Anonymous Reporter

ජනපති මඩකලපුව මංගලාරාමයට නොගියේ නැගෙනහිර ප්‍ර‍ධාන ඇමතිගේ ඉල්ලිමකටයි

මඩකලපුව සංචාර අතරතුර මඩකලපුව මංගලාරාම විහාරස්ථායේ නව විහාර මන්දිරය විවෘත කිරීමට එම ස්ථානයට යැමට සුදානමින් සිටියද නැගෙනහිර ප්‍ර‍ධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඞ්ගේ ඉල්ලිම මත එම ස්ථානයට සහභාගි විම මගහැර ගිය බව මඩකලපු සංචාරයට එක්වු නම සදහන් නොකරන ලෙස ඉල්ලු ජනාධිපති කාර්‍යාලයේ නිළධාරියෙකු තහවුරු කර සිටියා.

ඊයේ දිනයේ මඩකලපුවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මඩකලපුව මංගලාරාම විහාරස්ථායේ නව විහාර මන්දිරය විවෘත කිරීමට වෙලාවක් නැතැයි කියා පැමිණයේ නැති බව පවසමින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් කුළුගෙඩියෙන් ගසා සිරිසේනගේ නම සඳහන් සමරු ඵලකය ගලවා විසි කිරිම සදහා කටයුතු කිරිම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි මෙම තොරතුරු අනාවරණය තිබේ.

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් විසින් හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්දයෙන් විරෝධය පල කිරීම නැගෙනහිර පළාත් උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුලූ පිරිසක් මහ ඇමතිවරයාගේ නිවසට ගොස්

“අපේ බෙල්ල ගසා දැම්මත් අපි රණවිරුවන් ආරක්ෂා කරනවා… අපේ රණවිරුවන්ට ඇඟිල්ල දික්කරලා මීට පස්සේ අහුවෙන්න එපා…” යනුවෙන් මෙහිදී සුමනරතන හිමියන් විසින් නසීර් අහමඩ් ට දැඩි ලෙස අවවාද කිරිම හේතුවෙන් නසීර් අහමඞ් උන්වහන්සේ සමග දැඩි ලෙස කොපයෙන් පසුවන බව අවස්ථා ගණනාවකදි අනාවරණය වුනා.

සිරිසේන…. සිංහල බෞද්ධයන්ට ඔහොම් සලකන්න එපා… ප***, තොගේ නම මංගලාරාමයේ තියන්නේ නෑ.. කුඩුකරපිය… ඕකගේ නම තියෙන ගල් කෑල්ලක්වත් තියන්න එපා…” – මඩකලපුව මංගලාරාම නා හිමි සිරිසේනට… රෙදි ගැලවෙන්නම කියයි…!

උන් වහන්සේ පවසන්නේ රටේ නායකයාට මඩකලපුව නගරයේ ඇති එකම බෞද්ධ විහාරස්ථානයට පැමිණීමට නොහැකි සමරු එලක පන්සලේ ගසාගෙන පලක් නැති බවයි. නමුත් සිරිසේන 11 වතාවක් මඩකලපුවේ මුස්ලීම් මහ ඇමති හමුවීමට මඩකලපුවට ගොස් ඇත.

Top