Featured

අයිසේ තමුසෙලා තමයි ගිය ආණ්ඩුව කෑවේ …දයාගෙන් ප.ච රණවකට බැණුම්

‘අයිසේ තමුසෙලා තමයි ගිය ආණ්ඩුවත් කාලා මේ ආණ්ඩුවත් කන්න හදන්නෙ’සුදු වෑන් දාලා මිනිස්සු ඉස්සුවා…මිනිමරුවෝ…. යනුවෙන් මෙගා පොලිසි අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක අමාත්‍යවරයාට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉතා දරුණු ලෙස බැණ වැදී ඇති වාර්තා වේ.

පිළියන්දල,බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගෙන සිදු කිරීමට යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දයා ගමගේ ඇමතිවරයා විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් සිටියදී එම ස්ථානයට රණවක ඇමතිවරයා පැමිණ ඇති අතර එහිදි ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් පසුව මෙම ගැටුම ඇතිවි තිබේ.

පිළියන්දල,බොරලැස්ගමුව ප්‍රදේශයේ දයා ගමගේ මහතාගේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එම ගැටුම හටගෙන තිබේ.චම්පික රණවක මහතා විසින් මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන්නට යන වෙනත් ගණුදෙනු ගැනද ඇමතිවරයා විසින් එහිදී ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබෙන අතර චම්පික රණවක ඇමතිවරයාද ඊට පිළිතුරු දෙන්නට ගිය විට ඇමති දයා ගමගේ දැඩි ලෙස රණවකට බැණ වැදී තිබේ.

‘අයිසෙ තමුසෙලා තමයි ගිය ආණ්ඩුවත් කාලා මේ ආණ්ඩුවත් කන්න හදන්නෙ’සුදු වෑන් දාලා මිනිස්සු ඉස්සුවා…මිනිමරුවෝ….ආදී වශයෙන් බැණ වදිද්දී ඇමති රණවක හෙමින් සීරුවේ එතැනින් ඉවත්ව ගොස් තිබේ.

Top