Political

අනේ කාලේ වනේ වාසේ කිව්වාලු… නිකමුන්ට අචාර්ය උපාධි ලැබෙන රටේ උපාධිධාරීන්ගේ රස්සාවටත් කෙලවන්න හදයි… බදවාගත් උපාධිධාරීන්ට රජය දැමු ගොන් කොන්දේසිය මෙන්න

Published on: Jan 30, 2020 – උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණු කාලයට බඳවාගෙන වසරකුත් මාස 05ක් ගතවී තිබියදි කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවූ අයෙකු ලෙස දිවුරුම් ප‍්‍රකාශයක් ඉල්ලා කොන්දේසියක් දැමිමට රජය කටයුතු කර තිබේ.

2018.08.20 දින සංවර්ධන නිලධාරී තනතුරට බදවාගත් උපාධිධාරීන් 2020 පෙබරවාරී 07 දින සිට පැවැත්වෙන් සම්මුඛ පරික්ෂණ සදහා කැදවා ඇති අතර ඒ සඳහා ඔවුන් වෙත නිකුත්කර ඇති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලිපියේ අංක 03 හි viii පවතින වගන්තිය මගින් ඉල්ලා ඇත්තේ

‘‘උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා ඔබ පුද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ හෝ අර්ධ රාජ්‍ය සේවයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවූ රැකියා විරහිත උපාධිධාරියෙකු බවට දිවුරුම් ප‍්‍රකාශයක්/ප‍්‍රතිඥාවක් ඉදිරිපක් කළ යුතුය…’’ යනුවෙනි.

ඒ හරහා රජය දේශපාලන උපක්‍රමයක් භාවිතා කිරිමට සැරසේන බව අමතුවෙන් කිවයුතු නොවේ.නිකමුන්ට ආචාර්ය උපාධි හිමිවන රටක තරගකාරි විභාග වලට පෙනී සිටිමින්,දරිද්‍රතාවලින් පෙලෙමින් සිය ජිවිතය සාර්ථක කර ගැනිමට උපාධිය ලබාගත් රටේ පුරවැසියන්ට සලකන්නේ නම් අනිත් දේවල් ගැන් කවර කතාද?

මේ අතර සංවර්ධන සේවා නිළධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රශ්ණ මාලාවක් යොමුකර තිබේ.

2020.01.30

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය,
ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ඇමතිතුමනි,

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේ දී උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා පෞද්ගලික/රාජ්‍ය/අර්ධ රාජ්‍ය අංශවල රැකියාවක් නොකළ බවට දිවුරුම් ප‍්‍රකාශ ලබාගැනීමේ කොන්දේසිය ඉවත්කරන මෙන් ඉල්ලමු

2018.08.20 දින සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගැනීමේ පූර්ව අවස්ථාව ලෙස අභ්‍යාසලාභී පුහුණු කාලයට බඳවාගෙන වසරකුත් මාස 05ක් ගතවී ඇත. අදාල පුහුණුව නිමවී එම උපාධීධාරීන් තනතුරේ සිථිර කිරීමට නියමිතව තිබුණේ 2019 අගෝ. 21 දිනය. නමුත් ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් පැවති රජයට අපගේ විරෝධව පළකරමු. එම නිසා විවිධ කොන්දේසීන් යොදා උපාධිධාරීන් ස්ථිර කිරීම තවදුරටත් ප‍්‍රමාද නොකර කඩිනම් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටිමු.

එලෙස බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවයට පත්කිරීමට සලකා බැලීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට 2020 පෙබරවාරී 07 දින ඇතුළුව දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට මේ වන විට දැනුම් දී ඇත. ඒ සඳහා ඔවුන් වෙත නිකුත්කර ඇති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලිපියේ අංක 03 හි viii පවතින වගන්තිය ගැටළු සහගත බව දන්වා සිටිමු.

