Anonymous Reporter

අයියෝ සිරිසේන,ගාල්ලේ සෙනග පෙන්වන්න හිටපු කොටි ත්‍රස්ථවාදීන් ගාල්ලට

හිටපු කොටි ත්‍රස්ථවාදීන්ට 2016.04.30 දින කොළඹට පැමිණෙන ලෙස යහපාලන රජය දැනුම් දී ඇති බවත් ඔහුන් ගාල්ලේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට බහත්කාරයෙන් රැගේන යාමට උත්සහයක් ඇති බවත් ද්‍රවිධ ජාතික සන්ධානයේ විග්නේෂ්වරන් පිළේ සමාජිකයෙකු වන එස්.විනෝනෝදරාදලිංගම් පවසා තිබේ.

උතුරේ මාධ්‍ය අමතමින් ඔහු පවසා ඇත්තේ හිටපු සියළුම කොටි ත්‍රස්තයන්ට ලබන 3 වැනිදා කොළඹට පැමිණෙන්නැයි ජනාධිපතිවරයා වහාම දන්වා එවා ඇති බවත් ඊට පසු දින එනම්, මැයි මස 01 වන දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලියට හිටපු කොටි ත්‍රස්ථවාදීන්ව සහභාගි කරවා, සංඛ්‍යාව වැඩි වශයෙන් පෙන්වීමට පුනරුත්ථාපන කාර්යාලය පසුබිම සකස් කරමින් සිටින බවයි.

හිටපු කොටි ත්‍රස්ථවාදීන්ගේ කැමැත්තක් නොමැතිව මැයි දින පෙළපාලියට සහභාගි කරවීම, රජය සිදුකරන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි විනෝනෝදරාදලිංගම් ප්‍රකාශ කර තිබේ.

Top