පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට, වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැණ වැදීම යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දි තිබේ.
“මම රංජන් රාමනායක කතා කරන්නේ .ඇයි ඔයා ලයින් එක කට් කරන්නේ ?දැන් ඔබතුමියට කවුරුහරි හොම්බට ඇන්නොත් ඔබතුමිය පැමිණිල්ලක් එනකම් බලා ඉන්නවාද ? ඔව් ඔව් ඔයා චණ්ඩියෙක් කියලා අපි දන්නවා . අවුරුදු 07 ක් තිස්සේ මේක කාලා ,කාලා හොරකම් කරලා …උඹලාට හෙන ගහනවා ” මිට සුරවිර රන්ජන්
2017.01.28
අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොටුව.
අතිගරු ජනාධිපතිතුමනි,
නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීම.
සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පහුගිය 26 වන දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ජනතාව ඉදිරියේ පහත් ලෙස බැණ තර්ජනය කිරීමේ සිද්ධිය ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ලෙසත් ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු ලෙසත් මම පිලිකුල් සහගත ලෙස හෙලා දකිමි.
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී හැසිරෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස නොවේ. ඔහු විසින් රගපෑ බොළද චිත්‍ර පටයක චන්ඩියෙකු ලෙසය. නියෝජ්‍ය ඇමතිවරයාගේ හැසීරීම ඔබතුමා නිරන්තරයෙන් පෙනී සිටින යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීමකි.
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා හොක්ක තලන බවට තර්ජනය කරන්නේ රටේ පරිපාලන සේවයේ නිලධාරිනියකටය. විශේෂයෙන්ම කාන්තාවකටය. අදාල පස් කැපීම සදහා භූ විද්‍යා හා පතල් කැපීමේ කාර්යාංශය අනුමැතිය දී ඇති බවත්, එය අත්හිටුවිය හැකි ක්‍රම වේදයන් පැහැදිලි කරන ප්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය ඇමතිවරයා සිය ආධාර කරුවන් හා මාධ්‍ය ඉදිරියේ තර්ජනය කරන්නේ ලකුණු දමා ගැනීමේ උවමනාවකට මිස අන් කිසිවක් නිසා නොවේ.
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස හැසිරුණු පලමු හා අවසන් අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා කීපයකදීම නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීම සදහා මෙවැනි චරිත රගපෑ බව අපට මතකය.
එබැවින් අතිගරු ජනාධිපතිතුමනි,
රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියගේ හොක්ක තලන බවට කල තර්ජනය පිලිබදව වහා විධිමත් පරීක්ෂණයක් පවත්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට – විශ්වාසී,
ප්‍රසන්න රණතුංග (පා.ම.)
පිටපත් – 01. ගරු අගමැතිතුමා, 02. ගරු රාජ්‍ය පරිපාලන ඇමතිතුමා.