Featured

ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?

කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා කළ අනාවරණය අනුව තහවුරු වන බවත් කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිමත් කදවුරේ ආරක්ෂක ක්‍රමවේදයන් සහ ආරක්ෂක නිළධාරීන් මිට දින 10කට පෙර වෙනස් කිරිම වැනි සිදුවිම් හරහා කඳවුරේ පිපිරුම අහබු සිදුවිමක් නොවන බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණයන් තහවුරු කරමින් තවත් සැක සහිත කරුණු කිහිපයක් අනාවරණය වි තිබේ.

පිපුරුම පසුපස ඇති අනාවරණය නොවු තොරතුරු …..

01.යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම

02.කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින් 10කට කලින් වෙනස් කිරිම

03.මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.

04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද,ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය  සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?

05.ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?

මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු බවත් එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූ බවද අනාවරණය වි තිබේ.

අදාළ පිපුරුම සිදු නොවන්නට යහපාලනය මේ වනවිට ගොතාගේන යන තවත් බොරුවක් අතේ පත්තුවන්නට තිබිනි.

Top