නිදහස් අධ්‍යාපනය ගැන කිව යුතු තවත් දේ තිබුණත් ඊයේ සම්මත වූ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ගැන සඳහන් කළ යුතු වෙනවා. මේ පනත ඉන්දු ලංකා ගිවිසුම හා ඒ ඇසුරෙන් ගෙන ආ පළාත් සභා පනත වගේ ම ද්‍රෝහී පනතක්. ද්‍රෝහී පනත් සම්මත කරගන්නේ එ ජා පක්ෂයේ හෝ එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් ඇති ආණ්ඩුවලින්. ඒ් එ ජා ප මෙරටට ද්‍රෝහී පක්ෂයක් නිසා. එහෙම කිව්වම සමහරු කියයි එ ජා ප නෙවෙයි ද ලංකාවට නිදහස දිනාගත්තෙ කියලා. ඒ දිනාගත්ත නිදහස ප්‍රධාන වශයෙන් ම මෙවැනි පනත් සම්මත කර ගැනීමට මිස වෙනත් දෙයකට නො වෙයි. මේ පනත ජාත්‍යන්තරය යැයි කියාගන්නා බටහිර රටවල් හා ඉන්දියාව අපට පැටවූ එකක්. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූයේ ඉන්දියාව. ඒ පිටුපස එංගලන්තය ඇමරිකාව හා අනෙක් බටහිර රටවල් හිටියා. අපේ ස්වෛරීභාවයට බලපාන කරුණු සිදුවන්නේ අපට වුවමනා අන්දමට නොවෙයි. ඒත් අප සිතනවා අපට එ ජා ප යටතේ නිදහස ලැබුණා කියලා. අපට ඇත්තේ සීමිත නිදහසක්. මේ සීමිත නිදහස පවා අප යොදාගෙන ඇත්තේ බණ්ඩාරනායක (කුමාරතුංග නොවේ) හා රාජපක්ෂ ආණ්ඩු සමයේ දී පමණයි. බටහිරයන් අපට දී ඇති ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණයක් වන්නේ බටහිරයන්ට අවශ්‍ය එහෙත් අපට වින කරන ආණ්ඩු පත්කිරීමට අපට පවරා ඇති ඡන්ද බලයයි. මේ ප්රජාතන්ත්රවාදය එක් පැත්තකින් සියතින් ගෙල සිඳගැනීමේ නිදහසක්.
අප ජූලි 21 වැනි දින පළකළ රණවිරුවන් පාවාදීම (http://www1.kalaya.org/2016/07/blog-post_21.html) ලිපියෙහි සඳහන් කළ ආකාරයට මෙය රණවිරුවන් පාවාදෙන ද්‍රෝහී පනතක්. මෙය ජීනිවා යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක්. ඉදිරියට තව තවත් පියවර ගනීවි. රණවිරුවන් දංගෙඩියට යවා අවසානයේ දී මහින්දට හා ගෝඨාභයට දඬුවම් කරාවි. ඒ දෙදෙනාගේ ප්‍රජා අයිතීන් නැති කිරීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේ පිහිටුවීමට යන ඊනියා කාර්යාලය මෙරට අධිකරණ පද්ධතිය ඉක්මවා යන්නක්. ඒත් අවාසනාවකට මේ පනතට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට කිසිවකුට නොහැකි වූවා. එය අතපසු වීමක් කියා සැනසෙන්න බැහැ. අප සියල්ලන් ම එයට වරදකරුවන්. අරයට මෙයාට ඇඟිලි දික්කරන එක වැරදියි. වැට් පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය දෙවරක් ම ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. දෙවතාවේ ම ජයගත්තා. ඒත් ඒ තාවකාලික ජයක්. ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති ව ඒ පනත නැවත ගෙන ඒවි. ඒ ගැන ඒ වෙලාවට බලාගන්න වේවි. ඒත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතට විරුද්ධව කිසිවක් කරගත නොහැකි වූයේ සංවිධානයක් නොමැති කමින්. වහාම දේශපාලන නොව ජාතික සංවිධානයක් පිහිටුවා විවිධ අංශ යටතේ සංවිධානය විය යුතුයි. පසුගිය දා පැවති පාද යාත්‍රාව එවැනි සංවිධානයකට හොඳ අත්තිවාරමක්. ඒ සංවිධානයට නීති අංශයක් ද තිබිය යුතුයි. නීති අංශය හැම පනත් කෙටුම්පතක් ම අධ්‍යයනය කර ගත යුතු පියවර ගැන උපදෙස් දිය යුතුයි.
ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සත පහකට ගණන් ගන්නේ නැහැ. මේ පනත ගෙනාවෙ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. ඒකාබද්ධ විපක්ෂය වෙන කරගන්න දෙයක් නැතිව මෛත්‍රිපාලගෙන් ඉල්ලුවා ජාතික වශයෙන් වැදගත් පනතක් ලෙස සලකා ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමුකරන ලෙස. ඒක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්. මෛත්‍රිපාලට ඒක ජාතික වශයෙන් වැදගත් නැතිව ඇති. අනෙක් එක රනිල්ට විරුද්ධව යන්නෙ කොහොම ද? පනතට දෙමළ සංධානය හා ජ වි පෙ විතරක් නෙවෙයි ජාතික හෙළ උරුමය හා මෛත්‍රිපාලගෙ කණ්ඩායමත් පක්ෂ වුනා. විරුද්ධ වුනේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. මේ පනතට පක්ෂ වුනු සියල්ලන්ම ද්‍රෝහීන්. ඔවුන් බටහිරට හා ඉන්දියාවට ඕන නිසා රණවිරුවන් පාවා දෙනවා. මේ ද්‍රෝහීන්ට කිසිම විටෙකවත් ජාතික සංධානයට ඇතුල් වෙන්න දෙන්න හොඳ නැහැ. මඩු වලිග අවශ්‍ය වෙන්නෙ මේ වගේ වෙලාවට. මෛත්‍රිපාලගෙ කණ්ඩායමට බේරෙන්න බැහැ ඡන්දයක් ගත්තෙ නැහැ කියලා. ඒකත් කරු ජයසූරියගෙ ප්‍රෝඩාවක්. මෛත්‍රිපාලගෙ කණ්ඩායම ඇත්තට ම පනතට විරුද්ධ නම් අද ආණ්ඩුවෙන් අයින් වෙන්න ඔන.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හැටතුන්වැනි වගන්තියට අනුව සෑම පාර්ලිමේන්තු මන්ත්රවරයකුම ප්‍රතිඥා දීලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත් එය ආරක්ෂා කරන බවටත්. අවාසනාවකට එහි කොහේවත් නැහැ එය කඩකරන අයට මොකක්ද කරන්නෙ කියන එක. මෙය කඩකරන අයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය හිමිවෙන්න බැහැ. ආණ්ඩුව හිතු මතේට ව්‍යවස්ථාව කඩකරනවා. මොවුන්ට හා කතානායකට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට යා හැකි විය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් තිබූ පමණින් ව්‍යවස්ථාව කැඩීමට වරමක් හිමිවන්නේ නැහැ. අද පාර්ලිමේන්තුව රටේ ස්වෛරීභාවය කඩකර තම බලය නැතිකරගෙන. එහෙත් නෛතිකව තවමත් පාර්ලිමේන්තුව තිබෙනවා. තව අවුරුදු හතරක් මෙහෙම කරගෙන යන්න ද බලාපොරොත්තු වෙන්නෙ. බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ නොවන බව ආණ්ඩුව තවම දන්නේ නැහැ. ජනතාව දන්නෙත් නැහැ. හැබැයි ජනතාව ඒ බව දැනගත්දාක ආණ්ඩුව පවතින්නෙත් නැහැ. අදට පනස්තුනේ හර්තාලයට අවුරුදු හැටතුනක් පිරෙනවා. ඒ හර්තාලය අසාර්ථක වුනා. ඒත් ජාතිකත්ව හර්තාලයක් අසාර්ථක වන එකක් නැහැ.
නලින් ද සිල්වා
2016 අගෝස්තු 12