Featured

ගෙදරටත් නැති…..ලෝකෙටත් නැති…වික්කාම සිංහ ආචාර්ය උපාඩිය

මහා බැංකුව උගස් කල රනිල්ගේ ආචාර්ය පට්ටම යොදා ගත හැක්කේ එම විශ්ව විද්‍යාලයේ කටයුතු වලට පමණක් බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාඩිය Deakin Honorary Degrees Program හී  Titles and Postnominals හී පැහැදිලි ලෙස දක්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

මෙම සිද්ධිය යහපලකයන් විසින් පෙන්වා දී තිබුනේ මොහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධියෙන් පසු ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර ප්‍රශ්න සියල්ල විසදී රට සිංගප්පුරුවට වඩා දියුණු වන ලෙසය.

අප වෙත දැනගැනීමට හැකී වූ ආකාරයට මෙම සම්මාන උපාධිය ලබා දීමට කටයුතු කර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සේවය කරන අතුල පතිනායක යන අය විසිනි.

අප්පච්චි මලෝ සොයිසා , බඩ තඩි අර්ජුන ඇතුළු රොත්තක් සමග ඔස්ට්‍රේලියාවට ගොස් ඇති මොහුගේ උපාධිය කිසිම වටිනකමක් නැති කොලයක් බවට පත් වී ඇත. ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් පනවා ඇති නීති මාලාව අනුව මෙම ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් යොදවා ගත හැක්කේ එම විශ්වවිද්‍යාලය සමග කටයුතු කරන අවස්ථා වල පමණක් බව අවධාරණයෙන් පෙන්වා ඇත. ( මේ සමග ඇති ඇමනුම බලන්න).

උපාධි ප්‍රදොනත්වයෙන් පසු උඩ පනිමින් සිටි රනිලයට මෙම සිමාව ගැන දන ගැනීමට හැකි වී ඇත්තේ දින ගණනකට පසුව බවත් ඉන් පසුව තම ලේකම් වෙත පවසා ඇත්තේ ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් කිසි විටකවත් නොයදන ලෙසය.

මේ තහනම ගැන වාර්තා වූ අන් අය පවසා ඇත්තේ කැලණියේ කුඩු මර්වියා ලබාගත් හොර සහතික කඩයෙන් සහතිකයක් ලබා ගත්තේනම් මැරෙන තුරු එය පාවිචි කල හැකිව තිබු බවය.

dro1nly

Deakin_honorary_degrees_program

Top