Anonymous Reporter

ගමේ ඡන්ද කඩන මෙහෙයුම දියත් වේ….නිල් ලේ සොයා “ අත”හා “ බුලත”මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර බලය අල්ලා ගැනිම සදහා ගමේ පාක්ෂිකයාගේ ලේ වල ඇති ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකත්වයට ඇමතිමේ ව්‍යාපාරයක් දියත් කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට මෛත්‍රීගේ නායකත්ව යෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ය එක් එක් දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් හා “ බුලත් කොළය” ලකුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දේශපාලන පක්ෂ සන්ධාන ගතවී තරග කරන දිස්ත්‍රික්කවල බුලත් කොළය ලකුණෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන දිස්ත්‍රික්ක අත ලකුණෙන් තරග කිරීමට නියමිතය.

මහනුවර, බදුල්ල, මොනරාගල, ත්‍රිකුණාමලය, කොළඹ, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල යන දිස්ත්‍රික්ක “ බුලත් කොළය” ලකුණෙන් තරග කිරීමට නියමිතය. අනුරාධපුර, පුත්තලම, අම්පාර, ‍පොළොන්නරුව, යාපනය, මඩකලපුව, හා කළුතර යන දිස්ත්‍රික්ක සඳහා “ අත” ලකුණෙන් තරග කිරීමට නියමිතය.

Top