Featured

ජනපති භීතියෙන්…. පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිමට බුද්ධි අංශ නියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව පැය 48ක් ඇතුලත සම්පූර්ණයෙන් වෙනස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ඉදිරි පැය 48 කලය තුල සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට නියමිතයි.

පසුගියදා ෆේස්බුක් මගින් ජනාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායම හෙවත් PSD ආරක්ෂකයෙකු ජනාධිපතිවරයාට තර්ජනය කරමින් සිය හඩ පටයක් Facebook හරහා මුදා හැරිමත් යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ අතර ජනාධිපතිවරයා අපකීර්තියට පත්කර ඔහුන් ලවා ජනාධිපතිවරයා ඝාතනය කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බවට රජයේ බුද්ධි අංශ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

එම හේතුව නිසා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂක වැඩපිළිවෙළ වෙනස් කිරිමට කටයුතු යොදවා ඇති අතර සියල්ලටම වඩා 2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කිරිම හේතුවෙන් ජනාධිපතිවරයා භීතියෙන් ඇලලි ගොස් තිබේන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට ජනාධිපතිවරයාද නොසලකා අණ ලබා දිම පිළිබඳව දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹීමක් ඇතිව ඇති අතර ඊයේ සහ අද දවස පුරාම මෛත්‍රීගේ බත් බැලයන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටින බවත් ඒ අනුව එජාප නායක අග්‍රාමාත්‍යවරයා ඉතාමත් සියුම් ලෙස රටේ ආරක්ෂක අංශ තමන්ගේ බලය ඇල්ලිමේ කුමන්ත්‍රණය වෙනුවෙන් යොදවමින් සිටින බවයි මෛත්‍රී පාර්ශ්වයේ අදහස වි ඇත්තේ.

ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday

http://www.sinhala.lnwtoday.com/archives/14357

Top