Featured

අපදා තත්ත්වය හමුවේ හමුදාවට තහංචියක්

හදිසි ගංවතුර සහ නාය යෑම් හමුවේ අපදා තත්ත්වයට මුහුණ දි සිටින දිවයින පුරා ජනතාව මුදවා ගැනිම සදහා  යුධ හමුදා සෙබළුන් මුදා හැරිමට නොහැකිව ප්‍රාදේශිය හමුදා මුලස්ථාන ප්‍රධානින් දැඩි ගැටලුවකට මුහුණ දි සිටින බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.අනවශ්‍ය අකාරයට යුධ හමුදා සාමාජිකයන් සිවිල් ජනතාව සමග මුසු නොකරන් ලෙසට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබි ඇති නියෝග හමුවේ හමුදා සෙබළුන් රටේ හදිසි අපදා තත්ත්වය හමුවේ එම කටයුතු වලට මැදිහත් කිරිමට හැකියාවක් නොමැති බවයි.

ඒ හරහා රටේ සමාන්‍ය ජනතාව අතර හමුදා සමාජිකයින් සම්බන්ධයෙන් අප්‍රසාදයක් ගොඩ නැගිමට යහපාලන රජය කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රටපුරාදිස්ත්‍රික්ක රැසක් මේ වනවිට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින අතර ඔහුන් මුදවා ගැනිමේ කටයුතු වෙගවත්ව ක්‍රියාත්මක නොවන බව රටපුරා සිටින අප විශේෂ වාර්තාකරුවන් සදහන් කළා.වෙනදාට මෙවන් තත්ත්වයක් යටතේ යුධ හමුදාව,ගුවන් හමුදාවස් අහ නාවික හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්ක වු අකාරය මේ රටේ ජනතාවට අරුමයක් නොවේ.නමුත් අද වනවිටත් ආරක්ෂක අංශ යොදවා ගනිමින් අඩුම තරමින් කොළඹ නගරය ආශ්‍රිත ගංවතුරට යටවි ඉටින ජනතාව ගලවා ගැනිමටවත් යහපාලන රජයට හැකියාව ලැබි නැති බව මාධ්‍ය හරහා අද අනාවරණය වුනා.

Top