Featured

ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරීමට සිංහලයන් සූදානම්ද?

(ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 දිනට යෙදී ඇති අතර මේ ලිපිය ඒ සම්බන්ධවයි.)

පෙරදිග චින්තනය මගින් පරිණාමය වූ වර්ෂ 2500 ක් ඉක්මවන ඉතිහාසයකට උරුමකම් කියන ලාංකීය ශිෂ්ඨාචාරය, 1505 දී යටත් විජිතකරණයට හසුවීමත් සමගම බටහිර චින්තනය මගින් පෙරදිග චින්තනය යටපත් කර පාලනය කරන බවට ප්‍රබල සමාජ මතයක් පවතී.

මානව විභවතාවන් පූර්ණ වර්ධනය අධ්‍යාපනය මඟින් සිදුකරණ අතර,විශේෂයෙන්, ප්‍රජානන බලය (cognitive power) හා මානවයාගේ ප්‍රජානන හැකියාව යොදා ගන්නා ඕනෑම වැඩසටහනකදී, භාෂාව චින්තන මෙවලමක් ලෙස සුවිශේෂී වේ. එබැවින් මානව වර්ගයාගේ ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු තත්ත්වයන් තුළ භාෂාව කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන බව නොරහසකි. (Khan, 2014)

රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ(UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.

මෙරට ජනතාවගේ සදාචාරය, සංස්කෘතිය, ආර්ථිකය, දැනුම පෙරදිග චින්තනය මගින් ආරම්භ වූ බවට විවාදයක් තිබිය නොහැකිය. යටත් විජිත කරණයත් සමගම ලාංකීය සමාජය සහ ජනතාව පෙරදිග චින්තනයෙන් වියුක්තව බටහිර චින්තනයට අනුව පෙළගසන අධ්‍යාපන, ආර්ථික සහ නීති ක්‍රමයක් අනුකරණය කරමින් සිටින බවටද සමාජය තුළ වැදගත් කතිකාවක් ඇති වී තිබේ. මේ සම්බන්ධව සමාජයේ විද්වත් අධ්‍යයනයක් සහ විමර්ශනයක් සිදු කර නිගමනයකට එළඹීම අවශ්‍යව ඇත.

යුනෙස්කෝව ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස පෙබරවාරි 21 නම්කිරිමට පෙර ශ්‍රීලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ආචාර්‍ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ද 1945 තරම් ඈත කාලයේ මව් භාෂාව, අධ්‍යාපන මාධ්‍ය බවට පත් කිරීම සම්බන්ධව සිදුකළ ක්‍රියාවලියද සුළු කොට තැකිය නො හැකිය.

පෙරදිග චින්තනය හෝ බටහිර චින්තනය මත භාෂාව විසල් දායකත්වයක් සිදුකරයි. එහෙයින් භාෂාව ජාතියේ ජීවනාලිය යැයි සළකනු ලැබේ. රටක ජනතාවගේ නිදහස් චින්තනය රටේ සංවර්ධනයට ඵලදායක ලෙස යොදා ගැනීමේදී මව් භාෂාව මනා පිටුවහලක් වන බවට ලෝකයේ සංවර්ධනය වූ රටවල් දෙස බැලීමේදී  මැනවින් උදාහරණ සපයයි. දියුණු යැයි සැළකෙන රටවල් තම රටේ ජනතාවගේ මව් භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ කටයුතු සිදු කරයි. එය ඔවුන්ගේ නිදහස යැයි සිතයි.

විවිධාකාරචර්යාවන්පාලනයකරනවෙනත්වර්ගවලරීතිවලටවඩානීතියවෙනස්වේ.නීතියේවිශේෂිතලක්ෂණයක්දක්නටලැබෙයි. යම්ප්‍රජාවකසෑමකෙනෙකුමනීතියෙන්බැදීසිටිනඅතරකිසිවකුටත්නීතියෙන්බැහැරවීමේතීරණයක්ගැනීමේහැකියාවක්දනැත.

වෙනත් වෘත්තීන්ට මෙන් නීතියේ පාලනයට ආදේශක නොමැති හෙයින්, විදේශිය රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂා වීමේදී සහ ශ්‍රීලාංකිකයන්ගේනීතිමය කටයුතු වලදී මව්බස යොදා ගැනිම මගින් පුරවැසියකුගේආරක්ෂාව තහවුරු කිරිමසිදුවන හෙයින් මේ වෙනුවෙන් මැදිහත්වීම සහ ක්‍රියාත්මක වීම මෙ රට උපන්, මෙ රට අධ්‍යාපනය ලත් නිදහස් මතධාරීන්ගේ වගකිමකි.

නිතිය, රටේජනතාවටසමානවබලපානබවපිළිගත්සම්මතයවේ.රටතුළයම්අපරාධයක්හෝසිවිල්වරදක්කළවිටසීමිතඅවස්ථාවලදීහැර (ජනාධිපතිමුක්තිය, පාර්ලිමේන්තුමුක්තිය, විනිසුරුමුක්තිය,තානාපතිවිනිර්මුක්තිය……වැනි)දේශියහාවිදේශිකයන්ටනීතියසමානවක්‍රියාත්මකවෙයි. නීතියේසාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීමමගින්රටකසදාචාරය, සංස්කෘතිය,නිදහස,ආගම, භාෂාවආදීමානවඋරුමයන්ආරක්ෂාකරදෙයි.

