LNN SPY

ජනතාවගේ වතුර බිලටත් කෙලවා රාහුෆ් හකීම්ගෙ ගොලයා ජනතා මුදල් කෝටි 50කට කෙලවලා…. රජයේ විගණන වාර්තාව තහවුරු කරයි…

කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු ගත මුදලට පරිභාහිරව එම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් නැගෙනනහිර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් ටී එම් රශිල් රුපියල් කෝටි පනහකට අධික මුදලක් ගසා කා තිබේන බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණු විගණන පරීක්ෂණයේදී හෙළි වීතිබේ.

ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍ය රාහුෆ් හකීම් මහතා යටතේ පවතින ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අදාළ බලධාරීන් මේ අකාරයට මුදල් ගසා කා ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ ව්‍යාපෘතියේ මූලික සහ අතිරේක ඇස්තමේන්තුවට අදාළව එම් ටී එම් රශීල් මහතා ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි ගණනක බිල් පත් සම්බන්ධයෙන් රජයේ විගණන අංශ දැනට සිදු කර ඇති විශේෂ විමර්ශනය මගින් සොයා ගෙන ඇත්තේ ඒ බිල් පත් අතර තිබෙන ව්‍යාජ සහ වංචා සහගත බිල් පත්වල වටිනාකම රුපියල් කෝටි 40 ඉක්ම වන බවය.

මේ මහ පරිමාණ හොරකම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර්,කොළඹ දිස්ත්‍රික් නැගෙනනහිර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් ටී එම් රශිල්,එම මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී,අදාළ ව්‍යාපෘතිය භාර අතිරේක සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන ඉංජිනේරුවන් සහ ව්‍යාපෘති ඉංජිනේරුවන් වග කිව යුතු බව විගණන වාර්තාව මගින් චෝදනා කරනු ලැබ තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාගේ අනුදැනුම සහ සහයෝගය යටතේ ඒ සියලු දෙනා වෙනුවෙන් මේ දූෂණ,වංචා සහ අක්‍රමිකතා සිදු කර ඇත්තේ අදාළ කොළඹ දිස්ත්‍රික් නැගෙනනහිර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් ටී එම් රශිල් මහතා බව ද විගණන පරීක්ෂණය මගින් ඔප්පු කර ඇත.

 

Top