තුන් වෙලම බත් කන ජාතියට බත සපයනේ වී ගොවියාය. නමුත් ලක්බිමේ ඔහු තරම් අසරන මිනිසෙකු තවත් නොමැත. මරණ මංචකයේ ඔහුගේ අවසන් ප්‍රාර්ථනය පවා වී ගොවියෙකුගේ දරුවෙකු වී යලි නොඉපදීමය. අත පය වාරු ඇති තෙක් ඔහු පොර බදින්නේ මහ පොලව සමග පමනක් නොවේ. විටෙක ගොවිතැනට වතුර ටික ඉල්ලා අරගල කල යුතුය. තවත් විටෙක අස්වැන්න විකුනා ගැනීමට මහ පාරේ උපවාස කල යුතුය. සිත් පිත් නැති නියං සායෙන්, ගං වතුරින් , වන සතුන්ගෙන් ගොවියා අසරන වන්නේ නොසිතූ මොහොතකය. කෘෂිරසායන සමග නිරන්තරව ගැටෙන ඔහුට ජිවිතයේ සැදෑ සමයේ උරුම වනුයේ ලෙඩ ඇදය. ජීවිතයෙන් සමුගන්නේ අනේක විධ ප්‍රශ්න ගැටලු ගැන ඇති වූ මහා කලකිරීම සිතේ රඳවාගෙන ය. අවසානයේ සිය යැපෙන්නන්ට ඉතිරි වන්නේ සින්නවීමට ආසන්න දේපල සහ ණය බර පමනි.
තුන් වේලම බත්කන රටේ ගොවියාගේ ශෝකාන්තය දශක කිහිපයක් එපිටට දිවයන්නකි. එය ඇරඹෙන්නේ, 1980 දශකය අග භාගයේ දී ය. පොළොන්නරුවේ, ඕනෑගම, ට්‍රැක් දහසයේ පදිංචි ගොවියෙකු වූ බී. ජී. හවඩියා මහතා, සිය කුඹුරේදීම සිය දිවි නසා ගැනීමේ සිද්ධියෙනි. වස පානය කොට ඔහු සිය දිවි නසා ගෙන තිබුණේ, 1988 වසරේ දී ය. සිය දිවි හානි කර ගැනීමට හේතු වූයේ ගෙවා ගත නොහැකි වූ ණය බරය . ණය බර උරුම වූයේ වී අස්වැන්න සාධාරණ මුදලකට විකුණා ගන්නට නො හැකි වීම නිසාය. හවඩියා ගෙන් පසුව කුඹුරේ උරුමකරු වූයේ ඔහුගේ පුත් බී. ජී. ගුණපාල ය. තාත්තාගේ ණය කන්ද උරුම වූයේ ඔහුට ය. වී වගාවෙන් ඔහු ද පැරදිණි. 1994 වසරේ පෙබරවාරි මාසයේ ඔහු ද වස බී සිය දිවි නසා ගත්තේ ය. තාත්තා මෙන්ම පුතා ද සිය දිවි නසා ගත් බව හෙළි වූයේ, ගුණපාල ගොවි මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මෑණියන් (හවඩියා ගොවි මහතාගේ බිරිඳ) දුන් සාක්ෂියෙනි.2015 වසර අවසාන වනවිට රජරට ගොවීන් 9340 දෙනෙක් සිය දිවි නසා ගෙන තිබිණි. ඇතමෙක් මියගියේ අස්වැන්නටද ගිනි තබා ගනිමිනි . තවත් සමහරෙක් මියගියේ පවුල් පිටිනි.
තුන් වේලම බත් කන මිනිසුන් සිටින රටක වී ටික විකුණ ගන්න නොහැකිව ගොවියන් වහ බොන්නේ නම්, ගොවි දරුවන් කදුළු බොන්නේ නම් එය ජාතියේ ඛේදවාචකයකි . බත සපයන ගොවියා වහ බොන රටක බත් කන පුරවැසියන් වීම ලැජ්ජාවට කරුනකි. මෙය ජාතියක් ලෙස අපගේ පරාධීනත්වය සහ සාහසිකත්වය පෙන්වන කැඩපතකි. දැන හෝ නොදැන් ඔබත් මමත් මේ විශම ක්‍රමයේ අත් උදව්කරුවන්ය. ලංකාවේ වී ගොවිතැන ආණ්ඩුවේ සහන මත රදා පවතින ක්‍රියාවලියකි. වාරි ජලය සැපයීම ,පොහොර, කෘෂි සේවා, වී මිලදී ගැනීම සම්බන්ධව රජය විශාල පිරිවැයක් දරනු ලබයි. නමුත් මෙවන් පසුබිමක් තුල නෙලා ගන්නා ඇස්වැන්නට වත් නිසි මිලක් නොමැත. වී ටික විකුනා වියදම පියවා ගැනීමටවත් ගොවියාට නොහැක. එසේනම් වී වගාව සදහා රජය දරන විශාල සහනාධාර මුදල යන්නේ කාගේ සාක්කුවටද ? ගොවියා සූරාකමින් ප්‍රතිලාභ ලබන්නේ කවරෙක්ද ?