රටක සංවර්ධනය කියාපාන්නේ ඒ රටේ නිෂ්පාදන හැකියාවේ මට්ටමයි. චීනය සහ ජපානය බටහිර දියුණු රටවල් අභිබවා හෝ සමානත්වයෙන් සිටින්නේ නිෂ්පාදන තරගයෙන් අනෙක් රටවල් අභිබවා සිය නිෂ්පාදන සිදුකරන හෙයිනි. රටේ භාෂාවට ඇති බලය රටක නිෂ්පාදන ධාරිතාවය කෙරෙහි සෘජුව බලපාන බව ජපානය සහ චීනය මැනවින් පෙන්වා දෙයි. සේවා සැපයීමේදී එයට වෙනස් තත්ත්වයක් ඇති වෙයි. සේවා සැපයීමේදී රටේ මව් භාෂාව අභිබවා වෙනත් රටක ජාතියක භාෂාවට මූලිකත්වය දීමට සිදුවෙයි.

ලංකාවේ සේවා සපයන්නන් නිෂ්පාදකයන් හමුවේ අධික බලයක් දරා සිටින බව රහසක් නො වේ. සාවර්ධිත රටවල් ප්‍රභල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගෙන සිටින අතර එම රටවල මව් භාෂාව ඒ සදහා මහත් වූ රුකුළක් සපයා ඇත. නිෂ්පාදන සිදු කරන ජනතාව සතු බලය අභිබවා සේවා සපයනන්නන් බලය දරන්නේ නම් නිෂ්පාදකයන් සිය නිෂ්පාදන කටයුතු අතහැර සේවා සැපයීම දක්වා මාරු වීම ස්වභාවයයි. වර්ෂ 1815 සිට ශ්‍රී ලංකාවේ සිදු වූයේ නිෂ්පාදන අංශයෙන් සේවා සැපයීමේ අංශය දෙසට දේශීය ජනතාව මාරු වීමයි.

ලංකාවේ සංවර්ධනය ගැන විමසීමේදී නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ජනතාවගේ මව් භාෂාවන්ට හිමි නිසි බලය සහ අධිකාරීත්වය ලබා දී නැත. ලංකාවේ බලය ඇත්තේ ඉංග්‍රීසිභාෂාවට ය. එනම් ඉංග්‍රීසිභාෂාව ලංකාවේ පොදු ජනතාවගේ මව් භාෂාවද නො වේ. ඒ අනුව ලංකාවේ බලය ඇත්තේ සේවා සැපයීමට අදාලවන ඉංග්‍රීසිභාෂාවට මිස නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන සහ ජනතාවගේ අභිමානය වර්ධනය කරන මව් භාෂාවට නොවේ. ඇමෙරිකාවේ තිරිගු ගොවියා ලංකාවේ වී ගොවියා අභිබවා යන්නේ මේ සිද්ධාන්තය හේතුවෙනි. ලංකාවේ වී ගොවියා වී ගොවිතැනෙන් ඉවත් වී සේවා සපයන අංශයට තල්ලු වන්නේ නිෂ්පාදකයන්ට ලංකාවේ බලයක් නැති හෙයිනි. අධිකරණයේ වේවා..විධායකයේ වේවා….පාර්ලිමේන්තුවේ වේවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ මව් භාෂාවට නිසි පිළිගැනීමක් සහ බලය ලබා දීම සිදුකර නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මව් භාෂාව රාජ්‍ය භාෂාව තත්ත්වයට උසස් කර ඇති බව පෙන්නුම් කළද ප්‍රායෝගික තත්ත්වය වන්නේ රාජ්‍ය භාෂාවට පවා අධිකරණයේ දී නිසි තැන හිමි කරදී නැති බවයි. රාජ්‍ය භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා නො දේ. මව් භාෂාව රාජ්‍ය භාෂාව කර ඇත්තේ ජනතාව රැවටීමටද යන කුකුස මෙවැනි සිදුවීම් වලින් ප්‍රත්‍යක්ෂ වෙයි.

ප්‍රංශය,ජපානය,කොරියාව,රුසියාව,චීනය,ඇමරිකාව,ඉතාලිය,සෞදිඅරාබිය ආදි රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂාකරදී ඇත්තේ නීතියේස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.රටේ උපන් පුරවැසියන්ගේ භාෂාවෙන් අධිකරණකට යුතු සිදුකිරීම සංවර්ධනයවූ රටවල ලක්ෂණයක්වීමද,තමන්ගේ රටේ උපන් පුරවැසියන්ගේ මව්භාෂාවෙන් අධිකරණකටයුතු සිදුනොකිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල අනන්‍ය ලක්ෂණයක්වීමද මෙහි දී සැළකිල්ලට ලක්කළ යුතුය.

