All

ඉන්දීය සීනි ගොවියා රකින … ශ්‍රි ලංකාවේ සීනි සෙල්ලම … ඉන්දීය සීනි ගොවියා රකින්න රටේ ජනතාව බිල්ලට!

කෝටි ගණන් බදුවලට කෙලවා නැව් පිටින් කොළඹට එන සීනී, ඉන්දිය සීනී නිෂ්පාදකයින් රැක ගැනිම වෙනුවෙන් දියත් වන මෙහෙයුමක් බව මේ වනවිට අනාවරණය වි තිබේ. ශ්‍රි ලංකා ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් ගෙන්වන මෙම සිනී ඉන්දියාවෙන් ඉතාම අඩු මුදලකට ලබාගන්නා සීනි තොගයක් බවටද තොරතුරු අණාවරණය වී තිබේ.

2020 වර්ෂයේ දෙවන භාගය වන විට ඉන්දියාවේ සීනි නිෂ්පාදනය බලාපොරොත්තු ප්‍රමාණයට වඩා ඉහළ ගොස් ඇති අතර ඒ සමගම ඉන්දීය ගොවීන්ට උක් සඳහා අඩු මිලක් ලැබෙන විට ගොවීන් ඊළඟ කන්නයේ උක් නිෂ්පාදනය අත්හරිතැයි ඉන්දීය ආණ්ඩුව භියට පත්ව තිබේ. ඒ අනුව උක් ගොවියා ආරක්ෂා කර ගැනීමටත් සීනි නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාම සඳහාත් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් ($) 140ක දිරි දීමනාවක් ගෙවීමට ඉන්දීය රජය විසින් තීරණය කර ඇති අතර දිරි දීමනාව ගෙවන කාල සීමාව 2020 දෙසැම්බර් මස 31 දක්වා පමණක් වලංගු බවට චක්‍රලේඛණයක්ද නිකුත් කර ඇත.

ඒ අනුව ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක් ලැබෙන බැවින් ඉන්දීය සීනි නිෂ්පාදකයන් ජාත්‍යන්තර මිළටත් වඩා අඩු මිලකට සීනි අපනයන මිල ලකුණු කර තොග උපරිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඇතුලු රටවලට අපනයනය කිරීම දෙවන කාර්තුවෙදී වේගවත් කර තිබිණි.

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා රජය විසින් සීනි සඳහා එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සජාත් නැව් පිටින් සීනී ආනයනය කිරිමට කටයුතු කරමින් සිටි.

ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක්,ඔක්තෝබර් 13 වැනිදා සිට එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සිදුකලද ලංකාවේ ජනතාවට තවමත් සිනී ක්‍රිලෝවක් මිලදි ගැනිමට සිදුව ඇත්තේ රුපියල් 125ක් 130ක් අතර මුදලකටය.විශ්මයට කරුණ නම් ඒ රුපියල් 85ක පාලන මිලක් තිබියදී විමයි.

2020 ඉන්දීය සීනි සමය….

මේ අතර ඉන්දියාව (2020-2025) ඉන්දියානු උක් සීනි වෙළඳපොල CAGR 4.3% දක්වා ළඟා කර ගැනිම සදහා මෙහෙයුමක්ද දියත් කර තිබේන අතර රජයේ ප්‍රතිපත්තිවලට සහය දැක්වීම සහ බෝග ප්‍රදේශ වැඩි කිරීමත් සමඟ පුරෝකථනය කරන ලද කාල සීමාව තුළ ඉන්දියාව සීනි නිෂ්පාදනයේ ඉහළ අගයක් අපේක්ෂා කෙරේ.

2020 සීනි සමය සඳහා ඉන්දිය රුපියල් කෝටි 6,260 ක අපනයන සහනාධාරයක් ඉන්දිය කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන අතර එය එකවර අපනයන සහනාධාරයක් ලබා දීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ

ඉන්දියාවේ ප්‍රාන්ත නවයක, එනම් පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, බිහාර්, ගුජරාට්, හර්යානා, කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රදේශවල උක් ප්‍රධාන වශයෙන් නිපදවනු ලබන අතර මෙම ප්‍රාන්ත නවයේ ග්‍රාමීය ජනගහනයෙන් 12% කට සෘජු හෝ වක්‍ර රැකියා මගින් සීනි කර්මාන්තය සහාය වේ.

ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ ජනාධිපතිගේ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

Top