6.1 සයිබර් ආරක්ෂණය දෙසට වරද පැටවීම කමිටුවේ හෘදසාක්ෂියට එකගව ගන්නා ලද තීරණයක්ද?

 

6.2 මෙම මූල්‍ය වංචාව සිදුවී ඇත්තේ පද්ධතියේ ඇති දුර්වලතා භාවිතා කරමින් එහි අභ්‍යන්තර නිලධාරීන්ගේ සහයෝගය ඇතිව නොවන්නේද?

 

6.3 ඒ අනුව කමිටුව මෙම වාර්තාව මගින් සිදු කරන්නේ “හැකර්වරුන්ගේ” වැඩක් ලෙස හංවඩු ගසා, ආයතනය තුළ සිටින වගකිවයුතු නිලධාරීන් බේරා ගැනීමට දරන උත්සාහයකි.

 

7. ඒ අනුව මෙම වාර්තාව යනු සිදුවූ දැවැන්ත වංචාව සහ කළමනාකරණ අසාර්ථකත්වය “ආයතනික සංක්‍රාන්ති සමයක්” යන ලේබලය යටතේ යටපත් කිරීමට ගත් උත්සාහයක් නොවන්නේද?

 

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්.

 

නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක.

නායකත්ව මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න.

නායකත්ව මණ්ඩල සාමාජික නදීෂ ද සිල්වා.

මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න.

 

 

The USD 2.5 Million Treasury Fraud – National Wealth Plundered Under the Guise of Institutional Reform

The recent report presented to Parliament by the Committee on Public Finance (CoPF) reveals an extremely dangerous state of affairs within Sri Lanka’s foreign debt management system.Under the pretext of an “institutional transition period,” unlimited powers were vested in a few officials within the Treasury, allowing national wealth to be defrauded without any meaningful oversight.It is now clear that this was not a mere “cyber-attack” but a planned internal robbery.

 

Despite the Central Bank issuing red flags regarding suspicious transactions and rejecting payments with incomplete information, certain Treasury authorities at the Public Debt Management Office (PDMO) appear to have proceeded regardless.Allowing 10 fraudulent transactions to be finalized in the face of such alerts points toward internal collusion rather than simple negligence.

 

The report exposes a critical systemic failure: the current digital payment processes are being governed by Financial Regulations that have not been comprehensively updated since 1992. By maintaining systems that are fundamentally inadequate for the modern digital era, the state has effectively paved the way for such corruption.While the public is burdened with heavy taxes, the nation’s reserves are being drained through systemic sabotage.

 

We vehemently condemn the attempts by the Ministry of Finance to label this as a “technical error” or to deny a “technical default” to shield those responsible. Every official who enabled this plundering of national assets must be brought before the law immediately.

 

On behalf of the Dinanana Dakuna Collective.

 

Leadership Board Member Attorney Shiral Lakthilaka.

Leadership Board Member President’s Counsel Maithri Gunaratne.

Leadership Board Member Nadeesha de Silva.

Media Spokesperson Thushara Weeraratne.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *