Featured

කොටි සංවිධානයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු වැල්ලවත්තේ!

එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කල හිටපු කොටි සමාජිකයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ලැගුම්හලක රැඳී සිටියදි රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අදාළ ත්‍රස්තවාදීයා අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇති අතර ඔහු කාමරයක් වෙන් කර ගැනිමේ කටයුත්තේදි හැසිරුණු අකාරය සම්බන්ධයෙන් ලැගුම්හල් සේවකයෙකුට සැක සිති ඇති අතර පසුව ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ ලැගුම්හල සමග සමිප සබඳතාවයක් පවත්වන උසස් පොලිස් නිළධාරියෙකුට පවසා තිබේ.

පසුව අදාළ හිටපු කොටි සමාජිකයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර තිබේන අයෙකු බව අනාවරණය වි තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පිටතට ලබා නොදි සිටිමට කටයුතු කරන ලෙසත් එය තවදුරටත් අදාළ ලැගුම්හල පවත්වාගෙන යැමට හේතුවක් වනු ඇති බවද ඉහල පෙලේ ආරක්ෂක නිළධාරියෙකු ලැගුම්හලේ හිමිකරුට තර්ජනය කර තිබේන බවද අනාවරණය වි තිබේ.

අදාළ ලැගුම්හල් හිමිකරුද ද්‍රවිධ ජාතිකයෙකු වන අතර ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික දේශපාලකයෙකුටද දැනුම් දි තිබේ.

Top