‘‘උපාධිය ලබාගත් දින සිට 2017.09.08 දින දක්වා ඔබ පුද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ හෝ අර්ධ රාජ්‍ය සේවයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවූ රැකියා විරහිත උපාධිධාරියෙකු බවට දිවුරුම් ප‍්‍රකාශයක්/ප‍්‍රතිඥාවක් ඉදිරිපක් කළ යුතුය…’’

මෙවැනි තීරණයක් පැවති රජයේ අමාත්‍ය මණ්ඩලය මගින් හෝ වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය මගින් හෝ ගෙන ඇත්නම් ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය පලකරන අතර එය සමාජ සාධාරණත්වයට එරෙහිවීමක් බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

2. රටේ ආර්ථික තත්වය, ඇතැම් උපාධිධාරීන්ගේ පවුල්වල ආර්ථික තත්වය, උපාධියක් ලබාගත්තවුන්ගේ දෙමාපියන්, සොයුරු සොයුරියන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් කුමන හෝ අංශයක අධ්‍යාපන සුදුසුකම නොසලකා රැකියවක නිරතවීම රටේ සාමාන්‍ය තත්වයක් වන අතර මෙමගින් ඉහත වටපිටාව තුල වුවද රැකියාවක් නොකළයුතුයැයි අනියමින් කොන්දේසියක් පැනවී ඇත.

3. මෙවැනි කොන්දේසි මගින් කියැවෙන්නේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් උපාධිධාරියෙකුව අවම වශයෙන් රැකියාවක් ලෙස සංවර්ධන නිලධාරී තනතුර අනිවාර්යයෙන් ප‍්‍රදානය කරන බැවින් එතෙක් කිසිදු රැකියාවක් නොලළ යුතුය යන්නය.

4. 2018 අගෝ. 20 අභ්‍යාසලාභින් බඳවා ගැනීමට පෙර උපාධිධාරීන් බඳවා ගැනීමේ අවසන් අවස්ථාව වන්නේ 2012 මාර්තුය. 2018.08.20 වන විට වසර 06ක් ඉකුත් වී ඇත. ඒ අනුව 2012 සිට විශ්ව විද්‍යාලවලින් උපාධියක් ලබාගෙන පිටවූ උපාධිධාරීන් ජීවත්වීම සඳහා කිසිදු රැකියාවක් නොකලා නම් පමණක් සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගැනීමේ සුදුසුකමක්  ලෙස කොන්දේසියක් පැනවිය හැකිද?

5. රජය එසේ ප‍්‍රකාශ කරන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් පිටවන සෑම උපාධිධාරියෙකුටම වාර්ෂිකව රැකියා ලබාදීමේ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශනවලට සීමා නොකර නීතිගත කිරීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය වේ.

6. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ රැකියාවක නිරත වූ ඇතැම් උපාධිධාරීන් එම අංශවල රැකියාවක නිරතව ඇත්තේ  සා/පෙළ හෝ උ/පෙළ අධ්‍යාපන සුදුසුකම් අනුව බඳවාගනු ලැබූ රැකියාවන් සඳහාය.

7. ඔවුන් සේවයට බැඳුනු පසුව හෝ ඊට පෙර උපාධියක් ලබාගෙන ඇත්නම් උපාධිය පදනම් කරගෙන කරනු ලබන  බඳවාගැනීමක දී ඊට පෙර පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක් කිරීම සංවර්ධන නිලධාරී තනතුර අහිමි  කිරීම මූලික අයිතිවාසිකම්වලට කොතෙක් එකඟදැයි වගකිවයුතු බලධාරීන් අවධානය යොමුකළ යුතුය.

8. 1999 සිට 2016 දක්වා රාජ්‍ය සේවයේ සිටි ඌන සේවා උපාධිධාරීන් විවිධ අවස්ථාවල උපාධිධාරීන් බඳවැගැනීමේ දී අන්තර්ග‍්‍රහණය කිරීම් සිදුකළ අවස්ථාද ඇත.

ගරු ඇමතිතුමනි, සුදුසුකම් සපුරා ඇති සියළුම අභ්‍යාසලාභීන් තවදුරටත් අපහසුතාවයට පත්නොකර අදාල සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර පෙබරවාරි 20ට පෙර පත්වීම් ස්ථිර කිරීමට කටයුතු කරන මෙන් අපි රජයෙන් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම ඉහතින් දක්වා ඇති කොන්දේසිය අදාල නොකරගන්නා මෙන්ද ඉල්ලන අතර එම කොන්දේසිය අභ්‍යාසලාභි කුමන හෝ උපාධිධාරියෙකුට බලපාන අවස්ථාවකදී වෘතීයමය හා නීතිමය වශයෙන් අප සංගමය අවශ්‍ය පියවර ගැනීමට ක‍්‍රියාකරන බවද දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top