Anonymous Reporter

ආලාපාළුවා දොයි,බත් ගොට්ටාගෙන් ෆෙඩරල් යෝජනාවට එරෙහි යෝජනාවක්

සිල්බිදගත්තු ආලාපාළු රණවකයා සම්බන්ධන්ලා සමග හුරතල් වෙමින් රනිල්ගේ ශ මෛත්‍රීගේ රෙදි හොදන අතරේ උතුරු පළාත් සභාව ඉකුත්දා සම්මත කර ගත් ෆෙඩරල් යෝජනාවට එරෙහි යෝජනාවක් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ඉදිරිපත් කර තිබේ.

උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාව රටේ ජාතික සංහිඳියාවට බාදාවක් බැවින් මෙවැනි යෝජනා සම්බන්දයෙන් උතුරු පළාත් සභාවට ව්‍යවස්ථාමය සහ නෛතිකමය රාමුවක් තුළ පියවර ගත යුතු බවට ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, ආණ්ඩුකාරතුමාගෙනුත් ඉල්ලා සිටීමේ යෝජනාවක් තමයි සම්මත කරගනු ලැබුවේ.

එම යෝජනාව ගෙනඒමේ අරමුණු පිළිබදවද නිශාන්ත ශී‍‍්‍ර වර්ණසිංහ මහතා මහතා කරුණු පැහැදිලි කළා.

“උතුරු පළාත් සභාවට යම් කිසි පණිවුඩයක් ලබාදීම පමණක් නෙමෙයි මේ රටේ ජනතාවගේ මතය පිළිබිඹු කිරීමත් මෙහි එක අදහසක්. ඒ වගේම ෆෙඩරල්වාදයට විරුද්ධ ජනමතය ශක්තිමත් කිරීමත් මෙම යෝජනාවේ එක අදහසක් වුණා. අපි හිතනවා අනෙකුත් පළාත් සභා වලිනුත් මෙම යෝජනාවට විරුද්ධව යෝජනාවන් සම්මත කරගැනීමට කටයුතු කරයි කියලා.”

 

එම යෝජනාව පහතින් බලන්න

federal_TNA

Top