Featured

ආණ්ඩුව විවේචනය කල විමලනාත් විරරත්නව බැදුම්කර හොරු ඉරුදිනෙන් දොට්ට දමයි

මාස ගණනාවක් ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට අයත් ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදීන්ට සිය වැටුප නොගෙවා වැඩගත් මහ බැදුම්කර හොරු රැලේ නායකයා වන මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් විරරත්න වහාම සේවයෙන් ඉවත් කර තිබේන බව ‘ඉරුදින’ සේවක එකමුතුව සදහන් කරනවා.

2016 වසරේ නොවැම්බර් සිට මාස ගණනාවක් සේවකයන්ගෙ වැටුප් නොගෙවා වැඩ ගැනිමට රවි කටයුතු කර ඇති අතර පසුව රටේ මාධ්‍ය මිළදි ගැනිමේ මෙහෙයුමේ යෙදි සිටින මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සේවකයන්ගේ පඩි ගෙවිමට කටයුතු කල අතර ඒ හේතුවෙන් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන්ලා විවේචනාත්මක පුවත් ලිවිම සම්පූර්ණයෙන් නතර කර දැමිමට සිදුවුනා.

නමුත් ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් විරරත්න දිගින් දිගටම ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ පුවත් පලකිරිමට කටයුතු කරන බව පවසමින් ඔහු සේවයෙන් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර එම කේළාම් කීම පසුපස ඉරුදින පුවත් පතේ සේවය කරන එජාපයෙන් වෙනම පඩි ලබන මාධ්‍යවේදිනියක් සහ සාමාන්‍ය සේවකයෙකු සිටින බවද ‘ඉරුදින’ සේවක එකමුතුව අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මෙම නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත්වන බව ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපිය පහතින්

‘ඉරුදින’ සේවක එකමුතුව,
24, කටුකුරුදුවත්ත පාර,
රත්මලාන.

2017. 03. 01

මාධ්‍ය ආයතන / වෘත්තීය සමිති / සිවිල් සංවිධාන / මානව හිමිකම් සංවිධාන /
දේශපාලන පක්ෂ වෙත,

මහත්මයාණෙනි / මහත්මියනි,
‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

පෙබරවාරි 27 දින සඳහන් කරමින් ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්ත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.

මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව සදහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ස්තූතියි.

‘ඉරුදින’ සේවක එකමුතුව

යහපාලන රජය රටේ මාධ්‍ය හා මාධ්‍යවේදීන් එලිපිටම මර්දණය කරද්දී කටයි..පුකයි වහාගෙන සිටි ගොතකර්ම මාධ්‍ය සංවිධාන දැන් යලිත් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටි

ප‍්‍රවෘත්ති කර්තෘ,
ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ,
ප‍්‍රවෘත්ති සංස්කාරක,

ප‍්‍රවෘත්ති නිවේදනයයි

ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම ජාතික මාධ්‍ය සංසදය ලෙස තරයේ හෙළා දකිමු.

ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම විසින් පෙබරවාරි 28 දින සිට එම පුවත්පතේ කර්තෘ විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කරනු ලැබ ඇත. ඔහු සේවයෙන් පහකිරීම සදහා කිසිදු සාධාරණ හේතු දැක්වීමක් කර නොමැති අතර පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් සිදුකොට නොමැත.

එබැවින් මෙරට පවතින කම්කරු නීති අනුව මෙම සේවයෙන් පහකිරීම නීති විරෝධී මෙන්ම අයුක්ති සහගතද වේ. ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති බවද සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නැති බවද වාර්තා වන බැවින් එම සමාගම බරපතළ ලෙස කම්කරු නීති උල්ලංඝනය කරන ආයතනයක් බව පැහැදිලිව පෙනේ. තම සේවකයින්ගේ අවම අයිතීන් පවා ලබා නොදෙන මෙවැනි සමාගම්වලට සමාජ වගකීමක් සහිත පුවත්පත් කර්මාන්තයේ යෙදිය හැකිද යන්න ගැටලූවකි.

ජනමාධ්‍ය හිමිකාරී සමාගම් විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සංවිධානවලට සම්බන්ධවීමට පවා අවසර ලබාදෙන්නේ නැත. සමාජයේ පොදු යහපත, සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලූ පිළිබදව පුළුල් ලෙස සාකච්ඡුා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමටත් ජාතික මාධ්‍ය සංසදය කටයුතු කරනු ඇත. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලූ හා පොදු අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික මාධ්‍ය සංසදය සමග එක්වන ලෙස සියලූ මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය සේවකයින්ගෙන් ජාතික මාධ්‍ය සංසදය ඉල්ලා සීටී.

විමලනාත්ත වීරරත්න මහතා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් ජාතික මාධ්‍ය සංසදය ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ පාලන අධිකාරියට බලකර සිටී.
ස්තූතියි,
මෙහෙයුම් කමිටුව වෙනුවෙන්,
මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම
2017.03.02

Top