Featured

ඉරාජ්ගේ “බ්‍රා” ගැලවිම පසුපස සමලිංගික මංගල සමරවිර

මෑතකදී ආන්දෝලනයට ලක් වූ ඉරාජ් වීරරත්න විසින් නිශ්පාදිත “ගිණියම් රෑ” නැමැති ගීතය නිර්මාණය කිරීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා රු මිලියන 2 ක මුදලක් ලබා දී ඇති බව අනාවරණය වි තිබේ.

ඒ සඳහා ඔහු විදේශ ආමත්‍යාංශයේ ගිණුමෙන් රජයේ මුදල් දී ඇති බවත් එය රජයේ මුදල් අවභාවිතා කිරීමක් බව දූෂණ විරෝධී හඬ සංවිධානය පෙන්වාදි ඇති අතර එහෙත් ඊට පිළිතුරු දක්වන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසූයේ මෙහිදී කිසිදු රජයේ මුදලක් අවභාවිත වී නොමැති බවත්, සියලුම ගනුදෙනු පාරදුෂ්‍ය ආකාරයට සිදුවුණ බවත්, එසේ මුදල් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහනකට බවයි.

මේ අතර තවත් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ ගිණියම් රෑ ගීතය නිශ්පාදනය කෙරුණේ ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ අරමුණින් බවය. අනූ ගනන් වලදී බිහි වුණ “සුදු නෙළුම පිපුණා” වැනි ගීත මගින් මගින් කොටි සමග සාම සාකච්ඡා සාධාරණීකරණය කළ ආකාරයටම මෙවැනි සමලිංගික ගීත හරහා සමලිංගික වීවාහ සාධාරණීකරනය කිරීම සිදුකෙරන බවත් දැක්වෙයි. ඒ සඳහා වත්මන් රජය සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් අනුබල දී ඇත.

Top