LNN SPY

කොළඹ නගර සභාවේ ලොරි කබලකට ලක්ෂ 16ක් වෙන් කරලා… නගර සභාවේ කුණු සුද්ධ කරන වැඩවලට පෞද්ගලික සමාගම් හතු මෙන් පිපේ….

Published on: Aug 28, 2018 – කොළඹ මහ නගර සභාවේ ජනතා මුදල් කාබාසිනියා කර දමමින් නගරාධිපතිනී රෝසී සේනානායක මන්ත්‍රී දීමනා 125% කින් ඉහළ දැමීම,සිය නිල නිවස සදහා කිසිදු හිරිකිතයකින් තොරව ජනතා මුදල් කොල්ල කෑම් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවකි ඊට සමගාමීව කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් ජගුවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට කෝටි දෙකයි ලක්ෂ 15 ක මුදලක් ජනතාවගෙන් හුරාගෙන කෑමත් රටේ ජනතාව අතර මහත් කතා බහට ලක්ව තිබේ.

ලංකාවේ තුන්වැනි විශාලතම දිස්ත්‍රිකයවන කුරුණෑගල දිස්ත්‍රිකයේ 10% කට අධික සංඛ්‍යාවක් විරැකියාවෙන් පෙළෙන අතර 20% කට අධික සංඛ්‍යාවකට පොදු යටිතල පහසුකම් හෝ නොමැති බව 2016 වර්ෂයේ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනෙන් සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය වි තිබියදි සිය නිවසේ සිට නගරාධිපතිවරයාට නගර සභාවට යාමට ඇති කිලෝමීටර් 2 යි මීටර් 600 ක පමණ දුරක් යෑම සදහා ජනතා මුදල් ගිල ගන්නා අමනයන්ට පයින් ගසා පන්නා දැමිම සදහා ජනතාව තවමත් පෙල නොගැසෙන්නේ මන්ද යන්න අලුතෙන් සිත බැලිය යුතුය.

මේ අතර සිය ප්‍රථ්ම නගරාධිපති පුටුවට හිමිකම් කී කොළඹ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය එම තනතුරට පත්වු දා සිටම තමන්ගේ සුඛ විහරණය සදහා විවිධ දැන් ජනතා මුදල් වලින් කොල්ල කැ රෝසී මේ වනවිට සිය පුත්‍රයා හරහා විවිධ වර්ගයේ ව්‍යාජ්‍ය වැඩ මවමින් ජනතා මුදල් කොල්ල කන ආකාරයන් කිහිපයක්ම අප පසුගිය දින කිහිපය තුලදිම් අනාවරණය කල අතර එම අනාවරණ වලින් පසුව කුපිතව සිටින රෝසීගේ කුරුදුපොලු හමුදා බටකායේ සමාජිකයන් ලංකා නිවුස් වෙබ් සමග සම්බන්ධකම් පවත්වන අය සොයමින් නගර සභාව තුල මෙහෙයුමක් දියත් කර තිබේන් බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8 ක් සඳහා නගර සභාවට අයත් නොවන පුද්ගලයන් 19 දෙනකු බඳවාගෙන උන්ට නිකන් පඩි ගෙවමින් ආතල් ගන්නට හැර දමා තමන්ගේ නිළ නිවස පවිත්‍ර කර ගැනිම සදහා මාසිකව ලක්ෂ 3කට අධික මුදලක් සීමාසහිත එක්ස්ප්‍රස් එන්වයර්මන්ටන් සර්විස් (පුද්ගලික) සමාගමකට ගෙවිම සදහා සභාවේ අනුමැතිය ගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කල අතර මේ අනාවරණය රෝසීගේ ලොරී කබලක් ගැනය.

කොළඹ නගර සභාවේ නාගරික ව්‍යාපෘති ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයට අයත් ඉසිසු (isuzu) 41-4664 දරණ ලොරි රථය අලුත් වැඩියා කිරිම සදහා රුපියල් 1,607,711.73(දහසය ලක්ෂයක්) නගරාධිපතිනියගේ නියෝග මත නිදහස් කර ඇති අතර අදාල අලුත් වැඩියාව සදහා එම ලොරි රථය පවරා ඇත්තේ සතොස මොටර් PLC සමාගමටය.(අදාළ ලියවිලි සියල්ලම පහතින් අමුණා ඇත )

41 අංක දරණ අදාල ලොරි රථයට මේ වනවිට වසර 35කට අධික ලොරි රථයක් සදහා මේ තරම් ජනතා බදු මුදල් ප්‍රමාණයක් වෙන් කර ගෙන ඇත්තේ මන්ද යන්නය.අන්තර්ජාලයේ මේ අංකය දරණ එම වර්ගයේම ලොරි රථ විකිණිම සදහා දමා ඇති වෙළඳ දැන්විම් සලකා බැලිමේදි සමාන්‍යනෙ ලක්ෂ 8ක පමණ මිලකට එම වර්ගයේ භාවිත කල ලොරියක් ලබා ගැනිමට හැකියාව තිබේ.

