LNN SPY

අලුත් අවුරුද්දට යහපාලන හිගන ආණ්ඩුවෙන් තෑගි මල්ලක්…. ඉන්ධන,ගෑස්,විදුලිය හැටට හැටේ නගී

Published on: Mar 14, 2018- ලබන අප්‍රේල් මුල සිට විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් මිල නියත වශයෙන්ම විශාල මුදලකින් වැඩි කරනු ඇති බවට අනාවරණය වේ.

ගෑස් මිල වැඩි කිරීමට අවසර දෙන ලෙස මේ වන විටද ඉල්ලා තිබුණත්, ආණ්ඩුව තාවකාලිකව එය කල් දමාගෙන තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 55ක සීමාවේ සිට මේ වන විට ඩොලර් 65ක් දක්වා ඉහළ යාමත්, රුපියලේ විදේශ අගය අඛණ්ඩව බිඳවැටීමත් නිසා රට තුළ දී ඉන්ධන ලීටරයක් අවම වශයෙන් රුපියල් 7.00කින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව අනාවරණය වේ. මේ වන විටද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30.00කින් ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමුවහොත්. අනිවාර්යයෙන්ම බස් ගාස්තු සහ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළේදී තෙල් බැරලයේ මිල ඉහළ යාම නිසා ඇති වන පීඩනයට මුහුණ දීමේ කිසිදු හැකියාවක් මෙරට ආණ්ඩුවට නොමැති බව අනාවරණය කෙරී ඇත. එසේම තව දුරටත් රුපියල බිඳවැටීම වැළැක්වීමේ කිසිදු හැකියාවක්ද නොපවතී.

Top