Featured

අනුරකුමාරට අමු කැවේ…ගෝලයෝ පිස්සුවෙන් දොඩවයි..UNP මන්ත්‍රීවරුත් මහින්ද පිලේලු..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා ටෘත් වෙබ් අඩවියේ අද අපූරු පුවතක් ප්‍රධාන පුවත ලෙස පළ කර තිබේ.“මහින්ද අයවැය මගහරියි… පිලේ 6ක් ආණ්ඩුවට පක්ෂ වෙයියනුවෙන් මාතෘකාවක් සහිතව පළ කර ඇති එහි ප්‍රධාන පුවතින් ප්‍රකාශ කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අය වැස විවාදය මග හැර ඇති බවත් ඔහු සමග සිටි 6 දෙනෙක් ආණ්ඩුවට පක්ෂව චන්දය දී ඇති බවත්ය.අපූරුව පැහැදිලි වන්නේ ඒ හය දෙනාගේ නම් කියවා බැලීමේදීය.

ඒ ලැයිස්තුවේ ඩග්ලස් දේවානන්දා, අංගජන් රාමනාදන්, මලික් ජයතිලක, ආරුමුගන් තොන්ඩමන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.ආර්.ඒ. ෆායිස්, විජේපාල හෙට්ටිආරච්චි යන නම් අඩංගුය…

මෙයින් ලක්ෂමන් සෙනවිරත්න මහතා මෛත්‍රී පිලේ ප්‍රබලයකු ලෙස අදටත් ක්‍රියාත්මක අතර පසුගිය චන්දයෙන් තමන් පරාජය වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය නොලැබීම නිසා බව ප්‍රසිද්දියේම පවසන්නෙකි.

මලිත් ජයතිලක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමේ සිට ඒ පිළ නියෝජනය කළ අතර පසුව ජාතික ලැයිස්තු මංකොල්ලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළේය.

අනෙකුත් නම් සඳහන් සියලුම දෙනා පාහේ මහින්ද රාජපක්ෂ මහතා සමග මෑතකදී සමීපව කටයුතු කරන්න්නන් නොවන අතර තොණ්ඩමන් ආදීන් හවුල් ආණ්ඩුවට සහාය දෙන බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කළවූවන්ය.

හොඳම විහිළුව වන්නේ ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටි ඇආරච්චි මහතාද මහින්ද පිලේ සිටියෙකු ලෙස හඳුන්වා තිබීමයි.

කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ ට කුමන හෝ අයුරකින් මඩක් ගැසීමේ උමතුවෙන් පෙළෙන අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවන ලංකා ටෘත් වෙබ් අඩවිය මෙලෙස තම ප්‍රධාන පුවතින් අතේ පැලවෙන කෙප්ප ප්‍රචාරය කරන්නේ තව දුරටත් මහින්ද රාජපක්ෂ විරෝධය තම පාක්ෂිකයන් අතර පවත්වාගෙන යෑමට සහ ඒ හරහා තමන් එක්සත් ජාතික පක්ෂය සහ අධිරාජ්‍යවාදීන්ට අවැසි ලෙස තම පක්ෂය මෙහෙයවීම වසං කිරීමට නොවේද?

උත්ප්‍රාසය වන්නේ ජවිපෙ පාක්ෂික හිතවතුන් මේ පුවත ඇති පදම් සමාජ ජාලා හරහා මේ වන විටත් ප්‍රචාරය කර තිබීමයි..සමහරුන් එය ප්‍රචාරය කර ඇත්තේ “බයියන්ගේ අප්පච්චි පව්” යන කැප්ෂනයද සමගිනි..

-යටියන ප්‍රදීප් කුමාර-

අනුර කුමාරගේ ලංකා ටෘත් පුවත 

lankatruth_01

Top