ඒ අනුව ඉතාම පැහැදිලිව කොහෙවත් ඇති ලොරී කබලක් අලුත්වැඩියා කල යුතු බව පෙන්වමින් තමන්ගේ හෙංචයියන්ට කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල් කොල්ල කෑම සදහා නගරාධිපතිනිය ඉඩ සලසා දිමය.

කතාව අවසන් නැත.නිළ නිවස සුද්ධකර ගැනිම සදහා පෞද්ගලික ආයතනයකට පැවරු රෝසී කොළබ නගර සභාවට අයත් සාන්ත පාවුලු නාගරික ඩිස්පැන්සරියට අයත් පරිසරය සුද්ධ පවිත්‍ර කිරිම සදහා අංක 49/1 බේස්ලයින් පාර දෙමටගොඩ,කොළඹ 09 හි පිහිටි විබෝදා එන්ට්‍රප්‍රයිසස් සමාගමට පවරා ඇති අතර ඒ සදහා මාසික ගාස්තුව බදුද සහිතව 25,990.00 වසර දෙකක් සදහා 623,760.00ක මුදලක් ගෙවිමට නගර සභාව කටයුතු කර තිබේ.(අදාළ ලියවිලි සියල්ලම පහතින් අමුණා ඇත )

නගර සභාවේ සේවකයන්ට පඩි ගෙවමින් ඊට අමතරව තමන්ගේ කටු කන සුනඛයන්ගේ නම් පඩි ලැයිස්තුවට ඇතුලත් කර ජනත බදු මුදලින් ඔහුන්ට පඩි ගෙවමින් නගර සභාවේ කාර්යභාරය කිරිම සදහා පිටතින් ආයතන හරහා සුද්ධ පවිත්‍ර කටයුතු කිරිමට මුදල් වෙන්කිරිම කවුරුන් සනසන්නටද යන්න අලුතින් කියාදිය යුතු නැත.

රටේ වගකිවයුතු පාලකයනි…. ජනතාවගේ බදු මුදල් කොල්ල කැමට තවත් ඉඩදී බලා සිටින්නේද?

ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී, නාමල් කරුණාරත්න, කල කතාවකින් උපුටා ගත් කොටසකි…

මේ කුරුණෑගල නගර සභාව, නගරාධිපතිවරයාට රාජකාරි කටයුතුවලට යන්න. කෝටි දෙකයි ලක්ෂ 15 ක වාහනයක් අවශ්‍ය ද? ඒ වාහනේ ඇවිල්ලා ජගුවර් එස්.එෆ්.ඒ විතරක් නෙමෙයි. අනෙකුත් මන්ත්‍රීවරුන්ට පොදුවේ පාවිච්චි කරන්න කියලා ටොයොටා හයිෆ් 89 ලක්ෂ අනු දාහක වෑන් එකකුත් ගන්න මේවෙනකොට ඇනවුම් කරලා තිබෙනවා. මේ වෙනකොට මේක අනුමත වෙලා තිබෙනවා. ඒ නිසා මේක වහාම නවත්වන්න ඕන. මහින්ද මහත්තයෝ මෙන්න ඔබතුමාලගේ නගරාධිපතිවරු මේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනිය කරන හැටි. අගමැතිතුමාට කාර් දෙකක් ගත්තා. ලක්ෂ 6000 ක් වියදම් කරලා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ලක්ෂ 7 කට ආසන්න පැකේජ් එකක් සහන ගොඩක් ලබාදෙන්න කැබිනට් එකට යෝජනාවක් ආවා. දැන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ පස්ස පැත්ත තියන්න ලක්ෂ හයහමාරක් වටින පුටු ගේනවා. ඊට පස්සේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමියගේ පස්සපැත්ත තියන්න ටොයිලට් එක ප්‍රතිසංස්කරණය කරන්න ලක්ෂ 59 ක් වියදම් කරනවා. ඊට පස්සේ කුරුනෑගල නගරා සභාවේ නගරාධිපතිතුමාගේ පස්ස පැත්ත තියන්න කෝටි දෙකයි ලක්ෂ 15 ක් වියදම් කරනවා. දැන් මේ පස්ස පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ පස්ස තියන්න තමයි මේ තරම් මහජන මුදල් දැන් වියදම් කරන්නේ. මොලේ මස්තිස්කය සමහර විට පස්ස පැත්තට බැහැලද දන්නේ නැහැ. ඒ නිසයි මොළය ආරක්ෂා කරගන්න ඕනේ.

ඉසිසු (isuzu) 41-4664 දරණ ලොරි රථය අලුත් වැඩියා කිරිම සදහා රුපියල් 1,607,711.73(දහසය ලක්ෂයක්)

සාන්ත පාවුලු නාගරික ඩිස්පැන්සරියට අයත් පරිසරය සුද්ධ පවිත්‍ර කිරිම සදහා

Top