ලංකාවේ වී නිෂ්පාදනයෙන් රජ්‍ය අංශය මිලදී ගන්නේ 15 % ප්‍රමානයක් පමනි. එනම් 85% ක් මිලදී ගන්නේ පෞද්ගලික අංශය විසිනි. රජය සහතික මිලට (රු40) ගන්නා ගන්නා වී සොච්චමට දහසක් නිර්නායක පනවා ඇත. තෙතමනය, බොල්, අපද්‍රවය පිලිබද ප්‍රමිතින් සමත් විය යුතුය. වී විනීමට්ට රජයේ ගබඩා අසල සති ගනන් පෝලිමේ සිටිය යුතුය. එහෙයින් සහතික මිල පසෙක තබා තමන් හමුවට එන වෙළදුන්ට කමතේදීම අඩු මිලකට (රු28–35 අතර) වී ටික විකුනා දැමීමට ගොවීන් පෙලබෙයි. අවසානයේ රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහතික මිලට (රු40) වී අලෙවි කරනුයේ ගොවීන් නොව වෙළදුන්ය. ඒ අනුව කන්නයක් තිස්සේ මහ පොලව සමග ඔට්‍ටු වූ ගොවියගේ වියදමවත් නොලැබෙයි. උදැල්ලක් අතින් නො ඇල්ලු වෙලදුන් අයථා ලාභයක් උපයා ගනියි.
රජය රු 40 වැනි ඉහල මිලක් ගෙවා මිලදී ගත්තද වී තොගය සහල් බවට පත් කිරීමට ක්‍රම වේදයක් රජයට නොමැත. රජය සතු එකදු හාල් මෝලක් වත් නොමැති හෙයින් වී නරක් වීමට කලින් එය කවරෙකුට හෝ විකිනිය යුතුය. කුප්‍රකට පොලොන්නරුවේ සහල් මාෆියාව හිස ඔසවන්නේ මෙතනදීය. රජය විසින් 40 මිලදී ගත් වී කිලෝව යලි විකිනීම සිදුවන්නේ රු 25-30 අතර මුදලකටය. ඊට වැඩි ලංසුවක් රජයට නොලැබෙයි. මෙම ඛේදවාචකය කොතෙක්දයත් 2012 වසරේ වී අලෙවි මන්ඩලයේ ලද පාඩුව රු මිලියන 1683කි, 2013 වසරෙ පාඩුව රු මිලියන 1910කි, 2014 වසරෙ පාඩුව රුමිලියන 2981කි, 2015 වසරෙ පාඩුව රු මිලියන 2667කි. එසේනම් ගොවියාත්, මේ මහජන මුදල් සම්භාරයත් කොල්ල කෑවේ කවුද ? තම දේශපාලන බලය යොදවා සිය සහෝදරයා හා එක්ව හාල් මාෆියාව ගොඩ නැගුවේ මෛත්‍රීපාල සිරිසේනය.
මේ ඒ පිලිබදව අනුර කුමාර දිසානායක කල හෙලිදරව්ව.
ජනතාවගේ බත් පතෙන් හොරකම් කරන ආණ්‌ඩුවේ
ප්‍රබල ඇමැතිවරුන්ට එරෙහිව|
ජනපති ගත් පියවර මොනවාද?
ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක
http://www.divaina.com/2009/12/29/news33.html
පුරාදශක තුනක් තිස්සේ ගොවි අඹුඩයට මුවාවී පොලොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන කලේ ජනතාවත් , පක්ෂයත්, පාලකයිනුත් රැවටීමය. හිගුරග්ගොඩ බිත්තර වී ගබඩාව ගලවා අබිලි ද්‍රව්‍ය වලට විකිනුවේ කවුද? වී අලෙවි මන්ඩලයේ ගබඩා යකඩ වලට විකිනුවේ කවුද? කුඩා මෝල් හිමියන්ට යන එන මං නැති කලේ කවුද? ගොවියාත් පාරීබෝගිකයාත් අසරන කරන සහල් මාෆියාවේ හිමිකරු කවුද ?
ඇති හැකි උන් සුරසැප විදිද්දී ගොවියා අන්ත අසරන වී ඇත.අද රජරට ගෑනු දරුවන්ගේ රත්ත්රන් බඩු පොලී කාරයා ලගය. රොටරිය,මඩ වීල්, විදුලි උපකරන ද එසේමය. උකස් බේරා ගැනීමට යන ගෑනුන්ට අත්වන ඉරණම කනගාටුදායකය. 2015 වසරේ වැඩිම මත්පැන් ප්‍රමානයක් පරිබෝජනය කල දිස්ත්‍රික්කය ලෙස සටහන් වන්නේ පොලොන්නරුවයි. හිතේ දුකට බොනවා ඇරෙන්නට ගොවි මහත්වරුන්ට කවර සරණක්ද?
මතු සම්බන්දයි.
උපන්බිමේ අනාථයෝ නොවෙමු , එක්වෙමු , අහිමි කල සිංහලේ උරුමය සොයා
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.