එමඟින් ගම්‍ය වන්නේ ශ්‍රීලංකාවේ ද නීති හා අධිකරණ පද්ධතිය තුල මව්භාෂාව භාවිතා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ තමන් සම්බන්ධ නඩු කටයුතු මව් භාෂාවෙන් විනිශ්චය කරවා ගැනිම මගින් යුක්තිය ඉටු වන බවට මනා සාක්ෂි සපයා ගැනීමට හැකි බවයි. තම නඩුවේ විනිශ්චයේ දිශානතිය සම්බන්ධව නිරවුල්ව අවබෝධ කර ගත හැක්කේ නඩුවේ ආරම්භයේ සිට අභියාචනයේ අවසානය දක්වා මව් බසින් නඩු කටයුතු සිදු කරන්නේ නම් පමණි.

1970 පැවති ආණ්ඩුව විසින් මෙරට අධිකරණවල අභියාචනා එංගලන්තයේ රාජාධිකරණය විසින් අවසන් විනිශ්චය දීමේ ක්‍රමවේදය නවතනු ලැබුවද, මව් භාෂාවෙන් නඩු විභාග කිරිමේ ක්‍රමවේදය මෙතෙක් සම්පුර්ණ කිරීමට සමත් වී නො මැත.

1815 ඇති කරගත් උඩරට ගිවිසුමත්, 1947, 1972, 1978 පනවා ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ නිදහස, සෛවරීත්වය, ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දීම ප්‍රමාණවත් නොවූ හෙයින් II වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයද පිහිටුවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටින වකවානුවක, මව් භාෂාවෙන් ශ්‍රීලංකාවේ නීති හා අධිකරණ පද්ධතිය තුළ කටයුතු කිරීම ප්‍රවර්ධනය කිරීමේ සහ නිදහස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දීමට ලැබීමද විශේෂිත වෙයි. එය වඩා වැදගත් වන්නේ පුරවැසියන්ගේ මව් බස බැහැර කරමින් යුක්තිය ඉටු කරන්නට යාමෙන් බරපතල ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ගැනීමක්ද පුරවැසියන් විසින් සිදුකර ගන්නා හෙයිනි.

මව් භාෂා ප්‍රකාශනය

I වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් වර්ෂ 1972 දී සම්මත කර ගත් පළවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මව් භාෂාවෙන් නඩු කටයුතු පවත්වන සංවර්ධිත රටවල ආදර්ශය, ලාංකීය පුරවැසියන්ට අත්කර දී නො තිබුණි.1947 සිට මේ දක්වා විකාශය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ අනවරත උත්සාහය මගින් පෙන්නුම් කරන සත්‍ය වන්නේමෙතෙක් පනවන ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පුරවැසියන්ගේ ආරක්ෂාව, අනන්‍යතාවය, නිදහස, ස්වාධීනත්වය සහ සංස්කෘතිය තහවුරු කරගෙනනොමැති බවයි.එයින් සනාථ වන්නේලංකාවට උරුම හර පද්ධතිය ,සංස්කෘතිය, සංවර්ධනය හා නිර්මාණශිලිතාව,පවත්වා ගැනීම උදෙසා, පෙරදිග චින්තනය මත පදනම් වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනීම වෙනුවෙන් සමාජය දිශානති කර වීම අවශ්‍ය බවත් එහිදී මව්බස විසල් මෙහෙයක් සිඳු කරන බවත් ය.

ශ්‍රීලංකාවේජනතාවවිදේශියරටවලනෛතිකබලපෑම්වලින්ආරක්ෂාවීතිබේදයන්නසහශ්‍රී ලාංකිකයන්ගේ නීතිමයකටයුතුවලදීමව්බසයොදාගැනීමෙන්ලැබෙනආරක්ෂාවපිළිබදවිද්වත්අධ්‍යයනයක් සිදු කිරීම අවශ්‍යකරනවකවානුවක්වර්තමානයේ පසුකරමින්සිටියි.

තාක්ෂණය, දැනුම, බොරතෙල් සහ ඖෂධ විදේශීය රටවලින් ලබා ගැනීම සහ රටක ජනතාව සතු මව් භාෂා අයිතිය පටලවා නොගත යුතු බව ද ඒ සමගම අවධාරණය කරගත යුතු වෙයි.

පෙබරවාරි 21 දිනට නියමිත ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරා මව්භාෂාව භාවිතය මගින් ලැබෙන අභිමානය වසර පුරා බුක්ති විදිමු…!

(ශ්‍රී ලාංකිකයන්ගේ නීතිමය කටයුතුවල දී සහ විදේශිය රටවලින් එල්ලවන නෛතික ප්‍රහාරවලින් ආරක්ෂාවීමේ දී මව්බස යොදා ගැනීමේ අයිතිය, ගවේෂණය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් සකස් කළ මව් භාෂා ප්‍රකාශනයෙන් උපුටාගෙන ඇත.)

(මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡාවකට ඔබට ඇරයුම් කරමු. ඔබගේ අදහස් යෝජනා, විවේචන යොමු කරන්න motherlanguagelk@gmail.com)

 

 

Top