Featured

එජාපය අලියා ලකුණින් මැතිවරණයට! රනිල් කොළඹට… සමගි ජනබලවේගය කොළඹදි රැස්වෙයි…

Published on: Mar 2, 2020- ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අද අනාවරණය කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ එයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයේ කැමැත්ත ලැබී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ , කිසිදු බෙදීමක් නැති බවත්, බහුතරයගේ කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් තරගකිරීම නිසා පාර්ලිමේන්තුව විසිරුවූ සැණින් අලියා ලකුණින් නාම යෝජනා බාරදීමට, නාම යෝජනා මණ්ඩලද මේ වන සූදානමින් පසුවන බවත් රවි කරුණානායක මහතා අවධාරණය කළා.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන්නේ නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට සුදානමින් සිටින බවයි.

මේ අතර ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය විසින් ඊයේ රාත්‍රියේම මාධ්‍ය නිවේදනයක් නිකුත් කල තිබු අතර එහි සදහන් වුයෙ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ‘ලකුණ” පිළිබදව එකගතාවයකින් තොරව බවයි.

නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරන බවද එහි දක්වා තිබුනා.

අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ,ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට කොළඹ නෙළුම් පොකුණේදි පැවැති අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් එක්ව සිටි බව එම සන්ධානයේ මහා ලේකම්වරයා සදහන් කළා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top